පරිශීලක සාකච්ඡාව:ගඩාෆි
මාතෘකාවක් එක්කරන්නපෙනුම
මුවමර් මොහොමඞ් අබු මින්යර් අල් - ගඩාෆි හෙවත් ලිබියානු ජනාධිපති මුවමර් ගඩාෆි පසුගිය ඔක්තෝබර් 20 වැනිදා ලිබියාවේ සර්ට් නගරයේ දී ජිවිතක්ෂයට පත්විය. මුවමර් ගඩාෆි වර්ෂ 1942 දී සර්ට් නගරයේ දී උපත ලැබුවේය. ඒ වන විට ලිබියාව ඉතාලියේ යටත් විජිතයක්ව තිබුණි. 1951 දී ඉඞ්රිඞ් රජු යටතේ ලිබියාවට නිදහස ලැබුණි.
තරුණ වියේ පසු වූ ගඩාෆි එවකට ඊජිප්තු නායකයෙකු වූ ගමාල් ඇබ්ඩෙල් නාසර් පිළිබඳව උනන්දුවක් දැක්වීය. නායකත්වය පිළිබඳව ඇල්මක් දැක්වූ ඔහු 1961 දී ලිබියානු හමුදාවට බැඳිම සඳහා බෙන්ගාසි නගරයේ හමුදා පාසලකට ඇතුළත් විය. වර්ෂ 1969 සැප්තැම්බර් පළමු වැනිදා සිදුවු හමුදා කුමන්ත‍්‍රණයකින් එවකට ලිබියාව පාලනය කළ ඉඞ්රිඞ් රජු බලයෙන් පහකිරීමට මුවමර් ගඩාෆි සමත් විය. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 27කි. මෙම කුමන්ත‍්‍රණය ලිබියානු විප්ලවය ලෙස හැඳින්වේ. එතැන් පටන් ඔහු ඒකාධිපති පාලකයෙකු ලෙස ලොව ප‍්‍රකට විය.
Start a discussion with ගඩාෆි
Talk pages are where people discuss how to make content on විකිපීඩියා the best that it can be. Start a new discussion to connect and collaborate with ගඩාෆි. What you say here will be public for others to see.