පොළොන්නරුව කිරි වෙහෙර
කිරි වෙහෙර | |
---|---|
![]() | |
විස්තර | |
පිහිටුම් තොරතුරු | |
රට | ශ්‍රී ලංකාව |
පිහිටීම | පොළොන්නරුව |
![]() |
කිරි වෙහෙර ශ්‍රී ලංකාවේ පොළොන්නරුව පිහිටි පුරාතන ස්ථූපයක් වේ. එය ලංකාතිලක ප්‍රථිමා මන්දිරයට උතුරු දෙසින් වන්නට ඉදිකොට තිබේ. අඩි 80ක් පමණ උසැති ස්ථූපය පොළොන්නරුවේ ආලාහන පිරිවෙනට අයත්ය.
ඉතිහාසය[සංස්කරණය]
ඉතිහාසය පිළිබඳව පැහැදිලි සාධක නොමැති වූවද, මෙම ස්ථූපය පරාක්‍රමබාහු රජුගේ (1153-1186) බිසවක වූ සුබද්‍රා දේවිය විසින් ඉදිකෙරූවක් බැව් විශ්වාස කෙරේ.[1][2] එසේම ස්තූපය ආරම්භයේදි රූපවතී ස්තූපය නමින් හැඳින්වූ බවද පැවසේ.
ස්ථූපය[සංස්කරණය]
උස ප්‍රමාණය අනූව කිරි වෙහෙර පොළොන්නරුවේ පිහිටි දෙවැනි උසම ස්ථූපය සේ සැළකේ. එසේම එය වසර 900 ක පමණ කාලයක් ස්වභාවික බලපෑම් යටතේ, මුල් ඉදිකෙරූ ස්වරූපයෙන්ම බදාම ආලේපිත තට්ටුව ඉතිරිව පවතින ස්ථූප අතුරින් එකක් සේ සැළකේ.[3] මීට අමතරව කිරි වෙහෙර වටා කුඩා ස්තූප ප්‍රමාණයක් දැකගත හැකි වන අතර එම ස්තූප, හිමිවරුන් හා රාජකීයයන් වෙනුවෙන් ඉදිකෙරූ ඒවා බැව් තහවුරුකොට තිබේ.[4] කෙසේ නමුදු කිරි වෙහෙර ඇතුළුව, මෙහි වූ ස්තූප බොහොමයක් නිදන් හොරුන් විසින් විනාශ කොට තිබූ බවද සඳහන් වේ.[5]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "පොළොන්නරුව කිරිවෙහෙර". danuma.lk. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- ↑ "කිරි වෙහෙර පොළොන්නරුව". history.lk. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- ↑ "පොළොන්නරුවේ කිරිවෙහෙර". බුදුසරණ. 26 ජුනි 2014. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- ↑ "කිරි වෙහෙර". අමේසින් ලංකා. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.
- ↑ "කිරි වෙහෙර". angelfire.com/. සම්ප්‍රවේශය 10 දෙසැම්බර් 2015.