Jump to content

පරිශීලක සාකච්ඡාව:Roshika Gunarathne

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්

[සංස්කරණය]

පැමු  නුන බව අසා හටගත් සිතේ       තුටු
කුමු   දක් ලෙසින් පිබුදුනි සද කිරණ     දුටු
සමු  දා යසස් පිරිවර සවු ඉසුරු         දෙටු
හමු  වේවා ජය ඔබට දෙවි බලෙන්     ඉටු

මෙලොවට  පරලොවට හිත වැඩ         සැලසීම
කෙනෙකුට  හැකිය රුසිනම් හැම          තැනදීම
විකියට    පැමිණි මේතුමියගෙන් නොව    ලාම
හරියට     වෙනවා සත්තයි එය   නිසැක        වම
--RsEkanayake 15:29, 10 අප්‍රේල් 2016 (යූටීසී)Reply

ආයුබෝවන්!

[සංස්කරණය]
විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් Roshika Gunarathne, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 08:23, 21 අප්‍රේල් 2016 (යූටීසී)Reply

විකීපොත

[සංස්කරණය]

අපගේ පරිශීලකවරු විසින් සිංහල භාෂාව සම්බන්ධ විකීපොත සංවර්ධනය කිරීමට ආරම්භ කොට තිබේ. (මේ සබැදිය බලන්න.) මේ විකිපොත සංවර්දනයට ඔබටත් හැකියාව පවතීනම් වටිනා දායකත්වයක් ලබාදෙන්න. ස්තූතියි --L Manju (talk) 08:23, 21 අප්‍රේල් 2016 (යූටීසී)Reply

මෙම විකිපොත් අඩවිය වෙත එන්න

[සංස්කරණය]

පරිශීලක: L Manju විසින් යෝජිත අඩවිය වෙනුවට මෙම විකිපොත් අඩවිය වෙත පිවිස එය ප්‍රවර්ධනය කරන මෙන් ඉල්ලා සිටිමු. විකිමාධ්‍ය තුල පිළිගැනුමට ලක්ව ඇත්තේ මෙම අඩවිය වන අතර එය වඩාත් සංවර්ධනයකට ලක්ව ඇත. --- Shwetha (talk) 15:09, 21 අප්‍රේල් 2016 (යූටීසී)Reply

පැහැදිලි කිරීමක්

[සංස්කරණය]

ඉහත මා විසින් පරිශීලක ඔබ වෙත පෙරදී යොමු කෙරූ සබැදිය ඉංග්‍රීසි විකියට අයත් විකීපොත් අඩවියයි. සිංහල භාෂාව මවු බස නොවන අයට සිංහල බස පිළිබද දැනුමක් ගැනීම උදෙසා මේ වන විට එහි සිංහල භාෂාව සම්බන්ධ විකීපොතක් සංවර්ධනය වෙමින් පවතී. දැනට එහි බොහොමයක් භාෂාවන්ට අයත් අදාල පොත් රැසක් නිර්මාණය වී පවතී. උදා ප්‍රංශ, දෙමළ, ස්පාඥ්ඥ, කොරියන්, හින්දි වැනි බෝහොමයක්. විකිපොත මාතෘකාව යටතේ මා විසින් පරිශීලක ඔබ වෙත පණිවුඩයක් යොදමින් එම සබැදිය දැක්වූයේ ඒ වෙත ගොස් අදාල පණිවුඩයෙන් දැක්වූ කරුණ පිළිබද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන නිසයි. කෙසේ නමුදු මෙම විකිපොත් අඩවිය වෙත එන්න යන මාතෘකාවෙන් යුතු පසු පණිවුඩය යොදමින් උක්ත පරිශීලකයා මා විසින් දැක්වූ අඩවිය වෙනුවට සිංහල විකියට අයත් සිංහල විකීපොත් සංවර්ධනයට දායකවන්නැයි ඉල්ලා තිබූ අතරම විකීමාධ්‍යහී වඩා පිළිගැනීමට ලක්ව ඇත්තේද එම අඩවිය යන්න දක්වා තිබෙනවා. මා විසින් ඔබතුමන් වෙත අවධානයට යොමුකෙරූ සබැදිය වෙනුවට ඊට කිසිදු සම්බන්ධයක් නොමැති වෙනත් සබැදියක් පිළිපදින ලෙස එම පරිශීලකයා විසින් යෙදූ පසු පණිවුඩයෙහි දක්වන්න යෙදෙන්නට ඇත්තේ කුමන අනවබෝධාත්මක හේතුවක් නිසාවෙන්දැයි යන්න මා නොදනිමි. සසදා බැලීමේදී ස්ථීර හා තහවුරු පරිශීලකයන් අතින් නිතරම පාහේ යාවත් කාලීන නොවන සිංහල විකීපොත් හා සක්‍රීය පරිපාලකවරු හා පරිශීලකයන් රැසක් යටතේ යාවත් කාලීන වන ඉංග්‍රීසි විකී පොත් යන ඉහත පරිශීලකයා හා මා විසින් ගෙනහැර දැක්වූ මෙම අඩවි ද්විත්වයම විකීමාධ්‍ය වෙතින් සම අනුග්‍රහයට හා පිළිගැනීමට ලක්ව තිබේ. ස්තූතියි --L Manju (talk) 07:28, 24 අප්‍රේල් 2016 (යූටීසී)Reply