පහතරට මූකලන් තෙලිස්සා

විකිපීඩියා වෙතින්
(පාතරට තෙලිස්සා වෙතින් යළි-යොමු කරන ලදි)

Hypnale zara
විද්‍යාත්මක වර්ගීකරණය edit
Kingdom: Animalia
වර්ගය: Reptile
ගෝත්‍රය: Squamata
Suborder: Snake
කුලය: Viperidae
Genus: Hypnale
ග්‍රේ, 1849
විශේෂය: H. zara
ද්වීපද නාමය
Hypnale zara
ග්‍රේ, 1849
පර්යාය නාම(ය)
පොදු නම්: පහතරට මූකලන් තෙලිස්සා; Lowlands hump-nosed pit viper.

Hypnale zara යනුවෙන් හැඳින්වෙන්නේ ශ්‍රී ලංකාවආවේණික විෂැති තෙලිස්සන් විශේෂයකි. මෙම විශේෂය විවිධ වර්ණවලින් යුත් සිරුර සහ අඩුවෙන් ඉහළට නැවුණු හොඹුව හේතුවෙන් Hypnale nepaගෙන් වෙන්කර හඳුනාගත හැක. මෙතෙක් මෙහි කිසිදු උපවිශේෂයක් හඳුනාගෙන නැත.

ව්‍යාප්තිය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත් කලාපයේ පාදක කඳුවල පහතරට වැසි වනාන්තරවල සිට සිට මධ්‍ය උස්බිම් දක්වා හමුවේ‍.

පරිසරය[සංස්කරණය]

නිශාචර සර්පයෙකි.

විස්තරය[සංස්කරණය]

ගැටිති වැනි නෙරීම්වලින් ඇතිවන කුඩා කොරපොතු 10-19ක් පමණ හොඹුවේ අයිනේ දැකගත හැක. අන්තර්නාසා සිහ පූර්වලලාට පෙදෙස දක්වා විෂමජාතීය කුඩා කොරපොතු 18-39 පමණ දැකගත හැක. ඇසවටා කොරළ 6කි. තොල්වලට ඉහළින් 7-8කි. ඇලපතෙහි නෞතලාකාර කොරල ඇත. උදරීයව කොරපොතු 134-157 පමණ සංඛ්‍යාවක් හමුවේ. උපපෞච්ඡ පෙදෙසේ 34-51 පමණ පැවතිය හැක.

පෘෂ්ඨයේ වර්ණය කහපැහැ දුඹුරු සිට අඳුරු දුඹුරු පැහැය දක්වා විචලනය විය හැක. ඇතැම්විට තද රතු පැහැති ය. අර්ධ-ඕවලාකාර හෝ අර්ධ-ත්‍රිකෝණාකාර පැල්ලම් පේළි දෙකක් කශේරුක ප්‍ර‍දේශයේ දී මුණගැසේ. ඇස සහ කොපුල හරහා අඳුරු රේඛාවක් විහිදේ. බඳ පෘෂ්ඨීය පෙදෙසට වඩා ලා පැහැති ය. ඇතැම්විට දීප්තිමත් අළු පැහැ විය හැක.

ප්‍රජනනය[සංස්කරණය]

අණ්ඩුජලාබුජ ය.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

  • http://reptile-database.reptarium.cz/species?genus=Hypnale&species=zara
  • http://apjtm.net/admin/picture/UploadFile/20111231153236944.pdf
  • "Coagulopthy, acute kidney injury and death following Hypnale zara envenoming: the first case report from Sri Lanka". Toxicon. 58 (8): 641–3. Dec 2011. doi:10.1016/j.toxicon.2011.09.014. PMID 21967813.
  • http://calphotos.berkeley.edu/cgi/img_query?enlarge=0000+0000+1011+1564
  • http://biodiversityofsrilanka.blogspot.com/2014/05/lowland-hump-nosed-pit-viperpahatharata.html

සැකිල්ල:Alethinophidia-stub

"https://si.wikipedia.org/w/index.php?title=පහතරට_මූකලන්_තෙලිස්සා&oldid=592525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි