බ්‍රිතාන්‍ය යුද හමුදා ගැසල් හෙලිකොප්ටරය ස්වකීය ඔවුන් විසින්ම බිම හෙලීම

විකිපීඩියා වෙතින්

1982 වසරේදි බ්‍රිතාන්‍ය යුද හමුදා ගැසල් හෙලිකොප්ටර් යානය ස්වකීය පාර්ශවය විසින් බිම හෙලීම

ෆෝක්ලන්ත අර්බුද සමයේදි, 1982 ක් වූ ජුනි මස හය වන දින බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් කාණ්ඩ අoක 42 "ඩිස්ට්රොයෙර්" වර්ගයේ HMS කාඩිෆ් යුද නව්කාව විසින් බ්‍රිතාන්‍ය යුද හමුදාවට අයත් කාන්ඩ අoක "xx377" දරණ ගැසල් හෙලිකොප්ටර් යානය අත් වැරදීමකින් අවාසනාවන්ත ලෙස වෙඩි තබා බිම හෙලන ලද්දේ යානයේ සිටි ගුවන් නියමුවා ඇතුලු සිව් දෙනෙක් මරු මුවට පත් කරමිනි. කාඩිෆ් නව්කාව නිරීක්ශණ මෙහෙයුමක යෙදී සිටියදී මෙම ගුවන් යානය ෆෝක්ලන්ත දිවයින් අත්පත් කරගැනීමේ මෙහෙයුමෙහි නිරතව සිටි ආර්ජන්ටිනා හමුදාවට ගුවන් සැපයුම් ලබා දෙන C-130 හර්ක්යුලිස් වර්ගයේ සතුරු ගුවන් යානය කැ'යි වරදවා හදුනා ගැනීම මෙම සිද්ධියට හේතු වී තිබේ. ප්‍රථමයෙන් මෙය සතුරු ප්‍රහාරයක් යැයි හැදින් වුවද පසුව සිදු කල පරීක්ෂණ වලින් හෙලි වූයේ ගුවන් යානය කඩා වැටීමට හේතු වූයේ කාඩිෆ් මිසයිල් ප්‍රහාර බවයි.

ගොඩබිම් ප්‍රහාරක බල ඇණි සදහා අවශ්‍ය ආධාරක බලය ලබා දෙනු පිණිස HMS කාඩිෆ් නව්කාව ජුනි 5 වන දින රාත්‍රියේ ෆෝක්ලන්ත දූපත් වලට නැගෙනහිර දෙසින් නැන්ගුරම් ලා තිබිනි.එදින අළුයම සුපුරුදු පරිදි ගැසල් හෙලිකොප්ටරය නැගෙනහිර ෆෝක්ලන්ත දූපත් වල පිහිටුවා තිබූ බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සoඥා මද්යස්ථානය වෙත පුද්ගල හා භාණ්ඩ ප්‍රවාහනයේ යෙදී සිටි අතර අළුයම 2.00 වන විට ගුවන් යානාව කාඩිෆ් නව්කා රේඩාර් තිරයේ දිස් වුවද ගුවන් යානය ඇදී ආ වේගය සහ විලාශය කරණ කොට ගෙන එය සතුරු ගුවන් යනයක් යැයි අනුඅනුමාන කෙරිනි. එසැනින් ගුවන් යාන නාශක මිසයිල දෙකක් ඉලක්කය කරා නික්මිනි.උදැසන වන විට ගැසල් ගුවන් යානාවේ සුන්බුන් සහ මළසිරුරු සොයා ගැනුනු අතර එය සතුරු ප්‍රහාරයක් මගින් විනාශ වී ඇති බැව් අනුමාන කරන ලදි.එනමුත් පසුව සිදු කරන ලද සුන්බුන් පරීක්ෂාවෙදී ප්‍රහාරය සම්බන්දයෙන් කාඩිෆ් නව්කාව වෙත සැකය එල්ල වුවද,මේ සිද්දිය සිදුවී සිව් වසරක් ගතවනතුරුත් මෙ සම්බන්දයෙන් විදිමත් පරීක්ෂාවක් සිදු නොවූ බව වාර්තා වේ.

මේ සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට නැගෙන චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් මහ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අමාත්‍යන්ශය පවසා සිටියේ ස්වකීය පාර්ශවයන් තවදුරටත් පීඩාවට පත් කිරීම තමන්ගෙ අරමුණ නොවන නමුදු මෙම සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ කටයුතු අත්හල නොමැති බවයි.

පසුබිම් කතාව

1982 ක් වූ අප්‍රේල් මස 2 වන දින අර්බුදයට ලක්ව තිබූ මහ බ්‍රිතාන්‍ය සතුව පැවති ෆෝක්ලන්ත දූපත් ආශ්‍රිත මුහුදු කලාපය අසල්වාසි ආර්ජන්ටිනාව විසින් ආක්‍රමණය කරන ලදි. ප්‍රතිචාර වශයෙන් සැතපුම් 8000ක් ඈතින් පිහිටා තිබුනු මහ බ්‍රිතාන්‍යයේ සිට සෙබළු 28,000 ක ගෙන් සමන්විත නාවුක බලඇණියක් වහා පිටත් කර එවන ලදි. ජුනි මස වන විට ආර්ජන්ටිනා හමුදා පරාජය බාරගනිමින් යටත් වීමත් සමග සටන් මැඩපැවත් වුනු අතර දෙමසක් ඇතුලත ගොඩමිබ, මුහුදේ සහ ගුවනේ සිදු වූ සටන් වලින් දෙපාර්ශවයේම ජීවිත හානි 900ක් පමන සිදුවී ඇත.මැයි මස ආරම්භ වීමත් සමග නැගෙනහිර ෆෝක්ලන්ත දූපත් වල දකුනු දෙසට වන්නට පිහිටා ඇති සැන් කාලොස් ප්‍රදේශයට ගොඩ බට බ්‍රිතාන්‍ය හමුදා කන්ඩායම් ගොඩබිම් මාර්ග ඔස්සේ අගනගරය වන 'ස්ටැන්ලි' බලා ගමන් ඇරඹීය. මෙලෙස ගොඩබිම් මාර්ග ඔස්සේ ගමන් කරන හමුදා අනුඛන්ඩ වලට දිගින් දිගටම සැන් කලොස් වල සිට ආහාර සහ යුද උපකරණ සැපයුම් ගුවන් මගින් ලබාදීම සිදු විය.තවද ස්ටැන්ලි නගරය අත්පත් කරගෙන තිබූ ආර්ජන්ටිනා හමුදාවන්ට අරජන්ටිනාවේ සිට නොකඩවා යුද්ධය පැවති සමය පුරාවට C-130 හර්ක්‍යුලිස් යානා මගින් ගුවන් සැපයුම් ලබා දීම සිදු විය.මෙම සැපයුම් නවතාලීම න්වුක හමුදාවන්ට බාරදීමට තීරණය කෙරුනු අතර මෙම සැපයුම් නවතාලීමට විවිධාකාර ක්‍රියාමාර්ග ගනු ලැබීය.

මේ අතරතුරේදී 656 භටකන්ඩායමේ ගුවන් නියමු ස්ටාෆ් සාජන්ට් ක්‍රිස්ටෝපර් ග්‍රිෆින් හා ලාන්ස් කෝප්‍රල් සයිමන් කොක්ටන් වෙත් ඒ වන විට නිසි ලෙස ක්‍රියාත්මක නොවෙමින් පැවති 'ප්ලසන්ට් පීක්' ගුවන් විදුලි මධ්‍යස්ථානය වෙත ආහාර සහ සෙබළු රැගෙන පියාසර කරන ලෙස අණ ලැබී තිබුනි.මෙම ගුවන් විදුලි මධ්‍යස්ථානය ඊට පෙර දින එහි පිහිටුවනු ලැබූයේ ඩාවින් වල පිහිටා තිබෙන 5 වන බ්‍රිගේඩයේ මූලස්තානය සහ පැරශූට් රෙජිමේන්තුවේ 2 වන බලසේනාව අතර සන්නිවේදන කටයුතු සදහාය. පැහැදිලි අහස, සෞම්‍ය සඳ එලිය සහ සුලගේ වේගය(පැ.කිමී) යන සියල්ල රාත්‍රී පියාසැරිය සඳහා විශිෂ්ඨ වූ පරිසරයක් නිර්මාණය කර තිබින. ගූස්ග්‍රීන් ප්‍රදෙශයෙන් කාන්ඩ අන්ක 'xx337' දරණ ගැසල් යානයෙන් නික්මුනු ගුවන් කණ්ඩායම ඩාවින් මධ්‍යස්ථානයෙන් අවශ්‍ය ආහාර සහ උපකරණද ලබා ගන්න ලදි. තවද 205 සඥා භට කණ්ඩායමේ අණදෙන නිළධාරී මේජර් මයිකල් ෆෝජ් සහ ඔහුගේ තාක්ෂණික සහයක ස්ටාෆ් සාර්ජන් ජෝන් බේකර්ද ගමන ස්දහා එක් වීය. ග්‍රිෆින් අත්දැකීම් බහුළ ගුවන් නියමුවෙක් වූ අතර ඩාර්වින් සිට ගුවන් විදුලි මධ්‍යස්තානය වෙත විනාඩි 10 ක පියාසැරියක් ප්‍රමාණවත් වේ. අළුයම 2.00 ට පමන කාඩිෆ් හි මෙහෙයුම් කුටියේ රේඩාර් තිරය මත නාවුකසැතපුම් 25ක් ඈතින් වන්නට XX377 වර්ගයේ අහස්යානයක් දිස්විය.