Jump to content

පරිශීලක සාකච්ඡාව:Imeth hansana joseph 12345

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

සබරගමු මහ සමන් දේවාලය රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ රත්නපුර සිට කිලෝ මීටර් තුනක් දුරින් ප්‍රධාන මාවතට වම් පසින් කළු ගඟ අසබඩ ඇති උස්බිමක පිහිටා ඇත. සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකර ඇති මෙම දේවාලය දඹදෙනි යුගයේ දෙවැනි පැරකුම්බා රජුගේ අණින් රජුගේ අමාත්‍ය ආර්යකාමදේව විසින් තැනවූ බව සැලකේ. ඉන් අනතුරුව ශ්‍රී පරාක්‍රමබාහු, දෙවන රාජසිංහ හා දෙවන රාජසිංහ ආදී රාජ්‍ය සමයන්හිදී ප්‍රතිසංස්කරණය කරන ලද සමන් දෙවොල අද වන විට සබරගමු පළාතේ ඓතිහාසික ස්ථාන අතුරින් ප්‍රධාන තැනක් උසුලයි...

1580 සිට පෘතුගීසීන් දියත් කරවූ කතෝලික දහම ව්‍යාප්ත කිරීම වගේම බෞද්ධ හින්දු ආගමික ස්ථාන කඩා බිඳ දැමීම යටතේ රත්නපුර මහ සමන් දේවාලයක් කඩා බිඳ දමා ඇති අතර ඒ ස්ථානයේ පෘතුගීසීන් තමන්ගේ බලකොටුවක් වගේම ශාන්ත සැල්වදෝර් නමින් පල්ලියකුත් ඉදිකර තිබූ බවත්, පසුව දෙවන රාජසිංහ සමය වෙද්දී නැවත වරක් පෘත්‍රගීසී බලකොටුව වගේම පල්ලිය බිඳ දමලා රත්නපුර මහ සමන් දේවාලය ඉදි කළත් සමහර පෘතුගීසී නිර්මාණ ඒ ස්ථානයේම තිබෙන්නට හැර තිබෙන බවක් දක්නට ලැබේ. දේවාලය ආශ්‍රිතව ගොඩනැගුණු පුද පූජා, වත්පිළිවෙත් හා සමාජීය කුල පරම්පරා ආදිය නිසා ඓතිහාසික වටිනාකම අතින් පමණක් නොව සංස්කෘතිමය වශයෙන් ද ආවේණික වටිනාකමක් ගෙන එයි. දේවාලය ආශ්‍රිතව පවතින ප්‍රධාන සංස්කෘතිකාංග අතර දිනපතා පූජා හා කාර්තු පූජා වැඳගත් වේ...

දුරුතු, බක් හා ඉල්මහ කාර්තු වලදී නැටුම්, ගැයුම්, වැයුම් වලින් තොරව හේවිසි ශබ්ද පූජාව පමණක් පවත්වමින් දේවාල ගොඩනැගිල්ල වටා ඉතා චාම් ලෙස පෙරහැර පවත්වන අතර ඇසළ කාර්තුවේදී ඉතා උත්කර්ශවත් අන්දමින් පෙරහැර පවත්වයි...

Start a discussion with Imeth hansana joseph 12345

සාකච්ඡාවක් ආරම්භ කරන්න