පුකපුකා
පෙනුම
පැසිෆික් සාගරයේ පුකපුකා අතොළුවෙහි පිහිටීම
කලින් ඩේන්ජර් දූපත ලෙස හැඳින්වූ පුකපුකා යනු පැසිෆික් සාගරයේ කුක් දූපත් වල උතුරු කණ්ඩායමේ කොරල් අතොළුවකි. එය රරොටොංගා සිට කිලෝමීටර 1140 වයඹ දෙසින් පිහිටි කුක් දූපත් වල වඩාත්ම දුරස්ථ දූපත් වලින් එකකි. මෙම කුඩා දූපතේ, පුරාණ සංස්කෘතියක් සහ සුවිශේෂී භාෂාවක් සියවස් ගණනාවක් පුරා පවත්වා ගෙන ගොස් ඇත. පුකපුකා හි ජනගහනය 400 ක් පමණ වේ.