පාස්කු ඉටිපන්දම
පාස්කු ඉටිපන්දමක් යනු, බටහිර සම්ප්‍රදායයෙහි ක්‍රිස්තියානි ආගම (එනම්., රෝමානු කතෝලික සභාව, ලූතරයානු සභාවන්, ඇංග්ලිකානු සංසදය, සහ මෙතෝදිස්ත සභාවන්, සහ අනෙක්වා) තුල ජනවන්දනාවන්හී භාවිතා කෙරෙන විශාල ඉටිපන්දමකි. පාස්කු කාල පරිච්ඡේදය පුරාවටම සහ වසර පුරාවටම ප්‍රසාද ස්නාපන, අවමංගල්‍යයන් වැනි අවස්ථාවන්හිදීද සහ පූජාප්‍රසාදිවහන්‌සේලාට පූජාත්වරය දානය කිරීම, පොරොන්දු ලබාදීම හෝ කන්‍යාවන් අභිෂේක කිරීම වැනි අනෙකුත් විශේෂ අවස්ථාවන්හිදී එය භාවිතා කෙරෙන අතර, පහන් තිරයක් භාවිතයෙන් පාස්කු ඉටිපන්දමෙහි ගින්දර රැගෙන වෙනත් ජනවන්දාමය ඉටිපන්දමක් නිදසුනක් ලෙසින් ප්‍රසාද ස්නාපන ඉටිපන්දම වෙත ගෙන යනු ලැබෙයි.
නැගෙනහිර ඕර්තඩොක්ස් සභාවෙහිදී පාස්කු ඉටිපන්දමෙහි සමතුල්‍යය වන්නේ පාස්කු ට්‍රයිකිරියනය වන අතර, එය ශෛලියයෙන් සහ භාවිතයෙන් දෙකෙන්ම වෙනස් බවක් පෙන්වයි.
විස්තරය
[සංස්කරණය]
පාස්කු ඉටිපන්දම භාවිතා කරන සාංඝික සභාවන්හිදී එය වන්දනා අවකාශයෙහි දක්නට ලැබෙන විශාලතම ඉටිපන්දම වෙයි. බොහෝ අවස්ථාවන්හිදී, ඉටිපන්දම මත පොදු සංකේත කිහිපයක් ප්‍රදර්ශනය කෙරෙයි:
- කුරුසිය, මෙය වඩාත්ම ප්‍රමුඛ සංකේතය වන අතර එය වෙතින් මෙය පාස්කු ඉටිපන්දම බවට පැහැදිලි ලෙසින් හඳුන්වනු ලබයි
- ඇල්ෆා සහ ඔමෙගා යන ග්‍රීක අකුරු, මෙය වෙතින් දෙවියන්වහන්සේ ආරම්භය සහ අවසානය බවට සංකේතවත් වෙයි ( එළිදරව්ව පොත වෙතින්)
- වත්මන් වසර දැක්වෙන ඉලක්කම් කුරුසියෙහි බාහු දෙක අතර
- ඉටිපන්දමෙහි ඔබ්බවනු ලබන සුවඳ ලාටු කැටිති පහක්, (සාමාන්‍යයෙන් රතු හෝ රන්වන් හෝ ඉටි "ඇණ" තුල කොපුලන ලද). මෙම "ඇණ" වෙතින් නිරූපණය වන්නේ ශ්‍රී වණ කැළැල් පහ වෙති: ක්‍රිස්තුන්වහන්සේගේ අත් සහ කකුල් සිදුරු කල ඇණ තුන, ඇලයේ පසෙකින් එල්ලවූ හෙල්ලය වෙතින් ශ්‍රී හෘදය තුවාල වීම, සහ හිස මත ඇටවූ කටු ඔටුන්න. සුවඳ ලාටු කැටිති විසින් සිහියට නගන්නේ මිහිදන් කිරීමට පෙර ක්‍රිස්තු තුමන්ගේ ශ්‍රී ශරීරය මත ගැල්වූ සුගන්ධ ආලේපයන් වෙති.
මධ්‍යතන සභා කාලසීමාවෙහිදී, පාස්කු ඉටිපන්දම් බොහෝවිට අතිමහත් ප්‍රමාණයක විශාලත්වයක් දැරීය. සැලිස්බරි ආසන දෙව්මැදුරෙහි පාස්කු ඉටිපන්දම 36 අඩි (11 මීටර) උසක් ගත් බවට පැවසෙයි. වර්තමාන කාලයෙහිදී, එක්සත් ජනපදය සහ දකුණු දිග යුරෝපය (නිද., ඉතාලිය සහ ප්‍රංශය) තුල මෙම ඉටිපන්දම දළ වශයෙන් 4 අඟල් ([convert: unknown unit]) පුමාණයක විෂ්කම්භයකින් සහ 36 to 48 අඟල් ([convert: unknown unit]) උසකින් යුතු වෙයි; උතුරු දිග යුරෝපයෙහි මෙම ඉටිපන්දම උසින් අඩු බවක් එනම් (19 to 24 අඟල්/[convert: unknown unit]) ප්‍රමාණයක් ගන්නා අතර විෂ්කම්භයෙන් වැඩි බවක් එනම් (3 to 5 අඟල්/[convert: unknown unit]) ප්‍රමාණයක් ගනියි. මැනිලා ආසන දෙව් මැදුරෙහි පාස්කු ඉටිපන්දම සාමාන්‍යයෙන් 4 or 4.5 අඟල් ([convert: unknown unit]) විෂ්කම්භයක් සහ 50 අඟල් ([convert: unknown unit]) උසක් දරයි.