පෘථිවි වල්ලභ් - ඉතිහාස් භි, රහස්‍ය භි

විකිපීඩියා වෙතින්

පෘථිවි වල්ලභ්
ප්‍රභේදයඓතිහාසික ප්‍රේම වෘත්තාන්ත
තැනුවේරයිටර්'ස් ගැලැක්සි
මත පදනම්වකානෛයලාල් මුන්ෂිගේ (අර්ධව) පෘථිවිවල්ලභ්[1]
රචනය කලේඅනිරුධ් පථාක්
මනෝජ් සිංහා
අශුතෝෂ් කුමාර්
ස්වේතා මිෂ්රා
අධ්‍යක්ෂණය කලේමක්බූල් ඛාන් සහ අනිමේෂ් වර්මා
රඟපෑමආශිෂ් ෂර්මා
සොනාරිකා භඩෝරියා
පහත බලන්න
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන39 (2018 මැයි 27 වන විට)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)අනිරුධ් පථාක්
සිනෙමාරූපණයඅර්වින්ද් සිං
නිෂ්පාදන සමාගමරයිටර්'ස් ගැලැක්සි
ප්‍රචාරණය
මුල් නාලිකාවසෝනි ටීවී
රූප ආකෘතිය
මුල් ධාවනය20 ජනවාරි 2018 (2018-01-20) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය

පෘථිවි වල්ලභ් - ඉතිහාස් භි, රහස්‍ය භි (සිංහල: පෘථිවි වල්ලභ් - ඉතිහාසයත්, අබිරහසත්) ‍යනුවෙන් හැඳින්වෙන්නේ සති අන්තයේ සෝනි එන්ටර්ටේන්මන්ට් ටෙලිවිෂන් ඔස්සේ විකාශය වන 2018 ඉන්දියානු හින්දි ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි.[2][3]

මෙම වැඩසටහන නිෂ්පාදනය කරනු ලබන්බේ අනිරුද්ධ් පථාක් සහ රයිටර්'ස් ගැලැක්සි නිෂ්පාදන සමාගම විසිනි. ඉන්දියාවේ මධ්‍ය රාජධානි සමයේ ඓතිහාසික රජවරුන් පාදක කරගත් මෙම කතාමාලාව කනෛයලාල් මනේක්ලාල් මුන්ෂි විසින් රචිත පෘථිවිවල්ලභ් නම් ගුජරාටි ඓතිහාසික ප්‍රබන්ධය ඇසුරෙන් ගොඩනගා ඇත. මෙම වැඩසටහන සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්ඩියාහි උප-ශාඛාවක් වන් එස්ඊටී ඔරිජිනල්ස්හි ප්‍රථම නිෂ්පාදනය වේ. 2018 ජනවාරි 20 දින මෙය විකාශය ඇරඹිණි.[1] ශ්‍රී ලංකාව තුළ සිංහලෙන් හඬකවා පෘථිවි මහරජ ලෙස නම්කළ මෙම කතාමාලාව ටීවී දෙරණ ඔස්සේ විකාශය වේ.

මෙම වැඩසටහනෙන් නිරූපණය වන්නේ මාල්වාහි කුමර පෘථිවි වල්ලභ් සහ මාන්‍යඛේටයේ කුමරිය වන ම්‍රිනාල්වතී සහ ඔවුන්ගේ අසම්භව්‍ය ප්‍රේම වෘත්තාන්තයයි.

  1. 1.0 1.1 "Prithvi Vallabh' is 20% history, 80% mystery: Anirudh Pathak". සම්ප්‍රවේශය 11 ජනවාරි 2018.
  2. "Get a sneak peek into 'Prithvi Vallabh'". සම්ප්‍රවේශය 4 සැප්තැම්බර් 2017.
  3. "Prithvi Vallabh to Porus: These magnum opus historical shows promise to change the face of Indian TV". සම්ප්‍රවේශය 6 සැප්තැම්බර් 2017.