පැරිස් ගිවිසුම
![]() රාජ්‍ය පාර්ශව අත්සන්කරුවෝ
යුරෝපියානු සංගමයෙහි අපරානුමත කිරීම තුලින්ද ආවරණය වන්නාවූ පාර්ශව ගිවිසුම අදාල නොවන පාර්ශව | |
කෙටුම්පත් කිරීම | 30 නොවැම්බර් – 12 දෙසැම්බර් 2015 ප්‍රංශයෙහි ල බූෂේහිදී |
---|---|
අත්සන් කිරීම | අප්‍රේල් 22, 2016 |
ස්ථානය | පැරිස්, ප්‍රංශය |
බලපැවැත්ම | නොවැම්බර් 4, 2016[1][2] |
කොන්දේසිය | ගෝලීය හරිතාගාර විමෝචනයෙන් 55% කට වගඋත්තර කියන UNFCCC පාර්ශවකරුවන් 55 විසින් අපරානුමත කිරීම සහ ආබද්ධය |
අත්සන්කරුවෝ | 195[1] |
පාර්ශව | 195 [1] (ලැයිස්තුව) |
සන්ධාපනලාභියා | එක්සත් ජාතීන්ගේ මහා ලේකම් |
භාෂා |
|
![]() | |
පැරිස් ගිවිසුම (පැරිස් සම්මුතිය හෝ පැරිස් දේශගුණික සම්මුති ලෙසින්ද හැඳින්වෙයි) යනු, 2016 වසරෙහි දී අත්සන් තබන ලද, දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියකි. [3] මෙම ගිවිසුම වෙතින්, දේශගුණ විපර්යාස සංසිඳුවීම, උපයෝජනය, සහ මූල්‍යය යන දේ ආවරණය වෙයි. ප්‍රංශයෙහි පැරිසිය අසබඩ ස්ථානයකදී, පාර්ශව 196ක් විසින් 2015 දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය තුලදී මෙම පැරිස් ගිවිසුම ගැන කතිකා කරගන්නා ලදි. 2023 පෙබරවාරි මස වන විට, දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුවෙහි (UNFCCC) සාමාජිකයන් 195 දෙනෙක් මෙම ගිවිසුමට පාර්ශවකරුවන්ව සිටියහ. මෙම ගිවිසුම සනාථ නොකල UNFCCC සාමාජික රාජ්‍යයන් තිදෙනා අතරින්, එකම ප්‍රධාන විමෝචකයා වූයේ ඉරානයයි. දෙවන විශාලතම විමෝචකයා වන එක්සත් ජනපදය, 2020 වසරෙහිදී ගිවිසුමෙන් බැහැර වුවද,[4] 2021 වසරෙහිදී යළි ගිවිසුම හා එක්වී ,[5] 2025 වසරෙහිදී යළිත් ගිවිසුමෙන් බැහැර වෙන බව ප්‍රකාශ කෙරිණි.[6]
පැරිස් ගිවිසුම තුල උෂ්ණත්වය පිළිබඳ දීර්ඝ කාලීන ඉලක්කයක් අන්තර්ගත වන අතර, එය වෙතින් බලාපොරොත්තු වන්නේ පූර්ව-කාර්මික මට්ටම් වලට වඩා 2 °C (3.6 °F) ප්‍රමාණයකට අඩු වෙනසක ගෝලීය පෘෂ්ඨීය උෂ්ණත්වය රඳවා තබා ගැනීමටය. ගිවිසුම තවදුරටත් සඳහන් කරන්නේ, හැකිනම්, මෙම ඉහළයෑම 1.5 °C (2.7 °F) ප්‍රමාණයක තබාගත යුතු බවය. මෙම සීමා අර්ථදැක්වෙන්නේ බොහෝ අවුරුදු ගණනාවක් තිස්සේ මනින ලද ගෝලීය උෂ්ණත්වයෙහි සාමාන්‍යය අගයන් ලෙසිනි.[7]
උෂ්ණත්වය ඉහළ යෑම අඩුවන තරමට, දේශගුණ විපර්යාසයන්ගේ ආචරණ අඩුවන බවට බලාපොරොත්තු විය හැකිය. මෙම උෂ්ණත්ව ඉලක්කය සාක්ෂාත් කරගැනීමට, හරිතාගාර වායු විමෝචන හැකි ඉක්මනින් සහ හැකි තරම් ප්‍රමාණයක් අඩු කර ගත යුතු වෙයි. 21වන සියවස මධ්‍යය වන විට ශුද්ධ ශුන්‍යය වෙත පවා මේවා සේන්දු විය යුතු වෙයි. [8] ගෝලීය තාපනය මට්ටමෙන් 1.5 °C පහත තත්ත්වයක පැවතීමට, 2030 වසර වන විට විමෝචන ප්‍රමාණයන් දළ වශයෙන් 50% කින් කපා හැරිය යුතු වෙයි. මෙම අගය තීරණය කිරීමෙහිදී එක් එක් රටෙහි ලේඛනගත ප්‍රතිඥාවන් සැලකිල්ලට ගෙන ඇත.[9] පැරිස් ගිවිසුම අත්සන් ගැබීමෙන් පසුව, ගෝලීය විමෝචනයන් පහත බැසීම වෙනුවට ඉහළ නගිමින් පවතියි.[7] 2024 වසර යනු වාර්තාගත උෂ්ණතම වසර වූ අතර, එය තුල ගෝලීය සාමාන්‍යය උෂ්ණත්වය 1.5 °C වැඩි අගයකින් ඉහළ නැග ඇත.[7]
ගිවිසුමෙහි අරමුණ වන්නේ දේශගුණ විපර්යාස ආචරණයන්ට අනුවර්තනය වීමට සහ අවශ්‍යතරම් මූල්‍යය චාලනය කිරීමට රටවලට උපකාර කිරීමය. ගිවිසුම ප්‍රකාර, සෑම රටක්ම, එහි දායකත්වයන් නිර්ණය කොට, සැලසුම් කොට, නිතිපතා වාර්තා කල යුතු වෙයි. කිසියම් රටක් යම් විශේෂිත විමෝචන ඉලක්කයන් මත පිහිටිය යුතු බවක්, කිසිම යාන්ත්‍රණයක් මගින් බල නොකෙරෙන මුත්, එක් එක් ඉලක්කය පෙර ඉලක්කය අභිබවා යා යුතු වෙයි. 1997 වසරෙහි කියොතෝ මූලලේඛය වෙතින් හාත්පසින්ම වෙනස් ආකාරයෙන්, සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර විලක්ෂණය අවිශද වී ඇති අතර, එනයින් සංවර්ධනය වෙමින් පවතින රටවල් පවා විමෝචන ඌනනය පිළිබඳ සැලසුම් යොමු කල යුතු වෙයි.
අත්සන් තැබීම සඳහා 2016 අප්‍රේල් 22 දිනදී (මිහිතල දිනය) පැරිස් ගිවිසුම විවෘත කෙරුණේ නිව්යෝර්ක්හී එජා මූලස්ථානය තුල පැවති උත්සවයකදීය. යුරෝපියානු සංගමය විසින් ගිවිසුම අපරානුමත කිරීමෙන් අනතුරුව, ලෝකයෙහි හරිතාගාර වායු සඳහා වගකිවයුතු රටවල් අවශ්‍ය ප්‍රමාණයක් විසින් ගිවිසුම අපරානුමත කලේ, 2016 වසරෙහි නොවැම්බර් 4 දිනදී ගිවිසුම බලාත්මක කල හැකි වන පරිදීය.
ලෝක නායකයෝ ගිවිසුම පිළිබඳ ප්‍රශංසා මුඛයෙන් කතා කලහ.[10] කෙසේවෙතත්, සමහරක් පරිසරවේදීන් සහ විශ්ලේෂකයන් විසින් මෙම ගිවිසුම විවේචනයට ලක් කොට ඇත්තේ එහි දැඩිබව ප්‍රමාණවත් නොවන බවක් පවසමිනි. ගිවිසුමෙහි සඵලතාව පිළිබඳව විවාදයක් පවතියි.අනුයෝගිත උෂ්ණත්ව අරමුණු වෙත ලඟාවීමට, පැරිස් ගිවිසුමෙහි ප‍්‍රතිඥාවන් පමණක් ප්‍රමාණවත් නොවන බව සත්‍යයක් වුවද, උත්සන්න අභිලාෂයක් මුදුන්පත්කරගැන්ම සඳහා යාන්ත්‍රණයක් එහි ගැබ්ව ඇත.දේශගුණ අධිකරණ ක්‍රියාමාර්ග තුලින් රටවල් කිහිපයකට සහ තෙල් සමාගමකට දේශගුණ ක්‍රියාමාර්ග ශක්තිමත් ලෙසින් ගැනීමට බලකිරීමට පැරිස් ගිවිසුම සමත්ව ඇත.[11][12][යාවත්කාලීන කිරීම අවශ්‍ය වේ]
අරමුණු
[සංස්කරණය]එහි 2 වගන්තියෙහි විස්තර කර ඇති ප්‍රකාර, මෙම ගිවිසුමෙහි අරමුණ වන්නේ, දේශගුණ විපර්යාස අන්තරායට ප්‍රබල ප්‍රතිචාරයක් දැක්වීමය; දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව ක්‍රියාත්මක කිරීම මෙය හරහා අභිවර්ධනය කිරීමක් බලාපොරොත්තු වෙයි:[3]
(a) ගෝලීය සාමාන්‍යය උෂ්ණත්වයෙහි වැඩිවීම පූර්ව-කාර්මික විප්ලව මට්ටම් වලට වඩා 2 °C වැඩි නොවන බවට ධාරණය කිරීම සහ මෙය විසින් දේශගුණ විපර්යාස උපද්‍රැව සහ ඝට්ටන සැලකියයුතු පමණින් අඩු කරන බවක් ඇඳින ගෙන ඇති බැවින් පූර්ව-කාර්මික විප්ලව මට්ටම් වලට වඩා උෂ්ණත්වයෙහි වැඩිවීම 1.5 °C වෙත සීමා කිරීමට පරිශ්‍රමයන් දැරීම;
(b) දේහගුණ විපර්යාසයන්ගේ ප්‍රතිකූල බලපෑම් වෙත අනුවර්තනය වීමෙහි හැකියාව වැඩි කිරීම සහ ආහාර නිෂ්පාදනය වෙත තර්ජිත බලපෑම් ඇති නොකරමින්, දේශගුණ ප්‍රත්‍යස්තිථය වෙත සහ අඩු හරිතාගාර වායු විමෝචන සඳහා ධෛර්යය සැපයීම;
(c) අඩු හරිතාගාර වායු විමෝචන සහ දේශගුණ-ප්‍රත්‍යස්තිථ සංවර්ධනය වෙත පථමාර්ගයක් සහිත සංගත මූල්‍ය සංසරණයක් ඇති කිරීම.
රටවල් තවදුරටත් අපේක්ෂා කරන්නේ "හරිතාගාර විමෝචනයන් ගෝලීය වශයෙන් හැකි ඉක්මනින් උපරිමයකට එළඹෙනු ඇති බවයි."[3]
ප්‍රවර්ධනය
[සංස්කරණය]
ක්‍රමික එළැඹුම
[සංස්කරණය]1992 වසරෙහි මිහිතල සමුළුව තුලදී සම්මත කරගන්නා ලද දේශගුණ විපර්යාසය පිළිබඳ එජ ප්‍රඥප්ති රාමුව (UNFCCC) යනු, මෙම විෂය ක්ෂේත්‍රයෙහි පළමු ජාත්‍යන්තර සම්මුතිය ලෙසින් සැලකිය හැකිය. COP ලෙසින් හැඳින්වෙන පාර්ශවකරුවන්ගේ සම්මන්ත්‍රණය තුල පාර්ශවකරුවන් නිතිපතා රැස්වී දේශගුණ විපර්යාසය පිළිබඳ විමසා බැලිය යුතු බවක් එය විසින් නියම කර තිබුණි. එය විසින් අනාගත දේශගුණ සම්මුතීන් සඳහා පදනම සැපයිණි.[13]
1997 වසරෙහිදී සම්මත කරගන්නා ලද කියොතෝ මූලලේඛය වෙතින්, 2008 වසරෙහි සිට 2012 වසර දක්වා, රටවල් සීමිත ගොන්නක, හරිතාගාර වායු අඩු වීම හසුරුවන ලදි. 2012 වසරෙහි ඩෝහා සංශෝධනය වෙතින් මෙම මූලලේඛය 2020 වසර දක්වා දිගු කරන ලදි. [14] එක්සත් ජනපදය විසින් මූලලේඛය අපරානුමත නොකිරීමට තීරණය කලේ, ප්‍රධාන වශයෙන් එහි නීතික බන්ධනීය ස්වභාවය හේතුවෙනි. මෙය, සහ ව්‍යාප්ති මය පිළිගැටුම නිසාවෙන්, තදනන්තර ජාත්‍යන්තර දේශගුණ සාකච්ඡා අසාමර්ථ්‍යයට මග පෑදිණි. කියොතෝ සඳහා අනුප්‍රාප්තික ගිවිසුමක් නිපැයීමෙහි අභිමතාර්ථය සහිතව 2009 වසරෙහි කතිකාවන් සිදුකෙරුණද, කතිකාවන් බිඳවැටුණු අතර, ප්‍රතිඑාලීය කෝපන්හේගන් සම්මුතිය නීතික බන්ධනීය නොවූ අතර, සාර්වත්‍ර ලෙසින් ප්‍රතිග්‍රහණය නොකෙරිණි. [15] [16]
සම්මුතිය වෙතින්, පැරිස් ගිවිසුම සඳහා උඩු අත් ප්‍රවේශයක් සැපයූ රාමුවක් යෙදවිනි.[15] කෝපන්හේගන්හී අසාර්ථකත්වයෙන් පසුව, UNFCCC විධායක ලේකම් ක්‍රිස්ටියානා ෆිගෙරස්ගේ නායකත්වය යටතේ, කතිකාව යළිත් ගතිබලය උකහා ගති. [17] 2011 වසරෙහි එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සම්මේලනය තුලදී, ඩර්බන් වේදිකාව පිහිටුවුනේ 2020 වසරෙහි සිට දේශගුණ විපර්යාස සංසිඳුවීම පාලනය සඳහා නීතික මෙවලමක් කතිකා කරගැනුම සඳහාය. මෙම වේදිකාව, විධි නියෝගයක් සහිත වූයේ, IPCC පස්වන තක්සේරු වාර්තාව සහ UNFCCC අතිරේක ව්‍යුහයන් වෙතින් දන්වනු ලැබීම සඳහාය. [18]ප්‍රතිඵලිත ගිවිසුම, 2015 වසරෙහිදී ප්‍රතිග්‍රහණය කිරීමට නියමිත විය. [19]
කතිකාවන් සහ සම්මත කරගැනුම
[සංස්කරණය]පැරිසියෙහිදී කතිකාවන් සති දෙකක කාල සීමාවක් තුල පැවතිය අතර, අවසාන රාත්‍රී තුන තුල අඛණ්ඩව පැවතිණි.[20][21]
අත්සන්තැබීම සහ බලාත්මක කෙරීම
[සංස්කරණය]පැරිස් ගිවිසුම මත අත්සන්තැබීම සඳහා UNFCCC (ප්‍රඥප්තිය) වෙත පාර්ශවකරුවන් වන රාජ්‍යයන් සහ ප්‍රාදේශීය ආර්ථික ඒකාග්‍රතා සංවිධාන සඳහා නිව්යෝර්ක්හී එජා මූලස්ථානය තුල 2016 වසරෙහි අප්‍රේල් 22 දින සිට 2017 වසරෙහි අප්‍රේල් 21 දින දක්වා අවස්ථාව ලබාදී තිබුණි.[22]
2021 මාර්තු මාසය වන විට, රාජ්‍යයන් 194ක් සහ යුරෝපියානු සංගමය විසින් ගිවිසුම වෙත අත්සන් තබා තිබුණි. [1]
එක්සත් ජනපදයෙහි ඉවත්වීම, යළි එක්වීම, සහ යළි ඉවත්වීම
[සංස්කරණය]2017 අගෝස්තු 4 දිනදී, ට්‍රම්ප් පරිපාලනය විසින් එක්සත් ජාතීන් වෙත නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, චීනයට පසුව දෙවන විශාලතම විමෝචකයා වන එක්සත් ජනපදය,[23] තමන්ට එසේ කිරීමට යෝග්‍යභාවය උදාවූ සැණින්, පැරිස් ගිවිසුමෙන් ඉවත්වීමට බලාපොරොත්තු වන බවයි. [4]ඉවත්වීමේ දැන්වීම ඉදිරිපත් කිරීමට පෙර, එජ සඳහා ගිවිසුම වසර තුනක් තිස්සේ බලාත්මකව පැවතිය යුතුව එනම් 2019 වසරෙහි නොවැම්බර් 4 දින වන තෙක් සිටිය යුතුවූ විය.[24][25]
ජනාධිපති ජෝ බයිඩන් විසින් ඔහුගේ ධූරයෙහි පළමුවන දිනයෙහිදී, එනම් 2021 ජනවාරි 20 දිනදී, විධායක අණකිරීමක් අත්සන් තැබුවේ, එක්සත් ජනපදය පැරිස් ගිවිසුමට යළි එක්කිරීමටය.[26] [27] 21.3 වගන්තියෙන් නියම කර තුබූ දින-30 කාලසීමාව ගතවීමෙන් පසුව, එ.ජ. යළිත් ගිවිසුම වෙතට ඇතුළත් කෙරිණි.[28] [5]
2025 ජනවාරි 20 දිනදී, ජනාධිපතිඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විධායක අණකිරීමක් අත්සන් තැබුවේ, එ.ජ. යළිත් ගිවිසුමෙන් ඉවත්වන බව දක්වමිනි.[29]
අධිකරණ ක්‍රියාමාර්ග
[සංස්කරණය]ප්‍රතිග්‍රහනය
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b c d "පැරිස් එග්‍රීමන්ට්". එක්සත් ජාතීන්ගේ ගිවිසුම් එකතුව. 5 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 ජූලි 2021.
- ^ "පැරිස් ක්ලියිමේට එග්‍රීමන්ට් බිකම්ස් ඉන්ටර්නැෂනල් ලෝ". ඒබීසී නිවුස්. 4 නොවැම්බර් 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 නොවැම්බර් 2016.
- ^ a b c "පැරිස් එග්‍රීමන්ට්, FCCC/CP/2015/L.9/Rev.1" (PDF). UNFCCC ලේකම් කාර්යාලයය. 12 දෙසැම්බර් 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 12 දෙසැම්බර් 2015.
- ^ a b "Reference: C.N.464.2017.TREATIES-XXVII.7.d (Depositary Notification)" (PDF). එක්සත් ජාතීන්. 8 අගෝස්තු 2017. 15 අගෝස්තු 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 14 අගෝස්තු 2017.
- ^ a b "යූඑස් මේක්ස් ඔෆීෂියල් රිටර්න් ටු පැරිස් ක්ලයිමේට් පැක්ට්". එෂෝෂියේටඩ් ප්‍රෙස්. 19 පෙබරවාරි 2021. 19 පෙබරවාරි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 පෙබරවාරි 2021 – via ද ගාර්ඩියන්.
- ^ කැල්මා, ජස්ටින් (2025-01-20). "ඩොනල්ඩ් ට්‍රම්ප් පුල්ස් යූඑස් අවුට් ඔෆ් පැරිස් ක්ලයිමෙට් එග්‍රීමන්ට්". ද වර්ජ් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2025-01-20.
- ^ a b c සොං, රේමන්ඩ්; ප්ලමර්, බ්‍රැඩ්; රෝජනාසකුල්, මිරා (2025-01-10). "2024ස් රෙකෝඩ්-බ්‍රේකිං හීට් බ්‍රෝට් ද වර්ල්ඩ් ටු අ ඩේන්ජරස් ත්‍රෙෂෝල්ඩ්. නව් වට්?" (en-US බසින්). ද නිව්යෝර්ක් ටයිම්ස්. . https://www.nytimes.com/interactive/2025/01/09/climate/2024-heat-record-climate-goal.html.
- ^ UNFCCC. "ද පැරිස් එග්‍රීමන්ට්". unfccc.int. 19 මාර්තු 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 සැප්තැම්බර් 2021.
- ^ ෂ්ලට්නර්, කාල්-ෆීඩ්රීච්. "ද පැරිස් එග්‍රීමන්ට් – ද 1.5 °C ටෙම්පරේචර් ගෝල්". ක්ලයිමෙට් ඇනලිටික්ස් (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-01-29.
- ^ a b "හිස්ටොරික් පැරිස් එග්‍රීමන්ට් ඔන් ක්ලයිමෙට් චේන්ජ් – 195 නේෂන්ස් සෙට් පාත් ටු කීප් ටෙම්පරේචර් රයිස් වෙල් බිලෝ 2 ඩිග්‍රීස් සෙල්සියස්". UN ක්ලයිමෙට් චේන්ජ් නිවුස්රූම්. දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති රාමුව. 12 දෙසැම්බර් 2015. 17 ජනවාරි 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 දෙසැම්බර් 2015.
- ^ a b කෝඩර්, මයික් (20 දෙසැම්බර් 2019). "ඇක්ටිවිස්ට්ස් චියර් වික්ටරි ඉන් ලෑන්ඩ්මාර්ක් ඩච් ක්ලයිමෙට් කේස්". ඒපී නිවුස් (ඉංග්‍රීසි බසින්). 9 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 ජූලි 2021.
- ^ a b බොෆී, ඩැනියෙල් (26 මැයි 2021). "කෝට් ඕර්ඩර්ස් රෝයල් ඩච් ෂෙල් ටු කට් කාබන් එමිෂන්ස් බයි 45% බයි 2030". ද ගාඩියන්. 26 මැයි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 මැයි 2021.
- ^ "යූඑන් ක්ලයිමෙට් ටෝක්ස්". කවුන්සිල් ඔෆ් ෆොරින් එෆයාර්ස්. 2021. 20 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 ජූලි 2021.
- ^ හරාබින්, රොජර් (8 දෙසැම්බර් 2012). "යූඑන් ක්ලයිමෙට් ටෝක්ස් එක්ස්ටෙන්ඩ් කියොතෝ ප්‍රොටොකෝල්, ප්‍රොමිස් කම්පන්ෂේසන්". බීබීසී ප්‍රවත්. https://www.bbc.co.uk/news/science-environment-20653018.
- ^ a b ෆෝක්නර්, රොබට් (2016). "ද පැරිස් එග්‍රීමන්ට් ඇන්ඩ් ද නිව් ලොජික් ඔෆ් ඉන්ටර්නැෂනල් ක්ලයිමෙට් පොලිටික්ස්". ඉන්ටර්නැෂල් එෆයෙර්ස් (ඉංග්‍රීසි බසින්). 92 (5): 1107–1125. doi:10.1111/1468-2346.12708. ISSN 0020-5850. 3 ජූනි 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 මාර්තු 2021.
- ^ ක්ලෙයින්, රිචඩ් ජේ. ටී. (7 දෙසැම්බර් 2020). "ද පැරිස් එග්‍රීමන්ට් ඇන්ඩ් ද ෆියුචර් ඔෆ් ක්ලයිමෙට් නොගෝෂියේෂන්ස්". ස්ටොක්හෝල්ම් එන්වයිරන්මන්ට් ඉන්ස්ටිට්‍යුට් (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). 18 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 ජූලි 2021.
- ^ මැක්ග්‍රාත්, මැට් (19 පෙබරවාරි 2016). "යූඑන් ක්ලයිමෙට් චීෆ් ක්‍රිස්ටියානා ෆිගෙරස් ටු ස්ටෙප් ඩවුන්" (en-GB බසින්). බීබීසී පුවත්. https://www.bbc.com/news/science-environment-35612559.
- ^ ඔරෙන්ජියස්, ජෝසප් (අප්‍රේල් 1, 2022). "ද නෙක්සස් බිට්වීන් ඉන්ටර්නරෂනල් ලෝ ඇන්ඩ් සයන්ස්: ඇන් ඇනෑලිසිස් ඔෆ් සයන්ටිෆ්ක් එක්ස්පර්ට් බොඩීස් ඉන් මල්ටිලැටරල් ට්‍රීටි -මේකිං". ඉන්ටර්නැෂනල් කමියුනිටි ලෝ රිවිව්. doi:10.1163/18719732-bja10068. hdl:1887/3765960. S2CID 248057340.
- ^ "යූඑන්ෆ්සීසී:ඇඩ් හොක් වර්කිං ගෲප් ඔන් ද ඩර්බන් ප්ලැට්ෆෝම් ෆො එන්හෑන්ස්ඩ් ඇක්ෂන් (ADP)". 2 අගෝස්තු 2015 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 අගෝස්තු 2015.
- ^ ජෙප්සන්, හෙන්රික් (2021). නොගෝෂියේටිං ද පැරිස් ඒග්‍රීමන්ට්: දි ඉන්සයිඩ ස්ටෝරීස්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 978-1-108-88624-6.
{{cite book}}
: Invalid|display-authors=සහ අනෙකුන්
(help) - ^ ගෝල්ඩන්බර්ග්, සුසේන් (12 දෙසැම්බර් 2015). "පැරිස් ක්ලයිමෙට් ඩීල්: නියලි 200 නේෂන්ස් සයින් ඉන් එන්ඩ් ඔෆ් ෆොසිල් ෆුවල් ඊරා". ද ගාඩියන් (ඉංග්‍රීසි බසින්). 26 ජූලි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 ජූලි 2021.
- ^ "ආටිකල් 20(1)" (PDF). UNFCCC.int. 17 නොවැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 නොවැම්බර් 2017.
- ^ වර්ල්ඩ් රිසෝර්සර්ස් ඉන්ස්ටිටියුට්, 10 දෙසැම්බර් 2010 "දිස් ඉන්ටරැක්ටිව් චාට් ෂෝස් චේන්ජර්ස් ඉන් ද වර්ල්ඩ්ස් ටොප් ටෙන් එමිටර්ස්" සංරක්ෂණය කළ පිටපත 2021-03-14 at the Wayback Machine
- ^ රෙස්ටුසියා, ඇන්ඩෲ (4 අගෝස්තු 2017). [http://www.politico.com/story/2017/08/04/trump-notice-withdraw-from- paris-climate-deal-241331 "ට්‍රම්ප් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිලිවර්ස් නෝටිස් යූ. එස්. ඉන්ටෙන්ඩ්ස් ටු විත්ඩ්‍රෝ ෆ්‍රොම් පැරිස් ක්ලයිමෙට් ඩීල්"]. පොලිටිකෝ. http://www.politico.com/story/2017/08/04/trump-notice-withdraw-from- paris-climate-deal-241331.
- ^ ලිප්ටාක්, කෙවින්. "ඩබ්එච්: යූඑස් ස්ටේයිං අවුට් ඔෆ් ක්ලයිමෙට් එකෝඩ්". සීඑන්එන්. http://www.cnn.com/2017/09/16/politics/trump-paris-climate-deal/index.html.
- ^ මෙඩිනා, ඩැනියෙලා. "බයිඩන් ප්ලෑන්ස් 17 එක්සකටිව් ඕඩර්ස් ඔන් ස්ටුඩන්ට් ලෝන්ස්, වෙයාරිං මාස්ක්ස් ඇන්ඩ් මෝ. සී ද ලිස්ට්". ද ටෙනෙසියන් (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 21 ජනවාරි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 ජනවාරි 2021.
- ^ "පැරිස් ක්ලයිමෙට් එග්‍රීමන්ට්". WH.gov. ද වයිට් හවුස්. 20 ජනවාරි 2021. සම්ප්‍රවේශය 21 ජනවාරි 2021.
{{cite web}}
:|archive-date=
requires|archive-url=
(help); Check date values in:|archive-date=
(help); Unknown parameter|archive- url=
ignored (help)CS1 maint: url-status (link) - ^ "යුනයිටඩ් ස්‌ටේට්ස් ඔෆීෂියලි රීජොයින්ස් ද පැරිස් එග්‍රීමන්ට්". රිනීවබල් එනර්ජි 2050. 20 පෙබරවාරි 2021. 20 පෙබරවාරි 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 පෙබරවාරි 2021.
- ^ වොල්කොවිකි, වැලෙරි; වෝඩ්, ජැස්පර් (20 ජනවාරි 2025). "ට්‍රම්ප් ටු විත්ඩ්‍රෝ ෆ්‍රොම් පැරිස් ක්ලයිමෙට් එග්‍රීමන්ට්, වයිට් හවුස් සේස්". රොයිටර්ස්. https://www.reuters.com/business/environment/trump-withdraw-paris-climate-agreement-2025-01-20/.