පරිශීලක සාකච්ඡාව:182.161.10.253

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම මන්දාකිනිය Seyfert මන්දාකිනි(Seyfert Galaxies) නම් වර්ගයට අයත් වේ. සාමාන්‍යයෙන් මෙවැනි මන්දාකිනි වල ඉහල ක්‍රියාකාරිත්වයක් ඇති supermassive වර්ගයේ කළු කුහරයක් ඇත. M106 මන්දාකිනිය අපට ආසන්නම Seyfert මන්දාකිනිය ලෙස සැලකෙන අතර එයට දුර ආලෝක වර්ෂ මිලියන 22-25ක්‌ පමණ වේ. මෙවැනි මන්දාකිනි රේඩියෝ හා එක්ස් කිරණ වැඩි වශයෙන් නිකුත් කරන අතර බොහොවිට එය මධ්‍යයේ ඇති කලුකුහරය වටා වායු,දුවිලි වැනි දේ ගමන් කිරීම නිසා සිදු වේ. එය accretion disk ලෙස හදුන්වන කලුකුහරය වටා පිහිටි කලපයයි. මෙහි පිහිටි වායුන් ආදිය කලුකුහරය වටා වේගයෙන් ගමන් කිරීමේදී ඇතිවන පීඩනය හා ඝර්ෂණය නිසා X කිරණ පිටවෙන අතර ඒවා හයිඩ්‍රජන් පරමාණු වල ඇති ඉලෙක්ට්‍රොන මත ගැටී නැවත ශක්තිය නිකුත් කරයි. Seyfert මන්දාකිනි වලින් නිකුත්වන වර්ණාවලි පිරික්සීම මගින් මෙවැනි ශක්ති නිකුත් වීම් දැකගත හැකිය. එම ක්‍රියාවලිය බොහෝවිට විමෝචක නිහාරිකා වලදී සිදුවන ක්‍රියාවලියට සමාන වේ. M106 සම්බන්ද අනෙක් වැදගත් කරුන වන්නේ එහි megamaser ක්වසරයක්(quaser) තිබීමයි. ක්වාසර යනු x ray හා radio කලාප වලදී අතිශය දීප්තිමත් /වැඩෙමින් පවතින කළු කුහරයක් සහිත මන්දාකිනි හරයන් වේ. Maser (microwave amplification by stimulated emission radiation) මගින් සිදුවන්නේද අප දන්නා ලේසර් මගින් සිදුවන ක්‍රියාවලියටම සමාන ක්‍රියාවක් නමුත් එහිදී සැදෙන විමෝචක වර්ණාවලිය විශේෂ තරංග ආයමයක් සහිත තරංග(microwave) එකම දිශාවකට ගමන් කිරීමෙන් සැදෙයි. කළු කුහරය අවට අධි ශක්ති x කිරණ මගින් මේවා උත්තේජනය වන බැවින් මෙවැනි maser ක්ෂිරපතයේ ඇති දීප්තිමත්ම වස්තුන්ට වඩා 100 ගුණයක් පමණ දීප්තියෙන් යුක්ත වෙයි. මෙම වර්ණාවලිය මගින් supermassive කළු කුහරය වටා වායුන් හා අනෙක් ද්‍රව්‍ය විසිරි ඇති ආකාරය, ඒවගේ ප්‍රවේගයන් හා ඝනත්වයද ගණනය කල හැකිය. එසේ ලබාගත් ප්‍රවේගය ඇසුරෙන් මෙම මන්දාකිනි වලට ඇති දුර ද සොයාගත හැකි බැවින් Seyfert මන්දාකිනි යනු විද්‍යාඥයන් විසින් බොහෝ දුර‍ට අධ්‍යනය කර ඇති තාරකා විද්‍යාත්මක වස්තූන් වෙයි. දැනට සොයාගන ඇති පරිදි මන්දාකිනි වලින් 1/10ක්‌ පමණ මෙම වර්ගයේ මන්දාකිනි වේ.


මෙම සංවාද පිටුව අයත් වන්නේ තවමත් ගිණුමක් තනා නැති හෝ එසේ කොට එනමුදු එය භාවිතා නොකරන හෝ නිර්නාමික පරිශීලකයෙකුටය.

එබැවින්, ඔහු/ඇය හැඳින්වීමට සංඛ්‍යාත්මක IP ලිපිනය භාවිතා කිරීමට අප හට සිදුවේ. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් මෙවැනි IP ලිපිනයක් හවුලේ පරිහරණය කරනවා විය හැක. ඔබ නිර්නාමික පරිශීලකයෙකු නම් හා ඔබ පිළිබඳ අනනුකූල පරිකථනයන් සිදුවෙන බවක් ඔබට හැ‍ඟේ නම්, අනෙකුත් නිර්නාමික පරිශීලකයන් හා සමග මෙවැනි සංකූලතා ඇතිවීම වලක්වනු වස්, කරුණාකර ගිණුමක් තැනීමට හෝ ප්‍රවිෂ්ට වීමට කාරුණික වන්න.