පරිශීලක:Tharindu volgs
පැල්මඩුල්ල රජ මහා විහාරය
සිරී පාදෙ අයිති හාමුදුරුවො බෙංගමුවේ ධම්මදින්න හිමි. ඒ හාමුදුරුවො වැඩ ඉන්නෙ පැල්මඩුල්ල රජමහා විහාරයේ. අවාරෙ සමන් දේව ප්‍රතිමාව සහ දේවභරණ තැන්පත් කරල තියෙන්නෙ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේ. ඒ පන්සල ධම්මදින්න හාමුදුරුවන්ගේ යටතේ තියෙන්නෙ.
සිරිපාදය අයත් වෙන්නේ සියම් නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයට.. කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවෝ කුට්ටාපිටිය සන්නසින් ශ්‍රීපාදය පූජා කරන්නේ වැලිවිට අසරණ සරණ සරණකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේට.. උන්වහන්සේ එය තම ශිෂ්‍යවර වේහැල්ලේ ධම්මදින්න ස්වාමීන්ද්‍රයන් වහන්සේට පවරනවා.. අතීතයේ දී වේහැල්ලේ පරපුරේ හිමිවරු, මල්වතු මහා විහාරයේ හිමිවරු වගේ ම වේහැල්ලේ පරම්පරාවෙන් ම බිහිවුනු තොටගමු සඟ පරපුරේ හිමිවරුත් ඒ පදවිය දැරුවා.. පසුව කළ සංශෝදනයක් නිසා දැනට ඒ පදවියට ඉල්ලුම් කරන්න සහ එය දරන්න පුළුවන් රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථිර විහාරස්ථානයක් හිමි මල්වතු පාර්ශ්වයේ වේහැල්ලේ පරම්පරාවේ හිමි නමකට..
ශ්‍රිපාදස්ථානාධිපති පදවිය වෙනත් විහාර පදවි වගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට නැත්නම් ගුරු හිමියන්ගෙන් ගෝල හිමියන්ට නිත්‍යව හිමි වන දෙයක් නොවේ.. ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් ඉවත් වූ විටක ඉවත් කළ විටක හෝ අපවත් වූ විටක රත්නපුර දිස්ත්‍රික්කයේ මල්වතු මහා විහාරයට අයත් වේහැල්ලේ පරපුරේ හිමිවරු විසින් ජන්දයෙන් තෝරා පත් කරගන්න පදවියක්..