Jump to content

ප්‍රාග් ඓතිහාසික යුගය

විකිපීඩියා වෙතින්

ප්‍රාග් ඓතිහාසික යුගය යනුවෙන් හැඳින්වෙන්නේ වසර බිලියන 3.8 කට ප්‍රථම ජිවය ඇති වු මුල්ම යුගවලදී සිට ලිඛිත වාර්තා පවත්වා ගත් (ක්‍රි.පු. 3500 වැනි) යුගය දක්වා වු අතීත කාලසීමාවයි.


පරිණාමයේ අවධි වලදී අළුත් ජීවි ආකාර වර්ධනය වු අතර ඩයිනෝසෝරයන් වැනි ජිවී විශේෂ වදවී යාමට ලක්වුණි.

ප්‍රාග් ඓතිහාසික යුගය වසර ගණනා‍වක් මුළුල්ලේ ජීවය සාගර තුල සරල බැක්ටීරියාවන්ගේ සිට ඇල් ගී සහ ප්‍රෝටොසෝවාවන් දක්වා ද අවසානයේදී දිලීර , භෞමික ශාක, පණුවර්ග, මොලොස්කාවන්, ක්‍රස්ටිසියාවන්, කෘමීන් සහ පෘෂ්ඨ වංශකයින් වැනි සංකිර්ණ බහු සෛලික ජීවින් බවට පත්වුණි.

භූ විද්‍යාත්මක ආකාරයට ගත් කල මානවයින් පරිණාමය වුයේ වඩා මෑතකදී වන අතර එය වසර මිලියන 2.5 කට ඉහතදී වේ.

ඉතාමත් සුළු ප්‍රමාණයක ප්‍රාග්ඓතිහාසික යුගවලදී ජීවත් වු ජීවි විශේෂ ද අද වන තුරුම වෙනස් නොවී පවතී. ඔවුන් වසර මිලියන ගණනකට පසුව ජීව මාන පොසිල බවට පත් වී ඇත. මෝරුන් වැනි සමහර අනෙකුත් සත්ත්වයින්ද ඉතා කුඩා වශයෙන් වෙනස් වීම් වලට ලක්ව අ‍ැති අතර එය ද සිදු වී ඇත්තේ වසර මිලියනයකට වඩා වැඩි කාලයක් මුළුල්ලේය.

කෙසේ නමුත් 99% කටත් වැඩි ප්‍රමාණයක් වු ජීවි විශේෂ ප්‍රමාණයක් වඳවී යාමට ලක්ව ඇති අතර ඔවුන් පැවති බවට ඇති එකම සාක්ෂි වනුයේ පාෂාණ මත ඔවුන් තබා ගිය සලකුනු හෝ වෙනත් පොසිල වර්ගයි.

ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිතා කළ ශිලා මෙවලම් තාක්ෂණය 1968 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය ආරම්භ කිරීමේ එක් අරමුණක් වුණේ එතෙක් සිදුකරමින් තිබුණු මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳව ගවේෂණය වඩාත් පුළුල් කිරීම යි. එම නිසා එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙසින් කටයුතු කළ ආචාර්ය රාජා ද සිල්වා කැණීම් අංශයේ වැඩ කටයුතු කරගෙන යාමේ වගකීම භාරදුන්නේ දක්ෂ පුරාවිද්‍යාඥයෙකු වුණු ආචාර්ය ශිරාන් දැරණියගලට යි. එදා සිට ලංකාවේ ප්‍රාග් ඓතිහාසිය යුගය පිළිබඳව සිදු කළ ගවේෂණවල දී මානවයන් භාවිතා කළ ශිලා මෙවලම් රැසක් හමු වුණා. විවිධ ප්‍රමාණයන්ගෙන් සහ හැඩයන්ගෙන් යුක්ත වුණු එම ශිලා මෙවලම් සොයාගැනීම මඟින් ප්‍රාග් ඓතිහාසික යුගයේ දී භාවිතා කළ තාක්ෂණික ක්‍රම පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා.

මෙරටින් හමු වුණු පැරණිතම ශිලා මෙවලම් ලංකාවේ ප්‍රාග් ඓතිහාසික යුගය ලෙසින් සලකනු ලබන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ 125,000 හෝ ඊට පෙර යුගයේ සිට ක්‍රි.පූ 1000 දක්වා ගෙවුණු අවධිය යි. එම කාල සමය තුළ පූර්ව ශිලා, මධ්‍ය ශිලා සහ නව ශිලා ලෙසින් යුග 3ක් දක්නට ලැබුණා. එම යුග අතුරින් පූර්ව ශිලා යුගයට අයත් වුණේ ක්‍රි.පූ 125,000 හෝ ඊට පෙර සිට ක්‍රි.පූ 70,000 දක්වා ගෙවුණු අවධිය යි. මෙරට පූර්ව ශිලා යුගයට අයත්යැ යි සැලකෙන ස්ථාන වන්නේ මිනිහා ගල් කන්ද, බූන්දල පතිරාජවෙල, බූන්දල වැල්ලේගංගොඩ, සහ ඉරණමඩු යන ප්‍රදේශ යි. එම ස්ථාන කිහිපය ආශ්‍රිතව සිදු කරන ලද කැණිම්වල දී පැරණිතම ශිලා මෙවලම් හමු වුණේ බූන්දල ප්‍රදේශයේ දී යි. බූන්දල ප්‍රදේශයෙන් හමු වුණු ශිලා මෙවලම් තිරුවාණා සහ චර්ට් නම් ගල් විශේෂවලින් සාදා තිබුණා. එතරම් දියුණු මට්ටමක නොතිබුණු එම ශිලා මෙවලම් ප්‍රාථමික ගණයේ ඒවා වුණා. එම නිසා බූන්දලින් හමු වුණු ශිලා මෙවලම්වල ජ්‍යාමිතික හැඩතල දක්නට ලැබුණේ නැහැ. පූර්ව ශිලා යුගයේ දී මෙරට තුළ ප්‍රාථමික ගණයේ ශිලා මෙවලම් දක්නට ලැබුණත් මධ්‍ය ශිලා යුගය වන විට එම තාක්ෂණය දියුණු මට්ටමකට පත්ව තිබුණා.

මධ්‍ය ශිලා යුගයේ දී ශිලා මෙවලම් තාක්ෂණය දියුණු වුණු හැටි මධ්‍ය ශිලා යුගයට අයත් කාල සීමාව ලෙසින් සලකනු ලබන්නේ ආසන්න වශයෙන් ක්‍රි.පූ 70,000 සිට ක්‍රි.පූ 7000 දක්වා ගෙවුණු කාල සමය යි. මෙම යුගයේ දී ලංකාවේ වාසය කළ ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ මානව ජනාවාස ස්ථානගතව තිබුණේ පහතරට තෙත් කලාපීය ලෙන් සහ පහතරට වියළි කලාපීය ලෙන් ආශ්‍රිතව යි. ඒ අනුව මධ්‍ය ශිලා යුගයේ දී පාහියන් ලෙන, බටදොඹ ලෙන, බෙලි ලෙන, බටතොට ලෙන, සහ අළු ලෙන ආදී ස්ථාන ආශ්‍රිතව මානව ජනාවාස පැවති බවට සාධක හමුව තිබෙනවා. එම මානව ජනාවාස තුළ ජීවත් වුණු මානවයන් ජ්‍යාමිතික හැඩතලවලින් යුක්ත වුණු ශිලා මෙවලම් භාවිතා කළ බවට සාධක හමුව තිබෙනවා. එහි දී ශිලා මෙවලම් සෑදීම සඳහා චතුරස්‍රය, ත්‍රපීසියම, සහ ත්‍රිකෝණය වැනි හැඩතල භාවිතා කළා. ජ්‍යාමිතික ක්ෂුද්‍ර ශිලා මෙවලම් තාක්ෂණය නම් වුණු එම ශිලා තාක්ෂණය මධ්‍ය ශිලා යුගයෙන් ආරම්භ වී ක්‍රි.පූ 500 පමණ දක්වා පැවතුණු බව ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳව සිදුකරන ලද පරීක්ෂණවල දී අනාවරණය වුණා.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රාග්_ඓතිහාසික_යුගය&oldid=629229" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි