බ්රි3තාන්ය්යන් මුණ ගැසිම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

1762 වර්ෂයේ මැද භාගයේ රජතුමා, මදුරාසියෙහි ‍ ‍ෙෆාට් සෙන්ට් ජෝන්හි ආණ්ඩුකාරයා වු ජෝර්ජ් පිගොට් ගෙන් උදව් බලාපොරොත්තු විය. බ්රි‍තාන්ය්යට, කුරුඳු, පුවක්, ගම්මිරිස් වෙළදාමෙහි තනි ඒකාධිකාරිය තමන් සතු කර ගැනිමේ මහත් උවමනාවක් තිබු අතර ලන්දේසින් මුහුදු බඩ ප්රේදේශ වලින් පලවා හැරිමේ උවමනාවක් කන්ද උඩරට රජුටද තිබුණේය. 1762 දි උඩරට රජුට බ්රිහතාන්ය යන්ගේ උදව් ඉල්ලීමට අවශ්ය වුයේ පැරිස් ගිවිසුමෙන් පසු ලන්දේසින් විශාල හමුදා පිරිසක් ලංකාවට එවු හෙයිනි. ඔවුහු (ලන්දේසීන්) පැති 6 කින් ගොස් උඩරට යටත් කර ගැනිමට බලාපොරොත්තු වුහ. මෙම තත්වය කළින් අවබෝධ කර ගත් උඩරට රජු ලන්දේසීන් පිටමං කිරීමට උදව් ඉල්ලා මදුරාසියේ ඉංග්රී.සි ආණ්ඩුකාරයා වෙත දූතයෙකු පිටත් කර හැරියේය. උඩරට රාජ්යඉයේ, කණිෂ්ඨ, හමුදා නිලධාරියෙකු වූ එම දූතයා මදුරාසියට රහස් ගමනක් ගියේය. ඉංග්රීසසීහු එයට ප්රවතිචාර දැක්වූයේ ඔවුන්ගේ රාජ්යය සභාවේ සාමාජිකයෙකු වූ පයිබස් මහතා (Pybus) ලංකාවට එවීමෙනි.

බ්රිවතාන්යජ නැගෙනහිර ඉන්දියා සමාගමේ ලේඛකයෙකු වූ ජෝන් පයිබස් නැව් පහක් පිරිවරා ගෙන ආයුධ සන්නද්ධ 200 ක පිරිසක්ද කැටුව නුවර බලා පැමිණියේය. එම බ්රිකතාන්යච නැව් 1762 මැයි 5 දින ත්රිනකුණාමලයට පැමිණියේය. ඔත්තුකාරයන් මගින් පයිබස්ගේ පැමිණීම දැන ගත් ලන්දේසීහු පයිබස්ගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිටියහ. පයිබස් ඉතා වෙහෙසකාරී වූ රහසිගත ගමනකින් පසු 1762 මැයි 24 දින උඩරට රජු හමුවූයේය. සාකච්ඡා වට කීපයක් පැවැත්වූ නමුත් අවසාන තීරණයකට එළඹීමට නොහැකි විය. පයිබස් මාසයකට පසු ආපසු පැමිණියේය. රජු ඔහුට මුද්දක්, කඩුවක්, මැණික් ගල් සහිත රන් දම්වැලක් තෑගි දුන්නේය. පයිබස් පුත්තලම් කපොල්ලෙන් ගඟ තරණය කොට ආපසු ගියේය. ඔහු සමග පැමිණි දිසාවේ, නැවේ කපිතාන් වූ සැමුවෙල් කොර්නිෂ්ට රන් දම් වැලක් සහ මුද්දක් (කීර්ති ශ්රීණ රාජසිංහ) රජුගේ නාමයෙන් තෑගි කළේය.

ජෝන් පයිබස් ඔහුගේ සටහන්වල විස්තර කරන්නේ 'රජු ඉවසිලිවන්ත ආරෝහ සම්පත්තියෙන් යුත්, වැඩ කටයුතුවලදී කඩිසර, ඡවි වර්ණයෙන් මදක් රතු පුද්ගලයෙකු' ලෙසටයි. කන්ද උඩරට වැසියන් ලන්දේසීන් සමග යුද්ධ කිරීමටත් එසේ යුද්ධ කර මාතර ලන්දේසි කොටුව අල්ලා ගැනීමටත් දැක්වූ සමත්කම් පිළිබඳව පයිබස් විෂ්මයට පත් විය. "ඔවුහු දෙදෙනෙක් හැර අනිකුත් සෑම යුරෝපියෙකුම විනාශ කළහ. ඉතිරි වූ දෙදෙනා දැන් ඒ රටෙහි සිරකරුවෝය" යනුවෙන් පයිබස් ලීවේය.

විවාහය

ඔහු 1749 දී නාඩුකට්ටු සාමි නායක්කර් නම් තැනැත්තෙකුගේ දුවක් සරණ පවා ගත්තේය. ඔහු මදුරෙයි නගරයෙන් තවත් නායක්කර් රැජිනන් තිදෙනෙකු විවාහ කරගත් නමුත් දරුවන් නොලද්දේය. එහෙත් ඔහුගේ ප්රි්යතම සිංහල කාන්තාව (යකඩ දෝලිය) ගෙන් දියණිවරු හය දෙනෙක්ද පුතුන් දෙදෙනෙකුද ලැබුවේය. මෙම යකඩ දෝලිය බින්තැන්නේ දිසාවේගේ දියණිය මෙන්ම වියපත් සහ අන්ධ මාම්පිටිය දිසාවගේ මිණිබිරිය වූවාය. ඔහුගේ පුතුන් ඔහුට පෙර මිය ගියහ. දියණියන් රජුගේ නායක්කර් ඤාතිවරු සමග විවාහ වූහ. මාම්පිටිය දිසාවගේ පුත්රගයින් සිහසුනට උරුමකම් කියූ නමුත් එය නොසලකා හැරුණි. අන්තිමට එය රජ වාසල ඒ වන විටත් සිටි රජුගේ සහෝදරයාට ලැබුණි.

1782 ජනවාරි 2 දින රජු මිය ගියේය. ඊට මාස දෙකකට පෙර අසු පිටින් වැටීමෙන් ලත් තුවාල එම මරණයට හේතු විය. ඔහුගේ අවුරුදු 35 ක් වූ රාජ්ය් කාලය මහජනයා දුටුවේ ඔහුගේ රාජ්යා සමය බෞද්ධ පුණර්ජීවනයක් ලැබූ සහ මහජන ආදරය ද ලැබුණු එකක් ලෙසයි.



http://en.wikipedia.org/wiki/Nayaks_of_Kandy#Meeting_with_the_British