Jump to content

බහුවිධ මයලෝමාව

විකිපීඩියා වෙතින්

බහුවිධ මයලෝමාව
වෙනත් නම්ප්ලාස්මා සෛල මයලෝමාව, මයලොමැටෝසිස්, කාලර්ගේ රෝගය, මයලෝමාව[1]
බහුවිධ මයලෝමාව සහිත රෝගියකුගේ ඇටමිදුළු සාම්පලයක්
විශේෂඥතාවරක්තවේදය සහ පිළිකාවේදය
රෝග ලක්ෂණඅස්ථි වේදනාව, fatigue[2]:653
සංකූලතාඇමිලොයිඩෝසිස්, වෘක්කවල ගැටලු, අස්ථි බිඳීම්, අතිදුස්ස්‍රාවී සහලක්ෂණය, ආසාදන, නීරක්තිය[3][2]:653
සාමාන්‍ය ආරම්භයවයස 60 අවට
කාලයදිගුකාලීන[3]
හේතූන්නොදනී[4]
අවදානම් සාධකස්ථූලතාවහ[5]
රෝග විනිශ්චය ක්‍රමයරුධිර සහ මූත්‍ර පරීක්ෂණ, ඇටමිදුළු බයොප්සි, වෛද්‍ය ප්‍රතිබිම්බකරණය[6]
ප්‍රතිකාරස්ටෙරොයිඩ, රසායනික චිකිත්සාව, තැලිඩොමයිඩ්, කඳ සෛල බද්ධය, බිස්ෆොස්ෆොනේට, විකිරණ චිකිත්සාව[3][6]
Prognosisපස්-අවුරුදු ප්‍රවර්තන අනුපාතිකය 64% (එ.ජ., 2016–2022)[7]
සංඛ්‍යාතය488,200 (2015දී බලපෑමට ලක්වූ)[8]
මරණ101,100 (2015)[9]

බහුවිධ මයලෝමාව (MM), ප්ලාස්මා සෛල මයලෝමා සහ සරලව මයලෝමා ලෙස හැඳින්වෙන්නේ සාමාන්‍යයෙන් ප්‍රතිදේහ නිපදවන සුදු රුධිරාණු වර්ගයක් වන ප්ලාස්මා සෛලවලින් ඇතිවන පිළිකාවක් ය.[6] බොහෝ විට, මුලදී කිසිදු රෝග ලක්ෂණයක් දක්නට නොලැබේ.[10] එය වර්ධනයවත්ම, අස්ථි වේදනාව, ලේ ගැලීම, නිතර ආසාදන ඇතිවීම සහ රක්තහීනතාවය ඇති විය හැක.[10] සංකූලතා අතර ඇමිලොයිඩෝසිස් ඇතුළත් විය හැකිය.[3]

බහුවිධ මයිලෝමා ඇතිවීමට හේතුව නොදනී.[4] අවදානම් සාධක අතර තරබාරුකම, විකිරණ නිරාවරණය, පවුල් ඉතිහාසය සහ ඇතැම් රසායනික ද්‍රව්‍ය ඇතුළත් වේ.[5][11][12] බහුවිධ මයලෝමාව, අවිනිශ්චිත වැදගත්කමක් ඇති ඒකක්ලෝනීය ගැමෝපති රෝගයෙන් වර්ධනය විය හැකි අතර එය කෙමෙන් වර්ධනය වන ස්මෝල්ඩරිං මයලෝමා දක්වා වර්ධනය වේ.[13] අසාමාන්‍ය ප්ලාස්මා සෛල අසාමාන්‍ය ප්‍රතිදේහ නිපදවන අතර එමඟින් වකුගඩු ආබාධ සහ අධික ඝන රුධිරය ඇති විය හැක.[10] ප්ලාස්මා සෛල වලට අස්ථි ඇටමිදුළුවල හෝ මෘදු පටකවල ද ස්කන්ධ සෑදිය හැක.[10] එසේ ගෙඩියක් ඇති විට, එය ප්ලාස්මාසයිටෝමා ලෙස හැඳින්වේ; එකකට වඩා වැඩි ගණනක් ඇතිවිට බහුවිධ මයලෝමාව ලෙස හැඳින්වේ.[10] බහුවිධ මයලෝමා රෝග විනිශ්චය කරනු ලබන්නේ අසාමාන්‍ය ප්‍රතිදේහ සොයා ගන්නා රුධිර හෝ මුත්‍රා පරීක්ෂණ, පිළිකා ප්ලාස්මා සෛල සොයා ගන්නා අස්ථි ඇටමිදුළු බයොප්සි පරීක්‍ෂණය සහ අස්ථි තුවාල සොයා ගන්නා වෛද්‍ය ප්‍රතිබිම්බ මත පදනම්වය.[6] තවත් පොදු සොයා ගැනීමක් වන්නේ රුධිරයේ කැල්සියම් මට්ටම ඉහළ යාමයි.[6]

බහුවිධ මයලෝමා ප්‍රතිකාර කළ හැකි යැයි සැලකේ, නමුත් සාමාන්‍යයෙන් සුව කළ නොහැකි ය.[3] ස්ටෙරොයිඩ්, රසායනික චිකිත්සාව, ඉලක්කගත චිකිත්සාව සහ කඳ සෛල බද්ධ කිරීම මගින් සහනය ලබා ගත හැක.[3] අස්ථි තුවාල වලින් ඇතිවන වේදනාව අඩු කිරීම සඳහා බිස්පොස්ෆොනේට් සහ විකිරණ චිකිත්සාව සමහර විට භාවිතා වේ.[3][6]

ගෝලීය වශයෙන්, බහුවිධ මයලෝමා රෝගය 2015 දී පුද්ගලයින් 488,000 කට බලපෑ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 101,100 ක් මිය ගියහ.[8][9] එක්සත් ජනපදයේ, එය වසරකට පුද්ගලයින් 100,000 කට 6.5 ක් තුළ වර්ධනය වන අතර පුද්ගලයින්ගෙන් 0.7% ක් ඔවුන්ගේ ජීවිතයේ යම් අවස්ථාවක දී බලපෑමට ලක් වේ.[14] එය සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 පමණ වන විට සිදුවන අතර කාන්තාවන්ට වඩා පිරිමින් අතර බහුලව දක්නට ලැබේ.[6] වයස අවුරුදු 40 ට පෙර එය දුර්ලභ ය.[6] ප්‍රතිකාර නොමැතිව, සාමාන්‍ය පැවැත්ම මාස හතකි.[3] වත්මන් ප්‍රතිකාර සමඟ, පැවැත්ම සාමාන්‍යයෙන් අවුරුදු 4–5 කි.[3] පස් අවුරුදු පැවැත්මේ අනුපාතය 49% ක් පමණ වේ.[14] මයලෝමා යන වචනය පැමිණෙන්නේ ග්‍රීක භාෂාවෙන් වන මයලෝ- යන්නෙන් "මිදුළු" සහ -ඕමා යන්නෙන් "ගැටිති" යන්නයි.[15]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. "Myeloma Canada | What is Multiple Myeloma?". Myeloma Canada. 13 මැයි 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 17 අප්‍රේල් 2020.
  2. 1 2 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; ":5" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 1 2 3 4 5 6 7 8 9 "Plasma Cell Neoplasms (Including Multiple Myeloma) Treatment (PDQ®)–Health Professional Version". NCI. 29 ජූලි 2016. 4 ජූලි 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 අගෝස්තු 2016.
  4. 1 2 World Cancer Report 2014. World Health Organization. 2014. pp. Chapter 5.13. ISBN 978-9283204299.
  5. 1 2 World Cancer Report 2014. World Health Organization. 2014. pp. Chapter 2.3 and 2.6. ISBN 978-9283204299.
  6. 1 2 3 4 5 6 7 8 Raab MS, Podar K, Breitkreutz I, Richardson PG, Anderson KC (ජූලි 2009). "Multiple myeloma". Lancet. 374 (9686): 324–39. doi:10.1016/S0140-6736(09)60221-X. PMID 19541364.
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "SEER2026" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  8. 1 2 GBD 2015 Disease and Injury Incidence and Prevalence Collaborators. (8 ඔක්තෝබර් 2016). "Global, regional, and national incidence, prevalence, and years lived with disability for 310 diseases and injuries, 1990-2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". Lancet. 388 (10053): 1545–1602. doi:10.1016/S0140-6736(16)31678-6. PMC 5055577. PMID 27733282. {{cite journal}}: |first= has generic name (help); Vancouver style error: non-Latin character in name 1 (help)CS1 maint: numeric names: authors list (link)
  9. 1 2 GBD 2015 Mortality and Causes of Death Collaborators. (8 ඔක්තෝබර් 2016). "Global, regional, and national life expectancy, all-cause mortality, and cause-specific mortality for 249 causes of death, 1980-2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". Lancet. 388 (10053): 1459–1544. doi:10.1016/s0140-6736(16)31012-1. PMC 5388903. PMID 27733281. {{cite journal}}: |first= has generic name (help); Vancouver style error: non-Latin character in name 1 (help)CS1 maint: numeric names: authors list (link)
  10. 1 2 3 4 5 "Plasma Cell Neoplasms (Including Multiple Myeloma)—Patient Version". NCI. 1 ජනවාරි 1980. 27 ජූලි 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 අගෝස්තු 2016.
  11. "Plasma Cell Neoplasms (Including Multiple Myeloma) Treatment". National Cancer Institute. 1 ජනවාරි 1980. 9 ජනවාරි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 නොවැම්බර් 2017.
  12. Ferri FF (2013). Ferri's Clinical Advisor 2014 E-Book: 5 Books in 1. Elsevier Health Sciences. p. 726. ISBN 978-0323084314. 17 සැප්තැම්බර් 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 අගෝස්තු 2020.
  13. van de Donk NW, Mutis T, Poddighe PJ, Lokhorst HM, Zweegman S (2016). "Diagnosis, risk stratification and management of monoclonal gammopathy of undetermined significance and smoldering multiple myeloma". International Journal of Laboratory Hematology. 38 Suppl 1: 110–22. doi:10.1111/ijlh.12504. PMID 27161311.
  14. 1 2 "SEER Stat Fact Sheets: Myeloma". NCI Surveillance, Epidemiology, and End Results Program. 27 ජූලි 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 අගෝස්තු 2016.
  15. Diepenbrock NH (2011). Quick Reference to Critical Care. Lippincott Williams & Wilkins. p. 292. ISBN 9781608314645. 21 අගෝස්තු 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.


වර්ගීකරණය
බාහිර සම්පත්
"https://si.wikipedia.org/w/index.php?title=බහුවිධ_මයලෝමාව&oldid=791442" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි