Jump to content

පල්ලේගම ශ්‍රී සුමන ධම්මරක්ඛිත සිරිනිවාස නාහිමි (1997-2022)

විකිපීඩියා වෙතින්

1953 ජනවාරි 02 වැනි දින මාතලේ දිසාවේ පල්ලේගම නමැති ගම්පියසේ පල්ලේගම දුක්ගන්නා වලව්වේ කුළුඳුල් පිරිමි දරුවා ලෙස උපත ලද සිරිනිවාස නාහිමියන්ගේ පියා දුක්ගන්නා වලව්වේ ටිකිරි බණ්ඩාර නිලමේතුමාය. මව දුක්ගන්නා වලව්වේ අනුලා කුමාරිහාමි මාතාවය. උන්වහන්සේගේ ගිහි නම දුක්ගන්නා වලව්වේ ජයතිලක වේ.

1968 වසරේ අනුරාධපුර ශ්‍රි මහා බෝධියේ උඩමළුවෙහිදී සසුන්ගත වූ පල්ලේගම සිරිනිවාස නාහිමි එවකට අටමස්ථානාධිපති ධූරය දැරූ ඉඳුරුව හල්මිල්ලෑවේ රේවත නායක නාහිමියන්ගේ කාරුණික ඉල්ලීම පරිදි රුවන්වැලි මහා සෑයේ වැඩබලන විහාරාධිකාරි හිමියන් වශයෙන් බොහෝ ඇපකැප වීමෙන් කටයුතු කළ අතර අනතුරුව බෝමළුව පන්සලට නිත්‍ය වාසය සඳහා වැඩම කළහ' පසුව අටමස්ථානාධිපති ඤාණරතන නාහිමියන්ගේ මග පෙන්වීම අනුව මිරිසවැටිය චෛත්‍යාරාමයේ විහාරාධිකාරි ලෙස පත්වීමෙන් වැඩබැලීමත්" අනතුරුව අභයගිරි විහාරයේ වැඩ බැලිමත් උන් වහන්සේ අතින් සිදුවිය' අනලස්ව හා දක්ෂ ලෙස කටයුතු සම්පාදනය කළ සිරිනිවාස හිමියෝ කාගේත් ගෞරවාදරයට පාත්‍රවූ අතර 1995 වසරේදී රුවන්වැලි මහා චෛත්‍යයරාමාධිකාරිධුරයට පත්වූහ' මෙනිසා එම වසරේදීම කාර්යශූර සිරිනිවාස හිමියන් උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක පදවියට පත්වූහ' එවකට අටමස්ථානාධිපති ධූරය හෙබවූ පල්ලේගම ඤාණරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අටමස්ථානාධිපති ධුරයට සිරිනිවාස නාහිමියන් 1997 පත්වුහ. එතැන් සිට වසර 25 ක් අටමස්ථානාධිපති හිමි ලෙස සුවිශේෂී මෙහෙවරක් කළ උන්වහන්සේ 2022 ඔක්තෝබර් 19 දා අපවත්වූහ.්්