Jump to content

පරිශීලක සාකච්ඡාව:Abu Arshed

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මිනිස් සමාජයේ බොදීම්

www.yahamaga.com 

වර්ථමාන ලෝකයේ මිනිසා විවිධ හේතු කාරණා පදනම් කරගෙන බෙදී එකින් එකා ගැටෙමින් ජීවත්වනවා යන්න කිසිවකුටත් ප්ර්තික්ෂේප කල නොහැකි ප්රා යෝගිකව අත්විදින සත්යවයකි. මේ ආකාරයේ වූ බෙදීම් සමාජය තුල නිර්මාණය වීමට විවිධ වූ හේතු හා ඒ ඔස්සේ ගොඩනඟාගත් වාද විවාද හා තර්ක විතර්කයන් ද බලපන ලදී. මේ ආකාරයට සමාජ බෙදීමන්ට පදනම් වූ හේතුකාරණයන් කිහිපයක් සදහන් කරන්නේ නම්, • ජාති වාද - තම ජාතිය අනිකුත් ජාතීන්ට වඩා උසස් බව පවසමින් ඉදිරිපත් කරන වාද, • දේශීය වාද - තම දේශය අනිකුත් දේශයන්ට වඩා උසස් බව පවසමින් ඉදිරිපත් කරන වාද, • භාෂාමය වාද - තමා කථාකරන භාෂාව අනිකුත් භාෂාවන්ට වඩා උසස් බව පවසමින් කරන වාද, • ආගම් වාද - තම ආගම ලොව අනිකුත් ආගමන්ට වඩා උසස් ආගම බව පවසමින් කරන වාද, • වර්ණ වාද - තම ජාතිය (වර්ණ දේහය අනුව) උසස් බව පවසමින් කරන වාද, • කුල වාද - තම කුලය අනිකුත් කුලයන්ට වඩා උසස් බව පවසමින් කරන වාද, • ගම් වාද - තම ගම අනිකුත් ගම්වලට වඩා උසස් බව පවසමින් කරන වාද, • ආර්ය වාද - තමා ආර්ය ජනතාව බව පවසමින් කරන වාද, මේ ආකාරයට අතීත සමාජයේ නොව වර්ථමාන සමාජයේම පවතින විවිධ වූ බෙදීම් පෙල ගැසීමට හැක. ඉහතින් සදහන් කොට ඇත්තේ බෙදීම් කිහිපයක් බවත්, මෙවැනි බෙදීම් රාශියක් අප අවට සමාජයේ පවතින බවත් ඔබ හොදින් දැනුවත් නිසා එසේ පෙලගැසීම මෙ‍තෙකින් නතර කොට මේවා තුලින් සමාජය ලඟාකරගත් ආදීනයන් වෙත දැන් අවධානය යොමු කලේනම්, මෙවැනි සමාජ බෙදීම් නිසා ජාත්ය්න්තරයේ මෙන්ම ජාතික මට්ටමේත් කලින් කලට විවිධ අමිහිරි අත්දැකීම් සෑම පුරවැසියකුටම නැතුවා නොවේ. ඒවා සෘජුවම හා මාධ්යියන් හරහා අප අත්විද ඇත්තෙමු. අදටත් ලොව තුල පවතින ජාතිවාදී, ආගම්වාදී හා වර්ණවාදී ගැටුම් මේවා දිනෙන් දින සිහිකරමින් සිටී. මෙවැනි ගැටුම් තුලින් ලොවට අහිමි වී ගිය ජීවිත ගනන සුළුපටු නොවේ. මෙහි අවසාන ප්ර ථිපලය සාරාංශ කොට පවසනවා නම්, වර්ථමාන සමාජයේ හා සමස්ථ ලෝක‍යේ සාමය, සමඟිය නැතිවී විවිධ වූ ගැටුම්කාරී තත්වයන් නිර්මාණය වීමට මෙම වාදයන් සෘජුවම බලපා ඇත. මෙහි අවාසනාවන්තකම වන්නේ සමස්ථ මිනිස් සමාජයම මෙවැනි වාදයන් සමාජය තුල වැපිරීම වැරදි බව හොදින් අවබෝධ කරගෙන සිටිය ද තමන්ගේ ජීවිතයේ යමක් යයි එනවිට ඉහත සාධාර්ණයන් සියල්ල පසෙකලා නැවතත් ඉහත වාදයන් තුල කොටු වී තීන්දු තීරණ ගැනීමයි. එසේ පිලිගන්නවා පමණක් නොවේ. මෙවැනි ගැටුම්කාරී අවස්ථාවල එය සමථයකට පත්කරවා ගැනීම සදහා විවිධ වාදයන් ද සාමාජය හමුවේ තබයි. ඉන් කිහිපයක් සදහන් කරන්නේ නම්, • "ඔස්කෝම මිනිස්සූනේ" යන වාදය, • "ඔක්කෝගේම ඇත්තේ රතුපාට එකම ලේ" යන වාදය, • "ඔක්කෝම මව් කුසේ දසමසක් නේ හිටියේ" යන වාදය, • "බුද්ධියක් තියෙන්නේ අපිට විතරයි නේ" යන වාදය, • "ඔකකෝම මැරෙණ මිනිස්සුනේ" යන වාදය, මේ ආකාරයට සමාජය හමුවේ තැබෙන වාද පෙලගැසීමට හැක. නමුත් බැලිය යුත්තේ මෙවැනි වාද තුලින් කිසියම් යහපත් වෙනසක් සමාජය තුල හෝ ලෝකය තුල සිදුකර ගැනීමට හැකි වී තිබෙනවාද? යන්නයි. පැහැදිලිවම එවැනි වෙනසක් සිදු කිරීමට ඉහත වාදයන් අසමත් බව සමාජය තුලි හා ලෝකය තුල අප දකින යථාර්ථයයි. මෙම තත්වය වෙනස් කිරීමට ඉහත වාදයන් අසමත් වූයේ ඇයි? යන කාරණය, මෙම වාදයන් කොතරම් බුද්ධිමත් වාදයන්ද? යන කාරණය හා මෙම වාදයන් කොතරමු දුරට ගැලපෙනවාද? යන්න මොහොතකට කෙටි අවධානයක් යොමු කලේ නම්, "ඔස්කෝම මිනිස්සු" යන වාදය කිසිවකුටත් ප්රේතික්ෂේප කල නොහැකි වාදයක් යන්න සැබෑවකි. නමුත් ඉන් මනුෂ්යාප තුල තිබෙන වර්ණ භේදය, කුල භේදය, ජාති භේදය........ යනාදී කාරණයන් බොරැවක් එසේත් නැත්නම් එය අවලංගු තර්කයක් යන්න පිලිඹිබු නොවේ. එසේම "ඔක්කෝගේම ලේ රතුපාටයි" යන යන වාදයත් එසේමය. ඒ තුලින් ද ඉහත වාදයන් පදනම් විරතිත වාදයක් යන්න පිළිඹිබු නොවේ. (මෙම වාදය බුද්ධිමත් ලෙස බැලුවේ නම් "එකම ලේ" යන වාදය තුල මිනිසාගේ සාමුහිකත්වය නොව බෙදීම් තමා තහවුරැ වන්නේ එනම් ලේ තුල ඇති බෙදීම් වන A, B, AB, O සහා ඒ තුල ඇති අනු බෙදීම් මඟින් මෙම වාදයත් ප්ර තික්ෂේප වී යයි.) මීට අමතරව "ඔක්කෝම මව් කුසේ දසමසක් නේ හිටියේ" යන වාදය සැලකුව ද මව් කුසේ දසමස යන්න මිනිසාට පමණක් ආවේනික පොදු ලක්ෂණයක් නොවන අතර එසේ එය මිනිසාට පමණක් ආවේනික ලක්ෂණයක් ලෙස උපකල්පනය කල ද ඉහතින් සදහන් කල වර්ණ භේදය, කුල භේදය, ජාති භේදය........ යන වාදයන් ඉන් ප්රභතික්ෂේප නොවේ. ඒ අනුව ඉහත වාදයන් ද පදනම් විරහිත වාදයන් යන්න පැහැදිලි වේ. මේ ආකාරයට ලොව ඉදිරිපත් වන කිසිම වාදයක් තුලින් ඉහත අවාසනාවන්ත ඉරණමින් මිනිස් සමාජය මුදවා ගැනීමට සමත් නොවේ. ඉහත වාදයන් තුලින් තරමක් දුරට හෝ පාලනයක් සිදුකල හැකි වුවද මෙම වාදයන් ඉදිරිපත් කරන පිරිස් තුල පවා එය ප්රා යෝගික නොවීම තුල එය සම්පූර්ණයෙන් අවලංගු තර්කයන් බවට පත්ව ඇත. උදාහර්ණයකට කෙනෙකු කුල වාදයට එරෙහිව කථාකරන නමුත් ඔහු‍ගේ ජීවිතයේ කිසියම් කටයුත්තක දී කුලය පිලිබදව ඔහු සැලකිලිමත් වේ. ඒ ආකාරයටම වර්ණ වාදය එරෙහිව දැඩිව කථා කරයි. නමුත් ප්රාුයෝගික ජීවිතයේ ආදර්ශයන් නැත. මෙයට නිදසුනක් ලෙස ලෝකයටම ආදර්ශ පෙන්වන හා සමාජ විනය කියා දෙන ඇමරිකාව කළු ජාතීන් සුනඛයන් ලවා හැපීමට සැලැස්වීම ලොව සියළු මාධ්යවයන් තුලින් දුටුවෙමු. ලාංකීය අප ද මේවා පිලිබදව විවිධ මට්ටමින් අදහස් ප්රවකාශ කලෙමු. නමුත් දෙවරක් සිතා බැලිය යුතු කාරණය වන්නේ, සැබැවින්ම මෙම තත්වය තම ජීවිතය තුල ප්රා්යෝගකව පිලිගන්න අප කොතරම් දුරට සුදානම්ද? යන්නයි. මෙවන් වූ අවස්ථාවක වැදගත් වන්නේ මේ පිලිබදව විවිධ වාද විවාද කිරීම නොව මේ සදහා ක්රි්යාකාරී හා පලදායි ආකාරයේ මැදිහත්වීමක් සිදුකොට මෙම අවාසනාවන්ත තත්වය ලොවින් තුරන් කරන්නේ කෙසේද? යන්නයි. සැබැවින්ම මෙවන් වූ ගැටුම් හා ගැටළුකාරී තත්වය නැති කිරීම සදහා ගතහැකි පිලියමක් තිබේද?. එය නීතිරීති හා දඩුවම් තුල සමාජය කොටු කොට මෙය විසදිය හැකිද? එසේත් නැත්නම් චින්තනමය වෙනසක් තුලින් වෙනස් කරනවාද? සැබැවින්ම සමස්ථ මිනිස් සමාජයේ සාමය හා සමඟිය උදෙසා ගතහැකි පිලියම කුමක්ද? ඒ සදහා වූ එකම නිවරැදි මඟ පිලිබදව නිවරැදි ආදර්ශයක් ඉස්ලාම් ලොවට කියාපායි. දිව්යාමය දහමක් ලෙස මනුෂ්යාලගේ ස්පර්ශ කලයුතු නිවරැදි තැන ආදර්ශමත් ආකාරයට ඉස්ලාම් ස්පර්ශ කරයි. එම ඉස්ලාමීය ආදර්ශය කුමක්ද? යන්න දැන් අවධානය යොමු කරමු.

 මුළු මිනිස් සමාජය මවන ලද්දේ එකම මිනිසාගෙන් ඉහත මතභේදයේ දී මුළු මිනිස් සමාජය අමතක කරදැමු මූලික කාරණයක් තමා ඉස්ලාම් සිහිකර දෙන්නේ. එනම් අප කුමණ මතවාදයන් ඔස්සේ සමාජයේ බෙදී ජීවත් වුවත් අප සියළුදෙනා එකම මවකගේ හා පියෙකුගේ දරැවන් යන්නයි. මෙය බැලූ බැල්මට අවබෝධ කරගැනීම තරමක් අපහසු වන්නට පුළුවණි. නමුත් එය සරලව අවබෝධ කරගැනීම සදහා කලයුතු වන්නේ අතීතය දෙස අපසුහැරී බැලීම පමණි. එනම් අද ලොව කෝටි 600 ක පමණ ජනගහනයක් ජීවත් වේ. මීට අවුරැදු 200 ක් පමණ අතීතයට ගියේනම් එදා මුළු ජනගහනය කෝටි 200ක් පමණ වන්නට ඇති. මීටත් වඩා අතීතයට ගියේනම් එදා මුළු ජනගහනය 1000ක්ද තවත් අතීතයට ගියේනම් එදා මුළු ජනගහනය 100ක්ද තවත් අතීතයට ගියේ නම් එදා මුළු ජනගහනය 10ක්ද තවත් අතීතයට ගියේ නම් ආරම්භක මිනිස් යුවලකින් අවසන් වේ. දැන් එතැන් සිට මිනිස් වර්ගයාගේ විකාශනය හා ව්යාිප්තිය අධීක්ෂණය කලේ නම් මේ සියළුදෙනා ආරම්භක මිනිස් යුවලගේ දරැවන් යන්න මනාව පැහැදිලි වේ. ඒ අනුව අද ජීවත්වන කොටි 600 ක මේ මුළු මිනිස් සමාජයම එකම පවුලක් යන්නත් එහි ජීවත්වන සියළුදෙනා සහෝදරයන් යන්නත් කිසිවකුටත් කිසිදුවිටෙක ප්රලතික්ෂේප කල නොහැකි සත්යනයකි. එම සත්යේය තමා මිනිස් සමාජයට ඉස්ලාම් අවධාරනය කරන්නේ. මෙය වඩාත් හොදින් අවබෝධ කරගැනීම සදහා උදාහර්ණයක් ගෙන විමසා බලමු. එනම්, එක් පවුලක A නම් දරැවා කළුපාට සමින් යුක්ත යන්නත්, B නම් දරැවා සුදුපාට සමින් යුත්කයන්නත්, C නම් දරැවා සිංහල භාෂාව කථා කරන බවත්, D නම් දරැවා දෙමල භාෂාව කථා කරනවා යන්නත්, E නම් දරැවා අරාබි භාෂාව කථා කරනවා යන්නත්, F නම් දරැවා බුදුදහම අදහන බවත්, G නම් දරැවා ඉස්ලාම් දහම අදහන බවත්, H නම් දරැවා නගරයේ ජීවත් වූ බවත්, I නම් දරැවා පිටිසර ගමක ජීවත් වූ බවත්, J නම් දරැවා උසස් අධ්යා්පනයක් ලබා සමාජයේ උසස් තැනක සිටින බවත්, K නම් දරැවා අධ්යාකපනයක් නොලබා සමාජයේ පහත් තලයක ජීවත්වන බවත්............ යනදී වශයෙන් ජීවත් වන පවුලක් උපකල්පනය කලේ නම්, ඉහත උපකල්පනය වෙතයාමට පෙර අවබෝධ කරගතයුතු කරාණය නම්, ඉහත සියළු කාරණයන් එකම පවුලකට ප්රාධයෝගික නොවන මනක්කල්පියක් වුවත්, මින් එකක් හෝ කිහිපයක් යන්න අප අවට සමාජයේ නිරන්තරයෙන් දකින්නට තිබෙන සත්ය යක් යන්නත් කිසිවකුටත් ප්රවතික්ෂේප කල නොහැක. ඒ අනුව ඉහත දරැවන් වන A B C D E F G H I J K........... යන දරැවන් උසස් පහත් යයි සලකන්නට හැකිවේවිද? එසේ හැකි නම් මෙලොව සෑම පවුලකම දරැවන් අතර මේ උසස් පහත් භේදය පවතිනවා යන්නත් කිසිවකුටත් ප්රපතික්ෂේප කල නොහැක. එපමණක් නොව ඉහත වර්ගීකරණ කිහිපයට අනුව සැලකුවද මේ ලිපිය කියවන ඔබ විටෙක සමාජයේ උසස් පුරවැසියෙක් තවත් විටෙක සමාජයේ පහත් පුරවැසියෙක්, උදාහර්ණයක් ලෙස ඔබ අධ්යාිපනයෙන් උසස් පුද්ගලයෙකු වන්නට පුළුවන නමුත් ඔබේ සම කළුපාට නිසා හෝ ඔබ ජීවත්වූයේ පිටිසර ගමක නිසා ඔබ සමාජයේ පහත් පුද්ගලයකු වන්නට හැක. මේ ආකාරයටම ජාතිය, කුලය, ආගම, දේශය................ යනාදී කාරණයන් සැලකීම නුතන සමාජයේ නිරන්තරයෙන් දකින කාරණයකි. අවාසනාව කියන්නේ බුද්ධියේ ඉනිපත්තෙහි ජීවත්වන නූතන මිනිසා පවා තවම මෙය අත්හැරීමට සූදානම් නැත. ඔහු මේවාට එරෙහිව කථා කරයි නමුත් තම පවුලේ යමක් යයි ආ විට ජාතිය, කුලය, දේශය, වර්ණභේදය, භාෂාව............. යනාදී සියල්ලම සොයයි. ඔහු කොතරම් එයතුල අන්ධ වෙනවාද යයි පවසනවා නම් තම ජාතියේ, කුලයේ, ආගමේ............ කිසියම් කෙනෙකු තවත් ජාතියක, කුලයක, ආගමක............ කෙනෙකු හා මතවාදයක් හෝ ගැටුමක් ඇති කරගත්විට එහි සාධාර්ණ අසාධාර්ණ කිසිවක් නොබලා තම ජාතියේ, කුලයේ, ආගමේ........... පාර්ශවය වෙනුවෙන් පෙනීසිටිමට පෙළඹේ. මෙවැනි හේතුන් නිසා සමාජය තුල නිර්මාණය වන වෛරය ක්රෝහධය එම සමාජයට දරැණු ප්රතථිපලයන් ගෙනදීමට මඟපාදයි. කොටින්ම මෙම මතවාදයන් මනුෂ්යා ගේ ඇස් අන්ධ කරවයි. මා මෙසේ පවසන විට කෙනෙකුට සිතෙන්නට පුළුවන් දැන් මේවා ගැන මිනිසුන් ඒ තරම් සැලකිලීමත් වන්නේ නැතැයි කියා. නමුත් බලන්න සතිඅන්ත පූවත්පතක මංගල දැන්වීම තීරැව මොහොතක් කියාවා බලන්න. මේවා තුල සමාජය කොතරම් ගිලී ජීවත්වෙනවදෙ යන්න පහසුවෙන් අවබෝධ කරගත හැකිවනු ඇත. ලාංකීය සමාජය තුල කුලවාදයට කොතරම් මූලිකත්වයක් දෙනවාද යන්න එම පුවත්පත් දැන්වීම් තුලින් වටහාගත හැක. එපමණක් නොව සමහරක් ප්රඑදේශවල අදටත් ඉහල (ගොවි) කුලයේ මිනිස්සු පහල කුලයේ මිනිසුන් තම නිවස තුලට නොගන්නවා යන්නත් ඔවුන්ගේ සිත්රිදෙන ආකාරයට සලකනවා යන්නත් ලාංකීය සමාජයේ කිසිවකුටත් ප්රවතික්ෂේප කල නොහැක. ශ්රී ලාංකීය අප අපගේ දියුණූ සංස්කෘතීන් ගැන කොතරම් යටිගිරියෙන් කෑගසමින් කියාපෑවත් තිත්ත වූ ඇත්ත එයයි. එපමණක් නොවේ මෑතකාලයේ ලාංකීය සමාජයේ වෙන කවරදාකටත් වඩා සිංහල භාෂාව පිලිබදව මහා ඉහලින් කථා කරයි. එනම්, “සිංහල භාෂාව තමා උසස්ම භාෂාව“ යන්න ඔවුන්ගේ වාදයයි. මෙවැනි වාද වචනයට (පාර්ශවකරැවන්ට) අලංකාර වූවත් මේවාට කිසිදු පදනමක් නැත. මේවා තුල පිලිඹිබු වන්නේ මිනිසාගේ තිබෙන අනවබෝධය හා අන්තවාදීත්වය පමණි. භාෂාව අනුව මනුෂ්යාේගේ උස්පහත් භේදයක් නිර්ණය කලහැක යන්න සිතීම පවා පැහැදිලි කාරණයක්. එසේ නමුත් එවැනි මතවාදයන් ඉදිරිපත් කිරීමට පවා කිසියම් පදනමක් පැවතිය යුතු නොවේද?. ලාංකීය සමාජය සැලකූවිට එහි භාෂා 10ක් පමණ ඇත. නමුත් අපට ආසන්න රට වන ඉන්දියාව සැලකූවිට එහි භාෂා 284 ක් ඇත. සමස්ථ ලෝකයම සැලකූවිට කොතරම් සංඛ්යාඉවක් භාෂා පවතින්නට පුළුවන්ද? මේ සියල්ල අතුරින් සිංහල භාෂාව උසස් යයි පැවසීමට ඇති පදනම කුමක්ද? එය ලොව ආරම්භක මිනිස් යුවල කථා කල භාෂාවද?, එසේත් නැත්නම් ලොව පැරණිතම භාෂාවද? නොඑසේ නම් ලොව බහුතරයක් කථා කරන භාෂාවද? එසේත් නැත්නම් අඩුම තරමින් එය ලාංකීය බෞද්ධයන් පිලිගන්නා ගෞතම බුදුන් කථා කල භාෂාවක්ද? (මේවා කිසිවක් මිනිසාගේ උසස් පහත් බව නිර්ණය කරන සාධක නොවේ) මේ සියල්ල නොවේ නම් සිංහල භාෂාව උසස්ම භාෂාවක් වන්නේ කෙසේද? නැවතත් පවසන්නට ඇත්තේ මෙය පැහැදිලිවම අනවබෝධය හා අන්තවාදීත්වයක් පමණි. දැන් නැවතත් මාතෘකාව වෙත අවධානය යොමු කලේනම් ඉහත A B C D E F G H I J K......... දරැවන්ගේ වර්ගීකරණ හේතු පදනම් කරගෙන උසස් පහත් යන සමාජ බෙදීම් කිසිවිටෙකත් නිර්මාණය කලනොහැකි බව පැහැදිලිය. එසේ තිබිය දී පවා වර්ථමාන ලොව තුල මෙම අවාසනාවන්ත තත්වය පවතින්නේ ඇයි?. මෙයට ප්රතධාන හේතුව ඉස්ලාම් පෙන්වාදෙන ඉහත “සියළු මිනිසුන් නිර්මාණය කලේ එකම මිනිස් යුවලකින්“ යන්න නිවරැදිව සමාජයට අවබෝධකර නොදීමයි. එදා ඉස්ලාම් ප්රනකාශ වූ ආරම්භක සමාජය මෙවැනි මිත්යාව විස්වාසයන් තුල ගිලී පැවතී කුරිරැ සමාජයකි. වර්ථමාන සමාජයට සාපේක්ෂව එදා (මීට වසර 1400ක්ට පෙර) පැවති සමාජය උස් පහත් බේදයන් ඉහලින් සැලකූ සමාජයකි. නිදසුනක් පවසනවා නම්, o අපිට වෙනම ඉස්ලාම් මෙවන් වූ සමාජයක් මධ්යල යේ මුහම්මද් (සල්) තුමාණන් මගින් දිව්ය්මය පණිවුඩය වන ඉස්ලාම් ප්ර්කාශ වනවාත් සමඟම ඉහත ආකාරයේ වූ මිත්යාකවන්ගෙන් මුස්ලීම් සමාජය මිදී මනුෂ්යකත්වය පමණක් අගයන සමාජයක් නිර්මාණය විය. මෙම කාරණයට ඉස්ලාම් කොතරම් වැදගත් ස්ථානයක් ලබාදී තිබෙනවාද? අවබෝධ කරගැනීමට ශුද්ධ වූ කුර්ආනයේ සදහන් බොහෝ වාක්යබයන් සක්ෂි දරණ නමුත් එහි වැදගත්කම ඉහලින්ම සනාථ කරන අවස්ථාවක් ලෙස මුහම්මද් (සල්) තුමාණන්ගේ අවසාන දේශනය සදහන් කලහැක. තම වසර 23 ක මෙහෙවෙර සාරාංශ කොට කල එම දේශනයේ දී මෙලෙස ද පවසන ලදී. එනම්, “...........ජනතාවනී ඉතා සාවදානව මට ඇහුම්කන් දෙන්න. අල්ලාහ් දෙවියන් පමණක් නමදින්න. දිනපතා පස්වේල සලාතය ඉටුකරන්න. රමළාන් මාසයේ උපවාසයෙහි යෙදෙන්න. ඔබගේ ධනයෙන් සzකාත් (මුස්ලීම්වරුන් විසින් දුප්පතුන්ට දෙන අනිවාර්ය බද්ධ) දෙන්න. වත්කම් ඇත්නම් හජ් වන්දනාවේ යෙදෙන්න. එක් මුස්ලීම්වරයෙකු තවත් මුස්ලීම්වරයෙකුගේ සහෝදරයෙකු යන්න නුඹලා දන්නෙහිය. ඔබ සියළු දෙනා ජාතියෙන්, භාෂාවින් කිසිවෙක් කිසිවකුට වඩා උසස් නොවන සමානයෝ වන්නේය................“ මූලාශ්රන ග්රනන්ථය - බුහාරී 7343 ඉහත ආකාරයට මුහම්මද් (සල්) තුමාණන් විසින් සිදුකල අවසාන දීර්ඝ වූ දේශනය තුල වැදගත් ස්ථානයක් මෙම කාරණයටද ලබාදෙයි. එහි තවත් සුවිශේෂත්වයක් වන්නේ ඉස්ලාමීය අනිවාර්ය යුතුකම් 05ක් වන අල්ලාහ් (දෙවියන්) පමණක් විශ්වාස කිරීම, දිනපතා පස්වේල නැමදීම, රමළාන් මාසයේ උපවාසයෙහි නිරතවීම, සzකාත් (මුස්ලීම්වරුන් විසින් දුප්පතුන්ට දෙන අනිවාර්ය බද්ධ) දීම හා හජ් වන්දනාවේ නිරතවීම යනාදී පංච කාරණය හා බද්ධව “ඔබ සියළු දෙනා ජාතියෙන්, භාෂාවින් කිසිවෙක් කිසිවකුට වඩා උසස් නොවේ“ යන්න පැහැදිලිවම අවධාරණය කිරීම තුල ඉස්ලාම් මෙම කාරණයට කොතරම් වැදගත්කමක් ලබාදී තිබුනාද? යන්නත්, අද ලොව සෑම සමාජයක්ම අභිබවා ඉස්ලාමයට එය ජයගැනීමට හැකි වුයේ එදා එම මිත්යතවට හා ඒ ඔස්සේ නිර්මාණය වූ දුර්වලතාවයන්ට “සියළුදෙනා එකම මිනිස් යුවලගේ දරැවන්“ යන්න අවධාරණය කිරීම තුලින් ලබාදුන් විසදුම නිසා යන්නත් පැහැදිලි කාරණයක් වේ. ඉස්ලාම් මේ ආකාරයට “සියළුදෙනා එකම මිනිස් යුවලගේ දරැවන්“ යන්න පැවසීමේන් පමණක් නතර වූයේ නැත. ඉහත සදහන් ආකාරයේ ජාතිය, කුලය, දේශය හෝ භාෂාව අනුව මිනිසාගේ උස්පහත් බේදයක් නොමැති බව පැවසූ ඉස්ලාම් සමාජ මතවාද බෙදීම ප්රවතික්ෂේප කරන්නේ නැත. නමුත් එය මතවාදී බෙදීමක් මිස ඒ තුලින් මනුෂ්යා ගේ උපතින් හෝ සමාජය විසින් දායාද කරන උස්පහත් තත්වයන් පිලිබිබු නොවේ. ඒ පිලිබදව දැන් අවධානය යොමු කරමු,

උස් පහත් භේදයක් ලොව නැතිද?

 දෙවියන් හමුවේ උසස් කව්රැන්ද? මනුෂ්යාි ජීවත් වන්නේ තම ජීවිතය තුල විවිධ අරමුණු හා ඉලක්ක නිර්මාණය කරගෙනය. මේ අරමුණු හා ඉලක්ක නොමැති විට ඔහු මානසික රෝගියෙක් එසේත් නැත්නම් ඔහු මළකඳක් ඒ අනුව විඥානයක් ඇති සෑම කෙනෙකුහටම අරමුණක් හා ඉලක්කයක් ඇත. එය ද ප්රසධාන කොටස් දෙකකට බෙදේ එනම් ලෞකික අරමුණු හා ලෝකෝත්තර අරමුණු ආගමක් තුලින් වැඩි අවධානයක් ලබාදෙන්නේ ලෝකොත්තර ඉල්කක සදහාය. ඒ අනුව ලෝකොත්තර දිවිය ජයගැනීමට නම් ඔහුතුල උසස් වූ ගුණාංගයන් පැවතිය යුතුය. එය සෑම දහමක්ම අවධාරණය කරන මූලික කාරණයකි. ඉස්ලාම් දහම ද ශුද්ධ වූ කුර්ආනයේ () වාක්ය ය මඟින් එය මෙලෙස අවධාරණය කරයි. o දෙවියන් හමුවේ ශ්රේතෂ්ඨයා බියබැතියාය ඉහත වාක්යනයට අනුව දෙවියන් හමුවේ උසස් පුද්ගලයා තීරණය වන්නේ ජාතිය, කුලය, දේශය, වරණය, භාෂාව...... මූලික කරගෙන නොව ඔහු කොතරම් දෙවියන්ට අවනතව ජීවත්වනවාද? යන්න පදනම් කරගෙනය යන්න පැහැදිලි වේ. මෙය දෙවියන්ට පමණක් ආවේණික අංගයක් නොව එදිනෙදා සමාජයේ මනුෂ්යාටද බොහෝ දෑ තීරණය කරන්නේ ඒ ආකාරයට තමා, උදාහර්ණයකට ආයතන ප්ර‍ධානියකු තම සේවකයාගේ කුලය, ජාතිය, වර්ණය, භාෂාව, ආගම...... යනාදී කරැණූ පදනම් කරගෙන ඔහුගේ ශ්රේගෂ්ඨත්වය තීරණය නොකරයි. ඔහු බලන්නේ තමන් පවරන රාජකාරිය කොතරම් නිවරැදිව, වගකීමේන් හා කැපවීමෙන් ඉටුකරනවාද? යන්නයි. මෙය රැකියාවට පමණක් නොවේ. දෛනික ජීවිතයේ සෑම අවස්ථාවකටම මෙය වැදගත් වේ. උදාහර්ණයක් ලෙස විවාහයක් සැලකුවත් එහි දී ද වැදගත් වන්නේ කුලය, ජාතිය, වර්ණය, දේශය....... යනාදී කාරණයන් නොවේ. එහිදීත් වැදගත් වන්නේ කොතරම් අවංකව, අවබෝධයෙන් හා කැපකිරීමන් ඇතුව ජීවිත් වෙනවාද? යවන්නයි. එය ලාංකීය සමාජයේ “කුලය“ මුල්කරගෙන සිදුකල විවාහ හා දික්කසාද මෙන්ම කිසිවක් නොබලන සමාජයේ විවාහ හා දික්කසාද සංඛ්යාර ලේඛන විශ්ලේෂණය කරන ඕනෑම කෙනෙකුහට එහි සැබෑ තත්වය මනාව පැහැදිලි වනු ඇත. මේ අනුව මනුෂ්යාෙ පවා සියළු කාරණයන් නිර්ණය කිරීමේ දී කුලය, ජාතිය, වර්ණය, භාෂාව, ආගම..... යනදීය මූලික කරගැනීම නිවරැදි ක්රඇමයක් නොවන බව පැහැදිලි වේ. මනුෂ්යාුහටම මෙය ප්රාගයෝගික නොවේ නම් එවන් කාරණයක් දෙවියන් පදනම් කරගන්නේ නම් ඔහු දෙවියෙකු වන්නට පූළුවන්ද? ඒ අනුව දෙවියන් හමුවේ වැදගත් වන්නේ මනුෂ්යාවගේ සිතුවිල්ල පමණි. මෙය වරක් මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී. දෙවියන් විසින් මනුෂ්යානගේ වස්තුව (ධනය) හෝ භාහිර ස්වරෑපය නොබලයි. ඔහු බලන්නේ මනුෂ්යුයාගේ හඳවත හා ක්රිසයාවන් පමණි. මූලාශ්ර්ය ග්රනන්ථය - මුස්ලීම් 4651 ඉහත හදීසයට අනුව ද පැහැදිලි වන්නේ මනුෂ්යා-ගේ වැදගත් වන්නේ ඔහුගේ භාහිර ස්වරෑපය (වර්ණය), ඔහුගේ ධනය, ඔහුගේ කුලය, ජාතිය, භාෂාව..... යනාදී කරැණු නොව ඔහු කොතරම් දෙවියන්හට අවනතව ජීවත් වෙනවාද? යන්නයි. ඒ අනුව ලාංකීය සමාජයේ පවා අප නිරන්තරයෙන් දකින වාදයන් වන අප උසස් කුලය, අප උසස් ජාතිය, අපේ භාෂාව උසස් භාෂාව....... යනාදී වාදයන් ඔවුන්ගේ අනවබෝධය නිසා ඇති වන්නක් බව පැහැදිලිය. මේ හේතුව නිසා තමා ශුද්ධ වූ කුර්ආනයේ 49-11 වාක්යැය මෙසේ පවසන්නේ, මුස්ලීම්වරැනේ !, එක් සමාජයක් තවත් සමාජයක් අපහසයන්ට ලක්කරන්න එපා. මන්ද අපහසයන්ට ලක්වන සමාජය අපහස කරන සමාජයට වඩා ශ්රේලෂ්ඨයන් වන්නට පුළුවන............ (49-11) ඉහත කුර්ආන් වාක්යයය සදහන් ආකාරයට මනුෂ්යා.ගේ ශ්රේ ෂ්ඨත්වය නිර්ණය කරන සාධකය ඔහුගේ බාහිරින් රැදී නොපවතී. එය මනුෂ්යාශ, දෙවියන් සමඟ හදවතින් කරන ගනුදෙනුවකි. ඒ අනුව “අප උසස“ යන වාදය භාෂාව, කුලය, දේශය, ජාතිය.... යනාදී ලෞකික කාරණයන් පදනම් කරගත නොහැක. නමුත් අද සමාජය ඉහත සදහන් සමාජ උස්පහත් භේදය නිර්මාණය කිරීමට යොදා ගන්නේ ඉහතින් සදහන් ලෞකික අංගයන්ය. මෙය අද පමණක් නොව මීට වසර 1400 කට පෙර ඉස්ලාම් ප්රනකාශ වූ ඒ අඥාන සමාජයේ පවා පැවති විශ්වාසයකි. එයට පහත හදීසය හොද නිදසුනකි. වරක් මුහම්මද් (සල්) තුමාණන් හමුවට එක්තරා කෙනෙකු පැමිණි “මනුෂ්යකයන් අතුරින් ශ්රේ්ෂ්ඨයා කව්රැන්ද?“ යයි විසමන ලදී. එයට නබිතුමාණන් “මනුෂ්යලයන් අතුරින් අල්ලාහ් (දෙවියන්)ට අධිකව අවනත වන්නන් තමා“ යයි පවසන ලදී. එයට ඔහු “අප ඔබතුමාගෙන් ඒ ගැන විමසුවේ නැහැ“ යයි පවසන ලදී. එයට මුහම්මද් (සල්) තුමාණන් “එසේ නම් අල්ලාහ් (දෙවියන්)ගේ මිත්රමයා වන ඉබ්බ්රා්හීම් (අලෛ) තුමාණන්ගේ (මොහු අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත්රරයා වන ඉස්හාක් (අලෛ) තුමාණන්ගේ (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත් යාකූබ් (අලෛ) තුමාණන්ගේ (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) පුත් යූසුෆ් (අලෛ) තුමාණන් (මොහු ද අතීතයේ ජීවත් වූ වක්තෘවරයෙකි) තමා“ යයි පවසන ලදී. එයට ඔහු නැවතත් “අප ඔබතුමාගෙන් ඒ ගැන විමසුවේ නැහැ“ යයි පවසන ලදී. එයට නබිතුමාණන් “අරාබිවරැන්ගේ පරම්පරාව ගැනද විමසන්නේ?“ යනුවෙන් විමසන ලදී එයට ඔහු “ඔව්“ යනුවෙන් පිලිතුරැ දෙන ලදී. එයට නබිතුමාණන් “අඥාන (ඉස්ලාම් ප්රබකාශවීමට පෙර) කාලයේ ශ්රේාෂ්ඨයන් ලෙස ජීවත් වූ පිරිස් තමා පසුකාලීනව ඉස්ලාම් දහමේ ශ්රේ ෂ්ඨයන් බවට පත්වන්නට ඇති. ඒ ඔවුන් දහම් ඥානය ලැබුවේ නම්“ යයි පවසන ලදී. දන්වන්නේ - අබූහුරෙයිරා (රලි) තුමාණන් මූලාශ්රේ ග්රබන්ථය - බුහාරී 4689

 	ඉහත හදීසය හොදින් අධ්යනනය කලේ නම් පැහැදිලි වන කාරණා කිහිපයක් ඇත. එහි මූලික කාරණය ඉහත ප්ර ශ්න කරන කෙනාගේ එකම අරමුණ අරාබිවරැන් කොතරම් ශ්රේමෂ්ඨද? යන්න මුහම්මද් (සල්) තුමාණන්ගෙන් අසා දැනගැනීමයි. නමුත් නබිතුමාණන්ගේ පිලිතුර “මනුෂ්යමයන් අතුරින් අල්ලාහ් (දෙවියන්)ට වඩාත් අවනත කෙනා තමා ශ්රේණෂ්ඨයා වන්නේ“ යන්නයි. නිසි පිලිතුර නොලැබූ ඔහු නැවතත් ප්රවශ්න කරයි. එවිට (මොවුන් පාරම්පරා පිලිබදව විමසන බව අවබෝධකරගත් නබිතුමාණන්) දෙන පිලිතුර යුසුෆ් (අලෛ) තුමාණන් යන්නයි. කිසියම් කෙනෙකු පරම්පරාගතව ශ්රේමෂ්ඨ වන්නට ඔහු පමණක් ශ්රේෂ්ඨවීම ප්රකමාණවත් නොවේ. ඔහුගේ පියා පියාගේ පියා..... යනාදී වශයෙන් සියළුදෙනා ශ්රෙවෂ්ඨයන් වියයුතුය. දැන් යුසුෆ් (අලෛ) නබිතුමාණන්ගේ පරම්පරාව සැලකූවිට එතුමාණන්ගේ පියා, සීයා හා මුත්තා යන සියළුදෙනා වක්තෘවරැන් (නබිවරැන්) එපමණක් නොවේ ඔහුගේ මුත්තා “අල්ලාහ්ගේ මිත්රවයා“ මෙම ගෞරවය ඉබ්බ්රාපහීම් (අලෛ) තුමා හැර අන්කිසිදු වක්තෘවරයෙකුට ලැබූණේ නැහැ. ඒ අනුව පරම්පරාවක් ලෙස ගත්විට ශ්රේලෂ්ඨම පරම්පරාව ඇත්තේ යූසුෆ් (අලෛ) තුමාණන්ට තමා. මෙහෙදී විශේෂයෙන් සදහන් කලයුතු කාරණයක් ද ඇත. එනම් ඉහත සදහන් යූසුෆ්, යාකූබ්, ඉස්හාක් හා ඉබ්බ්රාකහීම් යන සතර දෙනා අරාබි සම්භවයක් ඇති පිරිස් නොවේ. අවසානයේ නැවතත් ඔවුන් අරාබිවරැන් පිලිබදවම ප්ර්ශ්න කිරීමේ දී නබිතුමාණන් පවසා සිටියේ මනුෂ්යාරගේ ශ්රේාෂ්ඨත්වය රදා පවතින්නේ ඔහුගේ පරම්පරාව අනුව නොව ඔහුගේ ක්රියයා කලාපය අනුව බවයි. තවත් අවස්ථාවක මුහම්මද් (සල්) තුමාණන් මෙසේ පවසන ලදී

“සත්ක්රිුයාවන් මිස පරම්පරාව නූඹව ස්වර්ගයට ගෙන නොයනු ඇත“ මූලාශ්රක ග්රනන්ථය - මුස්ලීම් 4867 මේ අනුව පරම්පරාව (එනම් ජාතිය, කුලය) පදනම් කරගෙන මනුෂ්යාසගේ ශ්රෙනෂ්ඨත්වය නිර්ණය කිරීම මිත්යා වක් හා අනවබෝධයක් යන්න පැහැදිලිය. මෙය අවබෝධ කරගැනීමට ගැඹුරැ ගවේෂණයන් අවශ්යා නොවේ. සෑම ජාතියකම, කුලයකම, විවිධ භාෂාවක් කථා පිරිස් අතරම යහපත් පිරිස් මෙන්ම අයහපත් පිරිස්ද සිටී. තම කුලය ඉහල කුලයක් වූ පමණින් එම සමාජයේ සෑම ක්රිතයාවක්ම සත්ක්රිේයාවන් නොවේ. එසේම පහත් යයි සලකන සමාජයේ සියළු ක්රිතයාවන් අයහපත් යයි පැවසිය නොහැක. මේ ආකාරයට ජාතිය, දේශය, වර්ණය, භාෂාව...... යන ඕනෑම කාරණයක් සැලකුවද ඉහත තත්වය වෙනස් නොවේ. එසේ තිබියදී එම කාරණයන් පදනම් කරගෙන තමන් තම සමාජය උසස් යයි පැවසීම අනවබෝධය හා අන්තවාදීත්වයක් පමණි. අවසාන වශයෙන් මුහම්මද් (සල්) තුමාණන් තම අවසාන දේශනයයේ අවධාරණය කල තවත් ප්රමකාශයක් ඔබගේ අවධානයට යොමු කරමි. එනම්. මනුෂ්යදයනී !, දැනගන්න. ඔබගේ දෙවියා එකම එක දෙවියායි!, ඔබ සියළුදෙනාගේ පියාද එකම එක්කෙනයි. දැනගන්න!, අරාබි කථා කරන්නා අරාබි කථා නොකරන්නාට වඩා කිසිදු අයුරකින් උසස් නොවේ. එසේම අරාබි කථා නොකරන්නා අරාබි කථාකරන්නාට වඩා කිසිදු අයුරකින් උසස් නොවේ. තවද (සමේ පාට) රතු වූ කෙනා කළුපාට පුද්ගලයාට වඩා උසස් නොවේ. නුඹලාගෙන් උසස් කෙනාවන්නේ (අල්ලාහ්) දෙවියන්ට වඩාත් අවනතව ජීවත්වන කෙනාවේ. මූලාශ්රන ග්ර්න්ථය - අහමද් 22391 මේ අනුව සමාජයේ උස් පහත් භේදය පවතින්නේ ඔහු කොතරම් දෙවියන්ට අවනතව ජීවත්වනවාද? යන්න මුල්කරගෙන මිස කුලය, ජාතිය, දේශය, වර්ණය, භාෂාව..... යනාදී ලෞකික කරැණු පදනම් කරගෙන නොවේ. මේ කාරණය නිසිඅයුරින් සමාජය අවබෝධකර ගැනීම අතපසුකල නිසා තමා අද මිනිස් සමාජය විවිධ මතවාද මුල්කරගෙන විවිධ කොටස්වලට බෙදී එකින් එකාට වෛරය වපුරමින් ජීවත් වන්නේ. නමුත් ඉස්ලාම් එම මිත්යාමවන් බිද දමමින් මීට වසර 1400 කට පෙර ස්ථීරසාර අත්තිවාරමක් යොදන්නට සමත්විය. එහි ප්රරථිපලය තමා ඉහත මිත්යාටවෙන් මිදුනු වර්ථමාන මුස්ලීම් සමාජය. ලොව සෑම ආගමක්ම හා ඒවා අනුගමනය කරන ප්රතජාව අභිබවා ඉස්ලාම් දහමට මෙම මිත්යා වෙන් මිදීමට හැකිවුයේ එය මනූෂ්යබ චින්තනයන්ගෙන් බැහැර වූ දිව්යිමය දහමක් වූ නිසාම පමණි.

Start a discussion with Abu Arshed

Start a discussion
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Abu_Arshed&oldid=126177" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි