බැහැදැකීම (ක්‍රිස්තියානි ආගම)

භාග්‍යවත් කන්‍යා මරියතුමියගේ බැහැදැකීම ලෙසින්ද හැඳින්වෙන, ක්‍රිස්තියානි ආගමෙහි, බැහැදැකීම යනු, ලූක් තුමාගේ සුබාරංචිය, Luke 1:39–56 දැක්වෙන පරිදී, ජේසුස් වහන්සේ කුස පිළිසිඳ ගෙන සිටි මරියතුමිය විසින්, ස්නාවක ජොහාන් කුස පිළිසිඳ ගෙන සිටි එළිසබෙත් තුමිය, බැහැදැකීම වෙයි. මෙම කතාන්තරය කන්‍යා මරියතුමියගේ ජීවිතය පිළිබඳ කලා කෘති චක්‍ර තුල දක්නට ලැබෙන සම්මත චිත්‍ර අතරින් එකක් වන අතර, සමහරවිට ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය පිළිබඳ කලා කෘති අඩංගු වඩාත් විශාල චක්‍ර තුලද දක්නට ලැබෙන චිත්‍රයකි.
මෙම බැහැදැකීම සිහිකෙරෙන ක්‍රිස්තියානි මංගල්‍යය දිනය සඳහා යෙදෙන නමද මෙය වන අතර, සාම්ප්‍රදායිකව බටහිර ක්‍රිස්තියානි ආගම තුල ජූලි 2 දිනදීද නැගෙනහිර ක්‍රිස්තියානි ආගම තුල මාර්තු 30 දිනදීද එය පැවැත්වෙයි. සංශෝධිත දිනදසුන් තුල බටහිර සමහර සභාවන් එය බොහෝවිට වර්තමානයෙහිදී පවත්වන්නේ මැයි 31 දිනදීය.
බයිබලීය කථාන්තරය
[සංස්කරණය]
දින ගණනකට පසු මරිය තුමී නැඟිට ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්, සෙකරියස්ගේ ගෙට ඇතුළු වී, එලිසබෙත් හට ආචාර කළා ය. එලිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව, මහ හඬින් උදන් අනමින්, ”ඔබ වනිතාවන් අතර අතිශයින් ආශීර්වාද ලද්දී ය. ඔබ කුස ඔත් දරු ඵලය ද ආශීර්වාද ලද්දේ ය. මාගේ සමිඳාණන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක් ද? මක්නිසා ද ඔබේ ආචාර හඬ මා සවන් ගත වූ කෙණෙහි ම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය. සමිඳාණන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ ම යයි විශ්වාස කළ තැනැත්තී භාග්‍යවන්ත ය”යි කීවා ය.
— Luke 1:39–45, KJV
මෙම කතාන්තරයෙහිදී, මරියතුමිය විසින් සෙකරියස්ගේ භාර්යාවවූ එතුමියගේ ඥාති සෙහොයුරිය එළිසබෙත්තුමිය බැහැදකියි. ඔවුන් දෙදෙනම ගැබ්ගෙන සිටි අතර, මරියතුමිය ජේසුස් වහන්සේද එළිසබෙත්තුමිය මාස හයක් පමණ ස්නාවක ජොහාන් තුමාද පිළිසිඳ ගෙන සිටියහ (Luke 1:36). මංගලම් කීම සිදුවූ විගසින්, මරියතුමිය නාසරෙත් නුවරින් පිටත්ව "ජුදා කඳුකරයෙහි නුවරකට යුහු ව ගොස්" (Luke 1:39) එතුමියගේ ඥාති සහෝදරිය (Luke 1:36) එළිසබෙත්තුමියට උපස්ථාන කලාය. මෙහි සඳහන් නුවර කුමක්ද යන බවට හැකියාවන් කිහිපයක් ඇති අතර, ඒවා අතර ජෙරුසලෙම වෙතින් දකුණු දෙසින්වූ හේබ්‍රෝන් සහ එයින් කරෙම් සඳහන් කල හැක. නාසරෙත් සිට හේබ්‍රෝන් දක්වා දුර කෙලින්ම රේඛාවක් ඔස්සේ 130 කිලෝමීටර (81 mi) පමණ වන අතර, තෝරාගන්නාවූ මාර්ගය අනුව, තවත් අඩක් පමණ දුර වැඩි විය හැක.