පිරන්හා මත්ස්‍යයා
1976 නොවැම්බර් මාසයේ එක දිනක දකුණු ඇමෙරිකාවේ උරුබු ගංගාව හරහා වැටුණු පාලමක් ඔස්සේ මගීන් පිරුණු බස් රථයක් ධාවනය වුණි.බස් රථයේ මගීන් 37ක් වුහ.කුමනහෝ හේතුවක් මත බස් රථය පැදවූ රියදුරාට රථය පාලනය කරගැනීමට නොහැකි විය.බස් රථය මගීන්ගේ මර හඬ මැද්දේ උරුබු ගංගාවට ඇද වැටිණි .මෙම ඛේදවාචකයට ලක්වුවන්ගේ ජීවිත බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට දෙවරක් සිතීමට සිදුවිය.ප්‍රදේශවාසීහු විශේෂ ආරක්ෂිත ඇඳුම් හා ආරක්ෂිත බෝට්ටු සොයාගෙන බස් රථය අසලට පැමිණෙන විට බස් රථය වැටි තිබු ස්ථානය හා අවට ජලය තනි රතු පාටින් යුක්තව තිබුණි.ජීවිත ඉල්ලා කෑගසන අයෙකු නොවීය.ගම්වාසීන් ඉතාමත් අපහසුවෙන් බස් රථයේ ගමන්ගත් මගීන්ගේ ඇටසැකිලි හා මස් වැදලි කීපයක් ගෙන ආහ.උරුබු ගඟට වැටුණු බස් රථයේ සිටි මගීන් පිරන්හා නමැති ලොව දරුණුතම මිරිදිය මත්සයාගේ ප්‍රහාරයට ලක්වී තිබිණි.උරුබු ගංගාව පිරන්හා වුන් දහස්ගානක් ජිවත්වන ගංගාවකි. "පිරන්හා" හෙවත් "පිරනා" පිළිබඳව කතා බහ කිරීමේදී සඳහන් නොකරම බැරි ඛේදවාචකයක් බවට පත් වූ උරුබු ගංගාවට බස් රථයක් වැටීමේ මෙම සිදුවීම පිරන්හාවුන්ගේ දරුණුකම ලොවට කියාපායි....
ලෝකයේ ජීවත්වන මිරිදිය මත්සයින් අතරින් ඉතාමත් දරුණු හා සටන්කාමි මත්සයකු ලෙසට "පිරන්හා" හැඳින්වෙයි.දකුණු ඇමෙරිකාවේ ඇමසන් ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ස්වභාවිකව ජීවත් වන මෙම මත්සයා අඟල් 12 කට වඩා නොවැඩෙයි රංචු වශයෙන් ජීවත් වන මොවුන්ගේ එක් රංචුවක පිරන්හාවුන් දහස්ගනනක් සිටිය හැක.ගංගා ජලයේ සෙමෙන් පිහිනා යාමට කැමැත්තක් දක්වයි.
ශරීරයට වඩා තරමක් කුඩා හිසක් ඇති පිරන්හාගේ හකු හා අස්ථි පද්ධතිය ඉතාමත් ශක්තිමත්ය.මුඛයේ පිට කෙලවරටවීමට පිහිටා ඇති දත් සමුහය ත්‍රිකෝණාකාර හැඩති වන අතර ඉතාමත් තියුණුය.දත්වල සෑම පැත්තක්ම පිහියක් මෙන් කැපෙන සුළුය.එම තියුණු දත් වලට හමුවන ඕනෑම දෙයක් කඩාගැනීමට හැකියාව තිබේ.
සාමාන්‍යයෙන් පිරන්හාවුන් රංචුවකට වැඩුණු මිනිසෙකු මුළුමනින්ම කා දැමීමට ගතවන කාලය විනාඩි 8 ක් පමණි .රාත්තල් සියයකට වඩා බරැති පැස්බරකු හෝ ගවයකු කා දැමීමට ගතවන කාලය විනාඩි 10 කටත් වඩා අඩුය. පිරන්හාවුන් ගවයන් ගොදුරු කරගැනීම පිලිබඳ බ්‍රසීලියානු ශබ්ද කෝෂය පවසන පරිදි බාටෝග්‍රෝසෝහි ගවපට්ටි හිමියෙකුට එක් වසරක් තුල දිය බීමට ගිය ගවයින් එක්දහස් දෙසීයක් (1200) අහිමිකර දීමට පිරන්හා සමත්වී තිබේ.....