පාල පොතුපිටිය
පාල පොතුපිටිය 1972 දී දෙනියායේදී ඉපදිණි. දෘෂ්‍ය කලාකරුවෙකු වන හෙතෙම කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් ලලිත කලාවේදී උපාධිය ලබා ගත් විද්‍යාර්ථියෙකු වේ. තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සාමූහිකය යන රාජ්‍ය නොවන සංවිධානයේ ආරම්භක සාමාජිකයකු ද වේ. [1] පොතුපිටිය කලා ප්‍රදර්ශනයකින් හදුනා ගන්නේ 2000 දී ගැලරි 706 පැවැත්වූ මේඩ් ඉන් අයි.ඒ.එස්. ප්‍රදර්ශනයේදීය. එම ප්‍රදර්ශනය එවක සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ පාඨමාලා හදාරමින් සිටි දෙවන අධ්‍යයන වර්ෂය, තෙවන අධ්‍යයන වර්ෂය, අවසාන අධ්‍යයන වර්ෂය සහ පිට වූ තදාසන්න අධ්‍යයන වර්ෂයෙන්ද තෝරා ගත් සිසුන් 16 දෙනෙකුගේ ප්‍රදර්ශනයකි. මහාචාර්ය වීරසිංහ දෙවෙනි අධ්‍යයන වර්ෂයෙන් තෝරා ගනු ලැබූයේ පොතුපිටිය පමණකි. එම ප්‍රදර්ශනය මාස තුනක් ඇතුලත කරවීමට මහාචාර්ය ජගත් වීරසිංහ වැඩ කරනු ලැබූ අතර ප්‍රදර්ශනය වෙනුවෙන් දෙතුන් දෙනෙකුගේ හැර සති දෙක තුනකටත් වඩා අඩු කාලයකදී ප්‍රදර්ශනයට කලා කෘති කරවූ බව කියවේ.[2]
මුල් කාලීන කෘති
[සංස්කරණය]වර්ෂ 2000 දී ජූලි මස ගැලරි 706 හිදී පවත්වන ලද මේඩ් ඉන් අයි.ඒ.එස්. ප්‍රදර්ශනයට පෙර පොතුපිටිය විසින් කරන ලද කිසිදු කලා කෘතියක් හෝ සහභාගි වූ කිසිදු කලා ප්‍රදර්ශනක් ගැන හෙතෙමගේ පෝට්ෆෝලියෝහි දක්වා නැත. ඔහු 2000 දී පිහිටුවන ලද තීර්ථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ එකතුව යන රාජ්‍ය නොවන සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු සහ ප්‍රදර්ශනය පවත්වන 2000 වර්ෂය වන විට හෙතෙම සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ දෙවන වසර ඉගෙනුම ලැබූ ශිෂ්‍යයකු වීමත්, මේඩ් ඉන් අයි.ඒ.එස්. ප්‍රදර්ශනය වෙනුවෙන් සැළකිය යුතු පිරිසක් කෘත්‍රිම ව නිර්මාණය කල බවට සහ ඔවුන්ගේ කෘති වලට අදාල කලාකරු ප්‍රකාශ ප්‍රදර්ශනය හදිස්සියේ සංවිධානය කල මහාචාර්ය ජගත් වීරසිංහ විසින් ලියූ බවටත් සනාථ වී ඇත. යොමු කිරීම් බලන්න.
පාල පොතුපිටියගේ කලා සංස්කෘතික වපසරිය.
[සංස්කරණය]මෙම රචනය මූලාශ්‍ර සහ පාද සටහන් සහිත විවාද සම්පන්න රචනයකි. ලියා ඇත්තේ පුද්ගලික අදහසක්, පුද්ගලික රචනාවක්, හෝ වාදාත්මක රචනාවක් ලෙස වෙයි. (2025 අගෝස්තු) |
ආර්ට් (කලාව) සහ ක්‍රාෆ්ට් ( අත්කම් ) යන්නෙන් කුමකට අයත් වන්නේද යන්න තීරණාත්මක නැති දෙමුහුන් ක්‍රාෆ්ට් කලාවක් හැටියට පාල පොතුපිටියගේ කලාව දෘෂ්‍යමාන වේ. එය කලා ප්‍රභේදයක් වන කිච් කලා ප්‍රභේදයෙහි ලා ද ගිනිය හැකි කලාවකි. පොතුපිටියගේ මේ දෙමුහුන් ක්‍රාෆ්ට් කලාව ශ්‍රී ලංකාවේ පාරම්පරික නර්තන කලාවේ එක ප්‍රභේදයක් වන පහතරට නැටුම් කලාවේ ඇඳුම් මෝස්තර, හිස් පලදනා, අත් පලදනා, ඉණ පලදනා , රංග භාණ්ඩ ඇසුරින් ඒවායේ තථ්‍යාකාරය සහ සෞන්දර්ය පිලිබද මනෝභාවය සිහි ගන්වනු ලබයි. නමුදු තව දුරටත් පහතරට නර්තනය යොදා ගැනීමට නිමිති කර ගත් දෙවියන් උදෙසා - මඩු ශාන්ති කර්ම හෝ සූනියම් සහ සන්නි - රටයකුම හෙවත් රිද්දියාගය හෝ ග්‍රහයන් උදෙසා - බලි ශාන්ති කර්මය වෙනුවෙන් නර්තනය සඳහා කෙරෙන පැලදුම් සහ රංග භාණ්ඩ හැටියට සාම්ප්‍රදායික සේවාලාභියා වෙනුවෙන් නොවන බවද පාලගේ කෘති වලින් දෘෂ්‍යමාන වේ. එය කවුරු සඳහාද කරනුයේ යන්න හැගවුම්කරණය නොවන කලාවකි.
පොතුපිටිය පවසන ආකාරයට ඔහුගේ උපදේශකයෙකු වූයේ ජගත් වීරසිංහ ය, වීරසිංහ කියන අදහසක්, ජීවිත අත්දැකීමක් හෝ හැඟීමක් කලා ආකාරයක් ලෙස නිරූපණය කිරීමට පොතුපිටිය තුල පෙලඹීමක් ඇති කොට ඇත., වීරසිංහ 'තීර්ත කලාකරුවන්ගේ සාමූහිකය' සමඟ '90 දශකයේ ප්‍රවණතාවය' ගෙන ඒමේ පුරෝගාමියෙකු හැටියට "අනූව දශකයේ ප්‍රවණතාවය" ගෙන එන කාලයේ කලාවට ඇබ්බැහි වී ඇත. [3]
පාලගේ කලා ප්‍රදර්ශන සිතියම
මෙම section ලියා ඇත්තේ පුද්ගලික අදහසක්, පුද්ගලික රචනාවක්, හෝ වාදාත්මක රචනාවක් ලෙස වෙයි. (2025 අගෝස්තු) |
පාල කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ සිව් අවුරුදු උපාධි පාඨමාලාව හදාරා ඔහු එම ආයතනයෙන් ලලිත කලාවේදී උපාධිය ලබා ගත් විද්‍යාර්ථියෙකි. එම ආයතනයට සිසුන් බඳවා ගනු ලබනුයේ ඇතුලත් වීමේ ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා එම පරීක්ෂණය සමත් වන සිසුන් පමණ ය. මෙම ප්‍රායෝගික පරීක්ෂණයට අයත් වන්නේ එලිය - අදුර - සෙවණ - පැහැය යන දෘෂ්‍ය ගතිකත්වයන් යන ඒවා පර්යාවලෝකනය, ස්කන්ධය, පරිමාණ සහ අවකාශය හැටියට කොතරම් දුරට අයදුම්කරු සාක්ෂාත් කර ගන්නේද පරීක්ෂා කිරීම සදහා වන මානව මොඩල්, තාත්වික මූර්ති සහ නිශ්චල ද්‍රව්‍ය වන අතර අයදුම්කරුවන් ඒවා බලාගෙන ඇදිය යුතුය. මීට අමතරව දෙන ලද මාතෘකා හිහිපයකින් එකක් හැටියට තෝරාගෙන ප්‍රකාශන චිත්‍රයක් හෝ මෝස්තරයක් නිර්මාණය කිරීමට ද අවස්ථාව දෙනු ලැබේ.
පාල පොතුපිටිය සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ ඇතුලත් වීමේ ප්‍රායෝගික පරීක්ෂණය පලමු වර සමත් වන සමතෙකි. ඒ වගේම සිව් අවුරුදු උපාධි පාඨමාලාව තුල විශේෂ කොට තෝරා ගනු ලබන විෂය චිත්‍ර, මූර්ති, ග්‍රැෆික්, මුද්‍රණ සහ පිරි සැලසුම් යන ඒවායෙන් කුමක් උවද කලා ඉතිහාසය සෑම විෂයක් යටතේ ඉගෙන ගන්නා සිසුන් ඉගෙන ගත යුතු පොදු විෂයයකි. ඒ යටතට යුරෝපීය කලා ඉතිහාසය, ඉන්දියානු කලා ඉතිහාසය සහ ලාංකේය කලා ඉතිහාසය ඇතුලත් ය. යුරෝපීය කලා ඉතිහාසය යටතේ ග්‍රීක රෝම හෙලනික කලාව, උපස්තිථිවාදයේ සිට ඩඩාවාදය දක්වා යුරෝ කේන්ද්‍රීය මොඩර්න් කලා ඉතිහාසය අඩංගු වේ. එලිය - අදුර - සෙවණ - පැහැය යන දෘෂ්‍ය ගතිකත්වයන් යන ඒවා පර්යාවලෝකනය, ස්කන්ධය, පරිමාණ සහ අවකාශය හැටියට සාක්ෂාත් කරවීමේ යුරෝපීය ශාස්ත්රාලයීය කලා අධ්‍යාපන මොඩලය පාල අධ්‍යාපනය ලැබූ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේද අධ්‍යාපන මොඩලය වූ අතර ලෝකයේ සෑම කලා කැඩමියක් විසින් ම ගුරු කොට ගන්නේ එම අධ්‍යාපන මොඩලයයි. සිව් අවුරුදු පාඨමාලාව තුල කුමන විෂය විශේෂ කොට ගත්තද කුමන අධ්‍යයන වර්ෂයේ උවද කලා ඉතිහාසය සහ ඇකඩමික කලා ශික්ෂණයට අදාල ව විෂයගත කරන ලද ජීව රූ ඇදීම හෙවත් ලයිෆ් ඩ්‍රෝවින් ද පොදු විෂයයකි.
පාලගේ දෙමුහුන් ක්‍රාෆ්ට් කලාව පාදක කර ගනිමින් හෙතෙම බටහිර කලා කැනනිකරණයට එදිරිවාදී වෙන්නේ හෙතෙම අධ්‍යාපනය හැදෑරූ යූරෝපීය මොඩලයේ ඇතුලත් වීමේ ප්‍රායෝගික පරීක්ෂණයෙන් ද සමත් වී යුරෝපීය ඇකඩමික කලා ශික්ෂණයට යටත් ලයිෆ් ඩ්‍රෝවින් සහ යුරෝපීය කලා ඉතිහාසය හදාරා සෞන්දර්ය අධ්‍යයන ආයතනයෙන් උපාධි ලැබීමෙන් පසුව ය. මෙහිදී ඇතුලත්වීමේ ප්‍රායෝගික පරීක්ෂණය සමත් කිරීමේදී සහ උපාධිය ලබා දීමේදී පාල ප්‍රකාශ කරන ඔහුගේ හීන කුල යැයි කියන තත්ත්වය සෞන්දර්ය අධ්‍යයන ආයතනය අදාල කරගෙන නැත. අදාල කරගෙන ඇත්තේ කුසලතාව පමණකි. ඒ වගේම ලංකාවේ මුදල් නෝට්ටු වල සහ මුද්දර වල ශීර්ෂ පලදනා, අත් පලදනා....සියලු ඇඳුම් ආයිත්තම් සහිතව පාරම්පරික නැට්ටුවන්ගේ රූප යොදාගෙන ඇත. එවක සෞන්දර්ය අධ්‍යයන ආයතනය යුරෝපීය කලා අධ්‍යාපන මොඩලයට වැඩි බර තබන ආයතනයක් වූ නමුදු ශ්‍රී ලංකාවේ වැඩිම රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන ප්‍රමාණයක් ඇත්තේ පාරම්පරික කලා උරුමයන් රැක ගැනීම සහ පවත්වාගෙන යාමට ය. මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කෞතුකාගාරය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව, පුරා වස්තු අනුරූ පාසල, හස්ත කර්මාන්ත දෙපාර්තමේන්තුව, ජනකලා කේන්ද්‍රය, විස්කම් නිවස , ජාතික ශිල්ප සභාව, බත්තරමුල්ලේ අපේ ගම, සංචාරක මණ්ඩලය, පැරඩයිස් රෝඩ් ස්ටූඩියෝ, බෙයාෆුට්, ලක්පහන.....මේ පාරම්පරික සහ ජන කලාකරුවන් වෙනුවෙන් සේවා ලබාදීමේ හා වෙළදපොල අවශ්‍යතා සපුරණ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ය. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවයද කුලය සහ ධනය මත සේවා සපයන්නේ නැති නිර්මිත දෙකකි. ශ්‍රී ලංකාවේ කුලය මත පදනම් ව වෙනස්කම් කිරීම දුරාවතීතයට අයත් දෙයකි. රාජ්‍ය අනුමැතිය නොලැබුවද ශ්‍රී ලංකාවේ 2010 න් පසු LGBTQ + බහුවිධ ලිංගික විවිධත්වයද සාකච්ඡාවට බඳුන් වී ඇති අතර සමලිංගික සහ සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවන් 2010 න් පසු අපහාසයට හා පීඩණයට ලක් කොට ආන්තික කිරීමට සමාජය පෙලබී නැත. නමුත් පාලට ඇත්තේ ඔහුගේ අතීතය හා බැදුණු කොන් කිරීමකි. අතීත කොන් කිරීමට අරබයාද යමෙකු පසු කලෙක අතීතයට ප්‍රති ක්‍රියා දැක්වීම හොද ද නරකද යන්නට නිර්ණායක දිය නොහැකි නමුත් පාල බටහිර කලා කැනනිකරණයට එදිරිවාදී වීමේ යුක්ති යුක්තතාව නොව එසේ වූයේ ඇයිද යන්න සෙවිය යුතු කාරණයකි.
යොමු කිරීම්
[සංස්කරණය]- ↑ වික්‍රමසිංහ, කමන්ති (22 නොවැම්බර් 2022). "In conversation with Pala Pothupitiya Disrupting colonial stereotypes through artistic expressionsIn conversation with Pala Pothupitiya Disrupting colonial stereotypes through artistic expressions". Daily Mirror (in ඉංග්‍රීසි). සී/ස විජය පුවත්පත් සමාගම. Retrieved 31 ජූලි 2025.
- ↑ "ඔය මූණෙ මොන හැගීමද මට අයිති". සියත පුවත්පත. 18 ජනවාරි 2009.
උදාහරණයකට එම ප්‍රදර්ශනයේ චතුරි රාජපක්ෂගේ යැයි කියන චිත්‍රය ඇන්දේ තිලකා නත්තාමුණිය. ඒ ගැන චතුරි ලියන ආකාරයට අමුතු ස්ත්‍රීවාදී වගේ පෙනුණ අදහස කැටලොගයට ලිව්වේ වීරසිංහ මහතාය. මෙම ප්‍රදර්ශනයේ දෙතුන් දෙනෙකු හැර සියලු දෙනාගේ ම වැඩ සති දෙක තුනකටත් අඩු කාලයකින් කරවූයේ වීරසිංහ මහතාමය. මේ වැඩවල බොහෝ මාතෘකා ද වීරසිංහ මහතාගේය. ඇතමෙක් මා නිසා වෙනත් නිදහස් ආඛ්‍යානයන් ක්ෂණිකව සෙවුවන්ය. මෙම ප්‍රදර්ශනයට සම්බන්ධ බහුතරය ම දැන් වැඩ කරන්නේ තීථ ජාත්‍යන්තර කලාකරුවන්ගේ සංවිධානයේය. ඇතමෙක් ආගිය අතක් නැත
{{cite news}}: CS1 maint: date and year (link) - ↑ One of my mentors was Jagath Weerasinghe who inspired me to portray an idea, life experience or feeling as a form of art. He was a pioneer in bringing about the ‘90s trend’ along with the ‘Theertha Artistes Collective’. It is around this time that I got addicted to the arts"