පරිශීලක සාකච්ඡාව:N. SUMANGALA

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පෙරදිග ආගම බටහිර ආගමෙන් වන අයුරු

පෙරදිග ආගමික සන්දර්භය සහ අපරදිග ආගමික සන්දර්භය විමසා බැලීමේදී එකී පසුබිම් තුළින් හාත්පසින් වෙනස් ගන්වන සුවිශේෂී වූ කරුණු මෙහිදී අපට මැනවින් දෘශ්‍යමාන වේ. සියලු ආගම් තුළින් මානව ශිෂ්ටාචාරයේ භ්‍යත්වය, සදාචාරය, තුළින් ආඩ්‍ය වූ මිනිසාගේ දුක කෙළවර අවසන ශාන්ති සුවය අපේක්ෂා කරයි. කරුණු එසේ වුවත් මිනිසාගේ සදාකාලික සුවය පිළිබඳ ඉගැන්වීම සිත්තම් කිරීම ආගම් එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. මෙහිදී ලෝකයේ බිහි වූ ආගම් පෙරදිග හා අපරදිග වශයෙන් බෙදා දැක්වීමේදී එකී කොටස් ද්විත්වය තුළින් නිරූපණය වන ලක්ෂණ එකිනෙකට වෙනස් වන අයුරු පහත් අයුරින් දක්වාලිය හැකිය. පෙරදිග ආගම් තුළ බහුදේවවාදය සඳහා ප්‍රධානත්වයක් ලබාදෙන අතර අපරදිග ආගම් තුළින් සර්වබලධාරී ඒක දේව වාදයක් ප්‍රධාන වශයෙන් ඉස්මතු වේ. ස්වභාව ධර්මයට අනුව ලෝකය හැඩගැසී ඇති ආකාරය සහ ස්වභාව ධර්මය පදනම් කරගනිමින් පෙරදිග ආගම් ඉගැන්වීම් ඉදිරිපත් කළ නමුත් බටහිර ආගම්ක පැතිකඩ තුළින් එවැන්නක් නිරූපණය වන්නේ නැත. මානව සමාජයේ සුබසිද්ධියට නිතැතින්ම අවැසි මිනිසුන් තුළ පැවතිය යුතු ධනාත්මක පැතිකඩක් ලෙස දයාව කරුණාව ෛත්‍රිය සමගිය දාචාරය සහ සභ්‍යත්වය පෙරදිග ආගම් තුළ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන මුත්, අපරදිග ආගම් තුළ වැඩිවශයෙන්ම ආධානග්‍රාහී දෙවියන් වහන්සේ මත ඒ සියල්ල පැවතින බවත් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි එය මිනිසාට ලැබෙන බවත් අවධාරණය කරයි. “සබ්බේ සත්ථා භවන්තු සුඛිසත්තා” සියලු සත්වයෝ සුඛී සුවපත් භාවයට පත් වෙත්වා, වැනි මෛත්‍රී කරුණාව මූලික කොටගත් අහිංසාවාදී ඉගැන්වීම් පෙරදිග ආගම් තුළ බහුලව දක්නට ලැබේ. එසේම පරම අවිහිංසාවාදී ඉගැන්වීම් මූලික කොටගත් ජෛන දහම වැනි ඉගැන්වීම් පවා පෙරදිග ආගම්ක සන්දර්භය තුළ බිහිවී ඇත. බටහිර ආගම් තුළ තම සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙරෙහි දේව පූජාවන් ඉටුකිරීමේදී බිලිපූජා සැපයීම බහුලව දක්නට ලැබෙන අතර එසේ සිදුකිරීම දෙවියන් වහන්සේගේ පරම ආශිර්වාදයට ලක්වූ අයෙක් ලෙස හඳුන්වයි. ඕනෑම දෙයක් ඕනෑම කෙනෙක් තම මනසින් හා තම නුවණින් සිතා බලා විමසා ප්‍රඥාවන්තව පිළිගත යුතුය. මෙලෙස පුද්ගලයාගේ හැකියාව, ස්වාධීනත්වය, චින්තන හැකියාව පෙරදිග ආගම් තුළින් පලුදු කළේ නොමැත. තමාගේ පිහිට තමාම බව පෙරදිග ආගම් තුළින් උගන්වන ලදී. පෙරදිග ආගම් එසේ වුවත් බටහිර ආගමික සන්දර්භය තුළ එවැන්නක් නිරූපණය වන්නේ නැත. පුද්ගලයාගේ ස්වාධීනත්වය, චින්තනය සහ පුද්ගල හැකියාව ආධානග්‍රාහී ලෙස දෙවියන් වහන්සේ සතුකර ගන්නා ලදී. පුද්ගලයාගේ චින්තන හැකියාව සහ ස්වාධීනත්වය මිනිසාට අපරදිග ආගම් තුළින් අහිමි කරන ලදී. එසේම බටහිර ආගම් තුළ භක්තියට ප්‍රධාන තැනක් දෙන අතර පෙරදිග ආගම් තුළ ශ්‍රද්ධාවට, ප්‍රඥාවට මුල්තැනක් ලබා දෙයි. මේ ආදී වශයෙන් පෙරදිග ආගම් සහ අපරදිග ආගම් තුළ එකිනෙකට වෙනස් වන සුවිශේෂී ලක්ෂණ දැකගත හැකි අතර එම සියලු ඉගැන්වීමක් ම බටහිර ආගම් දෙවියන් මූලික කරගත් දේව කේන්ද්‍රීය වාදී දර්ශනයක් ඉදිරිපත් කළ අතර අපරදිග ආගම් මිනිසා මූලික කරගත් මානව කේන්ද්‍රීය වාදී දර්ශනයක් ඉදිරිපත් කරයි. මේ අයුරින් යථෝක්ත ප්‍රධාන සන්දර්භයන් දෙකෙහි පරස්පර විරෝධී ලක්ෂණ දැකගත හැකිය.

Very good N. SUMANGALA (talk) 17:42, 28 ඔක්තෝබර් 2019 (යූටීසී)[reply]

ආගමේ කාර්ය භාරය[සංස්කරණය]

ආගමේ කාර්ය භාරය.


ඉහතින් අප සාකච්ඡා කරන ලද කරුණු අනුව පෙනී ගියේ ආගම යනු මිනිසාගෙන් වෙන් කළ නොහැකි හුදෙක් ශරීරාංගයක් වැනි වූ බවයි. විවිධ මානව විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි ආගම වනාහි මිනිසාට ලෞකික මෙන්ම ආධ්‍යාත්මික ද පුරුෂාර්ථ වර්ධණය කරන්නාවූ ධනාත්මක සාමාජීය තත්ත්වයක් බවයි. සමාජයට අවැසි යහපත් ගුණගරුක දැහැමි සංකල්පයන්ගෙන් ආඪ්‍ය සදාචාරවත් මනුෂ්‍යයෙකු බිහි කරනු ලබන්නේ ආගම විසින් එසේ වූ විට ආගමේ කාර්ය භාර්යය න් කෙටියෙන් ප්‍රධාන වශයෙන් පහත පරිදි දක්වාලිය හැක. බිය හා සංකාව මැඩපැවැත්වීම.

    ලෝකයේ බොහෝ දේ තේරුම් ගැනීමට නොහැකි වූ විට පුද්ගලයා ඒ හේතුවෙන් බියට හා සංකාවට පත්වෙති. එම හේතුවෙන් පුද්ගලයා පරාධීනත්වයට පත්වේ. එම තත්වයෙන් පුද්ගලයා මුදවා ලනු ලබන්නේ ආගම විසිනි.

පරම අවබෝධයක් ගැන සෙවීම.

     මිනිසාට එදිනෙදා ජීවිතයේදී පැමිණෙන අනේකවිධ වූ දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරි පවතින විට ඒවායෙන් වෙන්වීමට මිනිසා යත්න දරයි. එවිට මිනිසා සදාකාලීක සැනසීමක් පතා දෙවියන් වහන්සේ කෙරෙහි හෝ තම ආගම වටා ඒකරාශී වේ.ඒ තුළින් මානසික තෘප්තිය බලාපොරොත්තු වෙති.

ස්වයං ලෝකෝත්තර භාවයන් ගැන සෙවීම.

              පුද්ගලයා තම මරණින් මතු වූ ලෝකෝත්තර ස්වභාවය අපේක්ෂා කරයි.

මෙහිදී පුද්ගලයා මරණින් මතු වෙනත් ආත්මභාවයක් ලබා ගැනීම පිණිස ආගමික වූ විවිධ ක්‍රමෝපායන් තුළ මිනිසා නියැලෙයි. අවබෝධ කරගත හැකි ලෝකයක් ගොඩනැගීම.

සමාජ පාලනය. සාමාජීය සම්බන්ධතා ඇතිකරලීම. ආගමික අත්දැකීම් ලබා දීම. සාමකාමී මනසක් ඇති කිරීම. විනෝදාස්වාදයක් ලබා දීම. සමාජය සුභසාධනය වර්ධනය කරලීම.

ආදී වූ සහ තවත් බොහෝ වැඩදායක ක්‍රියාවන් රැසක් ආගම විසින් මිනිසාට ලබාදෙයි. කෙසේ වුවත් මිනිසාට ආගමෙහි අවශ්‍යතාවය කියා නිම කළ නොහැකිය එය අවිවාදාත්මක ය N. SUMANGALA (talk) 18:10, 28 ඔක්තෝබර් 2019 (යූටීසී)[reply]

පෙරදිග ආගමේ මූලික සංකල්ප[සංස්කරණය]

පෙරදිග ආගමේ මූලික සංකල්ප

පෙරදිග ආගම් වූ කලී අත්‍යන්තයෙන්ම මිනිසාගේ සුභසිද්ධිය මෙන්ම පුද්ගල නිදහස හා ස්වාධීනත්වය ස්ථාපිත කළා වූ චින්තන නිදහසෙන් පරිපූර්ණ වූ ආගම් සමූහයකි. එබැවින් ලොව බොහෝ ප්‍රාමාණික වියතුන් විසින් පෙරදිග ආගම් ලෝකයේ සම්භාවනාවට පාත්‍ර කරන ලදී. ක්‍රි. පූ 6 වැනි සියවසට ප්‍රථමයෙන් මහා බ්‍රහ්මයා පදනම්කරගත් භක්තිවන්ත හින්දු ආගම පහල වූ අතර එහි ජීවත්වූ සමකාලීන සමාජය හාත්පසින්ම බොහෝ පීඩාකාරී තත්ත්වයට පත්විය. සමාජයේ පිළිගත් සම්මතයැ'යි ජන කොට්ඨාස වලට පමණක් මේ තුළින් තමන්ගේ සම්පූර්ණ සමස්ථ නිදහස ලැබුණු අතර ඔවුන්ගේ පීඩාවට ලක්වූ සමාජයේ පහත්යැ’යි සම්මත ජන කොට්ඨාස ද ජීවත් විය. කෙසේ වුවත් පෙරදිග ආගම් වශයෙන් මෙලෙස කිසිම භේදයක් නොමැතිව සමස්ත ආගම් පද්ධතියම අධ්‍යයනය කිරීම කාලෝචිත ක්‍රියාවකි. මෙහිදී පෙරදිග ආගමික සන්දර්භය තුළ බිහිවූ ආගම් අතුරින් පෙරදිග ආගමික සන්දර්භය නිරූපණය කරන ප්‍රධාන පෙළේ ආගම් කිහිපයක් සඳහන් කළ හැකිය. හින්දු ආගම බුදුදහම ජෛන දහම

හින්දු ආගම

භාරතයේ පහල වූ ආගම් අතර පැරණිතම ඓතිහාසික වටිනාකමකින් යුත් ආගම වන්නේ හින්දු දහමයි. හින්දු දහම වසර 4000 කට වැඩි කලක් පුරා වර්ධනය වී තිබේ. එහෙත් එයට එක් ප්‍රාරම්භකයෙක් හෝ පිළිගැනුණු සම්මත දහමක් නැත. තවද ආරම්භ වූ වකවානුවක් නිශ්චිතව කිව නොහැක. එපමණක් නොව එහි මහා පරිමාණයෙන්, නන්විධ ව්‍යවහාර හා විශ්වාස ඇතුළත් ය. සංවිධිත ස්වරූපය අවම වන අතර, එය නායක සංස්ථාවකින් තොර ය. හින්දු දහම එහි විවිධත්වය නිසා ආගම පිළිබඳ බොහෝ බටහිර අර්ථ නිරූපණ සමඟ ගැළපෙන්නේ යන්තමිනි. ඒ අතර එය, “ ධර්ම” නමින් හැඳින්වෙන ජීවිතය පිළිබඳ පරමාදර්ශි මාර්ගයක් සඳහා වගකීම හා සැලකිල්ල යොමු කරයි. භාරතයේ පහළ වූ නොයෙක් ආගම් හා දර්ශනයන් ස්වාභාවධර්මය එකී සන්දර්භය තුළින් නිරූපණය කිරීම ප්‍රධාන තේමාව කරගත් බව අප කවුරුත් දනී. ලෝකයට සත්වයා හා මිනිසා නිර්මාණය කිරීමේ මහත් කාර්යය ඉටු කරන්නේ මෙහි සර්වබලධාරී මහබඹු විසිනි. මෙහිදී සියලු සත්වයන්ගේ නිදහස ස්වාධීනත්වය චින්තනය අධ්‍යාපනය ආදී වූ සෑම සමාජීය අංශයක්ම සර්ව බලධාරී දෙවියන් වහන්සේ විසින් ආධානග්‍රාහීව ක්‍රියාත්මක කරනු ලබයි. ඒ වනාහි මිනිසා යනු ස්වාධීනත්වය හා ස්වෛරීවයෙන් යටපත් පුද්ගලයෙකි. මේ වනාහි හින්දු දහමේ මූලික සංකල්පයන් ය.

බුදුදහම පෙරදිග ආගමික වෘක්ෂයෙහි සුපතල අංකුරයකි බුදු දහම. බුදුදහම පහළ වන්නේ ක්‍රි.පූ. 06 වන සියවසේදීය. බ්‍රාහ්මන් ආගමෙන් සමාජගත වූ මිනිසුන් පරපීඩිත කරවන සියලු ඉගැන්වීම් පාහේ ප්‍රතික්ෂේප කරන ලද බුදු දහම දෙවියන් වෙනුවට මිනිසා මූලික කරගත් මානව කේන්ද්‍රිය වාදී දර්ශනයක් ඉදිරිපත් කරන ලදී. උක්තය ආගමේ මෙන් නොව බුදු දහමේ ශාස්තෘවරයා තම ස්වයංභූ ඥාණයෙන් සියල්ල දැන අවබෝධ කරගත්තේය. පසුව උන්වහන්සේ සියලු ලෝක සත්ත්වයා වෙත පතළ මහා කරුණාවෙන් එකී ධර්මය පුද්ගල සුබසිද්ධිය උදෙසා දේශනා කරන ලදි. එකී ඉගැන්වීම් අතර ජීවිතය මරණය චතුරාර්ය සත්‍යය පටිච්ච සමුප්පාදය වැනිය ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් රාශියක් මානව සමාජය ධනාත්මක කරලීම සඳහා ඉදිරිපත් කරන ලදී. බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ පුද්ගලයාගේ විමුක්තිය ලබාගත හැක්කේ කිසියම් වූ දෙවිකෙනෙකුට නොව කිසියම් බලවේගයකට නොව තමාටම බව මෙහිදී අවධාරණයෙන් යුක්තව දේශනා කොට ඇත. මෙකී ආගමික සන්දර්භය පදනම්ව ඇත්තේ හේතුඵල දහම මතය. භාරතයේ පහළ වූ අනෙක් ආගමික සන්දර්භයන් සෑම එකක්ම පාහේ බුදුදහමේ ද ස්වභාව ධර්මය තම දේශනාවන්හි යතාර්ථය බවට පත්කොට ගෙන ඇත. මසජෛන දහම ජෛන දහම ද පහළ වන්නේ ක්‍රි.පූ 6 වන සියවසේ භාරතයේ දී ය. මෙම සියලු ආගම් බිහි වන්නේ හින්දු දහමේ පැවැති ඍණාත්මක ඉගැන්වීම්වලට අපක්ෂපාතීව ය. ජෛන දහමේ ඓතිහාසික තොරතුරු අනුව මෙම ආගම මිනිසාගේ ආරම්භයත් තරමටම ඓතිහාසිකමය වටිනාකමින් යුක්තය. ශාස්තෘවරයන් 24 දෙනෙකුගෙන් යුත් ආගමෙහි අවසන් ශාස්තෘවරයා වන්නේ ජෛන මහා විහාරය. දෙවියන් වහන්සේ පිළිබඳව කිසිම තැනක සඳහන් නොවන මෙම ආගමික ඉගැන්වීම් බොහෝවිට පදනම්ව ඇත්තේ ස්වභාවධර්මය මගිනි. පරම අවිහිංසාවාදය, චතුයාම සංවරය, කර්මය, පුනර්භවය, ත්‍රි මුර්ති සංකල්පය වැනි ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් කීපයක් මෙම ආගමික සන්දර්භය තුළ අන්තර්ගතය. භාරතයේ පහළ වූ ශ්‍රේෂ්ඨ ආගම් අතර ජෛන දහම ද ප්‍රධාන තත්ත්වයක් උසුලයි. N. SUMANGALA (talk) 18:12, 28 ඔක්තෝබර් 2019 (යූටීසී)[reply]

බටහිර ආගමේ මූලික සංකල්ප[සංස්කරණය]

බටහිර ආගමේ මූලික සංකල්ප පෙරදිග ආගම් බිහි වී බොහෝ කලක් ගත වූ පසුව ලොව ප්‍රධාන පෙළේ ආගම් වන සෙමටික් ගෝත්‍රයට හෙවත් පවුලට අයත් බටහිර ආගම් බිහිවන්නේය. සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙනෙකු කේන්ද්‍රීය ගත කරගනිමින් බටහිර ප්‍රධාන ආගම් වන යුදෙව් ක්‍රිස්තියානි ඉස්ලාම් යන ආගම් නිර්මාණය වන්නේය. මෙම ආගම් ත්‍රිත්වයම සර්ව බලධාරී එකම දෙවියන් වහන්සේ විසින් සමස්ත විශ්වයේම නිර්මාතෘවරයා යැයි පිළිගනී. සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙරෙහි තම පරමාධිපත්‍ය බලය මෙහිදී මිනිසා විසින් පිළිගන්වනු ලබන අතර දෙවියන් වහන්සේ කෙරෙහි අපරිමිත භක්තියෙන් යුක්තව යාඥා පුද පූජා පැවැත්වීම මෙම බටහිර ආගමික සංදර්භය තුළ මැනවින් සිත්තම් වන්නේය. සර්ව බලධාරී එකම දෙවියන් වහන්සේගේ ස්ව කැමැත්ත පරිදි මිනිසාගේ සිතුම් පැතුම් පින-පව ආදී වූ සමස්ත ක්‍රියාවලියම සිදුවෙන අතර මේ සියල්ලෙහි නිර්මාපකයා වන්නේ ද සර්ව බලධාරී දෙවියන් වහන්සේය. දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, දෙවියන් වහන්සේගේ බැල්මන් නොමැතිව දෙවියන් වහන්සේගේ ග්‍රහණයේ සිටිනා මිනිසුන් දෙවියන් වහන්සේට පුද පූජා නොපවත්වා තම සුභසිද්ධිය ප්‍රාර්ථනා නොකළ යුතුය. සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි පමණි. N. SUMANGALA (talk) 18:13, 28 ඔක්තෝබර් 2019 (යූටීසී)[reply]

පෙරදිග ආගම බටහිර ආගමෙන් වෙන්වන අයුරු[සංස්කරණය]

පෙරදිග ආගම බටහිර ආගමෙන් වන අයුරු

පෙරදිග ආගමික සන්දර්භය සහ අපරදිග ආගමික සන්දර්භය විමසා බැලීමේදී එකී පසුබිම් තුළින් හාත්පසින් වෙනස් ගන්වන සුවිශේෂී වූ කරුණු මෙහිදී අපට මැනවින් දෘශ්‍යමාන වේ. සියලු ආගම් තුළින් මානව ශිෂ්ටාචාරයේ භ්‍යත්වය, සදාචාරය, තුළින් ආඩ්‍ය වූ මිනිසාගේ දුක කෙළවර අවසන ශාන්ති සුවය අපේක්ෂා කරයි. කරුණු එසේ වුවත් මිනිසාගේ සදාකාලික සුවය පිළිබඳ ඉගැන්වීම සිත්තම් කිරීම ආගම් එකිනෙකට හාත්පසින්ම වෙනස්ය. මෙහිදී ලෝකයේ බිහි වූ ආගම් පෙරදිග හා අපරදිග වශයෙන් බෙදා දැක්වීමේදී එකී කොටස් ද්විත්වය තුළින් නිරූපණය වන ලක්ෂණ එකිනෙකට වෙනස් වන අයුරු පහත් අයුරින් දක්වාලිය හැකිය. පෙරදිග ආගම් තුළ බහුදේවවාදය සඳහා ප්‍රධානත්වයක් ලබාදෙන අතර අපරදිග ආගම් තුළින් සර්වබලධාරී ඒක දේව වාදයක් ප්‍රධාන වශයෙන් ඉස්මතු වේ. ස්වභාව ධර්මයට අනුව ලෝකය හැඩගැසී ඇති ආකාරය සහ ස්වභාව ධර්මය පදනම් කරගනිමින් පෙරදිග ආගම් ඉගැන්වීම් ඉදිරිපත් කළ නමුත් බටහිර ආගම්ක පැතිකඩ තුළින් එවැන්නක් නිරූපණය වන්නේ නැත. මානව සමාජයේ සුබසිද්ධියට නිතැතින්ම අවැසි මිනිසුන් තුළ පැවතිය යුතු ධනාත්මක පැතිකඩක් ලෙස දයාව කරුණාව ෛත්‍රිය සමගිය දාචාරය සහ සභ්‍යත්වය පෙරදිග ආගම් තුළ වැඩි නැඹුරුවක් දක්නට ලැබෙන මුත්, අපරදිග ආගම් තුළ වැඩිවශයෙන්ම ආධානග්‍රාහී දෙවියන් වහන්සේ මත ඒ සියල්ල පැවතින බවත් දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි එය මිනිසාට ලැබෙන බවත් අවධාරණය කරයි. “සබ්බේ සත්ථා භවන්තු සුඛිසත්තා” සියලු සත්වයෝ සුඛී සුවපත් භාවයට පත් වෙත්වා, වැනි මෛත්‍රී කරුණාව මූලික කොටගත් අහිංසාවාදී ඉගැන්වීම් පෙරදිග ආගම් තුළ බහුලව දක්නට ලැබේ. එසේම පරම අවිහිංසාවාදී ඉගැන්වීම් මූලික කොටගත් ජෛන දහම වැනි ඉගැන්වීම් පවා පෙරදිග ආගම්ක සන්දර්භය තුළ බිහිවී ඇත. බටහිර ආගම් තුළ තම සර්වබලධාරී දෙවියන් වහන්සේ කෙරෙහි දේව පූජාවන් ඉටුකිරීමේදී බිලිපූජා සැපයීම බහුලව දක්නට ලැබෙන අතර එසේ සිදුකිරීම දෙවියන් වහන්සේගේ පරම ආශිර්වාදයට ලක්වූ අයෙක් ලෙස හඳුන්වයි. ඕනෑම දෙයක් ඕනෑම කෙනෙක් තම මනසින් හා තම නුවණින් සිතා බලා විමසා ප්‍රඥාවන්තව පිළිගත යුතුය. මෙලෙස පුද්ගලයාගේ හැකියාව, ස්වාධීනත්වය, චින්තන හැකියාව පෙරදිග ආගම් තුළින් පලුදු කළේ නොමැත. තමාගේ පිහිට තමාම බව පෙරදිග ආගම් තුළින් උගන්වන ලදී. පෙරදිග ආගම් එසේ වුවත් බටහිර ආගමික සන්දර්භය තුළ එවැන්නක් නිරූපණය වන්නේ නැත. පුද්ගලයාගේ ස්වාධීනත්වය, චින්තනය සහ පුද්ගල හැකියාව ආධානග්‍රාහී ලෙස දෙවියන් වහන්සේ සතුකර ගන්නා ලදී. පුද්ගලයාගේ චින්තන හැකියාව සහ ස්වාධීනත්වය මිනිසාට අපරදිග ආගම් තුළින් අහිමි කරන ලදී. එසේම බටහිර ආගම් තුළ භක්තියට ප්‍රධාන තැනක් දෙන අතර පෙරදිග ආගම් තුළ ශ්‍රද්ධාවට, ප්‍රඥාවට මුල්තැනක් ලබා දෙයි. මේ ආදී වශයෙන් පෙරදිග ආගම් සහ අපරදිග ආගම් තුළ එකිනෙකට වෙනස් වන සුවිශේෂී ලක්ෂණ දැකගත හැකි අතර එම සියලු ඉගැන්වීමක් ම බටහිර ආගම් දෙවියන් මූලික කරගත් දේව කේන්ද්‍රීය වාදී දර්ශනයක් ඉදිරිපත් කළ අතර අපරදිග ආගම් මිනිසා මූලික කරගත් මානව කේන්ද්‍රීය වාදී දර්ශනයක් ඉදිරිපත් කරයි. මේ අයුරින් යථෝක්ත ප්‍රධාන සන්දර්භයන් දෙකෙහි පරස්පර විරෝධී ලක්ෂණ දැකගත හැකිය. N. SUMANGALA (talk) 18:14, 28 ඔක්තෝබර් 2019 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:N._SUMANGALA&oldid=443072" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි