ප්‍රතිවෛරස ( නේවාසික වෛරස - Resident Viruses)

විකිපීඩියා වෙතින්

රෙසිඩන්ට් වෛරසවල ද , නන් රෙසිඩන්ට් වෛරසවලට සමාන පුණර්ජනාත්මක මොඩියුලයක් අඩංගු වේ. කෙසේ නමුත් මෙම මොඩියුලය සෙවුම් මොඩියුලයක් මගින් කැඳවනු නොලැබේ. ඒ වෙනුවට වෛරසය ක්‍රියාත්මක කළ විට එය පුණර්ජනාත්මක මොඩියුලය මතකයට ඇතුල් කර මෙහෙයුම් පද්ධතිය ‍යම් කාර්යයක් සිදු කරන සෑම අවස්ථාවක දීම එය ක්‍රියාත්මක කරවීමට වග බලා ගනී. උදාහරණයක් ලෙස මෙහෙයුම් පද්ධතිය ගොණුවක් විවෘත කරන සෑම අවස්ථාවකම පුණර්ජනාත්මක මොඩියුලය ක්‍රියාත්මක විය හැකිය. මේ නිසා වෛරසයක් පරිගණකයේ ක්‍රියාත්මක වන සෑම සුදුසු ක්‍රම‍ෙල්ඛයක්ම ආසාදනය කරයි.

රෙසිඩන්‍ට් වෛරස සමහර විටෙක වේගවත් ආසාදනයන් හා මන්දගාමී ආසාදනයන් යනුවෙන් උප කොටස් ‍දෙකකට බෙදේ. වේගවත් ආසාදනයන් නිර්මාණය කර ඇත්තේ හැකිතාක් ගොණු ආසාදනය කිරීමටය. උදාහරණ ලෙස වේගවත් ආසාදනයන්ට ඇතුල්වන සියලු විභව සත්කාරක ගොණු ආසාදනය කළ හැක. මෙය ප්‍රතිවෛරස මෘදුකාංගවලට විශේෂ ප්‍රශ්නයක් ඇති කරයි. ප්‍රතිවෛරස මෘදුකාංග පුළුල් පද්ධති පරිලෝකනයක් සිදුකරන සෑම අවස්ථාවකදීම සෑම විභව සත්කාරක ගොණු සියල්ලටම ඇතුල් වේ. එවැනි වෛරසයක් මතකයේ ඇති බව වෛරස ස්කෑනරය තුළට ඇතුල් වී පරිලෝකනය කළ සියලු ගොණු ආසාදනය කළ හැක. වේගවත් ආසාදකයන් පැතිරීමේදී ඔවුන්ගේ වේගවත් ආසාදන සීඝ්‍රතාව ආධාර කර ගනී. මෙම ක්‍රමයේ අවාසිය වන්නේ ගොණු විශාල ප්‍රමාණයක් ආසාදනය කිරීම නිසා පහසුවෙන් අනාවරණය විය හැකි වීමයි. මෙම වෛරස පරිගණකවල වේගය අඩු කරන නිසා හෝ ප්‍රතිවෛරස් මෘදුකාංගවල අවධානයට යොමු වන ක්‍රියා සිදු කිරීම නිසා අනාවරණය පහසුවෙයි. මන්දගාමී ආසාදකයන් සැලසුම් කර ඇත්තේ සත්කාරක ගොණු සීඝ්‍රව ආසාදනය කිරීමට නොවේ. උදාහරණ ලෙස සමහරක් මන්දගාමී වෛරසවලට ගොණු පිටපත් කිරීමේදී ආසාදනය කළ හැක. මන්දගාමී වෛරස ඒවායේ ක්‍රියාකාරිත්වය සීමා කිරීමෙන් අනාවරණය වළක්වා ගැනීමට සැලසුම් කර ඇත. එය පරිගණකයේ අවධානයට බදුන්වන ලෙස මන්දගාමී නොකරන අතර ප්‍රතිවෛරස මෘදුකාංගවල අවධානය බඳුන් වන සැක කටයුතු හැසිරීම් දක්වන්නේ ඉතා අල්ප වශයෙනි. කෙසේ නමුත් මන්දගාමී ආසාදන ක්‍රියා පිළිවෙල සාර්ථක ලෙස නොසැ‍ලකේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Computer_virus#Resident_viruses