පුරාණ රෝමය සමාජය

විකිපීඩියා වෙතින්

පුරාණ රෝමය සංවර්ධනය වූ කේන්ද්‍ර ස්ථාන වුයේ රෝම ප්‍රසිද්ධ වෙළද වු අතර එය දෛනික රෝම ජීවිතයේ චක්‍රනාභියක් විය.

පුරාණ රෝම සමාජය, කදු හතක් මත පිහිටා තිබු රෝම නගරය සමග සම්බන්ධව තිබිණි. එහි ක්ලෝසියම්, ට්‍රාජන් වෙළද පොළ සහ පැන්තියනය වැනි ස්මරණීය ගොඩනැගිලි විශාල ගණනක් තිබිණි. සිය ගණන් වාරි මාර්ග පද්ධති හරහා ශාලා, ක්‍රීඩා මණ්ඩප, පුස්තකාල සහ සාප්පු සහිත සනිපාරක්ෂක සංකිර්ණ, වෙළද පෙළ වල් වලට නැවුම් පානීය ජලය බෙදා හැරුණු අතර ක්‍රමවත්ව සෑදු කාණු පද්ධති මගින් ඒවා ඉවතට ගෙනයාම සිදු විණි. පුරාණ රෝම පාලනය යටතේ ගෘහ නිර්මාණ ශිල්පය නවීන නිවෙස් වල සිට අති විශාල තනි නිවෙස් දක්වා ව්‍යාප්ත විය. රෝමයේ අග නගරයේ අධිරාජ්‍ය වරුන් ගෘහ ඉදිවුණේ පැලටයින් කන්ද මතය. පැලස් නම් වචනය බිදී ආවේද පැලටයින් නම් වචනයෙනි. පහත් සහ මධ්‍යම පන්ති වල ජනයා වාසය කළේ නගරයේ මධ්‍යයේය. ඒ යුදෙවුවන් වසන ගෙවල් වැනි කුඩා වෙන්වු කාමර වලය.

මිලියනයක පමණ ජනගහනයක් සහිතව විශාලම නාගරික මධ්‍යස්ථානය වුයේ රෝම අධිරාජ්‍යයි. (19 වන ශතවර්ෂයේදී ලෝකයේ විශාලම නගරය වු ලන්ඩනයේ භූමි ප්‍රමාණයට සමාන ලෙස) එය උපරිම ලෙස මිලියන 14 ක් ද අවම ලෙස 450 000 ක් ද විය. කැර ගැටෙන හඩින් සහ රථ වල රෝද වල හඩින් රෝම නගරය ඝෝෂාකාරී වන්නට වු අතර එය ඉසිලිය නොහැකි වු ජුලියස් සීසර් වරක් රථ ගමනාගමනය (දවල් කාලයේ) අත් හිටුවීමට යෝජනා කර ඇත. ඓතිහාසික ඇස්තමේන්තු ප්‍රකාශ කර සිටින්නේ පුරාණ රෝම වල ප්‍රදේශය යටතේ වු ජනගහණයෙන් 20% ක් නාගරික මධ්‍යස්ථාන වල දිවි ගෙවු බවයි. ඊට හමුදා භටයන් 10000 හෝ ඊට වැඩි ජනකායක් ද පන්සල් හා වෙනත් ගොඩනැගිලි විය. ඒවා රෝමයේ මෙන් කුඩා පරිමාණයේ ඒවා විය.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Ancient_Rome#Society

"https://si.wikipedia.org/w/index.php?title=පුරාණ_රෝමය_සමාජය&oldid=472743" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි