ශ්‍රී ලංකාවේ පොල් වගාව හා ආශ්‍රිත කර්මාන්ත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(පොල් වගාව - ශ්‍රී ලංකා වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
ශ්‍රී ලංකාවේ පොල් වෙත පිවිසෙමු..

වගාකොට ඇති භූම් ප්‍රමාණය හා නිපදවනු ලබන පොල් ප්‍රමාණය අතින් ලංකාවට ලෝකයේ සිව් වන ස්ථානය හිමි වේ.

පොල්[සංස්කරණය කරන්න]

තාල වර්ගයට අයත් ඝර්ම කලාපීය ගසක් වන පොල් ගසේ ගෙඩි, මුහුදු දියවැල් ආශ්‍රයෙන් පාවී වෙරළට ගසා ගෙන ඒමෙන් අප රටේ පොල් ගසේ ආරම්භය සිදු වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ශ්‍රී ලංකාවේ පොල් වගාව[සංස්කරණය කරන්න]

අතීතය[සංස්කරණය කරන්න]

ඈත අතීතයේ සිට ම පොල් ගසට වැදගත් තැනක් හිමිව ඇත. විජයගේ ලංකා ගමන හා සම්බන්ධ කථා පුවත අනුව එකළ තැඹිලි භාවිත කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. ක්‍රි.පු.161 ත් 134 ත් අතර දුටුගැමුණු රාජ්‍ය කාලයේ පොල් ගස හදුන්වනු ලැබුවේ "මහා රුක්" නමිනි. ඈත අතිතයේ සිට ම පොල් මල සෞභාග්‍යයේ සංකේතයක් ලෙස භාවිත කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එමෙන් ම පොල් වගාව සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති බව ද වංශ කථාවල සඳහන් වේ. පැරණි ශ්‍රී ලංකාවේ ජන ජීවිතය හා සම්බන්ධ තොරතුරු අනුව පොල් පරිභෝජනය ආරම්භ වන්නේ පොළොන්නරු සමයේ සිටය. ලන්දේසි රාජ්‍ය කළ සමයේ පොල් වගාවට වැදගත් තැනක් හිමි වූ අතර වැඩි රාජ්‍ය අනුග්‍රයක් ලැබුනේ බ්‍රිතාන්‍ය පාලන සමයේය.

පොල් වගාව සඳහා අවශ්‍ය භෞතික සාධක[සංස්කරණය කරන්න]

400
  • 20 'C - 27'C අතර උෂ්ණත්වයක් අවශ්‍යය.
  • 2000mm-2500mm ත් අතර පැතිරුන වාර්ෂික වර්ෂාපතනයක් අවශ්‍යය.
  • මීටර 100 වඩා පහත් බිම් හිතකරය.
  • ලුණු මිශ්‍ර වැලි පස වඩා හිතකරය.
  • නමුදු කවර පස් වර්ගයක් වුවද ඒ සඳහා යෝග්‍යය.


ශ්‍රී ලංකාවේ පොල් වගා කෙරෙන ප්‍රදේශ[සංස්කරණය කරන්න]

පොල් වගාව විශාල වශයෙන් ව්‍යාප්තව ඇත්තේ දිවයිනේ නිරිතදිග පහත් බිමිවලය. වතු වගාවක් ලෙස විශාල පොල් වතු ව්‍යාප්තව ඇත්තේ

කොළඹ,හලාවත,කුරුණෑගල නගර සම්බන්ධ කරන ත්‍රිකෝණාකාර ප්‍රදේශය තුළය.

