පේට්ට (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්

පේට්ට යනු 2019 වසරේ කාර්තික් සුබ්බුරාජ්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ චිත්‍රපටයකි. මෙහි සුපිරි නළු රජිනිකාන්ත් සමග ත්‍රිෂා ක්‍රිෂ්නන්, සිම්රන්, විජේ සේදුපති රගදක්වති. සන් පික්චර්ස් ආයතනය වෙනුවෙන් කලානිදි මාරන් නිෂ්පාදනය කර ඇති මෙම චිත්‍රපටය පොංගල් උත්සවයට සමගාමීව තිරගත වී ඇත. මෙහි හඩකැවූ චිත්‍රපට ලෙස තෙලිගු හා හින්දි භාෂාවලින් තිරගත වී ඇත.

චරිත

චිත්‍රපටයේ සාරාංශය

කාලි හෙවත් පෙට්ට (රජිනිකාන්ත්) නේවාසිකාගාර නිලධාරියෙක් ලෙස බටහිර බෙංගාලයේ ඩාර්ජිලිං නුවර වෙත යයි. එහිදී මයිකල් නම් සරසවි සිසුන්ට නවක වාදය සිදුකරන ජ්‍යෙෂ්ඨ පන්තියේ සිසුවෙක් හා ඔහුගේ කණ්ඩායම ඇතුළුව කාලි මර්දනය කරයි. පසුව මයිකල් කාලිට පහරදීමට මැර කල්ලියක් සමග නැවත එයි. එම අවස්ථාවේම වෙනත් මැර කල්ලියක් සරසවියේ සිටින අන්වර් (සනන්ත්‍ රෙඩ්ඩි) නම් වෙනත් සිසුවෙක් මරාදැමීමට පැමිණේ. කාලි ඒ කල්ලිය වෙත පහරදීමෙන් පසු තුවාල ලබා රෝහල්ගත වේ. රෝහල්ගත වූ කාලි බැලීමට ආ පරණ හිතවතෙක් කාලි යනු කව්ද? මැර කල්ලිය පහර දෙන්නට පැමිණි අන්වර් කවුද? කාලි මෙහි කුමකට පැමිණියේද? ඔහුගේ ඇත්තම ජීවිතය කුමක්ද? යන ප්‍රශ්නයන්ට පිළිතුරු ලබාදෙයි. සරෝ (ත්‍රිෂා ක්‍රිෂ්ණන්) කාලි යනුවෙන් හදුන්වන පේට්ටගේ බිරිදයි. අන්වර් ‍යනු පේට්ටගේ එක කුස නූපන් මුස්ලිම් සහෝදරයෙක් වන මාලික්ගේ (එම්.සසිකුමාර්) පුත්‍රයාය.


"https://si.wikipedia.org/w/index.php?title=පේට්ට_(චිත්‍රපටය)&oldid=430804" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි