Jump to content

පරිශීලක සාකච්ඡාව:Kandyorientallibrary

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

නිමේෂ තිවංකර සෙනෙවිපාල (ලේඛක/පර්යේෂක)


1990 මාර්තු 14 දින පේරාදෙණියේ දී උපත ලද නිමේෂ තිවංකර සෙනෙවිපාල මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අනතුරුව උසස් අධ්‍යාපනය සදහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයට ඇතුළු වූයේ ය. 2009 වර්ෂයේ පටන් ශාස්ත්‍රීය පර්යේෂණ කාර්යයන් හි නියුක්ත ඔහු 2014 වන විට ශාස්ත්‍රීය පර්යේෂණයන්ට අදාල කෘති කිහිපයක් ම පළ කර තිබේ.

1. ගම්පොළ යුගය සහ හෙණකද බිසෝබණ්ඩාර දේවිය (2009) 2. ගම්පොළ දොරටු - දාහතර වන සියවසේ ද්වාරාංග පිළිබද පර්යේෂණය (2011) 3. පොළොන්නරුවේ පොත්ගුල් වෙහෙර, ප්‍රතිමාව සහ නිශ්ශංකමල්ලගේ කාලිංග රාජ්‍යය පිළිබද නව අධ්‍යයනයක් (2013) 4. කුරුණෑගල විස්තරය - පුස්කොළ පොත් සංස්කරණය සහ ශාස්ත්‍රීය සංඥාපනය (2014)

එමෙන්ම විවිධ මාතෘකාවන් ඔස්සේ ඔහු විසින් කරන ලද පර්යේෂණ ගණනාවකි.

1. අන්දරේ ජනශ්‍රැතිය සහ ඒ ආශ්‍රිත සමාජ කියැවීම 2. මහනුවර වැව සහ දේවේන්ද්‍ර මූලාචාරින්ගේ ඉදිකිරීම් 3. මහගමසේකර - ඔහුගේ ජීවන දැක්ම (සාහිත්‍යය) 4. පොළොන්නරු යුගයේ ජනගහනය 5. මහනුවර යුගයේ සිතුවම් කලාව 6. සිංහල රාජකීය භෝජන සම්ප්‍රදාය 7. සිංහලේ බණ්ඩාරවලිය 8. රෝහණ රජ පෙළපත හා ඒ ආශ්‍රිත ගැටලු

දැනට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රාචීන පුස්තකාලයේ පුස්කොළ පොත් නාමාවලිය හා සුචිගත කිරීමේ කටයුතු වල නිරත වන ඔහු එම පුස්කොළ පොත් නාමාවලියේ සංස්කාරකවරයා ද වෙයි.

නාමාවලියේ සංස්කාරකවරයා ද වෙයි.

Start a discussion with Kandyorientallibrary

සාකච්ඡාවක් ආරම්භ කරන්න