ප්‍රශියාවේ මාරි කුමරිය (1855-1888)

විකිපීඩියා වෙතින්
මාරි කුමරිය
නෙදර්ලන්තයේ හෙන්රි කුමරිය
සැක්ස්-ඇල්ටෙන්බර්ග්හි ඇල්බර්ට් කුමරිය
ප්‍රෂියාවේ මාරි කුමරිය 1878 දී
උපත14 September 1855
Marmorpalais, Potsdam
මරණය20 June 1888(1888-06-20) (වයස 32)
ෂ්ක්ලොස් ඇල්බ්‍රරෙඛ්ස්බියර්ග්, ඩ්‍රෙස්ඩෙන්
වල්ලභයානෙදර්ලන්තයේ හෙන්රි කුමරු
 (වි. 1878; died 1879)

සැක්ස්-ඇල්ටෙන්බර්ග්හි ඇල්බර්ට් කුමරු
 (වි. 1885)
දරුවන්Olga Elisabeth, Countess von Pückler-Burghaus
Marie, Princess Reuss of Köstritz
සම්පූර්ණ නාමය
ප්‍රෂියාවේ මාරි එළිසබෙත් ලුයීස් ෆ්‍රෙඩෙරිකා
වංශයහෝහෙන්සලර්න්
පියාප්‍රෂියාවේ ෆ්‍රෙඩරික් චාල්ස් කුමරු
මවඇන්හැල්ට්-දෙසාවුහි මරියා ඇනා කුමරිය

සැකිල්ල:House of Hohenzollern (Prussia)

ප්‍රෂියාවේ මාරි කුමරිය (ප්‍රෂියාවේ මාරි එළිසබෙත් ලුයීස් ෆ්‍රෙඩෙරිකා ;1855 සැප්තැම්බර් 14, මාර්මොපොලැයිස්, පොට්ස්ඩෑම් –1888 ජුනි 20, ඩ්‍රෙස්ඩෙන්), හෝහෙන්සලර්න් ගෘහයේ කුමරියක් විය. ඇය ප්‍රෂියාවේ ෆ්‍රෙඩෙරික් චාර්ල්ස් කුමරුගේ දියණිය වූ අතර නෙදර්ලන්තයේ හෙන්රි කුමරුගේ දෙවන බිරිඳ ද ඉන් පසුව සැක්ස්-ඇල්ටෙන්බර්ග්හි ඇල්බර්ට් කුමරුගේ පළමු බිරිඳ ද විය. ඇය ජර්මානු අධිරාජ්‍ය 1 වන විල්හෙල්ම්ගේ great-niece (සහෝදරයා හෝ සහෝදරියගේ පුතා හෝ දුව ගේ දුව) ද වූවා ය.

දිවිය[සංස්කරණය]

Prinzessin මාරි සහ ඇගේ පළමු සැමියා,1878 දී

මාරි කුමරිය ප්‍රෂියානු ෆීල්ඩ්-මාර්ෂල් ප්‍රෂියාවේ ෆ්‍රෙඩෙරික් චාර්ල්ස් කුමරු (1828-1885) සහ ඔහුගේ බිරිඳ ඇන්හැල්ට්-දෙසාවුහි මරියා ඇනා කුමරිය (1837-1906) ගේ වැඩිමහල්ම දියණිය වූවා ය. මාරිගේ මව ඇන්හල්ට්හි 4 වන ලියෝපොල්ඩ් ආදිපාදවරයාගේ හා ප්‍රෂියාවේ ෆ්‍රෙඩරීකේ කුමරියගේ බාලම දියණිය වූවා ය.

1878 අගෝස්තු 23 දා මාරි කුමරිය 1850 සිට ලක්ස්ම්බෝර්ග්හි ආණ්ඩුකාරවරයා සහ අද්මිරාල්ලොයිට්නන් ද්සූ(ර්) සී (ජර්. මුහුදු අද්මිරාල්) වූ ඔරේන්ජ්-නෑසෝහි හෙන්රි කුමරු (1820–1879) සමඟ නොයෙන් පාලෙයි (Neuen Palais)හි දී විවාහ විය. ඔහු නෙදර්ලන්තයේ දෙවන විලියම් රජුගේ හා ඔහුගේ බිරිඳ රුසියාවේ මහා ආදිපාද ඇනා පැව්ලොව්නා ගේ තුන්වන පුත්‍රයා වූයේ ය. මාරි සහ හෙන්රි අතර විවාහය ඔරේන්ජ්-නෑසෝ නිවස වඳවී යාමෙන් බේරා ගැනීමට ගත් උත්සාහයකින් පිළියෙල කරන ලද්දකි. අවාසනාවන්ත ලෙස විවාහයෙන් යන්තම් මාස 5ක් පිරෙන විට 1879 ජනවාරියේ දී හෙන්රි කුමරු සරම්ප සෑදී මියයාමත් සමඟ එය දරුවන් නැති විවාහයක් බවට පත් විය.

