බාමියන් බුද්ධ ප්‍රතිමා
| යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
|---|---|
55-m[convert: unknown unit] "බටහිර බුද්ධ ප්‍රතිමාව" 38-m[convert: unknown unit] "නැගෙනහිර බුද්ධ ප්‍රතිමාව" කාබන් කාලනිර්ණය අනුව බටහිර බුද්ධ ප්‍රතිමාව ක්‍රි.ව. 591–644 අතර කාලයේ නිර්මාණය වූ බවත්, නැගෙනහිර බුද්ධ ප්‍රතිමාව ක්‍රි.ව. 544–595 පමණ නිර්මාණය වූ බවත් සඳහන් වේ.[1][2] | |
| පිහිටුම | බාමියන්, ඇෆ්ඝනිස්තානය |
| නිර්ණායකය | සංස්කෘතික: i, ii, iii, iv, vi. |
| මූලාශ්‍ර | 208 |
| අභිලේඛනය | 2003 (27 වන සැසිය) |
| අන්තරායට ලක් වූ | 2003–වර්තමානය |
| ඛණ්ඩාංක | 34°49′55″N 67°49′36″E / 34.8320°N 67.8267°E |
බාමියන් බුද්ධ ප්‍රතිමා ( Pashto: د باميانو بودايي پژۍ , Dari: تندیسهای بودا در بامیان ) යනු ඇෆ්ගනිස්ථානයේ බාමියන් නිම්නයේ පිහිටා තිබූ බෞද්ධ ප්‍රතිමා දෙකක් වන අතර, ඒවා 6 වන සියවස පමණ කැටයම් කර ඇත. [3] 130 km[convert: unknown unit] කාබුල් හි වයඹ දෙසින්, 2,500 m[convert: unknown unit] ක උන්නතාංශයක පිහිටි, මෙම බුද්ධ ප්‍රතිමාවල ව්‍යුහාත්මක සංරචකවල කාබන් කාල නිර්ණය මගින් කුඩා 38 m[convert: unknown unit] තීරණය කර ඇත. "නැගෙනහිර බුද්ධ ප්‍රතිමාව" ක්‍රි.ව. 570 දී පමණ ඉදිකරන ලද අතර, විශාල ප්‍රතිමාව 55 m[convert: unknown unit] "බටහිර බුද්ධ ප්‍රතිමාව" ක්‍රි.ව. 618 දී පමණ ඉදිකරන ලද බවට අනාවරණය වී ඇත. එය හෙෆ්තලයිට්වරුන් එම ප්‍රදේශය පාලනය කළ කාලය දක්වා දිව යයි. [4]
2001 මාර්තු මාසයේදී, තලේබාන් නායක මුල්ලා මුහම්මද් ඕමාර් විසින් 2001 පෙබරවාරි 26 වන දින ඇෆ්ඝනිස්තානයේ ඇති සියලුම ප්‍රතිමා "අනාගතයේදී කිසිවෙකුට වන්දනාමාන කිරීමට හෝ ගරු කිරීමට නොහැකි වන පරිදි" විනාශ කරන ලෙස නියෝගයක් නිකුත් කිරීමෙන් පසු තලේබාන්වරුන් විසින් මෙම ප්‍රතිමා ද්විත්වයම විනාශ කරන ලදී. [5] ජාත්‍යන්තර සහ දේශීය ප්‍රජාව බුදු පිළිම විනාශ කිරීම හෙළා දුටුවේය. [6]
2003 දී යුනෙස්කෝ ලෝක උරුම අඩවියක කොටසක් ලෙස අභිලේඛිත මෙම
බුද්ධ ප්‍රතිමා, ගාන්ධාර බුද්ධාගමේ කැපී පෙනෙන නිමැවුමක් ලෙස පිළිගැනේ. [7]
මෙම මූර්ති ගන්ධාරයේ ග්‍රීක-බෞද්ධ කලාවේ සම්භාව්‍ය මිශ්‍ර ශෛලියේ පසුකාලීන පරිණාමයක් නියෝජනය කළේ ය. [8] මෙහි විශාල ප්‍රතිමාව "සල්සාල්" ("විශ්වය හරහා බබලන ආලෝකය") ලෙස නම් කරන ලද අතර එය පිරිමියෙකු ලෙස හැඳින්විණි. කුඩා ප්‍රතිමාව "ෂා මාමා" ("මව් රැජින") ලෙස හැඳින්වෙන අතර එය කාන්තා චරිතයක් ලෙස සලකන ලදී. නමුත් මෙයට නිශ්චිත මූලයක් නොමැත. [9] කුඩා ප්‍රතිමාව විශාල ප්‍රතිමාවට පෙර ඉදිවිණි. [10] තාක්ෂණික වශයෙන්, මෙම ද්විත්වයම උන්නත ප්‍රතිමා විය: පිටුපසින්, ඒවා එක් එක් පර්වත බිත්තියට සම්බන්ධ විය. ප්‍රධාන ශරීර වැලිගල් පර්වතවලින් කෙලින්ම කැන ඇත, නමුත් පිදුරු සමඟ මිශ්‍ර කළ මඩෙන් ආකෘතිගත කර, බදාම වලින් ආලේප කර සියුම් ලක්ෂණ මතුකොට තිබේ. බොහෝ කලකට පෙර ගෙවී ගිය මෙම ආලේපනය, සිවුරුවල මුහුණු, අත් සහ නැමීම්වල ප්‍රකාශන වැඩි දියුණු කිරීම සඳහා පින්තාරු කරන ලදී; විශාල ප්‍රතිමාව් කාර්මයින් රතු පැහැයෙන් වර්ණාලේප කර ඇති අතර කුඩා ප්‍රතිමාව බහු වර්ණවලින් වර්ණාලේප කර ඇත. [11] මූර්තිවල බාහුවල පහළ කොටස් එකම මඩ-පිදුරු මිශ්‍රණයකින් ඉදිකර ඇති අතර, ලී ආමේචර මත ආධාරක කර ඇත. වර්තමාන පර්යේෂණවලින් පෙනී යන්නේ ප්‍රතිමාවල මුහුණුවල ඉහළ කොටස් දැවැන්ත ලී වෙස් මුහුණු වලින් සකසා තිබූ බවයි.
ක්‍රි.ව. 2 වන සියවසේ සිට, බාමියන් කුෂාණවරුන් යටතේ සේද මාවතේ වැදගත් බෞද්ධ ආගමික ස්ථානයක් වූ අතර, ක්‍රි.ව. 770 ඉස්ලාමීය ආක්‍රමණ දක්වා එම තත්ත්වයම පැවතුණු අතර, අවසානයේ ක්‍රි.ව. 977 දී තුර්කි ඝස්නවිද් පාලනය යටතට පත් විය. 1221 දී, බාමියන් වටලෑමේදී ජෙංඝීස් ඛාන් බාමියන් නිම්නය ආක්‍රමණය කළ අතර, එහි ජනගහනයෙන් වැඩි කොටසක් විනාශ කළ නමුත් බාමියන් බුද්ධ ප්‍රතිමා කිසිදු හානියක් සිදු නොකළේ ය. [12] [13] 17 වන සියවසේ පසුව, මූඝල් අධිරාජයා වූ ඕරංසෙබ් කෙටි කලකට කැටයම් විනාශ කිරීම සඳහා කාලතුවක්කු භාවිතා කිරීමට නියෝග කළ අතර, එමඟින් යම් හානියක් සිදු වූ නමුත්, බුද්ධ ප්‍රතිමාවලට කිසිදු ප්‍රධාන හානියක් සිදුනොවී ආරක්ෂා වී පැවතිණි. [13] [14] [15]
බුදු පිළිම වහන්සේලා වටා බොහෝ ගුහා අන්තර්ගතව තිබූ අතර, ඒවායේ බිත්ති ක්‍රි.ව. 6 සිට 8 වන සියවස් දක්වා කාලය තුළ නිර්මාණය කරන ලද සිතුවම් [16] වලින් අලංකාර කර තිබුණි. පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යන්නේ ඇෆ්ඝනිස්තානය මුස්ලිම්වරුන් විසින් යටත් කර ගැනීමෙන් පසුව ගුහා සිතුවම් කලාව ද අවසන් වූ බවයි. [16] මෙම කුඩා කලා කෘති , සසානියානු අධිරාජ්‍යයේ සහ බයිසැන්තියානු අධිරාජ්‍යයේ මෙන්ම ටෝකාරා යබ්ගුස්ගේ බලපෑම් සහිත, පුරාණ ඉන්දියාවේ බෞද්ධ කලාවේ සහ ගුප්ත කලාවේ කලාත්මක සංස්ලේෂණයක් ලෙස සැලකේ. [16]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ Blänsdorf, Catharina; et al. (2009). "Dating of the Buddha Statues – AMS 14C Dating of Organic Materials". Monuments and Sites. 19: 231–236.
- ↑ Petzet, Michael, ed. (2009). The Giant Buddhas of Bamiyan. Safeguarding the remains (PDF). ICOMOS. pp. 18–19. 4 February 2023 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 May 2022.
- ↑ Gall, Carlotta (5 December 2006). "Afghans consider rebuilding Bamiyan Buddhas". International Herald Tribune/The New York Times. සම්ප්‍රවේශය 8 March 2014.
- ↑ Nicholson, Oliver (19 April 2018). The Oxford Dictionary of Late Antiquity (ඉංග්‍රීසි බසින්). Oxford University Press. p. 708. ISBN 978-0-19-256246-3.
The Bamiyan Buddhas dated from Hephthalite times
- ↑ Morgan, Llewelyn (2012). The Buddhas of Bamiyan (ඉංග්‍රීසි බසින්). Harvard University Press. p. 15. ISBN 978-0-674-06538-3.
- ↑ Shah, Amir (3 March 2001). "Taliban destroy ancient Buddhist relics – International pleas ignored by Afghanistan's Islamic fundamentalist leaders". The Independent. 6 January 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ↑ "Cultural Landscape and Archaeological Remains of the Bamiyan Valley". UNESCO World Heritage Centre. 28 January 2007 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 November 2025.
- ↑ Morgan, Kenneth W (1956). The Path of the Buddha. Motilal Banarsidass Publ. p. 43. ISBN 978-8120800304. සම්ප්‍රවේශය 2 June 2009 – via Google Books.
- ↑ "booklet web E.indd" (PDF). සම්ප්‍රවේශය 9 October 2013.
- ↑ "Visit Bamiyan". Bamiyanculturalcentre.org. 29 November 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 November 2021.
- ↑ Gall, Carlotta (6 December 2006). "From Ruins of Afghan Buddhas, a History Grows". The New York Times. සම්ප්‍රවේශය 6 January 2008.
- ↑ "Bamiyan and Buddhism Afghanistan". Depts.washington.edu. සම්ප්‍රවේශය 9 October 2013.
- 1 2 "Remembering Bamiyan". Kashgar.com.au. 4 October 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 9 October 2013.
- ↑ Jain, Meenakshi (2019). Flight of Deities and Rebirth of Temples: Episodes from Indian History. Aryan Books International. p. 28. ISBN 978-81-7305-619-2.
- ↑ "Bamiyan and Buddhism Afghanistan". Depts.washington.edu. සම්ප්‍රවේශය 9 October 2013.
- 1 2 3 Higuchi, Takayasu; Barnes, Gina (1995). "Bamiyan: Buddhist Cave Temples in Afghanistan". World Archaeology. 27 (2): 299. doi:10.1080/00438243.1995.9980308. ISSN 0043-8243. JSTOR 125086.
බාහිර සබැඳි
[සංස්කරණය]
- ජපානය බාමියන් ප්‍රතිමා සැඟවීමට ඉදිරිපත් වූ නමුත් තලේබාන් සංවිධානය ජපානයෙන් ඉල්ලා සිටියේ ඒ වෙනුවට ඉස්ලාම් ආගමට හැරෙන ලෙසයි.
- බාමියන් බුදුවරුන් පිළිබඳ පුවත් ලිපි
- බාමියන් බුදු පිළිමවල ඡායාරූප
- බාමියන් ඇෆ්ගනිස්ථාන ලේසර් ව්‍යාපෘතිය
- ලෝක උරුම සංචාරය: අංශක 360 රූපය (විනාශයෙන් පසු)
- බාමියන් සංස්කෘතික උරුම කළමනාකරණය සඳහා බාමියන් සංවර්ධන ප්‍රජා ද්වාරය
- බාමියන් සඳහා 2008 ලෝක ස්මාරක අරමුදලේ මුර ලැයිස්තුව
- Historic Footage of Bamyan Statues, c. 1973 යූ ටියුබ් වෙත
- බාමියන් නිම්නය 1967 සංචාරක පත්‍රිකාවක්.
- විනාශ වූ බාමියන් බුදු පිළිමයක් ප්‍රතිසංස්කරණය කළ හැකි බව පර්යේෂකයෝ පවසති.
- බාමියන් බුදුවරුන්ගේ රහස්, CNRS
- බාමියන් ඡායාරූප ගැලරිය, යුනෙස්කෝව
- බාමියන් බෞද්ධ බිතුසිතුවම්වල රහස් . ESRF
- බාමියන් අඩවිය ආවරණය කරන ඡායාරූප විශේෂාංගය
