බළන්ගොඩ නගර සභාව

විකිපීඩියා වෙතින්

සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම නගර සභාව මෙය වේ. වර්ෂ 1939 දී සර් හෙන්ඩිරි බ්‍රවුනි ආණ්ඩුකාරවරයා විසින් පිහිට වු මෙම නගර සභාවේ මුල්ම සභාපතිවරයා වුයේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වු සිරිමාවෝ ඩයස් බණ්ඩාරණායක මැතිණියගේ පියාණන් වු බාන්ස් රත්වත්ත දිසා‍වේ මැතිතුමාය. එදා දවස සෙනටරි බෝඩි නමින් ආරමිභ වු මෙම නගර සභාව අද වන විට නගරාධිපතිවරුන් 10 දෙනෙකු පාලනය කර ඇති අතර වර්ෂ 9 විශේෂ කොමසාරිස්වරෙයෙකු විසින් පාලනය කර ඇත. වර්තමානය වන විට ගරු සභාපති ලෙස කටයුතු කරන්නේ නිමල් ගාමිණී වීරසිංහ මැතිතුමා විසින් වන අතර අද වන විට නිත්‍ය පදිංචි ජනගහනය 23220 වන අතර වර්ග කිලෝමීටර් 16.2 ක විශාලත්වයකින් යුතු දෛනිකව නගරය ප්‍රයෝජනයට ගන්නා 35000 පමණ ජනතාවකගේ මුලික පහසුකමි සපයන ආයතනයකි. අද වන විට ස්ථීර අනුමත කාර්යය මණ්ඩලය 95 වන අතර ආදේශක 37 ක කාර්යය මණ්ඩලයකින් සමන්විත වේ.

2005 වර්ෂයේ හොදම පලදායිතාව සපිරි නගර සභාව

2005 වර්ෂයේදී ජාතික පලදායිතා ලේකමි කාර්යාලය මගින් සංවිධානය කරන ලද ජාතික පලදායිතා තරගයේදී පලාත් පාලන අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය බළන්ගොඩ නගර සභාව දිනාගන්නා ලදී. වීථි රේඛා සහතික ලබා ගැනීම, ජල හා විදුලි සහතික ලබා ගැනීම, ගොඩනැගිලි සැලසුමි අනුමත කිරීම ආදි සේවා සදහා ගතවන කාලය හා ඒ සදහා අවශ්‍ය ලියකියවිලි නගර සභා කාර්යාලයේ පුවරු වල සටහන් කර ඇති අතර ජනතාවට ඉතා කඩිනමින් සේවා ලබා දීම සිදු කරයි. තවද ජනතාවගේ අදහස් ලබා ගැනීම සදහා ප්‍රජා ප්‍රතිචාර පෝර්ම භාවිතා කිරීමද සිදුකරනු ලැබේ.

2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොදම නගර සභාවට හිමි ස්වර්ණ පුරවර සම්මාන ප්‍රථම ස්ථානය බළන්ගොඩ නගර සභාව හිමිවිය.

දකුණු ආසියාවේ සුවිශාලම පරිසර හිතකාමී කොමිපෝස් පොහොර ව්‍යාපෘතිය :'

අප නගර සභාව මගින් එකතු කරනු ලබන සියඵම කසල දිරන හා නොදිරන ලෙස වෙන් කරන අතර නොදිරන කසල අලෙවි කරනු ලැබේ. දිරන සියඵම කසල කොමිපෝස් පොහොර සෑදීම සදහා යොදාගනී. දකුණු ආසියාවේ සුවිශාලතම කොමිපෝස්ටි අංගනය අප නගර සභාව සතු වේ. මෙම ව්‍යාපෘතිය ශ්‍රි ලංකාවේ සාර්ථකම කොම්පොස්ටි පොහොර ව්‍යාපෘති කීපය අතරින්ද ඉදිරියෙන් සිටින අතර කොමිපොස්ටි සැදීම සදහා වන පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කරයි.

ශ්‍රි ලංකාවේ පළමු හා එකම ස්වයංක්‍රිය විද්‍යුත් පුස්තකාලය :

ශ්‍රී ලංකාවෙි පලාත් පාලන ආයතනයක් සතු එකම හා ප්‍රථම ස්වයංක්‍රිය විද්‍යුත් පුස්තකාලය බළන්ගොඩ නගර සභාව විසින් පවත්වාගෙන යනු ලැබේ. විද්‍යුත් පොත්පත්, විද්‍යුත් විශ්වකෝෂ, විද්‍යුත් සිතියමි, විද්‍යුත් සගරා හා අධ්‍යාපනික විඩියෝ සංයුක්ත තැටි ආදි බොහෝ විද්‍යුත් තොරතුරු මුලාශ්‍ර මෙය සතුව ඇත. පාසැල් සිසුන්, ගුරුභවතුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුඵ ප්‍රදේශයේ මහජනතාව මෙය ප්‍රයෝජනයට ගනී. මෙම විද්‍යුත් පුස්තකාලයේ තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙය ක්‍රියාත්මකව පාලනය වන්නේ ශබ්ද නගා කථා කල හැකි ස්වයංක්‍රිය පරිගණක වැඩසටහනකින් විමයි. මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාව තුල පලාත් පාලන ආයතනයක පුස්තකාලයක් පාලනය සදහා භාවිත වන්නේ මෙම විද්‍යුත් පුස්තකාලයේ පමණි.

ඊ–බළන්ගොඩ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන ව්‍යාපෘතිය :

ශ්‍රී ලංකාවෙි පලාත් පාලන ආයතනයක් ප්‍රථම හා පළමු වරට ක්‍රියාත්මක කරනු ලබන තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධන වැඩසටහන ඊ–බළන්ගොඩ නමින් දැන් ක්‍රියාතමකව පවතී. තොරතුරු තාක්ෂණය ජනතාව වෙතට සමීප කරවීම මෙහි අරමුණයි. රාජ්‍ය සේවකයින් සදහා එක්දින ඉන්ටර්නෙටි වැඩමුඵ පැවැත්වීම, පාසැල් සිසුන් සදහා පරිගණක දේශන හා වැඩමුඵ, පරිගණක දැනුම මිණුම තරග පැවැත්විම ආදි බොහෝ කටයුතු මෙමගින් සිදුකරයි.

බළන්ගොඩ නගර සභාවේ කෙටි පණිවුඩ සේවාව

ශ්‍රී ලංකා පළාත් පාලන ඉතිහාසයේ පළමු වරට බළන්ගොඩ නගර සභාව සිය සේවා පිළිබද ‍තොරතුරු ලබා දීම උදෙසා කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කරන ලදී. මෙම සේවාව සම්පුර්ණයෙන්ම නොමිලේ හිමිවන අතර මොබිටෙල්, ඩයලොග්, එටිසෙලාට් දුරකථන සේවා සමගින් පමණක් දැනට ක්‍රියාත්මක වේ. බදු ගෙවන ජනතාව වෙත කෙරෙන නිවේදන, බළන්ගොඩ නගර සභාවේ සේවා හා ක්‍රියාකාරකම් පිළිබද තොරතුරු මෙම කෙටි පණිවිඩ සේවාව ඔස්සේ ගෙනඒමට බලාපොරොත්තු වේ. ටුවිටර් වෙබ් සේවාව ඔස්සේ ක්‍රියාත්මක වන බැවින් ඔබගේ දුරකථන අංකයේ රහස්‍ය භාවය හොදින්ම සුරැකේ‍. ලියාපදිංචිය හෝ ලැබෙන කෙටි පණිවිඩ සදහා කිසිදු ගාස්තුවක් අය නොවේ. සියල්ල ඔබ වෙත නොමිලේ හිමිවේ. මෙම සේවාව 2013-01-01 දින සි‍ට නිල වශයෙන් ආරම්භ කරන ලදී. මෙම සේවාව සක්‍රීය කිරීමට පහත පියවර අනුගමන කරන්න. ඔබේ දුරකථනයේ නව කෙටිපණිවිඩයක් ලබා ගෙන Follow ucbalangoda යනුවෙන් ටයිප් කර 40404 වෙත යවන්න ( මෙම පණිවිඩය යැවීමට පමණක් ඔබට සාමාන්‍ය කෙටි පණිවිඩයක් යැවීමේ ගාස්තුව අයවේ )

"https://si.wikipedia.org/w/index.php?title=බළන්ගොඩ_නගර_සභාව&oldid=454719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි