පෛතාවා
| පෛතාවා | |
|---|---|
| පෛතාවා | |
| ඛණ්ඩාංක: 34°53′00″N 69°12′00″E / 34.883333°N 69.200000°E | |
| රට | ඇෆ්ඝනිස්තානය |
පෛතාවා යනු නූතන ඇෆ්ඝනිස්තානයේ පිහිටි බෞද්ධ ආරාමයකි. එය කපිසා නගරය වටා ශොතෝරාක් ආරාමය සමඟ පිහිටා තිබුණි. කුෂණ අධිරාජ්‍යයේ උතුරු අගනුවර වූ කාබුල් සිට කි.මී. 40ක් උතුරින් මෙය පිහිටියේ ය. කුෂාණ් ඇඳුමින් සැරසුණු බෞද්ධ දායකයන්ගේ අලංකාර මූර්ති මෙම ස්ථානයෙන් හමුවී ඇත. [1] ආරාමයේ කුෂාණ කාසි කිහිපයක් හමු වූ අතර, එය මුල් කුෂාණ භූමියක් යැයි යෝජනා කළ නමුත්, ශ්‍රාවස්තියේ ප්‍රාතිහාර්යය වැනි බෞද්ධ කෘති කිහිපයක් කිඩාරිවරුන්ගේ පසුකාලීන යුගයට (ක්‍රි.ව. 320–467) අයත් විය හැකිය. [2]
පෛතාවා බෙග්‍රාම් සිට කි.මී. 7ක් දුරින් පිහිටියේ ය. මෙම ආරාමය 7 වන සියවසේ චීන වන්දනාකරුවෙකු වූ හ්‍යුං සාං විසින් නැරඹූ අතර, ඔහු සඳහන් කොට ඇත්තේ එය කපිසා කලාපයේ විශාලතම නගරය වන සි-පි-ටො-ලා-ෆාසේ නම් විශාල නගරයක් අසල ඇති බවයි. [3]
ශොතෝරාක් සහ පෛතාවා නගරවලිම් හමුවූ කැටයම්වල, ශ්‍රාවස්ති ප්‍රාතිහාර්යයේ උරහිස් වලින් ගිනි පිටවන අයුරින් බුදුන් වහන්සේ නිරූපණය කිරීමේ කලාත්මක ලක්ෂණයක් දැකගත හැකි අතර, මෙම ලක්ෂණය කුෂාණ රජවරුන්ගේ කාසිවල ද දක්නට ලැබේ. [4]
- බෝධිසත්ත්ව රුවක්.
- ශ්‍රාවස්තියේ ප්‍රාතිහාර්යය (සමීප රුවක්)
- ශ්‍රාවස්තියේ ප්‍රාතිහාර්යය (සමීප රුවක්)
- හෙරක්ලීස් සහ ටයිකී සමඟ බුදුන් වහන්සේ (සමීප රූ සමඟ)

ආශ්‍රේයයන්
[සංස්කරණය]- ↑ Behrendt, Kurt; Brancaccio, Pia (2011). Gandharan Buddhism: Archaeology, Art, and Texts (ඉංග්‍රීසි බසින්). UBC Press. p. 11. ISBN 9780774841283.
- ↑ Cambon, Pierre (1996). "Fouilles anciennes en Afghanistan (1924-1925). Païtāvā, Karratcha". Arts Asiatiques. 51: 20. doi:10.3406/arasi.1996.1383.
- ↑ Francine, Tissot (2006). Catalogue of the National Museum of Afghanistan, 1931-1985 (ඉංග්‍රීසි බසින්). UNESCO Publishing. p. 330. ISBN 9789231040306.
- ↑ Rosenfield, John M. (1967). The dynastic arts of the Kushans (ඉංග්‍රීසි බසින්). University of California Press. p. 200.
- ↑ Rosenfield, John M. (1967). The Dynastic Arts of the Kushans (ඉංග්‍රීසි බසින්). University of California Press. p. 450, Figure 104.
Figure 104: Image pedestal with Maitreya flanked by two groups of Kushans. Paitava.
- ↑ Cambon, Pierre (1996). "Fouilles anciennes en Afghanistan (1924-1925). Païtāvā, Karratcha". Arts Asiatiques. 51: 20. doi:10.3406/arasi.1996.1383.