ප්‍රේමවතී මනම්පේරි

විකිපීඩියා වෙතින්
ප්‍රේමවතී මනම්පේරි
දේශීය නම
ප්‍රේමවතී මනම්පේරි
උපත18 ජනවාරි 1949(1949-01-18)
මියගිය දිනය17 April 1971(1971-04-17) (වයස 22)
මිය යාමට හේතුවවෙඩි වැදී තුවාල
දේහය සොයාගැනීමකතරගම
අධ්‍යාපනයකතරගම විද්‍යාලය
ප්‍රසිද්ධව ඇත්තේමිනීමැරුම් හා වධ හිංසාවට ලක් වූ වින්දිතයා
දෙමව්පියන්
  • හෙන්ද්‍රික් අප්පුහාමි (පියා)
  • ලීලාවතී ඔබේසිංහ (මව)

ප්‍රේමවතී මනම්පේරි (1949 – 1971 අප්‍රේල් 17) යනු ශ්‍රී ලංකාවේ කතරගම ප්‍රදේශයේ කාන්තාවක්ය. 1971 දී රට කැළඹූ කැරලි කණ්ඩායමකට නායකත්වය දුන් බවට සැකපිට ඇය අත්අඩංගුවට ගෙන ඇත. එම වසරේ, ඇයව හමුදාවට භාර දෙන ලද අතර එහිදී ඇයට වධ හිංසා පමුණුවා, දූෂණය කර නිරුවතින් වීදිවල පෙළපාලි ගොස්[1] මරා දමන ලදී. ඇයගේ මරණය ශ්‍රී ලංකා අපරාධ ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීමක් විය.[2][3]

ළමා අවධිය[සංස්කරණය]

මනම්පේරි කතරගම දෙවටගම වනජීවී දෙපාර්තමේන්තුවේ මුරකරුවෙකු වූ හෙන්ද්‍රික් අප්පුහාමිගේ වැඩිමහල් දියණියයි. ඇයට සහෝදර සහෝදරියන් දස දෙනෙක් සිටියා.[4] ඇය ධර්මාචාර්ය විභාගයට පෙනී සිට කතරගම දහම් පාසලේ දහම් ගුරුවරියක් ලෙස සේවය කළාය.[5]

1970 වසරේ කතරගම පැවැති උත්සවයකදී මනම්පේරි වසරේ කුමරිය ලෙස කිරුළු පැළඳුවාය.[6]

මරණය[සංස්කරණය]

1971 අප්‍රේල් 5 වැනිදා ජවිපෙ කැරැල්ල ආරම්භ විය. කතරගම කැරලිකරුවන්ගේ මධ්‍යස්ථානයක් විය. අප්‍රේල් 16 වැනිදා පොලිස් පරීක්ෂක උඩවත්ත සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කැරලිකාර සංගමයක් යැයි සැකපිට මනම්පේරිගේ නිවසේදී අත්අඩංගුවට ගත්හ.[6][7]

මනම්පේරි රාත්‍රිය පුරාවට වධ හිංසාවට ලක් වූ නමුත් ඇයගේ ක්‍රියාකාරකම් ගැන කිසිවක් හෙළි කළේ නැත. ලුතිනන් විජේසූරිය ප්‍රේමවතීගේ ඇඳුම් ගලවා නිරුවතින් නගරය හරහා ඇවිද යාමට සැලැස්වූයේ ඔහු සහ තවත් නිලධාරියෙකුගේ පහර කෑමට ලක්වෙමිනි. මනම්පේරි ගුණසිරි හෝටලය (දැන් මාතර හෝටලය) ඉදිරිපිටදී වෙඩි තබා ඇත. හෝටලයේ හිමිකරු ගුණසිරි පවසන පරිදි වෙඩි වැදීමෙන් පසුවත් මනම්පේරි සිහියෙන් පසුවන අතර ඔහුගෙන් වතුර ටිකක් ඉල්ලා ඇත. කෙසේ වෙතත් හමුදා නිලධාරීන් ඇයව රැගෙන ගොස් මිහිදන් කිරීමට කටයුතු යොදා තිබුණා.[8]

භූමදානය ඇලඩින්ට පවරා ඇත. ඇලඩින් හඳුනා ගත් මනම්පේරි ඇගේ කරාබු ගලවා තම මවට දෙන ලෙස ඉල්ලා සිටියාය. වැඩි කල් නොගොස් තවත් සොල්දාදුවෙක් ඇගේ හිසට වෙඩි තැබුවා. නැවත වෙඩි තබා ඇතත් මනම්පේරි මිහිදන් කරන විටත් ජීවතුන් අතර සිටි බව ඇගේ සිරුර ගොඩ ගැනීමෙන් පසු සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි විය.[9] 1971 කැරැල්ල පිළිබඳ ආචාර්ය රුවන් එම්. ජයරත්න විසින් සම්පාදනය කරන ලද සම්පූර්ණ සමාලෝචනයේ මේ බව සඳහන් කර ඇත.[10]

මනම්පේරි සමඟ තවත් කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංගම කතරගම වන්දනා විවේකාගාරයේ රඳවා තබා ඇත.[8]

මතභේද[සංස්කරණය]

මනම්පේරිගේ මරණය සම්බන්ධයෙන් මතභේද කිහිපයක් තිබේ. ඇය ජවිපෙ කැරලිකාරියක බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ඇය ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඍජු සම්බන්ධයක් නොතිබූ බවයි. මනම්පේරි දහම් ගුරුවරියක් ලෙස සේවය කළ කතරගම දහම් පාසලේ දැනට සිටින සාමාජිකයන් බඳවාගෙන කැරැල්ලට සූදානම් කරන ‘පන්ති පහ’ වැඩසටහන[11] ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වන බවට සැක පහළ විය. මෙයට මුවාවී කතරගම පොලිසියේ ස්ථානාධිපති (OIC), උප පොලිස් පරීක්ෂක (SI) ජයසිරි උඩවත්ත මනම්පේරි අත්අඩංගුවට ගෙන ඇයගෙන් පළිගත්තේ ඇය මීට පෙර අවස්ථා වලදී ඔහුගේ යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බැවිනි. 1970 දී ඇය කතරගම රූ රැජින ලෙස කිරුළු පළඳන විට ඔහුට ඇයව වේදිකාවේදී මුණගැසී ඇති අතර එහිදී ඔහු ඇය කෙරෙහි දක්වන උනන්දුව ඇය නැවත නැවතත් ප්‍රතික්ෂේප කළ බව පෙන්නුම් කළේය.[9]

කතරගම පොලිසියට ජවිපෙ කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කරන විට තත්ත්වය පාලනය කිරීමට හමුදාව යෙදවීය. කර්නල් ඩෙරික් නුගවෙල 1971 අප්‍රේල් 11 වන දින හම්බන්තොට දිස්ත්‍රික්කයේ හමුදා අණදෙන නිලධාරියා ලෙස පත් කරන ලදී. හමුදාව ඔවුන්ගේ කඳවුර පිහිටුවා ගත්තේ වන්දනා ගිමන් හලේය. පොලිස් ස්ථානයට ප්‍රහාරයක් එල්ල වූ බැවින් එස්.අයි උඩවත්ත ඇතුළු පොලිස් නිලධාරීන් ද එම කඳවුරේම රැඳී සිටියහ.[9]

අප්‍රේල් 16 වෙනිදා, මනම්පේරි සහ තවත් කාන්තාවන් කිහිප දෙනෙකු ජවිපෙ කැරලිකරුවන් බව පවසමින් එස්අයි විජේසූරිය සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් රැගෙන ගියේ ඉහත කී කඳවුරටය. ස්වේච්ඡා නිලධාරියෙකු වූ ලුතිනන් විජේසූරිය කෝපයට පත් කළ ජවිපෙ සමඟ සම්බන්ධකම් ඇති බව ඇය ප්‍රතික්ෂේප කිරීම නිසා[11] පුරාම ඇයට වධ හිංසා කළ බව වාර්තා වේ. මෙය ඇගේ බිහිසුණු මරණයට හේතු විය. මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවට ලුතිනන් විජේසූරිය සහ තවත් නිලධාරියෙකු වරදකරුවන් වුවද ඇයව නීති විරෝධී ලෙස කොටු කළ එස්අයි විජේසූරිය අත්අඩංගුවට ගැනීමට කිසිවක් කළේ නැත.[9]

මනම්පේරි නිරුවත් කර අවමන් කිරීම නිසා ඇය දූෂණයට ලක්වන්නට ඇතැයි සිතිය හැකි වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්‍ෂණයක් සිදු කර නොමැති අතර අත්අඩංගුවට ගැනීමක් ද සිදු වී නොමැත. ඇය නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේදී එස්අයි විජේසූරියට ප්‍රධාන භූමිකාවක් තිබූ බවට සාක්ෂි ඇතත් ඔහුට එරෙහිව කිසිදු පරීක්‍ෂණයක් සිදු නොවීය. තවද, මනම්පේරි සහ නිවැරැදිකරුවන් බව ඔප්පු වූ අනෙකුත් දැරියන් හැර, සැබෑ ජවිපෙ කැරලිකරුවන් කිසිවකු අත්අඩංගුවට ගැනීමට මෙම හමුදා නිලධාරීන් අපොහොසත් වී ඇති බවද විමර්ශනවලින් හෙළි වී ඇත.[10]

පසු විපාක[සංස්කරණය]

මනම්පේරිගේ දේහය 1971 මැයි 24 වන දින ගොඩගෙන මරණ පරීක්ෂණය පැවැත්විණි. පසුව මෙම නඩුව හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් ගාල්ල අපරාධ අධිකරණය වෙත යොමු කරන ලදී. මෙම නඩුව විභාග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඩී.කිව්.එම්.සිරිමාන්න මහතා විසිනි.[5] ඝාතන සැකකරුවන් වන ලුතිනන් ඇල්ෆ්‍රඩ් විජේසූරිය සහ ස්වේච්ඡා බළකායේ සාමාජිකයකු වන අමරදාස රත්නායක යන අයව අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 1971 අප්‍රේල් 17 වන දින ඇයට උප-මැෂින් තුවක්කුවකින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට ඔහු වැරදිකරු විය. විත්තිකරුවන් දෙදෙනාට 1973 දී වසර 16 ක සිරදඬුවමක් නියම විය[7] විජේසූරිය සිරගෙදරදී වසරකට පසු හෘදයාබාධයකින් මිය ගියේය. 1988 දී ප්‍රේමවතී ඝාතනයට දඬුවමක් වශයෙන් මාතරදී ජවිපෙ ප්‍රහාරක කණ්ඩායමක් විසින් රත්නායක දෙවිනුවර ඔහුගේ නිවසේදී ඝාතනය කරන ලදී.[5]

සිහිකිරීම[සංස්කරණය]

1979 දී ඇයගේ මරණය සැමරීම සඳහා කතරගම ප්‍රදේශයේ ඇයගේ ජීවිතයේ විවිධ සිදුවීම් සහ ඇගේ අමානුෂික මරණය නිරූපණය කරන ස්මාරකයක් ඉදිකරන ලදි. කතරගම වන්දනාවේ යන වන්දනාකරුවන්ට එහි සවිකර ඇති මැටි මුට්ටියෙන් ජලය පානය කිරීමෙන් පිපාසය සංසිඳුවා ගත හැකි බැවින් මෙම සිද්ධස්ථානය ඇය වෙනුවෙන් ඉදිකරන ලද්දකි. කෙසේ වෙතත්, පසුව ස්මාරකය විනාශ කර ඇති අතර දැන් එය විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ [12]

ශ්‍රී ලාංකේය ගායකයා සහ ගීත රචක, ඇන්ටන් ජෝන්ස් (1937 ජූනි 3 - 2016 පෙබරවාරි 21) ඔහුගේ ගීත 'රුක්මණී දේවි'[13] (ශ්‍රී ලංකාවේ ජනප්‍රිය චිත්‍රපට නිළියක් සහ ගායිකාවක්), 'මරු-සිරා'[14] (මරණීය සිරකරුවෙකුගේ ආන්දෝලනාත්මක අභාවය) වැනි සත්‍ය සිදුවීම් පාදක කර ගායනා කර ඇත.[15] මනම්පේරිගේ මරණය පාදක කර ගනිමින් ගීතයක් ද ලිවීය. ගීතයේ නම ‘ප්‍රේමවතී මනම්පේරි තරුණිය’.[16]

තවද මනම්පේරිගේ ම්ලේච්ඡ ඝාතනය පාදක කරගනිමින් ‘නහි වේරෙන වේරානි’ නමින් චිත්‍රපටයක් ද රූගත කරන ලදී. අධ්‍යක්ෂ ධර්මසිරි වික්‍රමරත්න චිත්‍රපටයේ කතා වස්තුව නිර්මාණය කිරීම සඳහා මුල් සිද්ධි පටිගත කිරීම් භාවිතා කළේය. ප්‍රේමවතීගේ චරිතය සංගීතා වීරරත්න විසින් රගපෑ අතර, සනත් ගුණතිලක යුධ හමුදා නිලධාරියෙකු වන ලුතිනන් විජේසුරියගේ චරිතය නිරූපණය කළේය. චිත්‍රපටයේ යුද හමුදාපතිවරයාගේ චරිතය රඟපෑවේ ප්‍රවීණ රංගන ශිල්පී ජෝ අබේවික්‍රම විසිනි.[17]

නමින් සඳහන් නොකලත්, 2022 බුකර් ත්‍යාගලාභී, The Seven Moons of Maali Almeida හි ශ්‍රී ලාංකේය කතුවරයා වන ෂෙහාන් කරුණාතිලක විසින් 1970 කතරගම රූ රැජින ලෙස සහ දූෂණය වූ රූපලාවණ්‍ය රැජින ලෙසින් මනම්පේරි පිළිබඳ ඇඟවීම් කර ඇත.

1977 මැතිවරණය[සංස්කරණය]

ඇයගේ ඝාතනය ජාතික අවධානයට ලක් වූ අතර එය 1977 මැතිවරණයේදී ප්‍රශ්නයක් විය. එජාප අපේක්ෂක ජේ.ආර්. ජයවර්ධන මෙම ප්‍රහාරය පිළිබඳව ඉතා සවිස්තරාත්මකව සාකච්ඡා කළ අතර සිරිමාවෝ බණ්ඩාරනායක සිය ප්‍රතිවාදියා අපකීර්තියට පත් කිරීම සඳහා අපරාධය සම්බන්ධයෙන් කටයුතු කිරීම හෙළා දුටුවේය.

තවදුරටත් කියවීම[සංස්කරණය]

  •  
  •  

යොමු කිරීම්[සංස්කරණය]

  1. "The Tale of Two Women". 10 November 2014.
  2. "The Goddess who shaped Kataragama itself". Dinamina. සම්ප්‍රවේශය 2020-12-22. {{cite web}}: |archive-date= requires |archive-url= (help)
  3. "Premawathie Manaperi". Tamil Eelam Liberation Organisation.
  4. "Pilgrims hold up film shooting". 2001. සම්ප්‍රවේශය 2007-07-16.
  5. 5.0 5.1 5.2 "The bitter memory of the youth struggle". Lankadeepa. 2020-12-22. සම්ප්‍රවේශය 2020-12-22. {{cite web}}: |archive-date= requires |archive-url= (help) උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "lankadeepa" defined multiple times with different content
  6. 6.0 6.1 "Loss of Youth". The Nation. 2007. සම්ප්‍රවේශය 2007-07-16. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Nation" defined multiple times with different content
  7. 7.0 7.1 "A. WIJESURIYA and another, Appellants, and THE STATE, Respondent" (PDF). Lawnet.gov.lk. Ministry of Justice. සම්ප්‍රවේශය 31 August 2019. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name ":4" defined multiple times with different content
  8. 8.0 8.1 (in en) News1st - ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ ඇසින් දුටු එක ම සාක්ෂිය, https://www.youtube.com/watch?v=O7EMhIq7FNQ, ප්‍රතිෂ්ඨාපනය 2022-02-09 
  9. 9.0 9.1 9.2 9.3 "Kataragama beauty queen murder case: The need to obey only lawful commands". Print Edition - The Sunday Times, Sri Lanka. සම්ප්‍රවේශය 2022-02-09. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name ":1" defined multiple times with different content
  10. 10.0 10.1 (in en) ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ සැඟවුණු අබිරහස.. | News1st Explorers, https://www.youtube.com/watch?v=d9wghLO8Amg, ප්‍රතිෂ්ඨාපනය 2022-02-09 
  11. 11.0 11.1 "The April Struggle". roar.media (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-02-09. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name ":3" defined multiple times with different content
  12. "Premawathi Manamperi Memorial, Kataragama". giz (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-02-09.
  13. https://www.youtube.com/results?search_query=rukmani+devi+anton+jones. සම්ප්‍රවේශය 2022-02-09 – via YouTube. {{cite web}}: Missing or empty |title= (help)
  14. (in en) 03-Maru Sira - Anton Jones, https://www.youtube.com/watch?v=nQnx93BtO80, ප්‍රතිෂ්ඨාපනය 2022-02-09 
  15. (in en) 03-Maru Sira - Anton Jones, https://www.youtube.com/watch?v=nQnx93BtO80, ප්‍රතිෂ්ඨාපනය 2022-02-09 
  16. (in en) ප්‍රේමවතී මනම්පේරි තරුණිය.... / Premawathi Manam Peri Tharuniya... / Original / Mr.Anton Jhon, https://www.youtube.com/watch?v=AXLgX9oW-Ns, ප්‍රතිෂ්ඨාපනය 2022-02-09 
  17. "The Sunday Times Mirror Magazine Section". sundaytimes.lk. සම්ප්‍රවේශය 2022-02-09.
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රේමවතී_මනම්පේරි&oldid=592558" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි