Jump to content

පුපුරා නොගිය ද්‍රව්‍යය වල විමර්ෂණය

විකිපීඩියා වෙතින්

ගුවන් විදුලි වාර්තා මගින් " Special C " නම් ප්ලාස්ටික් පුපුරණ ද්‍රව්‍යයක් පිළිබදව සටහන් කර ඇත. කෙසේ වෙතත් රජය ප්‍රකාශ කරන පරිදි මෙම පුපුරණ ද්‍රව්‍යය සොයා ගෙන ඇත්තේ නොපුපුරණ ලද උපකරණයක / ඇසුරැමක තිබිය. මෙම ද්‍රව්‍යය සොයා ගනු ලැබ ඇත්තේ අපරාධකරැවන්ගේ නැතිවු බඩු බාහිරාදිය තුළ තිබිය. පුපුරා නොගිය ද්‍රව්‍යය අතරට 10 Kg ක පුපුරා නොගිය ද්‍රව්‍යය සහ 1 Kg ක් බරැති කැඩි බිදි ගිය කොටස් ලෙස පාර්සල් කර තිබු ඇණ හා ඉස්කුරැප්ප නියනවල් විය. අනෙක් අතින් බලන විට, හදිසි මරණ පරික්ෂණ තුළින් කිසිම අනතුරට ලක්වුවෙක් සතුව බෝම්බ පතුරැ නොමැති බවට හෙළිදරව් විය.

ස්පාඥ්ඥයේ නාෂ්පාදිත Goma – 2 Eco පුපුරණ ද්‍රව්‍යය ප්‍රහාරයට පෙර කිසි දිනෙක අල්කයිඩා සංවිධානය මගින් භාවිතා කර නොතිබුණි. එහෙත් ද ඉන්ඩිපෙන්ඩන්ට් වාර්තා කර ඇති අන්දමට එය ETA වෙළද නාමයක් දරණ අතර Daily Telegraph පුවත්පත දරන්නේ ඊට පටහැනි මතයකි.

සැකකරැවන් සියදිවි හානි කර ගැනීම 2004 අප්‍රේල් 03 වන දා, දකුණු මැඩිරිඩ් හි ලෙගනේ හිදි පොලිස් නිළධාරින් 11 දෙනෙකුට තුවාල සිදුකර එක් පොලිස් නිළධාරියෙක් මරැමුවට පත් කරමින් අරාබි ත්‍රස්ත්‍ර සැකකරැවන් සිවු දෙනෙකු මරාගෙන මැරෙන පිපිරිමකින් ජිවිතක්ෂයට පත් විය. ආරක්ෂක බලකායක් විසින් අටෝචා දුම්රිය පොළ අසලදී සැකකටයුතු පාර්සල් 02ක් පුපුරැවා හැරි අතර ටෙලස් (Tellez) දුම්රියේ තිබු පුපුරා නොගිය බෝම්බ 02ක් නිෂ්ක්‍රීය කිරිමටද හැකි විය. එල් ජෝසෝ හි වෙලිකාස් පොලිස් දුම්රිය පොලේතිබි පුපුරා නොගිය තෙවැනි බෝම්බය සොයා ගන්නා ලදී. එය පර්යේෂණ සදහා සාක්ෂි සපයන ලද කේන්ද්‍රිය සාක්ෂිය වශයෙන් පැවතුණි. එල් පොසෝහිදි සොයා ගත් බෝම්බය පුපුරා නොයෑමට හේතුව වුයේ එයි ජංගම දුරකතන වේලාව පැය 12ක ප්‍රමාදයකින් යුක්තව දක්වා තිබිමයි. අටෝචා හා එල් පොසෝ යන ස්තාන වල 11 හා 12 දරණ බෝම්බ 02 TEDAX විසින් අත්වැරදීමකින් පිපිර ගියේය. TEDAX හි ප්‍රාදේශිය නායකයා විසින් ප්‍රකාශ කරන ලද්දේ පුපුරා නොගිය ගමන්මළු වල වෙනත් වර්ග වල පුපුරණ ද්‍රව්‍යය පැවති බවයි.13 වන බෝම්බය, පොලිස් ස්තානය වෙත රැගෙන ගිය අතර එහි ඩයිනමයිට් අඩංගු වුවත් පිපිරිමකට ලක් නොවුනේ බෝම්බය දුරස්තපාලකය වෙත සම්බන්ධ වීමට තිබු වයර් (රැහැන්) 02ක් නොමැති වීමයි. බෝම්බය සදහා වේලා සටහන් කිරිමට ජංගම දුරකතනයක් භාවිතා කර ඇති අතර එම වේලා සංඥාව ක්‍රියාත්මක වීම සදහා සිම් පතක් අවශ්‍ය වු අතර ඉන්පසුව පිපිරිම සිදු වීමට සුදානම් කර තිබුණි. එම සිම් පත පරික්ෂා කිරිමෙන් පසුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්තඩංගුවට ගැනීමට හැකියාව ලැබුණි. ඉරිදා මාර්තු 13 වන දින මොරොක්කෝ ජාතිකයන් තිදෙනෙකු හා හිංදු ඉන්දියානුවන් දෙදෙනෙකු අත්තඩංගුවට ගැනීම නිසා මෙම ප්‍රහාරයට ඉස්ලාමීය කණ්ඩායමක සහයෝගය ඇති බව සනාථ විය. එම අත්තඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනාගෙන් කෙනෙකුට එරෙහිව නිතිමය පියවර ගන්නා ලදී.


කුමන්ත්‍රණ න්‍යායන් දැනට විරැද්ධ පක්ෂයේ සිටින ජනතා පක්ෂය ( PP ) මෙන් EI මුන්ඩෝ නම් පුවත්පතක් දක්වන්නේ මෙම ප්‍රහාරය සැළසුම් කිරිමේ මුලික අරමුණ වී ඇත්තේ එවක බලයේ සිටි රජය බලයෙන් නෙරපීමට බවයි.

නඩු විභාගය ජුවාන් ඩෙල් ඔල්මෝ නම් විනිසුරැ නිරික්ෂණය කර ඇති අන්දමට මාර්තු 11 ප්‍රහාරයට වගකිව යුත්තේ GIA හෝ මොරොක්කෝ සටන්කාමි සංවිධාන නොවන බවත් ඊට වගකිව යුත්තේ අන්තර්ජාලයෙන් ආභාෂය ලබා ගන්නා ලද ඉස්ලාමීය අන්තවාදී සංවිදාන බවත්ය .අග්කයිඩා ජාලයත් සමග සබදතා පවත්වා ගෙන ඇති බවට විශ්වාස කරයි. කුඩා පරිමාණ මත් ද්‍රව්‍යය වෙළදාමෙන් ලැබෙන මුදල් ප්‍රයෝජනයට ගෙන පඑළ මට්ටමේ සොරැන් පොලිසිය, සහ ඇස්ටුරියාස් හි ගාර්ඩියා (Guardia) සිවිල් හි විශ්වාසවන්තයන් මගින් පුපුරණ ද්‍රව්‍යය ලබා ගෙන ඇත. (ඩයිනමයිට් ගෝමා -2 Eco එල් මුන්ඩෝට අනුව,

" මොරොක්කෝ විහ්වාසී ක(ර්)ටජිනාට තහවුරැ කරන පරිදි මාර්තු 11 ප්‍රහාරයට වගකියන ජාලයේ නායකයා පොලීසිය භාරයේ රදවා ගෙන තබා තිබුණි"


පොලිස් පරික්ෂණ හා තොරතුරැ සපයන්නන්

බෝම්බ පිපිරිමට පසු සිදු කෙරැණු පරික්ෂණ වලින් හෙලිදරවු වුයේ පෞද්ගලික නොසලකාහැරිම් සහ එකිනෙකා අතර තිබු සහයෝගීතාව‍ය තුළ තිබු දෝෂ හේතුවෙන් පිපිරිම සම්බන්ධ තොරතුරැ සීමා වු බවයි.ඉස්ලාමීය අන්තවාදීන් සමග ගණුදෙනු කරන කණ්ඩායම් අල්ප බවත් පර්යේෂණ කිරිම හැරැණු කොට බෝම්බ ප්‍රහාරය නවතා දැමීමට ක‍ටයුතු කිරිමක් සිදු නොවුනු බවත් හෙලිදරවු විය. 2001 සිට සමහර චෝදනා ලැබුවන් ස්පාඥ්ඥ පොලිසිය භාරයේ සිටි.

විවිධ මත මෙම බෝම්බ ප්‍රහාරයේ අයිතිකරැවන් / සැළසුම්කරැවන් කවුරැන්ද යන වග පිළිබද ගැටළුව තවමත් නොවිසිදි පවතී. එල්මුන්ඩෝ වැනි පර්ටිඩෝ පොපියුලර් ( PP ) පක්ෂයට හිතැති මාධ්‍ය සහ (Cadena) කැඩිනා වැනි ගුවන් විදුලි ආයතන සහ පාර්ටිටෝ පොපියුලර් හිතවාදී කොටසු විසින් ස්පාඥ්ඥ අධිකරණ විමර්ෂණ පරස්පර විරෝධි බවට ප්‍රකාශ කර ඇත.


ETA කණ්ඩායම මෙම ත්‍රස්ත ක්‍රියාවට ඇති සම්බන්ධතාව ඉතා අල්ප බව ස්පාඥ්ඥ හා ජ්‍යාතන්තර විමර්ෂණ අංශ ප්‍රකාශ කර තිබෙන නිසා මෙම චෝදනා බස්ක් ත්‍රස්තවාදී සංවිධානයේ සිට වෙනත් අඩු විශේෂි කන්ඩායමක් හෝ සංශ්‍යවාදීන් දක්වා නැඹුරැ වී ඇත. මීට අමතරව බෝම්බ ප්‍රහාරයට පසුව දින 03 කින් පවත්වන්නට යෙදුනු මැතිවරණය හා මෙම සිදුවීම් පිළිබදව විවිධ මත පළවන්නට විය.



http://en.wikipedia.org/wiki/11_March_2004_Madrid_train_bombings#Examination_of_unexploded_devices