පරිශීලක:THARIDULR
දෙවන පරාක්‍රමබාහු රජුන් ඉදිකල ගොන්නව
දඹදෙණියෙ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා එක් අවස්ථාවක අසාධ්‍ය වෙනවා. මේ විදියට අසාධ්‍ය වෙන්න හේතුව මොකක් ද කියන එක සම්බන්ධ කාරණාව ජනප්‍රවාදය සඳහන් කරන්නෙ විවිධ විදියට. එක් ජනප්‍රවාදයකට අනුව රජතුමා ඉදිරිපිටට ගැසූ හෙනයක් නිසා ඔහු ගේ කන් බිහිරි වූ බවත්, සිහිනෙන් බිය වීම ඇති වූ බවත් කියැවෙනවා. තවත් අවස්ථාවක කියැවෙන්නෙ රජතුමාට ගොතයක් ඇති වුණු බව. දඹදෙණිය, වාරියපොල ආශ්‍රිත ප්‍රදේශවල කියැවෙන කථාන්දරය අනුව රජතුමා ගේ බඩවැලේ ඇති වුණු පිළිකාවක් නිසා රජතුමා අසාධ්‍ය වුණා.
මේ විදියට ඇති වුණු රෝගී තත්ත්වය නිසා රජතුමා දේව ප්‍රතිරාජ අමාත්‍යවරයා ව දෙවිනුවර උපුල්වන් දේවාලයට යවනවා පිහිටක් බලාපොරොත්තුවෙන් (තවත් මූලාශ්‍රයක තියෙන්නෙ මායා රටේත්, පිහිටි රටේත් ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා දේව රාජ පෙතිකඩ සහ මහ රන් ආයුධය රැගෙන ඒම පිණිස දේව ප්‍රතිරාජ අමාත්‍යවරයා ව යැවූ බව). දෙවිනුවරට ළඟා වෙන අමාත්‍යවරයා රජුට ප්‍රතිකර්මයක් දෙවියන් ගෙන් අසා දැන ගැනීම අරමුණින් එක් දිනක් පෙහෙවස් සමාදන් ව රාත්‍රියේ නින්දට යනවා. උපුල්වන් දෙවියන් සිහිනෙන් දේව ප්‍රතිරාජ අමාත්‍යවරයා ඉදිරියේ පෙනී ඉන්නවා. ඒ බ්‍රාහ්මණ වේෂයකින්.
සිහිනෙන් පෙනුනු උපුල්වන් දෙවියන් කී කාරණාව සම්බන්ධයෙන් අහන්න ලැබෙන තොරතුරුත් විවිධ යි. එක් කථාන්දරයක තියෙන්නෙ කෙකටියා මලේ වක හැරුණත් රජු ගෙ වික්කලුව නො හැරෙන්නේ යැ යි කවියකින් කී බව. තවත් ජනප්‍රවාදයක සඳහන් වෙන්නෙ රජු ගෙ අකුශලයක් පළ දීමක් වශයෙන් මේ තත්ත්වය ඇති වූ බව. වෙනත් කථාන්දරයක කියැවෙන්නෙ රජු ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන්නේ යැ යි උපුල්වන් දෙවියන් සිහිනෙන් පැමිණ කී බව.
රජු ගෙ තත්ත්වය පිළිබඳ දැනගත් අමාත්‍යවරයා නැවත දඹදෙණියට ඇවිත් රජතුමාට සියල්ල විස්තර කළා. ඒ අනුව රජතුමා සුව කිරීම පිණිස යාග කිරීමටත්, බෙහෙත් නියම කිරීමටත් අවශ්‍ය බමුණන් ඉන්දියාවෙන් කැඳවාගෙන ආ යුතු බවට යෝජනවා වෙනවා. යෝජනාව අනුවත්, රජතුමා ගෙ අණ කිරීම පරිදිත් තුන් දෙනෙක් දඹදිවට පිටත් වෙන්න නැව් නඟිනවා. මේ විදියට පිටත් වෙන්නෙ ගොන්නව නම්බිරාළ, කටුගම්පළ ජයකඩු සේනාධිපති, රත්හාල්යාලේ නෙත්තිමාල බණ්ඩාර යන අය.
මේ අය දඹදිවින් ගොඩ බැහැලා යන්නෙ කිඹුල්වත් නුවරට (සමහර තැනක කියැවෙන්නෙ උතුරු වගු රටට ගියා කියලා). කිඹුල්වත්නුවර තිබුණු පතැස්සිරිය කියන ගමේ හිටපු බමුණන් සත් දෙනෙක් රජතුමා ගෙ රෝගය සුවපත් කිරීම සඳහා කැඳවාගෙන එන්න යි මේ අය කටයුතු කරන්නෙ (මේ අතරින් හය දෙනෙකු ම සහෝදරයින් බවත්, අනෙක් බ්‍රාහ්මණයා මස්සිනා කෙනෙකු බවත් කියැවෙනවා). ලංකාවට ඒම සඳහා දඹදිවින් නැව් නඟින මේ අය මුන්නේශ්වරමට ළඟා වෙනවා. මුන්නේශ්වරමෙ සතියක විතර කාලයක් නැවැතී ඉන්නවා. මේ බමුණු කණ්ඩායම විෂ්ණු දෙවියන් ගෙ ආභරණත් අරගෙන පැමිණි බව යි කියැවෙන්නෙ. ආභරණ දඹදෙණිය තෙක් ගෙන යෑම පිණිස සුදු ගොනෙක් ව භාවිත කළාලු. කිසිදු ගැටලුවකින් තොර ව ගමන් කළ ගොනා, එක් ගමක පොළොවෙන් යම් තරමක් උසින් නැඟී සිටි කුඩා කන්දක් බඳු තැනක නතර වෙනවා. පිරිස කොයි තරම් උත්සාහ කළත් විෂ්ණු ආභරණ පිට මත දරා ගත් සත්ත්වයා අඩියක් වත් ඉදිරියට ගමන් කළේ නැතිලු. ගොනා නතර වුණු තැන යම් විශේෂයක් ඇති බව කල්පනා කළ බ්‍රාහ්මණ කණ්ඩායම තමන් ගෙනා විෂ්ණු ආභරණවලින් කොටසක් එතැන තැන්පත් කරමින් කුඩා දේවාලයක් ගොඩ නඟනවා. පසු කාලයක ‘ගොනා නොම ගිය’ හෙවත් ‘ගොන් නොම ගිය’ යන වචන කීපය මූලික කරගනිමින් එම ප්‍රදේශය ‘ගොන්නව’ කියලා ප්‍රසිද්ධ වෙනවා. ගොන්නව පැරැණි විෂ්ණු දේවාලය අදටත් දකින්න පුළුවන් (පැරැණි ශිලා ලිපියක්, පැරැණි ගල් ළිඳක අවශේෂ සහ රන් තෙළඹු බෝධිය මේ දේවාල භූමියෙ තියෙන තවත් දේවල්. ගොන්නව තවත් එක් කාරණාවක් නිසා වැදැගත් වෙනවා. ඒ දේවමැදි හත් පත්පත්තුවෙ දකුණු දිගින් පැරැණි සීමාව මායිම් කෙරෙන එක සලකුණක් විදියට සඳහන් වෙන්නෙ 'ගොන්නව' ගම නිසා).
කොහොම හරි රජතුමාට ප්‍රතිකර්ම කරන්න ආපු බමුණො තමන්ට අවශ්‍ය බෙහෙත් වර්ග අඹරන්න සුදුසු ජය භූමියක් හෙව්වලු. වර්තමාන අලව්වෙ ගල්පොත්තෙපොළ නවසිගහමුලවත්ත ඉඩමෙ තියෙන ‘මල්පුදනාගල’ නමින් ප්‍රකට ගල් පොත්ත මේ බමුණො බෙහෙත් සකස් කරන්න තෝරාගත් ස්ථානය බව යි පැවැසෙන්නෙ (පස්සෙ කාලෙක මේ බමුණු කණ්ඩායමේ ප්‍රධානියා වාසභවනය හදා ගන්නෙත් මේ ස්ථානයේලු). කොහොමනමුත් ඔවුන් ගෙ යාග හා ප්‍රතිකර්මවලින් රජතුමා සුවපත් වුණා.
තමන්‍ට කළ සේවය වෙනුවෙන් මේ බමුණන්ට රජතුමා විසින් නින්දගම් ලබා දුන්නා.
මල්පුදනාගලේ සිට හැඬවූ රිදී තම්මැට්ටමක හඬ ඇසෙන ප්‍රමාණය ප්‍රධාන බ්‍රාහ්මණයාට හෙවත් මහ වෙදනාට පවරා දුන්නා. ඒ වගේ ම ඇන්නරුව ගම ඇතුළු තවත් පරිත්‍යාග ලැබුණා. ඔහුට රජු ගෙ නැගණියක් විවාහ කර දුන් බවත් මේ විස්තරයෙ දි පැවැසෙනවා. අනෙක් හය දෙනාට පිළිවෙලින් බමුණුගම, බමුණුපළ, බ්‍රාහ්මණගම, බමුණාකොටුව (බමුණාකොටුව ආශ්‍රිත ප්‍රදේශය වාරියපොල සුමංගල හිමියන් ගෙ ජාත භූමිය බව සඳහන්), බ්‍රාහ්මණදළුව, බමුණුගෙදර යන ගම් නින්දගම් වශයෙන් ලැබුණා. නම්බු නාමය විදියට ‘බ්‍රාහ්මණ මුදියන්සේ’ කියන නම රජතුමා ගෙන් ලැබෙනවා. මහ වෙදනාට ‘මහවාසල වෛද්‍යරත්න’ නාමය පටබඳිනවා. ඔවුහු නම්බු නාම ලත් හෙයින් ‘උන්නම්බුවේ’ ලෙසත්, මැණිකක් බැඳි නළල්පටයක් පළඳවා නම්බුනාම හා පරිත්‍යාග ලත් හෙයින් ‘මිණිකැට බැඳි’ ලෙසත් නමට එකතු කොට හඳුන්වනවා. වර්තමානය වෙද්දි මේ වාසගම ‘මහවාසල වෛද්‍යරත්න උන්නම්බුවේ මිණිකැට බැඳි රාජකරුණා රාජපක්ෂ සළුවඩන බමුණු මුදියන්සේ’ යනුවෙන් භාවිත වන බව යි කියැවෙන්නෙ.
මෙහි එන ඇතැම් ජනප්‍රවාද පිළිබඳ තොරතුරු Dharshana Bandara Nawasiwatteගෙනි.
ඡායාරූපය: ගොන්නව ශ්‍රී විෂ්ණු දේවාලයේ පිවිසුම මාලිගේ......//
දිවැස් හෙලනා විෂ්ණු දෙවිඳුන් වැඩ සිටින
දෙව් මාලිගේ.......//
මහා මුහුදින් පාවි ඇවිදින්,
කිහිරි කඳකට රුව ලබාදී,
දිවැස් හෙලනවා අපේ රටවෙත
රැක ගන්න උවදුරු නොදී.....//
රාවණා රජු රැක්ක පින්බිම
උපුල්වන් දෙව් හිඳින පින්බිම
මෙයයි ඒ කල ගිරි-හෙලූ-පුර!
පලමු පෙරහැර තිබුනු නගරය
සක්‍ර දෙවිඳුගේ වරම් අරගෙන ලංකාද්වීපය රකින අප මහ උපුල්වන් දෙව් සමිඳුනේ!
මහ මුහුද මැද යනෙන සැමතැන අපිව රකිනා විෂ්ණු මහ දෙව් සමිඳුනේ! අප රකිනු මැන දෙවිඳුනේ!
විෂ්ණු මහ දෙව් සමිඳුනේ! අප රකිනු මැන දෙවිඳුනේ!
විෂ්ණු මහ දෙව් සමිඳුනේ!