පරිශීලක සාකච්ඡාව:Hevindu Idusara

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

සෛලය යනු කුමක්ද?[සංස්කරණය]

සෛල යනු සියළුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය, කෘත්‍යමය සහ ජෙෙවීය ඒකක වේ. ජීවයේ කුඩාම ඒකකය වන සෙෙලයට ස්වාධීනව ප්‍රතිවලිත වීමේ හැකියාව පවතීින අතර, සෙෙලය "ජීවයේ තැනුම් ඒකකය" ලෙසද හැඳින්වෙි. සෙෙල පිළිබඳව හැදෑරීම සෙෙල ජීව විද්‍යාව නම් වේ.පටලයකින් ආවරණය වූ සෛලප්ලාස්මයකින් සෙෙල සමක්විත වේ. ඒ තුල ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල වැනි විවිධ ජීව අණු රැසක් අන්තර්ගතය.ජීවීන් ප්‍රධාන වශයෙන් ඒකසෛලීය (එක් සෙෙලයකින් පමණක් සමන්විත ජීවීන්; බැක්ටීරියාවන්) හා බහුසෛලීය (ශාක සහ සතුන්) වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කල හැකි වේ.

ශාක සහ සතුන්ගේ දේහ තුල අන්තර්ගත වන සෙෙල සංඛ්‍යාව ජීව විශේෂයෙන් විශේෂයට වෙනස් වේ. පරිණත මිනිස් දේහයක් තුල සෙෙල ට්‍රිලියන 100 ක් පමණ ඇතැයි සැළකෙයි.බොහොමයක් ශාක සහ සත්ව සෙෙල දැකගත හැකි වන්නේ අන්වීක්ෂ භාවිතයෙන් පමණක් වන අතර, සෙෙල වල විශාලත්වය මයික්‍රොමීටර 1 - 100 ත් අතර පමණ වේ.

සෙෙලය ප්‍රථම වරට සොයාගන්නා ලද්දේ 1665 වසරේදී රොබට් හුක් විසිනි. 1839 වසරේදී මුල්ම වරට සෙෙල වාදය, මතායස් ජේකොබ් ශ්ලයිඩන් සහ තියඩෝර් ශ්වාන් විසින් දියුණු කොට, සියළුම ජීවීන් සමන්විත වන්නේ තනි සෙෙලයකින් හෝ සෙෙල විශාල ගණනකින් බවත්, එම සෙෙල ඇතිවන්නේ පෙර පැවති සෙෙල වලින් බවත්, ජීවියෙකුගේ ජෙෙවීය ක්‍රියාවලීන් සෙෙල තුල සිදුවන බවත්, සියළුම සෙෙල තුල එහිලා වූ කෘත්‍යයන් පාලනය කිරීම සඳහා සහ තොරතුරු ඊලඟ පරම්පරාවේ සෙෙල වෙත සම්ප්‍රේෂණය කිරීමට අදාල ප්‍රවේණික තොරතුරු අන්තර්ගත වන බවත් ප්‍රකාශ කරන ලදී.මීට වසර බිලියන 3.5 කට පමණ පොරාතුව, පෘතුවිය මත මුල්ම සෙෙලය ඇතිවන්නට ඇතැයි විශ්වාස කෙරේ.