Jump to content

පරිශීලක සාකච්ඡාව:ඌරගහ සුදේව හිමි

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්
Latest comment: වසර 14කට පෙර by Singhalawap

සිංහල විකිපීඩියාවට සාදරයෙන් පිලිගනිමු ! Singhalawap (talk) 17:51, 27 මැයි 2011 (යූටීසී)Reply


පූජ්‍ය ඌරගහ සුදේව හිමියෝ ගාලු දිස්ත්‍රික්කයට අයත් පිටිගල, බොරළුහේන නම් කුඩා ගමෙහි පියිටා ඇති රාජගිරි ක්ෂේත්‍රාරාම පුරාණ විහාරයෙහි විහාරාධිපති හිමි ලෙස කටයුතු කරති. පිටිගල ගා/හත්තක මහා විද්‍යාලයෙහි විදුහල්පති ස්වාමීන් වහන්සේද වන උන් වහන්සේ ප්‍රෙද්ශයේ ජනතාව අතර බෙහෙවින් ජනාදරයට හා ගෞරවයට පත්ව සිටින ස්වාමීන් වහන්සේ නමකි. කලක් අරාජිකව පැවති පිටිගල රාජගිරි ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය උන්වහන්සේට පැවරෙන්නේ 1995 වසරේ අප්‍රේල් මාසයේ දීය. එතැන් පටන් මෙම විහාරස්ථානයට නව යුගයක ආලෝකය වැටෙන්නට විය. ඉතා ඉක්මණින් ප්‍රෙද්ශයේ ජනතාව අතර නමක් දිනා ගත් උන්වහන්සේ විහාරස්ථානයේ අබලන්ව අසෝභනව පැවති විහාරාංගයන් ඉවත් කරමින් නව ඉදිකිරීම් කරන්නට පටන් ගත්හ. මෙහි ප්‍රතිඵල වශයෙන් මේ වන විට නව ආවාස මන්දිරයක්, නව බෝධි ප්‍රාකාරයක්, දහම් පාසල සදහා ශාලාවක්, සුවිශල් ගල් ප්‍රාකාරයක් හා 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ධර්ම මන්දිරය නමින් සුවිසල් ධර්ම ශාලාවක් ඉදි වී ඇත. අබලන්ව පැවති විහාර මන්දිරය අළුත්වැඩියා කොට ඊට නව පෙනුමක් එක් කොට ඇත. ජල ප්‍රශ්නය විහාරස්ථානයට තිබූ උග්‍ර ගැටළුවකි. එය විසදා ගැනීම සදහා මෙම ස්වාමීන් වහන්සේ ගත් ක්‍රියා මාර්ගය නිසා කිසිදා නොසිදෙන ජල උල්පතක් විහාරස්ථානයට පහළ වී ඇත. කලින් මෙහි අධිපතිත්වය දැරූ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් ඉඩම් නඩු වලට පැටලී සිටියද සුදේව හිමියෝ ඉඩම් පිළිබද ආශාව දුරු කළ උතුමෙකු මෙන් ඒ සියළු නඩු අතහැර දමා වෙසෙති.