Jump to content

පරිශීලක:Upul denuwan gomes

විකිපීඩියා වෙතින්

සෙංකඩගල ශ්රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාලිගාවයි. මෙය ශ්රීර ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්යලය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා ඇත්තේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ්රී. දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592 - 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්රීම දළදා මාලිගාව පෘතුගීසි ආක්රිමණික‍යන් විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්රී. වීරපරාක්රශම නරේන්ද්ර සිංහ (1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්ර.විඩ රජවරු පවා ශ්රීි දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා වහන්සේ වැඩහිටි මන්දිරය, ධාතුඝරය, දළදාගේ, දළදා මන්දිරය, දළදා මාලිගය ආදී නම් වලින් හැඳින්වූ බව පෙනේ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. මල්වතු හා අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි. බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්යතය පවත්වයි. මෙහිදී සුවඳ ගැන්වූ ඖශධීය ජලයෙන් සංකේත වශයෙන් දළදා වහන්සේ ස්නානය කරවනු ලබයි. මෙසේ ස්නානය කරවීමෙන් ලැබෙන ජලයේ රෝග සුව කරීමේ ආනුභාවයක් ඇති බව විශ්වාස කෙරේ. දන්ත ධාතූන් වැඩහිඳිනා භූමිය[සංස්කරණය]


මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ඳ තවත් පැත්තකින් වටවු මහනුවර රාජධානිය සෞම්යි දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවිමට තරම් සශ්රි්කය. අලුත් නුවර, මැදමහනුවර, හඟුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර, හා ගලේ නුවර, දළඳා වහන්සේගේ ආරක්ෂිත ප්රරදේශ වේ. දළදා මාළිගයේ ඉතිහාසය[සංස්කරණය]


මුල් අවධියේ මහනුවර හැඳින්වුයේ "ශ්රි සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්රිශ වර්ධනපුරය" ලෙසය. දඹදෙනි රාජධානියේ හතරවන පරාක්රවමබාහු (ක්රික.ව 302-1326) රජතුමාගේ බෑනා කෙනෙකු වු සිරිවර්ධන නැමති අය විසින් ක්රිය.ව. 1312 දී එවකට කටුපුල්ලේ නමින් හැඳින්වු ප්ර දේශය අසල "සෙංකඩගල සිරිවර්ධනපුරය" නමින් නගරයක් ආරම්භකොට ඇත. තවත් ජනප්රිවාදයක් නම් සෙංඛණ්ඩ නම් බ්රා්හ්මණයෙකුගේ නමින් මේ නගරය ඉඳිවු බවත්, තුන්වන වික්ර්මබාහු නම් රජුගේ අගමෙහෙසිය වු සෙංඛණ්ඩා නම් දේවිය නමින් මේ නගරය ඉඳිවු බවත්, මෙහි තිබූ සෙංකඩගල නම් රක්ත වර්ණ පාෂාණයක් මුල්කොටගෙන මේ නම ඇතිවු බවත් ජනප්රනවාදයේ සඳහන් වේ. ගම්පොල රාජධානියේ පාලකයා වු තෙවන වික්රාමබාහු රජසමයේ (ක්රිෙ.ව 1357-1374) දළඳා මැඳුර සහා ලෝකේෂ්වර නාථ දෙවියන් සඳහා වු නාථ දේවාලය මෙහි ඉඳි විය. අස්ගිරි තල්පතෙහි සඳහන් අයුරු අස්ගිරි විහාරය ආරම්භ වුයේද මෙකලය. වර්තමානයේ මේවා මහනුවර පැරණිතම ගොඩනැගිළි වේ. ගම්පොල රජ පවුලෙන් පැවත ආ සේනා සම්මත වික්ර මබාහු (ක්රිව.ව 1469-1511)රජු විසින් සෙංකඩගල පුරය ලෙස නම් කරන ලදි.ඔහු මහනුවර රාජධානියේ නිර්මාතෘවරයා ලෙස සැලකේ. බුදුන් වහන්සේගේ පාත්ර ධාතුව තැම්පත්කර චෛත්යපක්, දෙමහල් පොහොය ගෙයක් ,සංඝාවාසයන් 86 ක් කරවා හා ධාතු කරඬු සහ පිළිම වහන්සේලා පූජා කරමින් පොතපත පලකරමින් විශාල මෙහෙයක් කර ඇත. සීතාවක පළමු රාජසිංහ රජු ,ජයවීර(ක්රින.ව 1511-1552),කරල්ලියද්ද බණ්ඩාර(ක්රිව.ව1552-1582)පළමු විමලධර්මසූරිය(ක්රි .ව 1590-1604)සිංහලයේ අවසන් රජු ශ්රි වික්ර(ම රාජසිංහ (ක්රි .ව 1798-1815)දක්වා රජවරු 10 දෙනෙකු මහනුවර රාජධානිය කරගෙන ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ රජ මාළිගාව ආසන්නයේය.දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනිම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. දෙවන විමලධර්මසූරිය රජු තුන් මහල් ප්රාගසාදයක් කරවු අතර මඟුල් මඞුව හා පත්තිරිප්පුව දේවේන්ද්රග,මූලාචාරියා නැමැත්තන් ඉඳිකර ඇත. දියවඩන නිළමේ තනතුර[සංස්කරණය] ප්රවධාන ලිපිය: දියවඩන නිලමේ පුරාණයේ රජවරු පත්කරනු ලැබූ මෙම තනතුර බ්රිනතාන්යත පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්රාමය වෙනස් කොට ඇති කරන ලද ක්රේම පරිපාටිය අනුව ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය විය. ශ්රික දළදා මාලිගාවේ චිරාගත සාම්ප්ර දායික දළදා පුදසිරිත් ආරක්ෂා කොට රැුකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්රදමුඛතාවය හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටය. දැනට 1931 කේ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ. කන්ද උඩරට පාලනය ඉංග්රි සින් අතට පත්වන විට ක්රිය.ව. 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. කපුවත්තේ අදිකාරම් නිලමේතුමාගෙන් පටන්ගෙන මේ දක්වා දියවඩන නිලමේවරු දහනව දෙනෙකු මෙම උතුම් තනතුර දැරූහ අතර දහනවවන දියවඩන නිලමේවරයා වශයෙන් ක්රින . ව. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්රපදීප් නිලංග දෑල දියවඩන නිලමේවරයා මෙම තනතුර අදත් හොබවයි. . දියවඩන නිලමේ නම් වූ නිලනාමය සම්බන්ධයෙන් මූලාශ්රි සාධක ලැබෙනුයේ මහනුවර යුගයේ සිටය. දළදා වහන්සේ සම්බන්ධයෙන් දාඨාවංශයේ සඳහන් වන අයුරු ප්රමථම නිලය වශයෙන් "ධාතුරක්ඛකාධිකාරි" තනතුර දක්නා ලැබේ. කෝට්ටේ අවසන් භාගයේ හා සීතාවක දෙල්ගමු රජමහා විහාරයෙහි දළදා වහන්සේ වැඩසිටි කාලය තුළ හිරිපිටියේ දිවනිලමේ නමින් පැවති තනතුරක් ගැන කියැවේ. "කොට්ටෙ කළාලේ කිසිල්ලේ දත මැද ගෙන යන්න රාළේ" ඉහත ජනකවි දෙපදයේ එන "රාළේ" යන්න ද, ඥාන දර්ශනය නමැති කෘතියේ හා උඩරට විත්තිහි දියවඩනරාළ යනුවෙන් ද, තවත් බොහෝ තන්හි ව්ය වහාරගතව ද පවත්නා අයුරු දියවඩන නිලමේ යන තනතුරු නාමය වෙනුවට කෝට්ටේ යුගයේදී දිවනරාළ, දියවඩනරාළ වශයෙන් ද භාවිත වූ බව පෙනේ. දිවනිලමේ, දියනිලමේ යනු ද දියවඩන නිලමේ යන්නටම බොහෝ තන්හි ව්යදවහාරව පවතී. පැරණි මහනුවර මහවාසල සම්බන්ධව දියවඩන නිලමේ තනතුරු තුනක් පැවතියේ යැයි සැලකේ. එනම් රජුගේ රාජකීය උල්පැන්ගේ ස්නානාදි කටයුතු භාරව හා රජතුමා ආහාර ගන්නා අවස්ථාවන්හිදී රන් කොතලයෙන් ජලය වැඞීම භාරව සිටි මහ දියවඩන නිලමේ, බිසෝවරුන්ගේ හා කුමාරයන්ගේ පල්ලේවාහල ස්නානාගාරය භාරව සිටි දියවඩන නිලමේ හා මහරජතුමා ශීරජත දළදා මාලිගාවට පැමිණි කල්හි අතපැන් වැඞීමටත්, මුළුතැන් බුද්ධ පූජාවට පැන් පයිංඩ කිරීමට හා නානුමුර මංගල්ලයට නානු පයිංඩ කිරීමටත්, යනාදී කටයුතු සඳහා දළදා මාලිගාවට, පත්කොට සිටි දියවඩන නිලමේ වශයෙනි. මුල් කාලයේදී රජු දළදා පුද සිරිත් ඉටු කිරීමට පෙර රජුගේ දෑත් ධෝවනයට දිය වැඞීම මෙන්ම දළදා තේවාවට අවශ්යි පැන් පයිංඩ කිරීම හා නානු පයිංඩ කිරීම ද දියවඩන නිලමේටම පැවරී තිබුණ බවත් එම කටයුත්ත දැනට ගෙපරාළට පැවරී ඇති බවත් සම්මාන මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න "ඥානදර්ශනයේ" සඳහන් කරයි. මහනුවර යුගයට පෙර සිට ජලය පිළිබඳ වගකීම පැවරුණු අමාත්යයරයෙකු සිටි බව ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ අනුමාන කරයි. කලට වැසි ලබාදීමේ ශක්තිය ඇත්තේත්, රටේ සෞභාග්යබ හා සමෘද්ධිය ඇතිකළ හැක්කේත් දළදා වහන්සේට බව ජනතාවගේ විශ්වාසය විය. මෙම විශ්වාසය පදනම් කරගෙන ජලවර්ධනය සම්බන්ධයෙන් රජවරුන්ගේ සුවිශේෂි අවධානය යොමු කොට ඒ සඳහා විශේෂ ධුරයක් ඇති කළැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම ජල පරමු වර්ධන ඇමති තනතුර මහනුවර යුගය වනවිට දියවඩන නිලමේ නම් වූවා වියහැකි බව ආචාර්ය ගොඩකුඹුරේ අනුමාන කරයි. දියවඩන නිලමේ සතු කාර්යභාරයන් බොහොමයක් අද පවත්නා ආකාරයට පරිවර්තනය වූයේ ඉංග්රි සි පාලකයන් විසින් තම රාජ්ය් වගකීමෙන් මිදී ක්රිල.ව. 1853 දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය දියවඩන නිලමේ වෙත පැවරුනාට පසුවය. ශ්රිම දළදා මාලිගාවේ ද ගිහි භාරකාරවරයා වශයෙන් ශ්රික දළදා වහන්සේ වැඩසිටින රන් කර`ඩුවල ප්රපථම මහරන් කර`ඩුවේ රන් යතුර භාරකාරවරයා දියවඩන නිලමේවරයාය, එය වනාහි පූර්වාකෘත පුණ්යර බල මහිමයෙන් ලැබෙන භාග්ය කයක් කොට සැලකේ. එදා දළදා වහන්සේගේ එකම ගිහි භාරකරුවා වශයෙන් රජතුමා සතුව තිබූ සියලූම වගකීම් සම්භාරයභාරයන් 1853 න් පසු ගිහිභාරකාර දියවඩන නිලමේවරයා වෙත පැවරී ඇත. දළදා වහන්සේගේ ආරක්ෂාව, දළදා මහරන් කර`ඩුවේ රන් යතුර භාරව සිටීම, දළදා පරම. දර්ශන පැවැත්වීම ආදියේදී මල්වතු අස්ගිරි උභය මහාවිහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ සම`ග එක්ව කරිරී යා කිරීම, දළදා වහන්සේ විෂයෙහි ඉෂ්ට සිද්ධ කරනු ලබන චිරාගත සාම්පරිමිදායික පූජා චාරිතර ක අඛණ්ඩව නිසි ලෙස පැවැත්වීම සඳහා තේවාකාරක භික්ෂූන් වහන්සේ සම`ග අවශ්යට පහසුකම් සලසා දෙමින්, රාජකාරි නිලකරුවන් පත්කර දෙමින් හා ඔවුන්ගේ කටයුතු මෙහෙයවමින් අදාළ කටයුතු මැනවින් ඉටු කිරීම, වාර්ෂික සතර මංගල්ලයන් ඇතුළු සෙසු මංගලෝත්සවයන් හා සම්බන්ධ සියලූ පුද සිරිත් චිරාගත සාම්පර සලදායික චාරිතරායන නුකූලව ඉෂ්ට සිද්ධ කිරීම, ශ්රි දළදා මාලිගාව සතු නිශ්චල චංචල දේපල සුරක්ෂිත කොට නිසි සේ පාලනය කිරීම, දළදා මාලිගාව පිළිසකර කිරීම, ශ්රි දළදා මාලිගාවට අදාළ සේවක කාරකාදීන් පත්කිරීම , මනා මූල්ය කළමනාකරණය හා විනයානුකූල ක්රිවයාමාර්ග ගැනීම ආදිය දියවඩන නිලමේ සතු කාර්යභාරයන්ගෙන් සමහරෙකි. (පුරුෂ පක්ෂයෙන් පමණක් සේවක පත්කිරීම් සිදුවිණ. දියවඩන නිලමේවරයා, බෞද්ධ ජනතාවගේ නායකයා වශයෙන් රටේ බෞද්ධයන් තුළ පවත්නා පිළිගැනීමයි. එම නායකත්වයට සරිලන ආකාරයෙන් තමන් සතු වගකීම් සම්භාරය චිරාගත සාම්ප්රනදායාන් කඩ නොකර නිසි හැටියට ඉටු කිරීම ද ඔහුගෙන් අපේක්ෂා කෙරේ. ශ්රි, දළදා මාලිගාවේ සියලූ අයවැය විධිමත් මූල්යස කළමනාකරණයකින් යුතුව ඉටු කිරීමටත් වාර්ෂික අයවැය ඇස්තමේන්තු නිසි සේ සකසා බෞද්ධ කටයුතු කොමසාරිවරයා වෙත ඉදිරිපත් කිරීමටත් ඔහු බැඳී සිටී. දියවඩන නිලමේ කෙනෙකුගේ ධුර කාලය අවුරුදු දහයක් වේ. වර්තමානයෙහි ශ්රිෙ දළදා මාලිගාවේ දියවඩන නිලමේ පදවිය බෞද්ධ නායකත්වයේ සංකේතය වශයෙන් දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධ ජනතාවගේ සම්භාවනාවට පාත්රා වී ඇත. පරම පූජනීය දළදා වහන්සේගේ ගිහි භාරකාරයා ලෙස ආගමික, ජාතික, සාමාජික ආදි වශයෙන් වගකීම් සම්භාරයක් ඔහු වෙත පැවරී ඇත. එනිසාම වර්තමාන දියවඩන නිලමේවරයාගේ කාර්යභාරය වඩා පුළුල් පරාශයක පැතිරී ඇත්තේය. චිරාගත සාම්ප්රමදායික චාරිත්ර වාරිත්රය හා ක්රිඩයාකාරකම් නො කඩ කොට පවත්වාගෙන යමින් ශ්රිප දළදා මාලිගාව ලෝක බෞදධ උරුමයක් වශයෙන් සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමත් චිරාගත සාම්ප්ර දායික පුද සිරිත් නිසි පරිදි ඉෂ්ට සිද්ධ කිරීමට අවශ්යි පහසුකම් සලසා දීමත් ඔහු සතු ප්රෂමුඛතම වගකීම වන්නේය. එපමණක් නොව දෙස් විදෙස් ගිහි පැවිදි බෞද්ධයන්ගේ ප්රාමර්ථනා මල්ඵල ගන්වමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් නිර්මාණය කරගැනීමට අවශ්යා පියවර ගැනීම, දිළිඳු බෞද්ධයන් නගාලීමට හා ආර්ථික දුෂ්කරතා ඇති ගිහි පැවිදි සිසුනට ශිෂ්යාරධාර ප්රකදානය, වෙහෙර විහාර හා දහම් පාසල් සංවර්ධනය, වෛද්යා ධාර ඇතුළු නන් විධ දළදා සරණ සේවා සැලසුම් කොට ක්රිධයාත්මක කිරීමාදි කාලින සමාජ සත්කාරයන් මෙහෙයවීම ද වර්තමාන දියවඩන නිලමේ වරයා සතු කාර්ය භාරයන්ගෙන් සමහරෙකි. ශ්රිර ලංකාවට පැමිණෙන විදේශ රාජ්ය් අමුත්තන් ද මෙරට රාජ්යම පාලකයන් හා අන්යු ප්රනභූවරු ද මහනුවර ශ්රිශ දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට මෙන්ම දියවඩන නිලමේවරයා බැහැදැකීමට ද අමතකක නොකරති. සිව් මහා දේවාල[සංස්කරණය] ප්ර්ධාන ලිපිය: සතර මහා දේවාල දළඳා මාළිගාව ආශ්රිිත ප්රයධාන දේවාල හතර සතර මහා දේවාල ලෙස හැදින්වේ. මේවා ශ්රිග විෂ්ණු , ශ්රි කතරගම, ශ්රිි පත්තිනි,යන දේවාල හතර මහා දේවාල නමින් හැඳින්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරිශ්රේය තුල පිහිටා ඇත. ශ්රින දළඳා මාළිගාවේ සතර මංගල්යගයේදි මෙම සිව් මහා දේවාල වැදගත් වේ.විශේෂයෙන් 1753 වර්ෂයෙන් පසු කීර්ති ශ්රිර රාජසිංහ රජු දවස සිට වර්තමානය දක්වා ශ්රිි දළඳා මාළිගාව පෙරටුකොටගෙන මෙම දේවාල හතර පිළිවෙලින් පෙරහැරේ යයි. නාථ දේවාල[සංස්කරණය] සෙංකඩගල රාජකීය පරිශ්රරය තුල ඇති පැරණිතම ස්මාරකය වන්නේ නාථ දේවාලයයි.ද්ර්විඩ ලක්ෂණ පෙන්නුම් කරන මෙය තුන්වන වික්රීමබාහු රජු විසින් කරවා ඇත.ඇසල පෙරහැරේ දළඳා පෙරහැරට පසුපසින්ම ගමන් කරන පෙරහැර වේ.නාථ දේවාල කැපවි ඇත්තේමතු බුදුවන නාථ දේවියන් වෙනුවෙනි. විෂ්ණු දේවාල[සංස්කරණය] පෙරහැරේ දෙවනුවට ගමන් කරනුයේ මෙම දේවාලයේ පෙරහැරයි.විෂ්ණු දෙවියන් වෙනුවෙන් මෙම දේවාලය කරවි ඇත.රජවරු අභිෂේකයෙන් පසු නලල් පටය බඳිනු ලැබීමේ චාරිත්රැය ඉටුකරනු ලැබුවේ මෙම දේවාලයේය. කතරගම දේවාල[සංස්කරණය] 14 වන සියවසේදී පමණ ඇරම්භවු බව සැලකේ.මෙම දේවාලය කතරගම දෙවියන්ට ප්රේසිද්ධව ඇත. පත්තිනි දේවාල[සංස්කරණය] දළඳා මාළිගාව අවට ඇති පැරණි ගොඩනැගිලි අතරින් එකකි.පති භක්තිය රැකි උතුම් කාන්තාවක් ලෙස සලකන ඇය සත්වාරයක් උපත ලද බව.ජලයෙන්,මලෙන්,නයි කඳුලෙන් ,කඳුරු පොත්තෙන් ,පිනිබිනදුවෙන්,අඹෙන්,ඉපදි බව සැලකේ.ඇසළ පෙරහැරේ අවසානයට ගමන් කරන පෙරහැරයි. අතීතයේ පටන් දළඳා කරඬුව ගෙනයාමට ඇත් රාජයෙක් විය.එම තත්වය සුවිශේෂි ඇතෙකුට හිමිවේ.මේ දක්වා කාලය තුල ඇතුන් 14ක් පමණ දළඳා කරඬුව රැගෙන යාමට සමත්ව ඇත. දළදා මාලාගවේ සතර මංගල්යදයන්[සංස්කරණය] ප්රාධාන ලිපිය: දළදා මාලිගාවේ මංගල්ය]යන් සෙංකඩගල දළදා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්යියන් 4ක් ඇත. 1. අලුත් සහල් මංගල්ලය 2. අලුත් අවුරුදු මංගල්ලය 3. ඇසල මංගල්ලය 4. කාර්තික මංගල්ලය දළඳා මාළිගාවේ ඇත් පන්තිය[සංස්කරණය]

1. සිංහ රාජා 2. ඒකදන්තයා 3. ඉන්දි රාජා 4. සුමන 5. විජය රාජා 6. ජය රාජා 7. කදිරා 8. නාලක 9. මියන් රාජා 10. බුරුම රාජා 11. මිගාර 12. කාවේරි 13. නවම් රාජා 14. කණ්ඩුල කෞතුකාගාරය[සංස්කරණය]


දළඳා මාළිගයේ තුන් මහල් කෞතුකාගාරයක් දක්නට ලැබේ. එහි පහත කෞතුක වස්තු තැන්පත් කර ඇත. 1. සමාධි පිළිමය 2. පැරණි ධාතු කරඩුව 3. සිරි පතුල 4. රිදී කලය 5. කැටයම් කරන ලද ඇත්දත් දෙක 6. මාළිගා සංකීර්ණයේ බිම් සැකස්ම 7. කීර්ති ශ්රිර රාජසිංහ රජුගේ ඇඳුම් කට්ටලය 8. ලේන්සු 9. හේමකඳ ශ්රී. ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු, කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මූද හෙවත් බෝගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත. දළදා මාළිගාවට එක් කළ නවතම ආයතනය ශ්රී දළදා කෞතුකාගාරයයි. ශ්රීව දළදා මාළිගාව මහනුවර පිහිටෙවු තැන් සිට මේ දක්වා කාලය තුල විවිධාකාර ශ්රේතණි වල සංචාරකයන්, බැතිමතුන්, රාජකීය අමුත්තන්, විවිධ රාජ්යට නායකයින්, සහ සාමාන්යූ පොදු මහජනයාද ශ්රීි දළදාව වෙත විවිධාකාරයේ ත්යා ග, පුද පඬුරු, පූජා කොට තිබෙන අතර ඒවා සියල්ල ඒ වෙනුවෙන් තනවන ලද විශේෂ ගබඩා කාමර වල, කලින් කලට පත් වූ දියවඩන නිලමේතුමන්ලා විසින් ආරක්ෂා සහිතව තැන්පත් කර තිබේ. හිටපු දියවඩන නිලමේ කෙනෙකු වූ නෙරංජන් විජේරත්නගේ අදහසක් අනුව මෙම වටිනා වස්තූන් මහජන ප්රෂදර්ශණයට තැබිය යුතු යයි තීරණය කරන ලදී. දියවඩන නිලමේගේ ඇරයුමක් අනුව මෙම කෞතුකාගාරය ඉතා අලංකාර ලෙස සැළසුම් කර තිබේ. සංස්කෘතික ත්රි කෝණයේ යුනෙස්කෝ - ශ්රිර ලංකා ව්යුපෘතියේ පුරාවිද්යාු අධ්යික්ෂවරයෙකු වූ මහාචාර්ය ලීලානන්ද ප්රේ්මතිලක සහ ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් එම සැළසුම් සකස් කරන ලදී. ටී.බි.නුගවෙල නම් හිටපු දියවඩන නිලමේ කෙනෙකු විසින් පිහිටවනු ලැබූ අලුත් මාළිගාව නම් නව ගොඩනැගිල්ලේ පළමු සහ දෙවැනි මහල් වල මෙම දළදා කෞතුකාගාරය පිහිටා ඇත. පළමු මහලෙහි ප්රිදර්ශන භාණ්ඩ අතර දළදා වහන්සේ ලක්දිවට වැඩම කළ තැන් සිට බ්රිෙතාන්යා පාලන කාලය දක්වා ඓතිහාසික වාර්තා, 1765 වර්ෂයේ මාළිගා සංකීර්ණයේ ලන්දේසි සැලැස්මක්, ශ්රීන දළදා වෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් වගබලා ගන්නා මල්වතු - අස්ගිරි පාර්ශව වල මහනායක හිමි වරුන්ගේ නාම ලේඛණ, මහනුවර රාජධානියේ රජවරුන්ගේ නාම ලේඛණ, සහ දියවඩන නිලමෙවරුන් රාශියකගේ උඩුකය පින්තූර, කීර්ති ශ්රී රාජසිංහ රජුගේ වස්ත්රාිභරණ, බුද්ධ පූජා චාරිත්රව වලදි රජවරු විසින් පාවිච්චියට ගනු ලැබු උපකරණ සහ 1998 ජනවාරි මස දෙමළ කොටි විසින් දළදා මාළිගා පරිශ්රේයෙහි බොම්බයක් පිපිරවු අවස්ථාවේ නිරාවරණය වූ බිත්ති සැරසිලි කැටයම් යනාදියෙහි කොටස් ආදිය දක්නට ලැබේ. මෙහි ප්රරදර්ශනය වන ඡායාරූප අතර සියවස් ගණනාවක් මුලුල්ලේ ශ්රීක දන්ත ධාතුව තැන්පත් කර තිබු විවිධ වැදගත් ස්ථාන වල ඡායාරූප සහ බෝම්බ පිපිරීමෙන් දළදා මාළිගාවට වූ බරපතල හානි විදහා දැක්වෙන විශාල ඡායාරූප එකතුවක්ද ඇතුළත්වේ. දෙවැනි මහලේ ප්රපදර්ශනය සඳහා තබා ඇති භාණ්ඩ අතර ශ්රි දළදාව සම්බන්ධ දිනපතා තේවාවන්හිදි ප්රතයෝජනයට ගත් ඓතිහාසික භාණ්ඩ, හෙප්පු, බුද්ධ ප්රරතිමා සහ ඉතා වටිනා මැණික් එබ්බවූ සාම්ප්රුදායික උඩරට රන් රිදි ආභරණ යනාදි බැතිමතුන් විසින් පූජා කරන ලද භාණ්ඩ දක්නට ලැබේ. මීට අමතරව ආගමික හා ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වටිනා භාණ්ඩද මෙම මහලෙහි ප්ර දර්ශනය වේ. ඒවා අතර කීර්ති ශ්රී රාජසිංහ රජු විසින් පූජා කරන ලද රිදි වතුර භාජනයක් (කලයක්) රාජසිංහ රජතුමා පූජා කළ එල්ලෙන රිදි පහනක්, තායිලන්තයේ බොරොම් කොත් රජු විසින් එවන ලද බුදුන්ගේ ශ්රී පතුලෙහි ආදර්ශයක් ගත් සිතුවමක් (මෙය එම රජතුමා විසින් ශ්රීන ලංකාවේ සංඝරාජ බවට පත් වූ වැලිවිට සරණංකර හිමියන් සමග තායිලන්ත භික්ෂුණ් පිරිසක් එවූ අවස්ථාවේදි ඒ සමග එවන ලද්දකි) සහ අශෝක රජතුමා ‍ෙග් කාලයේදි (කි.පු.3 සියවස) තුන්වෙනි ධර්ම සංඝායනාව පැවැත්වීමට මූලිකව කටයුතු කළ මොග්ගලි පුත්ත තෙරුන්ගේ ධාතු අඩංගු සුවිශේෂි ධාතු කරඬුවක් යනාදියද වෙයි. වෙනත් ඉතා වැදගත් ප්රුදර්ශණ භාණ්ඩ නම් පුරාණ කොඩි, කාසි, බුරුමයෙන් ප්රිදානය කරන ලද කැටයම් කළ ඇත් දත්, අනුස්මරණ ඵලක යනාදියයි. මෙම ස්ථානය බැලීමට යාමෙන් මහනුවර උරුමය, එහි සංස්කෘතික හා කලා ශිල්ප යනාදිය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබිය හැක. 1814 වර්ෂයේදී ශ්රීධ වික්රිමරාජසිංහ නම් අන්තිම රජු අල්ලා ගැනිමෙන් පසු සහ ශ්රික දළදාවේ ආරක්ෂකයින් ලෙස මහ නා හිමි දෙපළ සමග ගිහි භාරකරුවෙකු පත් කිරීමේ සිට දියවඩන නිලමේ තනතුරෙහි බොහෝ දෙනෙකු සේවය කර ඇත. ඔවුන් නම්,

ආශ්රිිත ලිපි[සංස්කරණය] • දළදා මාළිගා • දළදා තේවාව • දළදා පෙරහැර මංගල්ය්ය අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය] • ශ්රී දළදා මාළිගාව පින්තූර ගැලරිය[සංස්කරණය] • දළඳා මාළිගාව1

• දළඳා මාළිගාව2

• දළඳා මාළිගාවේ ඇති චිත්ර 3

• දළඳා කෞතුකාගාර පුස්කොල පොත් 4

• දළඳා මාළිගාව 5

• දළඳා මාළිගාවේ ඇති චිත්රප 6

• දළඳා මාළිගාව 7

• දළඳා මාළිගාව 8

• දළඳා මාළිගාවේ ඇති බුදුපිළිම 9

• දාතූන් වහන්සේගේ ආකෘතියක්10

• දළඳා මාළිගාවේඇති කැටයම්11

• මාළිගාවේ තේවා කරන ස්ථානය12

• පැරණිදළඳා මාළිගාව13

• කැටයම්14

• පුස්කොල පොත්15

• දළඳාවහන්සේ වැඩසිටින ස්ථානය15

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Upul_denuwan_gomes&oldid=270604" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි