Jump to content

පරිශීලක සාකච්ඡාව:BMK Travel

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

බුමර ඇල්ල Bumara Falls

 මිනිස් පහස ලැබීමට නොහැකි ගිරි දුර්ගයක සැගවුනු නාරංගොල්ල ඔය නිර්මානය කරන දියඇලි 20+න් ගලපිටගල පිහිටි කදු මුදුනට පහළින් දිස්වන දිය ඇලි යුගලය මෙයයි. මෙය ඉහළ බුමර ඇල්ල සහ පහළ බුමර ඇල්ල ලෙසින් කොටස් දෙකකින් යුක්ත වේ.(Bumara Fall- 10m & 25m පමණ ).
Galapitagala Estate එකේ සිට නාගදෝව ඇල්ල තෙක් ඇති කිලෝමීටර් 2 තුල නාරංගොල්ල ඔය දියඇලි 17-20+ක් නිර්මානය කල බව නිගමනය කල හැකිය. ඇල්ල දිගේ හෝ වන පියස තුලින්වත් මෙම දියඇලි 20+වෙත කිසිවෙකුටත් කිසිදිනෙකත් පහසුවෙන්  ළගාවිය නොහැක. බදුල්ල- කොලබ මාර්ගයේ කළුපහන හන්දියෙන් හැරී බබරකන්ද ඇල්ල දෙසට සුළු දුරක් ගමන්කර එතැන් දකුණට ඇති ගලපිටගල බංගලාව දෙසට ගමන්කළ යුතුය. මෙය පුත්ගලික වතු යායක් නිසාවෙන් "ගලපිටගලට පැමිණීමට අවසර ලබාගත යුතු වේ. ගලපිටගල පිහිටි කන්දේ කදු මුදුනේ සිට "බුමර" දිය ඇලි යුගලය නැරබිය හැකිය.. වනලහැබ සහ කදු අතරින් ඇල්ල  සොයා යෑම පවා අතිශයින්ම අනතුරුදායක ගමනකි.

Start a discussion with BMK Travel

Start a discussion
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:BMK_Travel&oldid=418445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි