පොදු වැරදි වැටහීම් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

සමාජය තුල ඇති පොදු වැරදි වැටහීම් ලැයිස්තුවක් මෙහි දැක්වේ. ලැයිස්තුවේ සෑම අයිතමයක්ම එම වැරදි වැටහීමට නිවැරදි කිරීමක් ලෙස දක්වා ඇත. එනම් එක් එක් අයිතමය මගින් ඒ ඒ දුර්මතය වැරදි ඇයිදැයි පැහැදිළි කර ඇත.

කලාව සහ සංස්කෘතිය[සංස්කරණය]

ඉතිහාසය[සංස්කරණය]

විද්‍යාව, තාක්ෂණය සහ ගණිතය[සංස්කරණය]

චීන මහා ප්‍රාකාරයේ කොටසක චන්ද්‍රිකා ඡායාරූපයක්. වම් පස යට කෙළවරේ සිට දකුණු පස ඉහළට විහිදී ඇත්තේ චීන මහා ප්‍රාකාරය යි. (වම් පස ඉහළ සිට දකුණු පස පහළ දෙසට විහිදී ඇති ගඟ සමග වරදවා වටහා ගැනීමෙන් වළකින්න.) මෙම ඡායාරූපිත ප්‍රදේශය වර්ග කි.මී. 12 කි.

තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශය[සංස්කරණය]

  • චීන මහා ප්‍රාකාරය අභ්‍යාවකාශයට හෝ සඳ මතුපිටට පෙනෙන එකම කෘතිම වස්තුව නොවේ. ඇපලෝ අභ්‍යාවකාශගාමීන් කිසිවෙක් සඳ මතදී චීන මහා ප්‍රාකාරය දුටු බවට පවසා නැත. පහළ පෘථිවි කක්ෂයෙහි සිටින අභ්‍යාවකාශගාමීන්ට වුවද එය දැකගත හැක්කේ දුරේක්ෂයකින් පමණි. කෙසේ නමුත් රාත්‍රියේදී නගරවල ආලෝකය නම් පහළ පෘථිවි කක්ෂයට පැහැදිළිව දිස්වෙයි.[1]
  • කලු කුහර වලටද ඇත්තේ අනෙක් අභ්‍යාවකාශ වස්තූන් වලට සමාන වූ ගුරුත්ව බලපෑම් ය. ඕනෑම ග්‍රහ වස්තුවක් මෙන් ඒවා ද ආසන්නයේ ඇති අනෙක් වස්තූන් ඒ වෙත ඇදගනියි (ඉතාම ආසන්නයේදී හැර). උදාහරණයක් ලෙස, සූර්යයා වෙනුවට සූර්යයා තරම් ස්කන්ධයකින් යුත් කලු කුහරයක් එහි ප්‍රතිස්ථාපනය කළොත් ග්‍රහලෝක වල කක්ෂයන්ට එයින් කිසිම වෙනසක් සිදු නොවනු ඇත.[2]
  • ඍතු ඇතිවන්නේ හිරු සහ පෘථිවිය අතර දුර වෙනස් වීමෙන් නොවේ. ඍතු විපර්යාසයට හේතුව පොළොවේ අංශක 23.4 ක අක්ෂීය ඇලවීම යි. එක් එක් අර්ධගෝලය එහි ගිම්හාන සමයේදී හිරු දෙසට නැඹුරුව ඇල වී පිහිටයි. මේ නිසා එයට වැඩි දවල් කාලයක් සහ කෙටි රාත්‍රී කාලයක් හිමි වෙයි. ශිශිර සමයේදී එම අර්ධගෝලය හිරුට විරුද්ධ පසට නැඹුරු වෙයි. එයින් කෙටි දවල් කාලයක් සහ දිගු රාත්‍රී කාලයක් ලැබෙයි.[3]
  • උල්කාවක් හෝ අභ්‍යාවකාශ යානයක් අභ්‍යාවකාශයේ සිට වායුගෝලය තුලට ඇතුල් වෙද්දී තාපය නිපදවෙන්නේ ඝර්ෂණය නිසාම නොවේ. එයට ප්‍රධානම හේතුව එම වස්තුව ඉදිරිපස ඇති වාතය ඇඩියබටික් සම්පීඩනයට ලක් වීමයි.[4]
  • සූර්යයාගේ වර්ණය ඇත්තෙන්ම කහ නොවේ සුදු යි.[5] කහ, තැඹිලි සහ රතු වැනි වර්ණයන්ගෙන් හිරු දිස්වීමට හේතුව වායුගෝලය මගින් ආලෝකය විසිරවීම යි.[6]

ජීව විද්‍යාව[සංස්කරණය]

රතු වර්ණය ගවයින් කෝප ගන්වන්නේ නැත

පෘෂ්ඨවංශීන්[සංස්කරණය]

  • වයස්ගත අලින් මරණාසන්න වූ විට තම රැළ අතහැර 'අලි සොහොන' නම් ස්ථානයකට යන්නේ නැත.[7]
  • ගොනුන් රතු වර්ණය දුටු විට කෝප වන්නේ නැත. ගවයන් ද්වි-වර්ණ පෙනුම ඇති සත්ත්වයන් වන අතර ඔවුන්ට රතු වර්ණය අනෙක් වර්ණයන්ට වඩා කැපී පෙනෙන්නේ නැත. රතු පැහැති සළුවක් වනන විට ගවයන් එයට පහර දෙන්නේ ඒ සළුව වැනීමේ ක්‍රියාව ඔවුන්ට තර්ජනයක් හෝ අනතුරක් ලෙස දැනෙන නිසා ය.[8]
  • සුනඛයන් ඛේඨය මගින් දහඩිය පිට කරන්නේ නැත.[9] ඇත්තෙන්ම සුනඛයන්ට ද ස්වේද ග්‍රන්ථි පිහිටා ඇත. ඔවුන් ප්‍රධාන වශයෙන් දහඩිය පිට කරන්නේ යටි පතුල් තුළිනි. කේසේ වෙතත්, හති දැමීම මගින් සුනඛයන්ට ශරීර උෂ්නත්වය පාලනය කර ගැනීමට උදවු වේ.[10]
  • සුනඛයන් මිනිසුන් තරම් හත් ගුණයක් වේගයෙන් වයසට යන්නේ නැත. වයස් ගතවීමේ වේගය සුනඛ වර්ගයා අනුව වෙනස් වේ.[11]
  • වවුලන් අන්ධ සත්වයන් නොවේ. 70% ක් පමණ වවුල් විශේෂයන් දෝංකාරය උපයෝගි කරගනිමින් ගමන් මග සොයාගන්නා නමුත්, සියලු වවුලන්ට පෙනීමේ හැකියාව ඇත.[12]
  • පැස්බරුන් සතුරන්ගෙන් බේරිමට හෝ නිදා ගැනීම සඳහා වැල්ලේ හිස සඟවාගන්නේ නැත.[13]
  • ගෝල්ඩ්ෆිෂ් මත්සයෙකුගේ මතකය තත්පර කිහිපයක් නොවේ. ඔවුන්ට මාස ගණනක මතකයක් තිබිය හැකිය.[14]
  • මෝරුන්ට පිළිකා වැළඳිය හැක. මෝරුන්ට පිළිකා නොවැළඳේ යන දුර්මතය ප්‍රසිද්ද වූයේ 1922 පළවූ Sharks Don't Get Cancer යන ග්‍රන්ථය නිසා ය. එය යොදාගැනුනේ මෝරුන්ගේ කාටිලේජ එකතු කර ඒවා පිළිකා වළක්වන ඖෂධ ලෙස විකිණිමේ ව්‍යාපාරයක් ප්‍රචාරය කිරීම සඳහා යි.[15]
  • මහා සුදු මෝරා මිනිස් කිමිදුම්කරුවන් සීල් සත්වයන් යැයි වරදවා වටහාගන්නේ නැත. සීල් සතුන්ට පහර දීමේදී මෝරා ඉක්මනින් ජලය මතුපිටට පැමිණ ඉතා ප්‍රචණ්ඩ ලෙස පහරදෙයි. මනුෂ්‍යයන්ට පහරදෙන විට ඊට වඩා සෙමින් සහ අඩු ප්‍රචණ්ඩත්වයකින් යුතුව පහර දෙයි. මහා සුදු මෝරන්ට ඉතා තියුණු ඇස් පෙනීමක් ඇති අතර, ඔවුන් මිනිසුන් සපා කන්නේ විලෝපිකයෙකු ලෙසින් නොව හුරුපුරුදු නැති වස්තුවක් හඳුනා ගැනීම පිණිස ය.[16]
  • ඉත්තෑවන්ට ඔවුන්ගේ කූරු විදිමේ හැකියාවක් නැත. කූරු ගැලවිය හැකි වුවත් ඒවා විදීමට නොහැකිය.[17]
  • මීයන් හට කේජු (චීස්) වලට විශේෂ ප්‍රියතාවයක් නොමැත. ඔවුන් කේජු කන්නේ වෙනත් විකල්පයක් නොමැති විටක දීය. මීයන් වඩා ප්‍රිය කරන්නේ පැණිරස, සීනි සහිත ආහාර යි. මෙම දුර්මතය හට ගත්තේ කුමක් නිසාදැයි පැහැදිළි නැත.[18]
  • පිරානා මත්සයින් මාංශ භක්ෂකයින් නොවේ සර්ව භක්ෂකයන් ය. ඔවුන් රංචු වශයෙන් ගැවසෙන්නේ විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට මිස ඔවුන් ආක්‍රමණශීලි නිසා නොවේ. අනතුරක් ගැන ඉව වැටුනහොත් ඉතාම කලාතුරකින් ඔවුන් මිනිසුන්ට පහර දෙයි. නමුත් සපාකෑම් බොහෝවිට සිදු වන්නේ අත්වල සහ පාදවලයි.[19]

අපෘෂ්ඨවංශීන්[සංස්කරණය]

  • ගැඩවිලෙකු දෙකට වෙන් කළ පසු ගැඩවිලන් දෙදෙනෙක් වන්නේ නැත. පූර්ව ප්‍රතිජනනය සිදු කළ හැක්කේ ගැඩවිල් වර්ග කිහිපයකට පමණි.[20] එවැනි ගැඩවිලෙකු දෙකඩ කළ පසු ජීවත් විය හැක්කේ මුඛය පිහිටා ඇති ශරීරයේ ඉදිරිපස කොටසට පමණක් වන අතර පිටුපස කොටස මියයයි.[21] කේසේ නමුත් සමහර ප්ලැනේරියානු පැතලි පනුවන් විශේෂ නම් දෙකඩ කළ පසු පණුවන් දෙදෙනෙක් බවට පත්වේ.[22]
  • ගෙමැස්සන්ගේ ආයු කාලය පැය විසි හතරකට පමණ සීමා නොවේ. ඔවුන්ට දින 20 ක 30 ක සාමාන්‍ය ආයු කාලයක් ඇත.[23]
සූරියකාන්ත මල් පැහැදිළිවම හිරුට පිටුපා ඇති අවස්ථාවක්

ශාක[සංස්කරණය]

  • මාංශ භක්ෂක ශාක වලට ගොදුරු නොමැතිව ජීවත් විය හැක. නමුත් කෘමීන් අල්ලා ගැනීම ඒවාගේ වර්ධනයට උපකාරී වෙයි.[24]
  • සූරියකාන්ත මල් හිරු දෙසට හැරෙන්නේ නැත.[25] ඒවා දිනය පුරාම එක් දිශාවකට ස්ථිරව යොමු ව තිබේ (බොහෝවිට නැගෙනහිරට). කෙසේ නමුත් මුල් වර්ධන අවදියේදී නොමේරු පොහොට්ටුව හිරු දෙසට යොමු වෙයි. මේ හැසිරීම හඳුන්වන්නේ හීලියෝට්‍රොපවාදය ලෙසයි.[26]

පරිණාමය සහ පාෂාණීය ධාතු විද්‍යාව[සංස්කරණය]

  • පරිණාමවාදයෙහි ඇති වාදය යන වචනයෙන් එහි විද්‍යාත්මක සත්‍යතාව පිළිබඳ සැකයක් ඉස්මතු නොකෙරෙයි. විද්‍යාත්මක වාදයක් (theory) හෝ සිද්ධාන්තයක් යනු "විද්‍යාත්මක ක්‍රමයට අනුකූලව නැවත නැවතත් පරීක්‍ෂා කර සත්‍යාපනය කර ඇති ස්වාභාවික ලෝකයේ සහ විශ්වයේ අංශයක් පැහැදිලි කිරීමක්"[27] ය.
  • පරිණාමවාදය ජීවයේ ආරම්භය පැහැදිළි කිරීමට උත්සාහ කරන්නේ නැත.[28] පරිණාමවාදය ප්‍රධාන වශයෙන් පැහැදිළි කරන්නේ ජීවය ආරම්භයට පසු ජීවින් පරම්පරා ගණනක් පුරා වෙනස්කම් වලට භාජනය වී ඇති බවයි.[29] ජීවයේ ආරම්භය පැහැදිළි කිරීමට උත්සාහ කරන විද්‍යාත්මක න්‍යාය හැඳින්වෙන්නේ අජීවජ්නනය ලෙසය.
  • පරිණාමය යනු හැම විටම පහළ දියුණු මට්ටමක සිට ඉහළ දියුණු මට්ටමකට වෙනස් වීම නොවේ. එමෙන්ම පරිණාමය යනු සැමවිටම සංකීර්ණත්වයෙන් ඉහළ යාමක්ද නොවේ. යම් ජීවියෙකු කාලයත් සමග වඩා සරල බවට පත් විය හැකිය.[30][31]
  • පරිණාමය සිදුවන්නේ ජීවියෙකුගේ පැවැත්ම සඳහා උදවු වීමට නොවේ.[32]
  • ක්‍රිටේෂීය-පැලියොජීන් වඳවීයාමේ සිදුවීමේදී සියලුම ඩයිනසෝරයෝ වඳ වී ගියේ නැත. සමහරක් පියාපත් සහිත කුඩා ඩයිනසෝරයන් පක්ෂීන් බවට පරිණාමය විය.
  • මිනිසුන් සහ ඩයිනසෝරයෝ සමකාලයෙහි ජීවත් වූයේ නැත.[33] අවසාන (පක්ෂී-නොවන) ඩයිනසෝරයා මියගොස් ඇත්තේ වසර මිලියන 66 කට පෙරය. මුල්ම හෝමෝ ගණයට අයත් සාමාජිකයින් (මිනිසුන්) ජීවත් වූයේ වසර මිලියන 2.3 - 2.4 කට පෙරය. ඩයිනසෝරයන් සහ මිනිසුන් ජීවත් වූ කාලය අතර වසර මිලියන 63 ක පරතරයක් ඇත. කෙසේ නමුත් වුලී මැමත් සහ වකුටු වූ දත් ඇති කොටියා මිනිසා සමග සමකාලීනව ජිවත්වූ සතුන් ය.
  • ඛණිජ තෙල් බවට පත්වී වී ඇත්තේ ඩයිනසෝරයන්ට වඩා බැක්ටීරියා සහ ඇල්ගී ය.[34]
  • ක්ෂීරපායීන් පරිණාමය වූයේ වර්තමානයේ සිටින උරගයන්ගෙන් නොවේ. ක්ෂීරපායින් සහ උරගයන් දෙපිරිසම පරිණාමය වී ඇත්තේ එක් පොදු ආදිකල්පිකයෙක් ගෙනි.[35]
  • මිනිසුන් පරිණාමය වී ඇත්තේ වර්තමානයේ සිටින චිම්පන්සීන්ගෙන් හෝ වඳුරන්ගෙන් නොවේ.[36] මිනිසුන් සහ වර්තමානයේ සිටින චිම්පන්සීන් ද එක් පොදු ආදිකල්පික වානරයෙකුගෙන් පරිණාමය වී ඇත.[37] මිනිසාගේ සහ චිම්පන්සීන්ගේ අවසාන පොදු නෑදෑයා ජීවත් වූයේ වසර මිලියන 5කටත් 8කටත් පෙරය.[38]

පරිගණක සහ අන්තර්ජාලය[සංස්කරණය]

පරිසර විද්‍යාව[සංස්කරණය]

  • ගෝලිය උණුසුම ඇතිවන්නේ ඕසෝන ස්ථරයේ ඇති සිදුරක් නිසා නොවේ. ඕසෝන ක්ෂය වීම යනු ක්ලෝරොෆ්ලෝරොකාබන් වායුගෝලයට නිකුත් වීම නිසා හටගන්නා වෙනම ගැටලුවකි.[43]
  • "එකම තැනට දෙවරක් අකුණු වදින්නේ නැත" යන්න අකුණු පිළීබඳව ආදි කල්පිකව පැවතගෙන එන කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති මිත්‍යා මතයකි. නිව් යෝක් හී එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට වසරකට අකුණු සියයක් පමණ පතිත වේ.[44][45]

මනුෂ්‍ය ශරීරය සහ සෞඛ්‍යය[සංස්කරණය]

  • නින්දෙන් ඇවිදන අයෙක්ව අවදි කිරීම ඔවුන්ට හානිදායක නැත. අවදි වීමෙන් පසු ඔවුන් තාවකාලිකව ව්‍යාකූල තත්වයකට පත්විය හැකිය. නමුත් නින්දෙන් ඇවිදින අයට ඇතිවන සෞඛ්‍ය ගැටලු බොහෝවිට නින්ද මද වීම හා නින්දෙන් ඇවිදිද්දී සිදුවන අනතුරු නිසා වන ඒවා ය.[46]
  • යම් පුද්ගලයෙකු ජලයේ ගිලෙන බව වටපිටාවේ සිටින අයෙකුට පැහැදිළිව නොතේරීමට ඉඩ ඇත.[47] පුද්ගලයෙක් ජලයේ ගිලීමේදී දක්වන සහජ ප්‍රතිචාරය නිසා අත් වැනීම හෝ කෑ ගැසීම සිදු කිරීම අපහසු ය.[47]
  • මනුෂ්‍ය ශිරා වල ඇති රුධිරය නිල් පාට නොවේ. හිමෝග්ලොබින් නිසා රුධිරයට රතු පැහැය ලැබී ඇත. ඔක්සිජන් රහිත රුධිරයට (ශිරා වල ඇති) තද රතු වර්ණයක් ඇති අතර ඔක්සිජන් මිශ්‍ර රුධිරයට (ධමනි වල ඇති) ලා රතු වර්ණයක් ඇත. සම හරහා බලන විට ශිරා නිල් හෝ කොළ පැහැයෙන් පෙනීමට ඉඩ ඇත්තේ සම හරහා ආලෝකය විසරණය වීම සහ මිනිස් වර්ණ සංජානනයේ වෙනස්කම් නිසා ‍ය. බොහොමයක් වෛද්‍ය රූප සටහන් වලද ශිරා නිල් පැහැයෙන් සහ ධමනි රතු පැහැයෙන් දැක්වීම මෙම දුර්මතය ව්‍යාප්ත වීමට හේතු වී ඇත.[48]
  • රික්තයකට නිරාවරණය වීම මගින් ශරීරය එක්වරම පුපුරා යන්නේ නැත (ඉතාම වේගවත් පාලනයකින් තොර අවපීඩනයකදී හැර).[49]
  • පෙට්‍රල් පානය කළ පුද්ගලයෙක්ට විශේෂ හදිසි වෛද්‍යය ප්‍රතිකාර කිරීම අවශ්‍ය නැත. වමනය කිරීමට තැත් කිරීමෙන් තත්වය වඩාත් නරක බවට පත් විය හැක.[50]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. https://science.nasa.gov/science-news/science-at-nasa/2003/24mar_noseprints/
  2. http://oyc.yale.edu/astronomy/astr-160/lecture-9#transcript
  3. https://web.archive.org/web/20071216004548/http://www.adlerplanetarium.org/education/resources/sunearth/section06i.shtml
  4. https://web.archive.org/web/20090709055746/http://www.nasa.gov/centers/ames/research/2007/faq-shuttleglass_prt.htm
  5. http://solar-center.stanford.edu/SID/activities/GreenSun.html
  6. http://solar-center.stanford.edu/SID/activities/GreenSun.html
  7. https://www.newscientist.com/article/mg14519625.100-not-many-people-know-that.html
  8. සංරක්ෂිත පිටපත, http://www.itla.net/index.cfm?sec=Longhorn_Information&con=handling, ප්‍රතිෂ්ඨාපනය 2021-09-25 
  9. http://www.pets.ca/dogs/tips/dog-noses-facts-and-myths-pet-tip-115/
  10. http://www.petplace.com/dogs/how-do-dogs-sweat/page1.aspx
  11. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC7484147
  12. http://www.nwf.org/News-and-Magazines/National-Wildlife/Animals/Archives/2003/American-Heritage-Animal-Cliches.aspx
  13. http://www.timesunion.com/opinion/article/Maybe-ostriches-are-smarter-1370503.php
  14. http://www.abc.net.au/news/stories/2008/02/19/2166204.htm
  15. https://doi.org/10.1158%2F0008-5472.CAN-04-2260
  16. http://news.nationalgeographic.com/news/2004/01/0123_040123_tvgreatwhiteshark.html
  17. https://books.google.com/books?id=Is0nAAAAMAAJ&pg=PA501
  18. https://animals.howstuffworks.com/animal-facts/do-mice-really-love-cheese.htm
  19. https://explorersweb.com/2020/04/07/killer-piranhas-myth-or-fact/
  20. https://doi.org/10.1002%2Fjez.1401170102
  21. https://www.bbc.co.uk/gardening/gardening_with_children/didyouknow_worms.shtml
  22. https://doi.org/10.1146%2Fannurev.cellbio.20.010403.095114
  23. http://www.newton.dep.anl.gov/natbltn/400-499/nb453.htm
  24. https://www.encyclopedia.com/plants-and-animals/plants/plants/carnivorous-plants#:~:text=Carnivorous%20plants%20catch%20mostly%20insects,referred%20to%20as%20insectivorous%20plants.&text=However,%20only%20true%20carnivorous%20plants,can%20survive%20without%20catching%20prey.
  25. http://www.botanicus.org/page/1956748
  26. http://www.sunflowernsa.com/all-about/faq/#11
  27. https://archive.org/details/sciencecreationi0000unse/page/2/mode/2up
  28. http://evolution.berkeley.edu/evolibrary/misconceptions_faq.php#a1
  29. http://www.talkorigins.org/faqs/faq-misconceptions.html
  30. http://www.scientificamerican.com/article.cfm?id=is-the-human-race-evolvin
  31. https://doi.org/10.1016%2FS0092-8674%2802%2900665-7
  32. http://evolution.berkeley.edu/evolibrary/misconceptions_faq.php#b1
  33. https://www.sciencedaily.com/releases/2009/03/090312115133.htm
  34. https://www.thoughtco.com/does-oil-come-from-dinosaurs-1092003
  35. https://www.thoughtco.com/does-oil-come-from-dinosaurs-1092003
  36. https://www.jstor.org/stable/3738744
  37. https://books.google.com/books?id=LavQGJVq5ScC&pg=PA124
  38. https://www.pbs.org/wgbh/evolution/library/faq/cat02.html#Q01
  39. සංරක්ෂිත පිටපත, http://arstechnica.com/apple/news/2011/05/fake-mac-defender-antivirus-app-scams-users-for-money-cc-numbers.ars, ප්‍රතිෂ්ඨාපනය 2011-05-26 
  40. https://books.google.com/books?id=-kD0sxQ0EkIC&pg=PA128
  41. https://www.pandasecurity.com/mediacenter/news/deep-web-myths-truths-need-know/
  42. https://www.fastcompany.com/90311396/incognito-mode-wont-keep-you-private-try-browser-compartmentalization
  43. සංරක්ෂිත පිටපත, https://www.ncdc.noaa.gov/monitoring-references/faq/greenhouse-gases.php?section=cfc, ප්‍රතිෂ්ඨාපනය 2021-09-25 
  44. https://web.archive.org/web/20120325015918/http://www.sti.nasa.gov/tto/Spinoff2005/ps_3.html
  45. http://weather.weatherbug.com/weather-news/weather-reports.html?story=6571
  46. http://www.medicinenet.com/sleepwalking/article.htm
  47. 47.0 47.1 http://www.uscg.mil/hq/cg5/cg534/On%20Scene/OSFall06.pdf
  48. සංරක්ෂිත පිටපත, http://www.imt.liu.se/edu/courses/TBMT36/pdf/blue.pdf, ප්‍රතිෂ්ඨාපනය 2021-09-25 
  49. http://imagine.gsfc.nasa.gov/docs/ask_astro/answers/970603.html
  50. https://healthcare.utah.edu/the-scope/shows.php?shows=0_g9tzppx4