පාප්වහන්සේලා තිදෙනාගේ වසර
පාප්වහන්සේලා තිදෙනාගේ වසර යනු, එකම ලිත් වර්ෂයක් තුලදී නව පාප්වහන්සේලා දෙදෙනෙක් තෝරා පත් කර ගැනුමට කතෝලික සභාවෙහි කාදිනල් මණ්ඩලයට සිදුවූ වර්ෂයකි.[1] මෙවන් වසරක් ඓතිහාසිකව සිදුවී ඇත්තේ අළුතින් තේරී පත්වූ පාප්වහන්සේතුමෙකු එතුමාගේ පාප් ධූරයෙහි මුල් අවදියෙහිදීම ස්වර්ගස්ථවූ විටය. මෙහි ප්‍රතිඵලය වූයේ එකම ලිත් වර්ෂයක් තුල වෙනස් පාප්වහන්සේලා තිදෙනෙක් විසින් කතෝලික සභාවට නායකත්වය සැපයීමය. එක් අවස්ථාවකදී, එනම් 1276 වසරෙහිදී, පාප්වහන්සේලා සිව්දෙනෙක්ගේ වසරක් සිදු විය.
අවස්ථා
[සංස්කරණය]පාප්වහන්සේලා තිදෙනෙක්ගේ වසරක් සිදුවූ මෑතකම අවස්ථාව 1978 වසරෙහි විය. එයට හේතුපාදකවූ පාප්වහන්සේලා තිදෙනා වූයේ:[2]
- 1963 ජූනි 21 දිනදී තේරී පත්වූ VI වන පාවුළු පාප්වහන්සේ, 1978 අගෝස්තු 6 දිනදී ස්වර්ගස්ථ වූහ.
- 1978 අගෝස්තු 26 දිනදී තේරී පත්වූ I වන ජුවාම් පාවුළු පාප්වහන්සේ, දින තිස්-තුනකින් පසුව, එනම් 1978 සැප්තැම්බර් 28 දිනදී ස්වර්ගස්ථ වූහ.
- 1978 ඔක්තොම්බර් 16 දිනදී තේරී පත්වූ II වන ජුවාම් පාවුළු පාප්වහන්සේ, එතුමාගේ ස්වර්ගස්ථවීම 2005 අප්‍රේල් 2 දිනදී සිදුවන තෙක් වසර 26, මාස 5, සහ දින 18ක් එම තනතුර හෙබවූහ.
එක් ලිත් වර්ෂයක් තූලදී තථ්‍ය ලෙසින් පාප්වහන්සේලා තිදෙනෙක් නිලය දැරූ අවස්ථා දොළහක් විය. මෙලෙසින් වෙනස් පාප්වහන්සේලා තිදෙනෙකු විසින් රෝමානු කතෝලික සභාවට නායකත්වය සැපයූ අවස්ථා අතර:
- 827: II වන ඉයුජීන් පාප්වහන්සේ[3] — වැලන්ටයින් පාප්වහන්සේ[4] — IV වන ග්‍රෙගරි පාප්වහන්සේ[5] (වැලන්ටයින්තුමා ස්වර්ගස්ථ වන විට පාප්වහන්සේ ධූරයෙහි දින 41ක් පමණක් සේවය කර තිබුණි.)
- 896: ෆෝර්මොසස් පාප්වහන්සේ[6] — VI වන බොනිෆස් පාප්වහන්සේ[7] — VI වන ස්ටීවන් පාප්වහන්සේ[8] (දින පසලොසක පාප්වහන්සේ ධූර කාලයකින් පසුව, බොනිෆස් පාප්වහන්සේ ගෞටය නිසා ස්වර්ගස්ථවූ බව හෝ බලහත්කාරයෙන් ධූරයෙන් බැහැර කල බව හෝ ඇතමුන් විසින් පැවසෙයි)
- 897: VI වන ස්ටීවන් පාප්වහන්සේ[8] — රෝමානුස් පාප්වහන්සේ[9] — II වන තියඩෝර් පාප්වහන්සේ[10] (රෝමානුස් පාප්වහන්සේගේ පාප් ධූර කාලය අවසන් වූයේ එතුමා නිලයෙන් පහකොට තාපසාරාමයක අඩස්සියෙහි තැබූ විටය.)
- 964: වන ලියෝ පාප්වහන්සේ[11] — V වන බෙනඩික්ට් පාප්වහන්සේ V[12] — XIII වන ජුවාම් පාප්වහන්සේ[13] (ලියෝ පාප්වහන්සේ පළමුව නිලයෙන් පහකරන ලද අතර, ඉන්පසුව බෙනඩික්ට් පාප්වහන්සේද නිලයෙන් පහකරන ලදි)
- 1003: II වන සිල්වෙස්ටර් පාප්වහන්සේ[14] — XVII වන ජුවාම් පාප්වහන්සේ[15] — XVIII වන ජුවාම් පාප්වහන්සේ[16] (XVII වන ජුවාම් පාප්වහන්සේ ධූරප්‍රාප්ත වීමෙන් මාස හයකට අඩු කාලයකදී ස්වර්ගස්ථ වූ සේක)
- 1045: III වන සිල්වෙස්ටර් පාප්වහන්සේ[17][a] — IX වන බෙනඩික්ට් පාප්වහන්සේ (දෙවන ධූරකාලය)[18] — VI වන ග්‍රෙගරි පාප්වහන්සේ[19][a] (බෙනඩික්ට් පාප්වහන්සේ මුදල් හුවමාරුවක් අභිප්‍රායෙන් ඉල්ලා අස්වූහ)
- 1187: III වන අර්බන් පාප්වහන්සේ[20] — VIII වන ග්‍රෙගරි පාප්වහන්සේ[21] — III වන ක්ලෙමන්ට් පාප්වහන්සේ[22] (ධූරප්රාප්තව දින 57 කින් පසුව VIII වන ග්‍රෙගරි පාප්වහන්සේ ස්වර්ගස්ථ වූහ)
- 1503: VI වන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ[23] — III වන පයස් පාප්වහන්සේ[24] — II වන ජූලියස් පාප්වහන්සේ[25] (ධූර ප්‍රාප්තව දින 26කට පසුව III වන පයස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වූහ)
- 1555: III වන ජූලියස් පාප්වහන්සේ[26] — II වන මාසෙලස් පාප්වහන්සේ[27] — IV වන පාවුළු පාප්වහන්සේ[28] (ධූරන්ධරව දින 22 කට පසුව මාසෙලස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වූහ)
- 1590: V වන සික්ස්ටස් පාප්වහන්සේ[29] — VII වන අර්බන් පාප්වහන්සේ[30] — XIV වන ග්‍රෙගරි පාප්වහන්සේ[31] (ධුරන්දරව දින 12කින් අර්බන් පාප්වහන්සේ ස්වර්ගස්ථවූ අතර, එනයින් එතුමා කෙටිම කාලයක් තනතුරෙහි ධූරප්රාප්තව සිටි පාප්වහන්සේ වෙති)
- 1605: VIII වන ක්ලෙමන්ට් පාප්වහන්සේ[32] — XI වන ලියෝ පාප්වහන්සේ[33] — V වන පාවුළු පාප්වහන්සේ[34] (තනතුරෙහි ධූරන්දරව දින 27කට පසුව ලියෝ පාප්වහන්සේ ස්වර්ගස්ථ වූහ)
- 1978: VI වන පාවුළු පාප්වහන්සේ — I වන ජුවාම් පාවුළු පාප්වහන්සේ — II වන ජුවාම් පාවුළු පාප්වහන්සේ[2] (තනතුරෙහි ධූරන්දරව දින 33කට පසුව I වන ජුවාම් පාවුළු පාප්වහන්සේ ස්වර්ගස්ථ වූහ)
රෝමානු කතෝලික සභාව වෙත පාප්වහන්සේලා සතර දෙනෙකුගේ නායකත්වය සැපයුනු වසරක්ද වූ අතර, එය පාප්වහන්සේලා සතරදෙනාගේ වසර ලෙසින් හැඳින්වෙයි:
- 1276: X වන ග්‍රෙගරි පාප්වහන්සේ[35] — V වන ඉනසන්ට් පාප්වහන්සේ[36] — V වන ඒඩ්‍රියන් පාප්වහන්සේ[37] — XXI වන ජුවාම් පාප්වහන්සේ[38] (තනතුරෙහි ධූරන්දරව මාස පහකට අනතුරුව ඉනසන්ට් පාප්වහන්සේ ස්වර්ගස්ථවූ අතර, ඉන්පසු මාසයකට පසුව ඒඩ්‍රියන් පාප්වහන්සේ ස්වර්ගස්ථ වූහ)
සටහන්
[සංස්කරණය]- ^ a b III වන සිල්වෙස්ටර් පාප්වහන්සේ සහ VI වන ග්‍රෙගරි පාප්වහන්සේ සමහරවිට ප්‍රතිපාප්වරුන් ලෙසින් සැලකෙති.
ආශ්‍ර
[සංස්කරණය]අධෝසටහන්
[සංස්කරණය]- ^ "1978:– ද ඉයර් ඔෆ් ත්‍රී පෝප්ස්". කිල්දෙයා ඇන්ඩ් ලීලන් ඩයසිස්. 30 අගෝස්තු 2008. 28 දෙසැම්බර් 2010 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ a b "1978: ද ඉයර් ඔෆ් ද ත්‍රී පෝප්ස්". තු ඒ් පෙතෘෘස්. EWTN. 5 මැයි 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ඉයුජීන් II". කැතලික් එන්සයික්ලොෆීඩියා. 9 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් වැලන්ටයින්". කැතලික් එන්සයික්ලොෆීඩියා. 9 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ග්‍රෙගරි IV". කැතලික් එන්සයික්ලොෆීඩියා. 30 ඔක්තොම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ෆෝර්මොසස්". කැතලික් එන්සයික්ලොෆීඩියා. 3 නොවැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් බොනිෆස් VI". කැතලික් එන්සයික්ලොෆීඩියා. 4 නොවැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ a b "පෝප් ස්ටීවන් (VI) VII". කැතලික් එන්සයික්ලොෆීඩියා. 3 නොවැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් රෝමානුස්". කැතලික් එන්සයික්ලොෆීඩියා. 7 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් තියඩෝර් II". කැතලික් එන්සයික්ලොෆීඩියා. 9 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ලියෝ VIII". කැතලික් එන්සයික්ලොෆීඩියා. 4 නොවැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් බෙනඩික්ට් V". කැතලික් එන්සයික්ලොෆීඩියා. 7 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ජෝන් XIII". කැතලික් එන්සයික්ලොෆීඩියා. 9 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් සිල්වෙස්ටර් II". කැතලික් එන්සයික්ලොෆීඩියා. 2 නොවැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ජෝන් XVII (XVIII)". කැතලික් එන්සයික්ලොෆීඩියා. 26 නොවැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ජෝන් XVIII (XIX)". කැතලික් එන්සයික්ලොෆීඩියා. 21 ඔක්තොම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "ලිස්ට් ඔෆ් පෝප්ස්". කැතලික් එන්සයික්ලොෆීඩියා. 26 සැප්තැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් බෙනඩික්ට් IX". කැතලික් එන්සයික්ලොෆීඩියා. 1 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ග්‍රෙගරි VI". කැතලික් එන්සයික්ලොෆීඩියා. 9 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් අර්බන් III". කැතලික් එන්සයික්ලොෆීඩියා. 18 ඔක්තොම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ග්‍රෙගරි VIII". කැතලික් එන්සයික්ලොෆීඩියා. 11 ජනවාරි 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ක්ලෙමන්ට් III". කැතලික් එන්සයික්ලොෆීඩියා. 17 මැයි 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ඇලෙක්සැන්ඩර් VI". කැතලික් එන්සයික්ලොෆීඩියා. 19 සැප්තැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් පයස් III". කැතලික් එන්සයික්ලොෆීඩියා. 7 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ජූලියස් II". කැතලික් එන්සයික්ලොෆීඩියා. 27 ඔක්තොම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ජූලියස් III". කැතලික් එන්සයික්ලොෆීඩියා. 5 ඔක්තොම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් මාසෙලස් II". කැතලික් එන්සයික්ලොෆීඩියා. 4 ඔක්තොම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් පෝල් IV". කැතලික් එන්සයික්ලොෆීඩියා. 11 අගෝස්තු 2014 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් සික්ස්ටස් V". කැතලික් එන්සයික්ලොෆීඩියා. 26 සැප්තැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් අර්බන් VII". කැතලික් එන්සයික්ලොෆීඩියා. 9 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ග්‍රෙගරි XIV". කැතලික් එන්සයික්ලොෆීඩියා. 9 ඔක්තොම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ක්ලෙමන්ට් VIII". කැතලික් එන්සයික්ලොෆීඩියා. 5 නොවැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ලියෝ XI". කැතලික් එන්සයික්ලොෆීඩියා. 4 නොවැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් පෝල් V". කැතලික් එන්සයික්ලොෆීඩියා. 18 සැප්තැම්බර් 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ග්‍රෙගරි X". කැතලික් එන්සයික්ලොෆීඩියා. 2 ජූලි 2012 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ඉනසන්ට් V". කැතලික් එන්සයික්ලොෆීඩියා. 2 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ඒඩ්‍රියන් V". කැතලික් එන්සයික්ලොෆීඩියා. 7 අගෝස්තු 2010 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.
- ^ "පෝප් ජෝන් XXI (XX)". කැතලික් එන්සයික්ලොෆීඩියා. 24 දෙසැම්බර් 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 සැප්තැම්බර් 2010.