ප්‍රථම සඳ තරණය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ප්‍රථම සඳ තරණය


දිනය - 1969 . 07. 21

වෙලාව - ප. ව. 7 .02

යානය - ඇපොලෝ 11

අභ්‍යවකාශගාමින්

  • නීල් ආම්ස්ටෝන්
  • මයිකල් කෝලින්ස්
  • එඩ්වින් ඕල්ඩ්‍

හැඳින්වීම[සංස්කරණය]

19-20 ශතවර්ෂවලදී තාරකා විද්‍යාත්මක ‍‍ක්ෂේත්‍රයේ සිදු වූ තාක්ෂණික දියුණුවත් නව උපකරණ නිපදවීමත් සමග අභ්‍යවකාශ තාක්ෂණය වේගයෙන් දියුණු විය.මෙහි ප්‍රතිඵලයක් ලෙස සඳ මත පා තැබිම සිදුවිය. සඳ මත පා තැබීම අභ්‍යවකාශ තරණයේ ඉතා වැදගත් පියවරක් විය.සඳ මත පා තැබි‍මේ කාර්ය සදහා පියවර කිහිපයක් සහය විය.ඒවා නම්‍,


1.(1561-1642) ගැලිලියෝ ගැලිලි නක්ෂත්‍ර දුරේක්ෂය මුලින්ම නිපදවීම .

2.(1642-1727) අයිසැක් නිව්ටන් "ගුරුත්වාකර්ශන නියමය" ඉදිරිපත්කිරීම.

3.1957 සෝවියට් සංගමය(සංචාරක සගයා) "ස්පුට්නික්" නමැති ප්‍රථම කෘත්‍රිම චන්ද්‍රිකාව ගුවන් ගත කිරිම.

4.1961 යුරි ගගාරින් අභ්‍යවකාශය ජය ගැනීම.

5.1961 ඇමරිකා එක්සත් ජනපදය නාසා ආයතනය පිහිටුවා ගැනිම.

ප්‍රථම සඳගාමීන්[සංස්කරණය]

නීල් ආම්ස්ට්‍රෝංග්

'1.නීල් ආම්ස්ට්‍රෝංග්- 1930 අගෝස්තු 5 ඇමරිකාවේ චැපකොන්ට් ගම්මානයේ උපත ලැබිය.වයස අවුරැදු 14 සිට ගුවන්යානා පැදවු ඔහු 1955 ගුවන් කටයුතු පිළිබද ඉන්ජිනේරැ උපාධිය ලැබුවේය.


2.මයිකල් කෝලින්ස්- 1930 ඔක්තෝම්බර් 31 වනදා ඉතාලියේ උපත ලැබු අතර යුධ පවුලකින් පැවත එයි.1966 ජූලි 18 ජේම්ස් යං සමග අභ්‍යවකාශයෙහි දින 3ක් ගත කළේය.

3.එඩ්වින් ඔල්ඩ්‍රිරින් 1930 ජනවාරි 30 ඇමරිකාවේ නිව් ජර්සි නගරයේ උපත ලැබුවේය.1951 දී විද්‍යාවේදී උපාධියක් ලැබු ඔහු 1963දී විද්‍යා ආචාර්ය උපාධිය ලැබුවෙකි.

අභ්‍යවකාශයානය[සංස්කරණය]

ඇපලෝ11 යානය

මෙම යානය කොටස් තුනකින් සමන්විත විය.ඒවා නම්,

1.පාලන මොඩියුලය(මවු යානය)

2.සේවා මොඩියුලය

3.චන්ද්‍ර යානය(රාජාලියා)'

මෙය නාසා ආයතනය විසින් නිපදවු අතර එහි ක්‍රියාකාරිත්වය විමසීමට කැනරි දුපත් ආදියෙහි මධ්‍යස්ථාන රැසක් පිහිටුවා තිබුණි.නාසා ආයතනය විසින් මර්කරි, ජෙමිනි යන යෝජනා ක්‍රමවලට පසුව දියත් කරන ලද ඇපලෝ යෝජනා ක්‍රමය මගින් මෙම යානාව ගුවන් ගත කරන ලදි.මෙම යානය ටොන් 3100 බරකින් යුක්ත විය.


ගුවන් ගමන ඇරඹිම[සංස්කරණය]

ඇපලෝ 11 යානය,සැටර්න් 5 නම් රොකටය මගින් ගුවන් ගත වුහ.ගුවන් ගත වි විනාඩි 11 තත්පර 42 කට පසුව සැටර්න් රොකටයේ ක්‍රියාකාරිත්වය නවතා පෘථිවිය වටා කක්ෂ ගත වුහ.පසුව නියමුවන් රැගත් ඇපලෝ යානය කිසිවකුගේ මෙහෙයවීමකින් තොරව සඳ වටා කිහිපවරක් ගමන් කර ඇත.මෙහිදි හුස්ටන් මධ්‍යස්ථානය සමග නිරතුරැ ව පණිවිඩ හුවමාරැ කර ගත්හ.


සඳ මත කාර්යය[සංස්කරණය]

සඳ මත දර්ශනයක් 


1-ජූලි 21 ශ්‍රි ලංකාවේ වේලා‍වෙන් පෙරවරැ 8.08ට නීල් ආම්ස්ටෝන් චන්ද්‍රයානයේ දොරටුව විවෘත කර සඳ මතට පා තැබීම.පා තැබිමෙන් පසු කළ ප්‍රකාශය

"මෙය මිනිසෙකුගේ එක් පියවරක් පමණයි.එහෙත් මෙය මිනිස් සංහතිය ම ඉදිරියට තැබු වේග‍වත්ම පිම්මක් වනු ඇත." (නීල් ආම්ස්ට්‍රෝංග්)

2-දෙවනුව ඕල්ඩ්‍රින් සඳ මතට පා තැබීය.

3-රිදියෙන් නිමකළ සමරැවක් සඳ මත සවිකීරිම.එහි මෙ‍සේ සදහන් විය.

"වර්ෂ එක්දහස් නවසිය හැටනවයක් වු ජුලි 21 දින පෘථිවි ග්‍රහයා වෙතින් පැමිණි මුල්ම මිනිස්සු සඳ මතට පා තැබුහ.සාමය පතා අපි මෙහි පැමිණියෙමු."

4-සූර්ය සුළං රඳනකය නමැති උපකරණය සවි කිරීම.

5-ඇමරිකානු ජාතික ධජය තැන්පත් කිරීම.

6-නීල්ආම්ස්ට්‍රෝංග් විශේෂ ආයුධයක් යොදා ගෙන චන්ද්‍ර පාෂාණ සහ පස් කිලෝග්රැම් 380 ක් විශ්ලේෂණය සඳහා එක්රැස් කර ගත්තේය.

ආපසු පෘථිවි තලයට පැමිණීම[සංස්කරණය]

නියමුවන් තිදෙනා රැගත් ඇපලෝ යානය ජුලි 24 වනදා රාත්‍රියේ පැයකට සැතපුම් 24,641 වේගයෙන් පෘථිවි වායුගෝලයට ඇතුළු විය."හෝර්නට් " නැමති නෞකාව ඇපලෝ යානය ‍ගොඩ බැස්සවීමේදි සිදුවන අනතුරැ වළක්වාලීමට සුදානමින් සිටියේය.පැරෂුට් කුඩ තුනකින් යානයේ වේගය අඩු කරනු ලැබිණි.


ප්‍රථම සද ගමනින් පසු[සංස්කරණය]

ඇපලෝ17 යානය


1969 ජූලි මස සිදු වු සඳ තරණයෙන් පසු ‍බොහෝ රටවල් සඳ තරණයට උනන්දු වුහ.

1.ඇමරිකානු විද්‍යාඥයෝ ඇපලෝ 12,13,14,15,16,17 මගින් සඳ පිළිබද ‍තොරතුරැ ග‍වේෂණය කිරිම.

2.1969 නොවැම්බර් මස ඇපලෝ 12 යානයෙන් සඳ වෙත ගිය චාල්ස් ‍ කොන්රඩ් ,ඇලන් බීන් සහ රිචඩ් ගොර්ඩන් සඳ මත පර්යේෂණාගාරයක් පිහිටු වීම.

3. ඇපලෝ 16 දුරදක්නයක් සඳ මත සවි කිරිම

4. ඇපලෝ 17 සඳ මතට යැවීම

5.1972 දෙසැම්බර් 07 වන දින චැලෙන්ජර් චන්ද්‍රයානය සඳ මත ගොඩ බැසීම හා කෘත්‍රිම චන්ද්‍රිකාවක් සඳ වටා කක්ෂ ගත කිරිම.

මේවාත් බලන්න[සංස්කරණය]

මුලාශ්‍ර[සංස්කරණය]

  • Neil Armstrong
  • NASA
  • හත ශ්‍රේණිය සිංහල භාෂාව හා සාහිත්‍යය පෙළ පොත(2008), අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව,
"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රථම_සඳ_තරණය&oldid=457397" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි