පියරේ ටිල්හාඩ් ඩී චාර්ඩින්
Pierre Teilhard de Chardin | |
|---|---|
| උපත | මැයි 1, 1881 Orcines, France |
| මරණය | අප්‍රේල් 10, 1955 (වයස 73) New York, New York, USA |
| සංගණ්‍ය වන්නේ | The Phenomenon of Man |
| Scientific career | |
| ක්ෂේත්‍රය | Paleontology, Philosophy, Cosmology, Evolutionary theory |
පියරේ ටිල්හාඩ් ඩී චාර්ඩින් ප‍්‍රංශ දාර්ශනිකයෙකි. ජේසු නිකායික පූජකවරයෙකි. පාෂාණභූතවිද්‍යාව සහ භූගර්භවිද්‍යාවෙහි ප‍්‍රවීණයෙකි. පීකිං මානවයා සොයාගැනීම සඳහා ද දායක වූවන්ගෙන් එතුමා එක් අයෙකි .
ටිල්හාඩ් විසින් ලියන ලද ප්‍රධානම ග‍්‍රන්ථය වන මිනිසා පිළිබඳ ප‍්‍රපංචය ප‍්‍රසාරණය යන කෘතියෙහි විශ්වය පිළිබඳ පුළුල් විග‍්‍රයක කර තිබේ. හෙතෙම බයිබලයේ උත්පත්ති පොතෙහි දැක්වෙන ලෝක නිර්මාණය පිළිබඳ සාම්ප‍්‍රදායික අර්ථකථනය බැහැර කළේය. මෙය ශාන්ත ඔගස්ටින් විසින් වර්ධිත මූලික පාපය පිළිබඳ අදහස බිඳ දමන්නක් ලෙස සිතූ බැවින් රෝමයේ වතිකානුවේ ඇතැම් නිලධාරීන්ගේ අප‍්‍රසාදයටද හේතුවිය.
ටිල්හාඩ් ගේ ස්ථාවරයට පල්ලියේ බලධාරීන් එරෙහි විය. ඔවුන් විසින් ටිල්හාඩ් ගේ කෘති එතුමාගේ ජීවිත කාලය තුළ ප‍්‍රකාශයට පත්කරන්නට අවසර දෙනු නොලැබීය. එතුමාගේ මරණින් පසුව කම්පා වන ජෝන් පාප්තුමා ටිල්හාඩ් පුනරුත්ථාපනයට ලක්කළ නමුත් පරිණාමය පිළිබඳ තත්කාලීන පල්ලියේ ස්ථාවරය කෙරෙහි එතුමාගේ කෘති වැදගත් පලපෑමක් කළ බව සලකනු ලැබේ.