පාරාවෝවරුන්ගේ සාපය
Jump to navigation
Jump to search
පාරාවෝවරුන්ගේ සාපය යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තියානු පුද්ගලයෙකුගේ, විශේෂයෙන්ම පාරාවෝවරයෙකුගේ[තහවුරු කරන්න] මමිය බාධාවට ලක් කරන ඕනෑම පුද්ගලයෙකු මත, සාපයක් පැටවෙන බවට ඇති විශ්වාසයයි. සොරුන් හෝ හොඳ-අභිප්‍රායැති පුරා විද්‍යාඥයින් හෝ වෙන් කර හඳුනා නොගන්නා මෙම සාපය විසින්, දුර්භාග්‍යය, අයහපත් සොඛ්‍යය හෝ මරණය ලඟාකර දෙන බවක් පැවසෙයි. 20වන සියවසෙහි මැද භාගයෙහි සිට, බොහෝ ලේඛකයෝ සහ වර්තාවන් තර්ක කලේ 'සාපයන්' සත්‍ය ඒවා වන්නේ, ව්ද්‍යාත්මකව පැහැදිලි කල හැකි බැක්ටීරියා හෝ විකිරණය වැනි හේතූන් නිසා සිදුවන ලෙසට සැලකීමෙන් බවයි.