Jump to content

ප්‍රාග්-ඉන්දු-යුරෝපීය ජනයා

විකිපීඩියා වෙතින්

ප්‍රාග්-ඉන්දු-යුරෝපීය ජනයා යනු යුරේෂියාවේ ජීවත් විනැයි සැළකෙන උපකල්පිත ජනවාර්ගික කණ්ඩායමකි. ඉන්දු-යුරෝපීය භාෂා පවුලේ ප්‍රතිනිර්මිත පොදු පූර්වජ භාෂාව වන ප්‍රාග්-ඉන්දු-යුරෝපීය භාෂාව ඔවුන්ගේ මව් භාෂාව විය.

ඔවුන් ගැන ප්‍රධාන වශයෙන් තොරතුරු ලැබෙනුයේ වාග්විද්‍යාත්මක ප්‍රතිනිර්මාණයන්ගෙන් සහ පුරාවිද්‍යාත්මක සහ පුරා ප‍්‍රවේණිවිද්‍යාත්මක සාක්ෂි මගිනි. ප්‍රාග්-ඉන්දු-යුරෝපීයයන් පශ්චාත් නවශිලා යුගයේදී (ක්‍රි.පූ. 6400 සිට 3500 දක්වා) ජීවත් වූවා යැයි සැළකේ. ප්‍රධාන ධාරාවේ විද්වතුන් විශ්වාස කරනුයේ ඔවුන් යුරේෂියාව පුරා විහිදෙන පොන්ටික්–කැස්පියන් ස්ටෙප් තණබිමෙහි ජීවත් වූ බවයි. මෙම ස්ටෙප් තණබිම ඊසාණදිග බල්ගේරියාව, ගිණිකොනදිග රොමේනියාව, මොල්දෝවා, දකුණු සහ නැගෙනහිර යුක්රේනය, දකුණු රුසියාවේ උතුරු කොකසස් ප්‍රදේශය සහ බටහිර කසකස්තානයේ පහල වොල්ගා කලාපයත් පුරා පැතිර ඇති අතර, ඊට යාබදව නැගෙනහිරින් පිහිටා ඇති කසකස්තාන ස්ටෙප් තණබිමත් සමග එක්ව යුරේෂියානු ස්ටෙප් තණබිම නිර්මාණය කරයි.[1] ඇතැම් පුරාවිද්‍යාඥයන් ප්‍රාග්-ඉන්දු-යුරෝපීයයන්ගේ සම්භවය මධ්‍ය නවශිලා යුගයේදි (ක්‍රි.පූ. 5500 සිට 4500 දක්වා) හෝ ඇතැම් විට මුල් නවශිලා යුගයේදි (ක්‍රි.පූ. 7500 සිට 5500 දක්වා) සිදුවූ බවට අදහස් දරයි. එමෙන්ම ඇතැම් පුරාවිද්‍යාඥයන් ඔවුන්ගේ සම්භවය ගැන විකල්ප උපකල්පන ඉදිරිපත් කර ඇත.

ක්‍රිස්තු පූර්ව දෙවන සහස්‍රයේ මුල් භාගය වන විට ප්‍රාග්-ඉන්දු-යුරෝපීයයන්ගෙන් පැවත එන්නන් යුරේෂියාව පුරා පැතිර ගොස් තිබුනි. උදාහරණ ලෙස ඇනටෝලියාවේ හිටයිට්වරු, ඒජියන්වරු, උතුරු යුරෝපයේ "කෝඩඩ් වෙයා සංස්කෘතිය" (ඉංග්‍රීසි: Corded Ware culture), මධ්‍යම ආසියාවේ යැම්නයා සංස්කෘතිය සහ දකුණු සයිබීරියාවේ අෆනසියේවෝ සංස්කෘතිය දැක්විය හැක.[2]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ Anthony, David W. (26 July 2010). The horse, the wheel, and language: how Bronze-Age riders from the Eurasian steppes shaped the modern world. Princeton, N.J. ISBN 9781400831104. OCLC 496275617.{{cite book}}: CS1 maint: location missing publisher (link)
  2. ^ Mallory, J. P.; Adams, Douglas Q. (1997). Encyclopedia of Indo-European culture. Taylor & Francis. pp. 4 and 6 (Afanasevo), 13 and 16 (Anatolia), 243 (Greece), 127–128 (Corded Ware), and 653 (Yamna). ISBN 978-1-884964-98-5. සම්ප්‍රවේශය 24 March 2012.