බානු මුස්ටාක්
බානු මුස්ටාක් | |
---|---|
උපත | 3 අප්‍රේල් 1948 හසන්, මයිසෝර් ප්‍රාන්තය, ඉන්දියානු ඩොමීනියන් රාජ්‍යය (වර්තමානයෙහි හසන්, කර්ණාටකා, ඉන්දියාව) |
වෘත්තිය | ලේඛකයා, ක්‍රියාකාරිකයා සහ නීතිඥයා |
සංගණ්‍ය කෘතිය(කෘති) | හාට් ලෑම්ප් (පරිවර්තනය දීපා බාස්ති විසින්) |
සංගණ්‍ය ත්‍යාගය(ගයන්) | ජාත්‍යන්තර බුකර් ත්‍යාගය (2025) |
බානු මුස්ටාක් (උපත 3 අප්‍රේල් 1948) යනු, කර්ණාටකා ප්‍රාන්තයෙහි ඉන්දියානු කන්නඩ-භාෂා ලේඛකයෙක්, ක්‍රියාකාරිකයෙක් සහ නීතිඥයෙකි. ඇය සංගණ්‍ය වන්නේ, දීපා බාස්ති විසින් පරිවර්තනය කරන ලද සහ 2025 වසරෙහිදී ජාත්‍යන්තර බුකර් ත්‍යාගය දිනාගත්, ඇයගේ කෙටි කතා සංග්‍රහයක් වූ හාට් ලෑම්ප් වෙනුවෙනි. ඇය විසින්, කෙටි කතා සංග්‍රහ හයක්, නවකතාවක්, නිබන්ධ සංග්‍රහයක් සහ කාව්‍යය සංග්‍රහයක් ප්‍රකාශයට පත්කොට ඇත. ඇයගේ කෘතීන්, උර්දු, හින්දි, දෙමළ, මලයාලම්, සහ ඉංග්‍රීසි යන භාෂාවන්ට පරිවර්තනය කොට ඇත.
පුද්ගලික ජීවිතය සහ ක්‍රියාකාරිකත්වය
[සංස්කරණය]බානු මුස්ටාක්, හසන්, කර්ණාටකාහී මුස්ලිම් පවුලකට දාව 1948 වසරෙහි අප්‍රේල් 3 දිනදී උපත ලදි.[1][2]
හාට් ලෑම්ප්
[සංස්කරණය]සංග්‍රහයෙහි එන කතාන්තර හුවා දක්වන්නේ පුවත්පත් කලාවේදිනියක් සහ නීතිඥවරියක් ලෙසින් මුස්ටාක්ගේ ජීවිතය වන අතර, රටෙහි ඇය ජීවත්වූ කොටසෙහි කාන්තා අයිතිවාසිකම් සහ කුලභේදාත්මක සහ ආගමික අයුක්තියට එරෙහි ප්‍රතිවිරුද්ධය වෙත ඉලක්ක කරයි.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b ද හින්දු ස්ටාෆ් (21 මැයි 2025). "හූ ඊස් බානු මුස්ටාක්? කන්නඩ රයිටර් ශූ ස්ක්‍රිප්ටඩ් හිස්ට්‍රි විත් 2025 ඉන්ටර්නැෂනල් බුකර් ප්‍රයිස් වින්". ද හින්දු. බැංගලෝර්. සම්ප්‍රවේශය 22 මැයි 2025.
- ^ "මුස්ලිම් පේට්‍රියාක්ස්– අයි ප්‍රිෆර් ටු කෝල් දෙම් මුස්ලිම් ෆැසිස්ට් ෆෝර්සර්ස්: බානු මුස්ටාක් (ඉන්ටර්වීව්)". නිව් ඒජ් ඉස්ලාම්. Interviewed by යෝගින්ඩර් සිකාන්ඩ්. 17 අගෝස්තු 2010. සම්ප්‍රවේශය 27 මාර්තු 2025.