කොළඹ සිට තංගල්ල දක්වා දිවෙන පටු තීරයේත්, මඩකලපුව, යාපනය යන ප්‍රදේශවලත් පොල් වගා කෙරේ. එමෙන් ම සෑම දිස්ත්‍රික්කයක ම ගෙවතු වගාවක් ලෙස ද පොල් දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතන[සංස්කරණය කරන්න]

  • ලුණුවිල

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය හා වෙළඳාම[සංස්කරණය කරන්න]

Pol gada.le.jpg

ශ්‍රී ලංකාවේ කෘෂි භූමි ප්‍රමාණයෙන් 28% ක් පමණ පොල් වගාව සඳහා යොදා ගෙන ඇත. එම භූමි ප්‍රමාණය හෙක්ටාර 439000 කි. (1988 මහ බැංකු වාර්තා අනුව) පොල් පැළ සිටුවා අවුරුදු පහකින් පමණ අස්වැන්න ලබා ගත හැකිය. එමෙන්ම අවුරුදු පනහත් හැටත් අතර දිගු කාලයක් වුවද පොල් ගසකින් ඵල නෙළා ගැනීමට හැකි වේ.

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගැනේ. ජන සංඛ්‍යාවේ වර්ධනයත් සමඟ ම ශ්‍රී ලංකාවේ ගෘහස්ථව කෙරෙන පොල් පරිභෝජනය දිනෙන් දින වැඩි වීමේ ප්‍රවණතාවක් දක්වයි.

පොල් ආශ්‍රිතව විවිධ නිෂ්පාදනයන් සිදු කරනු ලබන අතර ඒ සඳහා හොඳ වෙළඳපොළක් ද දක්නට ලැබේ. පොල් වගාව නිසියාකාරව කරගෙන ගියහොත් හොඳ ලාභයක් ලැබිය හැකි අතර අපනයන කටයුතු සඳහා ද යෙදිය හැකිය.


ශ්‍රි ලංකාවේ පොල් නිෂ්පාදන අපනයන තත්ත්වය[සංස්කරණය කරන්න]

පොල් ආශ්‍රිත අපනයනය 1994 1995 1996 1997 1998
කපාපු පොල් 380000000 465000000 425000000 524000000 367000000
පොල් තෙල් 480000000 516000000 328000000 289000000 334000000
කොප්පරා 32000000 50000000 39000000 42000000 52000000
පොල් ගෙඩි 25000000 27000000 17000000 18000000 18000000

මූලය- (ශ්‍රී ලංකා මහ බැංකුව 1998)


පොල් ආශ්‍රිත නිෂ්පාදන[සංස්කරණය කරන්න]

පොල් ආශ්‍රිත නිෂ්පාදනවල දී පොල් ගසේ විවිධ අමුද්‍රව්‍ය යොදා ගෙන විවිධ නිෂ්පාදනයන් සිදු කරනු ලබයි.


  • පොල් මදය ආශ්‍රිත
    පොල් මදය
    • කොප්පරා
    • පුන්නක්කු
    • පිසීමට ගන්නා පොල් තෙල්
    • හිස තෙල්
    • සුවඳ සබන්
    • ෂැම්පු
    • බිස්කට්
    • කේක්


  • පොල් කටුව ආශ්‍රිත
    • හැදි
      පොල් කටුව
    • බොත්තම්
    • සක්‍රීය කාබන්
    • මදුරු දඟර


  • කෙඳි ආශ්‍රිත
    කොහු කර්මාන්තය
    • ලණු
    • කඹ
    • බුරුසු වර්ග
    • කොසු
    • ලණු පැදුරු
    • විසිතුරු භාණ්ඩ


  • පොල් කඳ ආශ්‍රිත
    පොල් කදන්
    • ලී කර්මාන්තය සඳහා


  • පොල් අතු ආශ්‍රිත
    • පොල් අතු විවීම සඳහා


  • පොල් ඉරට ආශ්‍රිත
    • ඉදල් නිෂ්පාදනය සඳහා
    • විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා


  • පොල් මල ආශ්‍රිත
    පොල් මල
    • විනාකිරි
    • පැණි
    • හකුරු


නිෂ්පාදන ආශ්‍රිත පින්තූර ගැලරිය[සංස්කරණය කරන්න]

ශ්‍රී ලංකාවේ පොල් අපනයනය කරන රටවල්[සංස්කරණය කරන්න]

  • ජර්මනිය
    Apana.jpg
  • ජපානය
  • පාකිස්ථානය
  • සයිප්‍රසය

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය මුහුණ දෙන ගැටළු[සංස්කරණය කරන්න]

  • හෙක්ටයාරයක්න් ලැබෙන ආදායම අඩු වීම.
  • සංකීර්ණ මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පොල් වගා කළ බිම් යොදා ගැනීම.
  • පොහොර භාවිතය අඩු වීම.
  • දේශීය පරිභෝජනයට ගන්නා පොල් ප්‍රමාණය වැඩි නිසා අපනයනය සඳහා ඉතිර ිවන පොල් ප්‍රමාණය අඩු වීම.
  • පළිබෝධ හා කෘමි උවදුරු නිසා පොල් වගාවට හානි පැමිණීම.

‍*පොල් වගා කර ඇති ඉඩම්වලින් අමතර ආදායමක්ලබා ගැනීමට උත්සාහ නො දැරීම.

  • වෙනත් ආදේශක නිසා විදේශ වෙළඳ පොළේ හොඳ මිළක් නො ලැබීම.

පොල් ඉඩම් අඩු වීමට හේතු[සංස්කරණය කරන්න]

    • නිවාස ඉදිකිරීම.
    • කර්මාන්තශලා ඉදිවීම.
    • නිදහස් වෙළඳ කලාප ඇති වීම.
    • ක්‍රීඩාංගන ඉදි කිරීම.
    • මහා මාර්ග ඉදි කිරීම.

යනාදිය සඳහා බිම් යොදා ගැනීම.

ගැටළු විසඳීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග[සංස්කරණය කරන්න]

  • පොල් වගාව සංවර්ධන කිරීම සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය පිහිටුවීම.
  • පොල් වගාකිරීමේ මණ්ඩලය මඟින් නැවත පොල් වගා කිරීම, අලුතින් පොල් වගා කිරීම, ගෙවතු වගා ආධාර දීම යනුවෙන් සහනාධාර ක්‍රම ඇරඹීම
  • ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින් යෝග්‍ය පොහොර වර්ග හදුන්වා දීම.
  • ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින් වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ පොල් හඳුන්වා දීම.
  • කෘමි උවදුරු සහ පළිබෝධ මර්දනයට අවශ්‍ය උපදෙස් ලබා දීම සහ පොල් කර්මාන්තය දිරි ගැන්වීමට අවශ්‍ය ආධාර ලබා දීම.
  • පොහොර ලබා දී ඇති ඉඩම්වලින් අමතර ආදායමක් ලබා ගැනීමට උපදෙස් ලබා දීම.

එනම් කෙසෙල්, අන්නාසි, ගම්මිරිස්, කෝපි වැනි අතුරු බෝග වගාව හා සත්ත්ව පාලනය සඳහා යොදා ගැනීම. පොල් වගා කරන ආසියානු රටවල් පැසිෆික් රටවල් විසින් පිහිටුවා ගනු ලැබූ ආසියානු පැසිෆික් පොල් සංවිධානය පිහිටවීම.

ලෝකයේ පොල් වගා කරන වෙනත් ප්‍රදේශ කිහිපයක්[සංස්කරණය කරන්න]

L.jpg
  • ආසියාව
  • ඉන්දියාව
  • බුරුමය
  • තායිලන්තය
  • ඕස්ටේලියාව
  • කාම්බෝජය
  • මැඩගස්කරය
  • ජැමෙයිකා
  • ටැන්සානියා
  • පිලිපීනය
  • මලයාව

පින්තූර ගැලරිය[සංස්කරණය කරන්න]

මේ අඩවිත් බලන්න[සංස්කරණය කරන්න]

මුලාශ්‍ර[සංස්කරණය කරන්න]

අධ්‍යාපන දෙපාර්තුමේන්තුව -9 ශ්‍රේණිය-සමාජ අධ්‍යයනය පෙළ පොත

අඩවියෙන් පි‍ටත පිටු[සංස්කරණය කරන්න]

පොල් වගාකිරීමේ මණඩලය - ශ්‍රී ලංකාව