පරිශීලක සාකච්ඡාව:Nipuna Piyasumana

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

අද දින සිංහල විකිපීඩියාවේ ගිණුම් තැනූ පරිශීලක:දුෂ්මන්ත, පරිශීලක:සංඡීව, පරිශීලක:Nipuna Piyasumana, පරිශීලක:හේෂාන්, පරිශීලක:මිතිල සහ පරිශීලක:Yasas N. Senadheera සාදරයෙන් පිලිගනිමු ! විනාඩි 40ක් ඇතුලත නව පරිශීලක ගිණුම් 6ක් තැනීම සිංහල විකිපීඩියාව ලද භාග්‍යයක් සේ සලකමි. Singhalawap (talk) 06:44, 26 මාර්තු 2011 (යූටීසී)[reply]

                                        බෙල්ගොඩකන්ද

බෙල්ගොඩකන්ද ග්‍රාමයේ පිහිටීම කුරුණෑගල දිස්ත්‍රික්කයේ මල්ලවපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් අංක 751 බෙල්ගොඩකන්දග්‍ ග්‍රාමනිළදාරී වසමට අයත් මෙම ග්‍රාමය තිරගම් දහය නැ‍‍ගෙනහිර කෝරලයට අයත් ගම්මානයකි. මෙය කුරැණෑගල ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කදු ආශ්‍රිතව පිහිටි ගමකි.මෙම ගමට පිවිසුම් මාර්ගය පිහිටා ඇත්තේ කුරැණෑගල, කටුපිටිය හරහා රඹුක්කන මාර්ගයේ කොස්ගොල්ල හංදියෙන්(බෝ ගස) අතුරු මාර්ගයේ කි.මි. 2.5 ක් පමණ දුරිනි. තවද බෙල්ගොඩකන්ද ගමට පිවිසීමට තවත් මාර්ගයකි. ඵනම් මාවතගම රඹුක්කන ප්‍රධාන මාර්ගයේ මුවන්කන්ද හංදියෙන් කි.මි. 2.5 ක් පමණ (කැටවල ගම පසු කොට) ගිය තැනය. මෙය මනරම් ගම්මානයකි. මෙය කදු ආහ්‍රිතතව පිහිටි ගමක් බැවින් තද බෑවුම් සහිතය. ජන ගහනය පවුල් 80 ක් පමණ ජීවත් වන මෙම ගමේ ජන ගහනය කුඩා ළමුන්ද ඇතුළුව 300 ක් පමණ වේ. සම්පූර්ණ ගම් වැසියන් සිංහල බෞද්ධයන් වේ. ආදායම් මාර්ග. පොල්, පුවක්, රබර්, කරාබු ආදී බෝග වර්ග ප්‍රධාන ආදායම් මාර්ගවේ. ඊට අමතරව කෘෂිකර්මාන්තයදබ තවත් විවිධ කර්මාන්තද මෙම ග්‍රාමයේ පිහිටා ඇත.

පොදු පහසුකම්‍ විදුලි බල පහසුකම් ඇත. විදුලි බලය ගමට ලැබී ඇත්තේ 1998 වසරේ සිටය. ප්‍රධාන මාර්ගයේ මාවතගම සිට කැටවල හරහා බෙල්ගොඩකන්ද දක්වා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් ධාවනය වන අතර පුද්ගලික බස් රථයක්ද ධාවනය වේ. අධ්‍යාපන පහසුකම් ගමෙහි ළමුන් බොහොමයක් කැටවල කණිටු විදුහලෙන් අධ්‍යාපනය ලබන අතර ඇතමුන් වෙනත් පාසල් වලටද යති. බෙල්ගොඩකන්ද ග්‍රාමයේ බොහෝ සිසුන් පාසලට අමතරව දැනුම ලබා ගැනීම සදහා මාවතගම නගරයේත් ඉ ගම්මාන නැණසල මධ්‍යස්ථානයේත් පවත්වනු ලබන අමතර පංති සදහා යති.බෙල්ගොඩකන්ද ග්‍රාමයේ ළමුන් දහම්පාසල් අධ්‍යාපනය ලබා ගැනීම සදහා අසල්වැසි ගම් හා නගර වලඇති දහම් පාසල් කරා යති. සංස්කෘතිය මෙම ග්‍රාමයේ ඇත්තේ බුදුදහම ආශ්‍රිත සංස්කෘතියකි.මෙහි ජීවත් වන්නේ අන්‍යෝන්‍යය සම්බන්දතාවයෙන් එකිනෙකාට උදවු කර ගනිමින් සමගි සමාදානයෙන් ජීවත් වන මිනිසුන් කොට්ඨාශයකි. ඉද හිට සුළු ගැටුම් ඇති වුවද ඒවා දුර දිග යන්නේ නැත. ස්වාභාව සුන්දරත්වය මෙම ගම්මානය ස්වාභාව සුන්දරත්වය අතින් ඉහළම තැනක් උසුලයි. අලංකාර මල් පැළෑටි, කදු වැටි හා බෑවුම්, තණ බිම් හා සත්ව විවිධත්වය යනාදියෙන් විශාල ජෛව විවිධත්වයකට මෙම ගම උරුමකම් කියයි.කදු මුදුනින් ගලා හැලෙන නිල්වන් ඇල මාර්ග, නිශාචර පක්ෂීන්ගේ නිවහන් වූ ගුප්ත බවක් පෙන්වන අදුරු ගල් ගුහා හා පොළවට ඉහළින් ඇති තුරු වියන් ආදිය මෙම ග්‍රාමයේ ඇති නෙත සිත පිනවන මනරම් දසුන්ය. හාතාවාරිය, ගොනුකෑ, තිප්පිලි, නවහන්දි වැනි ඖෂධ පැළෑටි කොස්, ඇටඹ, කජු, කහට, මිල්ල, මාදං, හොර, සපු, නුග හික්, කිතුල්, කැටකලා, වෙරළු වැනි පළතුරු හා දැවමය වටිනාකමකින් යුත් ගස් වර්ග, ඇල්ගි, දිලීර, ලයිකන, මීවන හා අපි ශාක, විශේෂයෙන් මෙරටට ආවේණික දුර්ලභ මෙන්ම වදවී යෑමේ තර්ජනයට ලක්ව සිටින උඩවැඩියා විශේෂද, සත්ව විශේෂ අතර වැලිමුවන්, දඩුලේනුන්, මුගටින්, මීමින්නන්, කබල්ලෑවන්, උරුළෑවුන්, උගුඩුවන්, වල් බළලුන්, හිවලුන්, හාවුන්, රිලවුන්ද පක්ෂීන් ද උරගයන්ද උභය ජීවීන්ද සමනළයින් ඇතුළු කෘමි වර්ගද මෙම ග්‍රාමය හා අවට ඇති පරිසරය තම නිවහන කර ගෙන ජීවත් වෙති. ඒ පමණක් නොව ඒකාකාරී ජීවිතයේ,විඩාව පීඩාව සංසිදුවා වින්දනය, සතුට. විනෝදය ගෙන එන සුන්දර බෙල්ගොඩකන්ද ග්‍රාමය පාරාදීසයක සිහින මවයි. ගමට දකුණු පසින් තේජාන්විතව නැගී සිටින සීනුවක හැඩ ඇති, වයඹ සඹරගමු පළාත් දෙකටත් කුරැණෑගල කෑගල්ල දිස්ත්‍රික් දෙකටත් මායිම්ව ඉංග්‍රීසි යුගයේ සරු තේ වත්තක්ව පැවති (බෙල් මවුන්ට්) යනුවෙන් එකල හැදින්වූ බෙල් කන්ද බෙල්ගොඩකන්ද යනුවෙන් වර්තමානය වන විට විකාශනය වී ඇත. ගමට උතුරු දෙසින් ඇත්තේ එගොඩකන්ද නමින් හදුන්වන තවත් මනරම් කදු වැටියකි. බෙල්ගොඩකන්ද ග්‍රාමයේ හා අවට ගම්වල වාසය කරන බොහෝ ප්‍ර‍දේශවාසීන් අපට නිදහස ලැබුනු දින සැමරීම සදහා පෙබරවාරි හතර වන දින මෙම කදු තරණය කිරීමට එක්වෙති. මෙම කදු තරණය කරනවුන්ට එම ගමන ඉතා සතුටුදායක හා ත්‍රාසජනක අත්දැකීමක් වනු නොඅනුමානය. බෙල්ගොඩකන්ද ග්‍රාමයේ හා අවට පරිසරයේ දක්නට ලැබෙන ශ්‍රී ලංකාවට ආවේණික, ශාක සමහරක් ගොඩපර, කරපිංචා, ගල්කෑර, කෑර, බෝවිටියා, හරන් කහ, වෙසක් මල්, ඉද්ද, කීන, කූඩළු, ඇටඹ, හොර, බැදි දෙල්, වල් ඉගුරැ, ගෝනවැල්, බිනර, ගොරක, කුඩුමිරිස්ස, කුරැදු, වල්කෝපි, දෝතළු කුරුල්ලෝ සමහරක් අළු දෙමලිච්චා, ඇටිකුකුළා, කොට්ටෝරැවා, ලංකා සැළලිහිණියා, කැහි බෙල්ලා, මල් කොහා, ක්ෂීරපායින් සමහරක් රිළවා, දඩුලේනා, කලවැද්දා, හික්මීයා සර්පයින් සමහරක් පලා පොළගා, දිය නයා,ලේ මැඩිල්ලා, දෙපත් නයා, හාල් දණ්ඩා

Nipuna Piyasumana[සංස්කරණය]

                                          NIPUNA PIYASUMANA

I am Nipuna Piyasumana. I am sixteen years old. I live in Belgodakanda. It is in Kurunagala district. Our village is very beautiful. It is not a village it is a forest. There are some people in our village. There are about 300 people live in our village. There is a two shop in our village. My father is in the Bank. He is banker. He is Wigitha Piyasumana. My mother is a house wife. She is Wigitha Pathmini Weerasingha. And I have a sister. She is Dinithi Pranipa Piyasumana .She is in grade 05. I love her very much .My best friend is Heshan Edirisingha. He is in Belgodakanda. He is a clever boy. My mother, father and sister help me much to do my studies. I love them very much. I go to Ibbagamuwa Central Collage. I go to my school from school van. I go to my school very happy. I can Maths very well. In these day i am doing my studies in our Centre. We are learning freely. My IT teachers are Eranda Premarathna sir and Shashika sir. they are teaching us very well. I love them very much.

e-mail address: nipunapiyasumana@gmail.com

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය[සංස්කරණය]

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)[reply]