අවුරුදු සයකට පසුව 1885 මැයි 6 වැනි දා, මාරි කුමරිය සැක්ස්-ඇල්ටෙන්බර්ග්හි එඩුවාර්ඩ් කුමරුගේ හා ලුයීස් කැරොලීන් රොයිස්-ග්රයිස් කුමරියගේ පුතකු වූ සැක්ස්-ඇල්ටෙන්බර්ග්හි ඇල්බර්ට් කුමරු (1843–1902) සමඟ බර්ලින්හි දී විවාහ විය. මෙම විවාහය සංහිඳියාවෙන් යුතු විවාහයක් බව වාර්තාවන අතර ඉන් දරුවන් දෙදෙනෙක් ඉපැදුණි.

  • සැක්ස්-ඇල්ටෙන්බර්ග්හි ඔල්ගා එළිසබෙත් කුමරිය (1886–1955); 1913 දී කාර්ල් ෆ්‍රිඩ්රික්ච් ෆොන් පුක්ලාර් බෝර්ග්හවුස් (1886–1945) සමඟ විවාහ වන ලදී.
  • සැක්ස්-ඇල්ටෙන්බර්ග්හි මාරි කුමරිය (1888–1947); 1911 දී කොස්ට්‍රීට්ස්හි ප්‍රින්ස් හොන් රොයිස් (නිල නාමය), 35 වන හෙන්රික්  (1887–1936) සමඟ විවාහ වන ලදී; 1920 දී දික්කසාද විය.

කුමරිය ෂ්ක්ලොස් අල්බ්‍රෙයිච්ට්බර්ග්හි දී 1888 දී වැදූගෙයි උණ නිසා ඇති වූ තත්ත්වයන් හේතුවෙන් මිය ගිය අතර සැක්ස්-ඇල්ටෙන්බර්ග්හි පවුලේ සුරක්ෂිතාගාරයේ භූමදාන කරන ලදී. ඇගේ දෙවන සැමියා 1891 දී රෙම්ප්ලින්හි දී මෙක්ලන්බර්ග්-ස්ට්‍රෙලිට්ස්හි මහා ආදිපාද ෆ්‍රෙඩෙරික් විල්හෙල්ම්ගේ ලේලියක් හා රුසියාවේ පව්ලොවිච්හි මහා ආදිපාද මයිකල්ගේ මිණිපිරියක් වූ මෙක්ලන්බර්ග්-ස්ට්‍රෙලිට්ස්හි ආදිපාදවරිය හෙලීන් (1857–1936) සමඟ නැවත විවාහ වූයේ ය.

මාරි කුමරිය ඇගේ එකම සහෝදරිය වූ ප්‍රෂියාවේ ලුයීස් මාර්ගරෙට් කුමරියගේ එකම පුතා වූ හා තම බෑනා වූ කොනෝග්ට්හි ආතර් කුමරුගේ ඇපකාර මව (මඤ්ඤා?) විය. එම බෞතීස්මය වින්ඩ්සර් මාළිගයේ පුද්ගලික දේවස්ථානයක සිදු කරන ලදී.

තනතුරු හා ආමන්ත්‍රණ[සංස්කරණය]

  • 1855 සැප්තැම්බර් 14 – 1878 අගෝස්තු 23: හ' රෝයල් හෛනස් ප්‍රින්සස් මාරි ඔෆ්‍ ප්‍රෂියා (රාජකීය උත්තමාවිය ප්‍රෂියාවේ මාරි කුමරිය)
  • 1878 අගෝස්තු 23 – 1885 මැයි 6: හ' රෝයල් හෛනස් ප්‍රින්සස් හෙන්රි ඔෆ් ඔරේන්ජ්-නෑසෝ; ප්‍රින්සස් ඔෆ් නෙදර්ලන්ඩ්ස් (රාජකීය උත්තමාවිය ඔරේන්ජ්-නෑසෝහි හෙන්රි කුමරිය; නෙදර්ලන්තයේ කුමරිය)
  • 1885 මැයි 6 – 1888 ජුනි 20: හ' රෝයල් හෛනස් ප්‍රින්සස් ඇල්බර්ට් ඔෆ් සැක්ස්-ඇල්ටෙන්බර්ග් (රාජකීය උත්තමාවිය සැක්ස්-ඇල්ටෙන්බර්ග්හි ඇල්බර්ට් කුමරිය)

මුතුන්මිත්තන්[සංස්කරණය]

ආශ්‍රිත ග්‍රන්ථ[සංස්කරණය]

  • C. ආර්නල්ඩ් මික්නෝටන්: The Book of Kings: A Royal Genealogy, වෙළුම් 3කින් (ලන්ඩන්, එ.රා.: ගාර්න්ස්ටෝන් මුද්‍රණාලය, 1973), වෙළුම 1, පිටුව 66.

යොමු[සංස්කරණය]