Jump to content

පශ්ච ලෝකඩ යුග අභිපාතය

විකිපීඩියා වෙතින්
පශ්ච ලෝකඩ යුග අභිපාතය තුලදී සිදුවූ ආක්‍රමණ. වැනසීම් සහ ජනගහණ සංචලන

පශ්ච ලෝකඩ යුග අභිපාතය යනු, ක්‍රිපූ 12වන සියවසෙහිදී, මධ්‍යධරණී ද්‍රෝණියෙහි සමාජමය අභිපාතයක් සිදුවූ කාලසීමාවක් වෙයි. එය විසින්, නැගෙනහිර මධ්‍යධරණි ප්‍රදේශය සහ මෑත පෙරදිග බොහෝ භූමි ප්‍රමාණයකට, විශේෂිත වශයෙන් ඊජිප්තුව, ඇනටෝලියාව, එජියානු ප්‍රදේශය, නැගෙනහිර ලිබියාව, සහ බෝල්කන් ප්‍රදේශ වෙතට බලපෑම් ඇති කල බව සිතනු ලැබෙයි. මෙම අභිපාතය, බොහෝ ලෝකඩ යුග සංස්කෘතීන් වෙත විගසින් සිදුවූ, ප්‍රචණ්ඩකාරී සහ සංස්කෘතික වශයෙන් කඩාකප්පල්කාරීවූ බලපෑම් ඇති කල අතර, ප්‍රදේශයෙහි පෙර වැජඹුනු බලකේන්ද්‍ර මත තියුණු ද්‍රව්‍යමය අවනතින් උපදවීය.

පශ්ච ලෝකඩ යුගය ලක්ෂණනය කල මයිසනියානු ග්‍රීසියෙහි රාජ මාළිගා ආර්ථිකය, එජියන් ප්‍රදේශය, සහ ඇනටෝලියාව බිඳීගොස්, ප. 1100 සිට ප. 750 ක්‍රිපූ දක්වා පැවැති ග්‍රීක දුර්භාග්‍ය සමයෙහි කුඩා විසංගත ගැමි සංස්කෘතීන් බවට පරිවර්තනයවී , ඉක්බිතිව ප්‍රකට පෞරාණික යුගය එළිදැක්විණි. ඇනටෝලියාව සහ ලෙවන්තය පුරා පැතිර තිබූ හිටයිට් අධිරාජ්‍යය බිඳ වැටුනු අතර, මෙසපොටේමියාවෙහි මධ්‍ය ඇසිරියානු අධිරාජ්‍යය සහ නව ඊජිප්තු රාජධානිය වැනි රාජ්‍යයන් දුර්වල ආකාරයකට පත්වී එනමුදු නොනැසී පැවතිනි. ෆිනීෂියන්වරු වැනි අනෙකුත් සංස්කෘතීන්, ස්වතන්ත්‍රතාවයෙහි සහ බලාධිකාරයෙහි වර්ධනයක් භුක්තිවින්දේ බටහිර ආසියාව තුල ඊජිප්තුවෙහි සහ ඇසිරියාවෙහි හමුදාමය පැවැත්ම හායනයවීම නිසාවෙනි.

"https://si.wikipedia.org/w/index.php?title=පශ්ච_ලෝකඩ_යුග_අභිපාතය&oldid=758539" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි