පරිශීලක:Sisira 2

විකිපීඩියා වෙතින්

ව්‍යාපෘති වර්තාව ' ==

ගොනුව:ව්‍යාපෘති

දවුල්දෙන '' == === පටුන

1. හැදින්විම 1.1. දවුල්දෙන ග්‍රාමයේ ආර්ථික,සමාජ,සංස්කෘතික පසුබිම 1.1.1. ආගමික වටපිටාව 1.1.2. සමාජ,සංස්කෘතික වටපිටාව 2. ව්‍යාපෘති සැලැස්ම 2.1. ගැටලු හදුනාගැනිම

ගොනුව:ව්‍යාපෘත්

--Sisira 2 (talk) 07:51, 27 අගෝස්තු 2014 (යූටීසී)2.1.2. සම්පත් පිළිබද පවතින ගැටලු හදුනාගැනිම 2.1.3. මූල්‍ය සම්බන්ධයෙන් වන ගැටලු හදුනාගැනිම 2.1.4. පුද්ගල සහභාගිත්ව සම්බන්ධයෙන් වන ගැටලු හදුනාගැනිම 2.2. අරමුණු හා පරමාර්ථයන් හදුනා ගැනීම 2.3. අරමුණු හා පරමාර්ථයන් ඉටුකරගැනිමට අවශ්‍ය සම්පත් හා පවතින බාධාවන් මොනවාද යන්න හදුනාගැනිම 2.4. යොදාගන්නා අමුද්‍රව්‍ය හා උපකරණ 2.4.1. මුල්‍යමය දායකත්වය 2.5. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන

===


දවුල්දෙන ග්‍රාමය


හැදින්විම ශීත සෞම්‍යය දේශගුණික තත්ත්වයකින් යුත්ත බදුල්ල දිත්‍රික්කය,හපුතලේ,වැලිමඩ,හාලිඇල, බණ්ඩාරවෙල,ඌවපරණගම යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලින් යුත්ත වන අතර බදුල්ල දීස්ත්‍රීක්කයේ වැලිමඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය බෝහෝ විට ප්‍රසිද්ධියක් ලබාගෙන ඇත්තේ අර්තාපල් වගාවටය. අර්තාපල් වගාවට අමතරව උඩරට එළවළු වගාවේ යෙදන ගොවි පවුල් වැඩි ගණනක් වාසය කරන මෙම ප්‍රදේශයේ ගොවිජන කෙන්ද්‍ර මට්ටමින් සලකා බැලුවිට කැප්පෙටිපල, බොරලන්ද, දඹවින්න, බෝගහකුඹුර, යන ගොවිජන කෙන්ද්‍ර බල ප්‍රදේශයන් වැලිමඩ ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය යුත්ත වන අතර ග්‍රාමනිළදාරි වසම් 64 කින් මෙම ප්‍රදේශය සමන්විත සිදු කරගෙන යයි. ප්‍රදේශීයසභා සදහා ජනතා ඡන්දයෙන් නියෝජිතයින් 22-25 ප්‍රමාණයක් පත්වන අතර ඔවුන් ප්‍රදේශීය සංවර්ධනයේදී මුලිකත්වයක් ගෙන කටයුතු කරයි.. වර්තමාන ආණ්ඩුවේ ග්‍රාම හා ප්‍රාදේශීය සංවර්ධන ප්‍රතිපත්තින්ට අනුව යමින් ගමනැගුම,ගැමිදිරිය,මගනැගුම ආදී සංවර්ධන වැඩසටහන් මෙම ප්‍රදේශයේද ක්‍රියාත්මක වන අතර රාජ්‍ය ආයතන වන ප්‍රදේශීයසභා, ප්‍රදේශීය ලේකම් කාර්යාලය ආයතන වශයෙන් සහභාගි වන අතර සහභාගිත්ව සංවර්ධනය තුලින් මෙම සංවර්ධන ව්‍යාපෘති සිදු කරයි.මෙම ප්‍රදේශ සංවර්ධනයේදී බෝහෝ දුරට අවධානය යොමුකර ඇත්තේ කෘෂිකර්මාන්තය සංවර්ධනයට වන අතර ඒ සදහා වන ව්‍යාපෘති වශයෙන් වාරිමාර්ග,අමුණු,කුඩා ඇළ මාර්ග, ආදිය වන අතර ජනතාවගේ සුබසාධනය උදෙසා පානීය ජල ව්‍යාපෘති,විදුලිබල ව්‍යාපෘති,මං මාවත් ඉදිකිරිම්,සෞඛ්‍යය කාර්යාල,ප්‍රජා ශාලා අදි වු විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. ග්‍රාමීය මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති තේරිමේදි සහභාගිත්ව සංවර්ධනය යෝදාගන්නා අතර එය ප්‍රදේශීය හා ග්‍රාමීය සංවර්ධනයට පිටුබලයක් වී ඇත. මේ අනුව මා කතා කිරීමට බලාපොරෝත්තු වන්නා වු ගම්මානය කැප්පෙටිපල ගොවිජන කෙන්ද්‍රයේ ග්‍රාමසේවා වසමක් වන මැදිපොකුණ ග්‍රාමසේවා වසමේ පිහිටි දවුල්දෙන ග්‍රාමයේ සංවර්ධනය හා සහභාගිත්ව සංවර්ධනයේ මාර්ගයෙන් එම ගම්මානයේ අත්‍යවශ්‍යම ව්‍යාපෘතිය තෝරාගෙන එම ව්‍යාපෘතිය සිදු කරන ආකාරය ලබා ගැනීමේදී පවුල් 450 ට ආසන්න ප්‍රමාණයක් ජිවත් වන මෙම ග්‍රාමයේ ජනගහනය ගත් විට 1750 ට අධික ජනසංඛ්‍යාවක් ජිවත් වේ.මෙම පවුල් අතරින් බහුතර පවුල් සංඛ්‍යාවක් කෘෂිකර්මාන්තය ප්‍රධාන ආර්ථික වෘත්තිය කරගෙන යැපෙන අතර කර්මාන්ත,ස්වයංරැකියා,රාජ්‍ය රැකියා,පෞද්ගලික රැකියා,විදේශගතවීම් ආදි වෘත්තීන් තුළින්ද යැපෙන පවුල හා ආගමික පසුබිම පිළිබද අවබෝධයක් ලබා ගැනීමේදි, ආගමික වටපිටාව ගම්මානය පුරාවටම බෞද්ධාගමිකයන් ජිවත් වන අතර ගම පන්සලකින්ද යුත්තය.ආගමික සංස්කෘතික අවශ්‍යතාවන් සදහා ගමේ පන්සලත් හා එක්ව කටයුතු කරගෙන යන අතර විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමින්වන්සේ ප්‍රමුඛ සේසු ස්වාමින්වන්සේලාගේන්ද ගුරුහරුකම් ලබන ගැමියන් විහාරස්ථානය හා සමිපව කටයුතු කරගෙන යයි. සමාජ,සංස්කෘතික වටපිටාව කුඩා පාසලකින් යුත්තවන ගම්මානය ප්‍රාථමික අධ්‍යාපනය දක්වා පාසලේ අධ්‍යාපන කටයුතු කරගෙන යයි. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු අධ්‍යාපනය සදහා කැප්‍පෙටිපොල ජාතික පාසලට සිසුන් ඇතුලත් වේ. ගමේ පාසල් යන වයසේ ළමුන් 99% අධ්‍යාපනය ලබන අතර නමුත් වැඩිහිටි සාක්ෂරතාවය අතින් ඉතා පහල මට්ටමක වන අතර එය 50-60% අතර වේ. 1. ආහාර රටාව පිලිබදව අධ්‍යනයේදි තුන්වේලටම බත් ආහාරයට ගන්නා අතර වෙළදපොලෙන් ලබාගන්නා කෘතීම ආහාරයන්ගෙන් තරමක් ඈත්ව ඇත. 2. ඇදුම් පැලදුම් පිළිබදව හදුනාගැනීමේදි වැඩිහිටි පිරීමින් සරම හා කමිසයට පුරුදුව ඇති අතර වැඩිහිටි කන්තාවන් චිත්ත හැට්ට ද ළමුන්ගේ ඇදුමේ වෙනසක් නැත. 3. සංස්කෘතිය තුල උප්පත්තියේ සිටම කරනකියන සෑම දෙයක්ම නැකත් වලට අනුකූලව කරගෙන යන අතර දැඩි විශ්වාසයක් ඔවුන් තුල ඇත. මෙවන් ආර්ථික, සමාජ,සංස්කෘතික වටපිටාවකට උරුමකම් කියන දවුල්දෙන ග්‍රාමයේ ජනතාවගේ ජීවිත තුලද ගම්මානයේ සංවර්ධනය තුලද විවිධ ගැටලු ගොඩනැගි ඇති අතර එම ගැටලු හදුනා ගැනීමේ මුල් පියවරේදි ගමේ මූලස්ථානයන් සම්බන්ධ කරගැනිම වැදගත් වේ.ඒවා අතර පන්සල,මරණාධාර සමිති,බත් සමිති,තරුණ සමිති,සමෘද්ධි ව්‍යාපාරය හරහා වන කුඩා කණ්ඩායම් ආදිය වේ.ගමේ ජනතාව එකට එක්වන අවස්ථාවන් වශයෙන් මෙම මූලාශ්‍රයන් පෙන්වා ක්‍රමවේදයේ අනෙක් අංගයන් වන, • ගමේ සිතියමක් යොදා ගැනිම • ගමවටා ගොස් අවබෝධයක් ලබා ගැනිම • පුද්ගල කණ්ඩායම් එකත ජල හිගය මත පුරන්වන අතර මෙම භුමි වගාවට අවශ්‍ය ජලය ලබාගැනිමට පවතින ඇලමාර්ගය දිර්ඝ කිරිම. 2. කාණු පද්ධතියේ හා බෝක්කු අබලන් විම හේතුවෙන් මාර්ගය දිගේ ජලය ගලා යාම නිසා මාර්ගය කැඩියාම වලක්වා ගැනිම. 3. ගමේ මිනිසුන් ඒකරාශිවන ප්‍රජාශාලාව අබලන් තත්ත්වයක විම. 4. ගමේ පන්සලේ ස්ථුපයක් නොමැතිකම . ආදි ගැටලු මෙම ගමේ ඇති බව ඉහත සදහන් ක්‍රමවේදයන්ගේ ප්‍රතිඵලයෙන් හදුනා ගැනිමට හැකි විය. මෙසේ ලබාගත් ගැටලු පිළිවලකට සකස්කර එය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව හදුනාගැනිමට හැකි වු ප්‍රධානම ගැටලුව වුයේ ඇළ මාර්ගය දිර්ඝ කිරීමේ අවශ්‍යතාවයයි.ගම් මැද්දෙන් දික් අතට විහිදි ඇති කුඹුරුයායක් වන මෙය කුඹුරු අක්කර 500 ක් තරම් භුමියක් වන අතර ඉන් අක්කර 200 තරම් වු ප්‍රදේශයකට ජලය නොමැතිකම නිසා පුරන් වේ.මෙම බිම් නැවත වගා කිරිමටනම් පවතින ඇලමාර්ගය දිර්ඝ කළ යුතුවන අතර එය දල වශයෙන් මිටර් 250 ක් පමණ දිර්ඝ කිරිමට අවශ්‍ය වේ.ඒ අනුව ඇලමාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සදහා අවශ්‍යවන සැලැස්මක් සකස්කීරිමේදි ප්‍රදේශීය සභාවේද, ප්‍රාදේශීය ලේකම් කර්යයාලයෙන්ද ලබාගත් උපදෙස් වලට අනුව එනම් ග්‍රාමීය සංවර්ධනයට රාජ්‍ය අනුමත සැලැස්මට අනුව යමින් මේ ව්‍යාපෘතිය සදහා සැලැස්ම සකස්කරන්නට යෙදුනී. ව්‍යාපෘති සැලැස්ම 1. පළමු පියවර: 1) ව්‍යාපෘතිය හදූනාගැනිම 2) ගැටලු හදුනාගැනිම 3) අරමූණු හා පරමාර්ථයන් හදුනා ගැනීම 4) අරමූණු හා පරමාර්ථයන් ඉටුකර ගැනිමට පවතින බාධාවන් හදුනා ගැනීම 5 මෙම අවස්ථාවේදි ව්‍යාපෘතිය සිදු කිරිමට හැකි අවස්ථාවන් හදුනාගන්නා අතර ක්ෂෙත්‍රයට ගොස් ව්‍යාපෘතිය සිදුකිරිමට හැකි අවස්ථාවන් වීමසිම මෙහිදි සිදුකරයි. මෙය වැදගත් වන්නේ ඇතැම්විට ව්‍යාපෘතිය සිදුකිරීමට පවතින භුමිය යෝග්‍ය නොවිමට පුලුවන. ගමේ මිනිසුන්ට ගැටළුව පෙන්වා දුන්නද තාක්ෂණික පැතිකඩ පිළිබදව ඔවුන්ට අවබෝධයක් නොවන නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවිමට පුලුවන. මෙම ව්‍යාපෘතිය සංවර්ධනයේදි පලමුව හදුනාගැනිමට වැදගත්වන්නේ ඇළ මාර්ගය සදහා ජලය ලබා ගන්නා අමුණ සාදාඇති ගංගාවේ ජලය මේ සදහා ප්‍රමාණවත්ද යන්න වේ.මෙම හදුනාගැනිමේදි පැහැදිලි කරගැනිමට හැකි වුයේ ඌමා ඔයේ ජලය මේ සදහා යොදාගන්නා බවත් එහි ජලය ප්‍රමාණවත් බවත්ය.මීලගට අවධානය යොමු කළයුතු කරුණක් වනුයේ දැනට පවතින ඇළ මාර්ගයේ සාදා ඇති කොටසේ ඉඩ ප්‍රමාණය සැදිමට නියමිත කොටසේ ජලය ගෙන ඒමට ප්‍රමාණවත්ද යන්න සොයා බැලීම වැදගත්ය. නොමැතිනම් ජලය බෙදාගැනිමට ගොවින් අතර ඉදිරියේදී ගැටුම් ඇතිවිමට පුලුවන.එහිදි අවබෝධ කරගැනිමට හැකි වු කරුණක් වුයේ ප්‍රමාණවත් තරම් ජලප්‍රමාණයක් ඇති නිසා ජලය ඇතැම් විට විශාල වශයෙන් අපතේ යන බවත් මේ එහි ගැටලුවක් නොවන බවත්ය.මෙම කාරණාවන් හදුනා ගැනිමේදී අවබෝධ වනුයේ ගැටලු තත්ත්වයන් නොමැති බවත් නමුත් මතු පිටින් ගැටලු නොවූවද ඕනෑම ව්‍යාපෘතියක ගැටලු තිබීමට පුලුවන. මේ නිසා දෙවන අවස්ථාව වන ගැටලු හදුනාගැනිමේ අවස්ථාවේ දී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සියලු ගැටලු හදුනාගැනිමට පු ජනතාවගේ ගැටලු හදුනාගැනිම ජලහිගය මත පුරන්වන කුඹුරු ගමේ සියලු දෙනාටම අයිති නොවන නිසා එම අයගෙන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විරොධතාවයන් ඒමට පුලුවන. මන්ද මේ සියලු දෙනාටම ව්‍යාපෘතියේ ප්‍රතිඵල භුක්ති විදිමේ හැකියාවක් නොමැතිකම නිසාවෙනි.මෙම ගැටලු විසදා ගැනිම අත්‍යවශ්‍ය කරුණක් වන අතර මේ සදහා ගමේ මිනිසුන් එකට ඒකරාශී වන අවස්ථාවන් වලදී සාකච්ඡාවට බදුන් කිරීම වැදගත් වේ.

සම්පත් පිළිබද පවතින ගැටලු හදුනාගැනිම
සම්පත් පිළිබද පවතින ගැටලු හදුනාගැනිමේදී පලමුව මේ සදහා අවශ්‍ය සම්පත වන්නේ ජලය වේ.එහිදී කුඹුරු සදහා ජලය බෙදා දීමට මුර ක්‍රමයක් සකස් කිරීම වැදගත් වේ.  

මූල්‍ය සම්බන්දයෙන් වන ගැටලු හදුනාගැනිම මෙය ඉතා වැදගත් කරණාවක් වන අතර ව්‍යාපෘතියක් සදහා අත්‍යවශ්‍ය දෙයක් වන්නේ මූදල්ය. ඒ අනුව ව්‍යාපෘතිය සදහා අවශ්‍ය මුදල් ලබාගන්නා ආකාරය තීරණය කිරීම ඉතා වැදගත් වේ.මේ ව්‍යාපෘතිය සංවර්ධනයට ප්‍රදේශීය සභාව 75% මුල්‍යමය දායකත්වයක් ලබාදෙන අතර ඉතිරි 25% ජනතාවට සොයාගැනිමට සිදු වේ.ඒ අනුව ගමේ ධානපතියන්ගෙන්ද,ජනතාවගෙන්ද යම් මුදලක් එකතු කිරීමට සිදු වන අතර එය ගමේ ගොවි සංවිධානය හරහා කිරීමට පුළුවන . පුද්ගල සහභාගිත්ව සම්බන්ධයෙන් වන ගැටලු හදුනාගැනිම සභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය උපයෝගි කරගෙන කිරීමට බලාපො‍රාත්තු වන මෙම ව්‍යාපෘතිය සදහා පුද්ගල සභාගිත්වය ඉතා වැදගත් වේ.මෙහිදී ජලය අවශ්‍ය ගොවින් පමණක් නොව ගමේ සියලු දෙනාගේම සහභාගිත්වය අවශ්‍ය වන අතර මේ සදහා විධිමත් වැඩපිළිවෙලක් ඉතා වැදගත්ය.ගොවි සමිති මාර්ගයෙන් මෙය ඉතා හොදින් කිරීමට පුලුවන.‍ ගැටලු පිළිබදව හදුනා ගැනීමේදී ඉහත ගැටලු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හදුනාගැනීමට ගැකි වු අතර එවාට යෙදිය යුතු විසදුම්ද මෙහිදී තීරණය කර ඇති අතරම මෙම ගැටලු මුලිකව හදුනාගැනීමට හැකි වු ගැටලු වන අතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ද විවිධ ගැටලු ඇති වීමට පුලුවන. මේ නිසාවෙන් මුලිකවම ඇතිවන මෙම ගැටලු විසදා ගැනීම ඉතා වැදගත්ය. අරමුණු හා පරමාර්ථයන් හදුනා ගැනීම ව්‍යාපෘතියේ මීළග අවස්තාවේදී කළයුතු වන්නේ අරමුණු හා පරමාර්ථයන් හදුනා ගැනීම වන අතර ඒහිදි මෙම වාරී ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ හා සෙසු අරමුණු හදුනා ගැනීම වැදගත් වේ. 1. පුරන්ව ඇති කුඹුරු නැවත වගා කිරීම 2. ගොවීන්ගේ අර්ථික තත්ත්වය නගා සිටුවීම 3. ග්‍රාමීය දුප්පත්කම අවම කිරීම 4. ග්‍රාමීය සංවර්ධනය වැඩි දියුණුව 5. ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ දියුණුව ආදී වු අරමුණු හා පරමාර්ථයන් මෙම ව්‍යාපෘතියෙන් ඉටුකරගැනිමට බලාපොරොත්තු වන අතර ඒවා පිළිබදව විමර්ශනය වැදගත් වේ.එහිදි ව්‍යාපෘතියෙන් එම අරමුණු හා පරමාර්ථයන් ඉටුකර ගැනීමට හැකි වේද නැද්ද යන්න අවබෝධකර ගැනිමට අවස්ථාව උදා වේ. අරමුණු හා පරමාර්ථයන් ඉටුකරගැනිමට අවශ්‍ය සම්පත් හා පවතින බාධාවන් මොනවාද යන්න හදුනාගැනිම උක්ත අරමුණු ළගාකර ගැනිම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථයක් වන අතර මේ සදහා අවශ්‍ය වන්නා වු මානව,භෞතික,තාක්ෂණික ආදි වු සම්පත් පිළිබද සොයා බැලිමත් එම සම්පත් ලබා ගැනිමට ඇතිවන බාධාවන් සොයා බැලිමත් ඉතා වැදගත් කරණාවක් වේ.මේ අනුව ඉහත අරමුණු ළගාකර ගැනිමට පවතින සම්පත් වශයෙන්, පුද්ගල සභාගිත්වය ලබා ගැනීමට බලාපොරෝත්තු වන නිසා ජනතාව ඉතා වැදගත් සම්පතක් බවට මේ අවස්ථාවේ පත්ව ඇත.ඒ අනුව පුද්ගල සභාගිත්වය ලබා ගන්නේ කෙසේද යන්න සැලසුම් කිරීම වැදගත් වේ.මේ සදහා ගොවි සංගම් හරහා යම් වැඩපිළිවලක් නිරිමාණය කිරීමට පුළුවන. ග්‍රාමයේ සියලු ගොවින් ගොවි සංවිධානයේ සාමාජිකයින් වන නිසා මෙය වඩාත් පහසු වන අතර දිනකට පස් දෙනෙකු බැගින් සභාගිත්වයෙන් ව්‍යාපෘතිය කරගෙන යාමට පත් කිරීම සිදු විය යුතුය. එමෙන්ම මේ සදහා ප්‍රධානියෙකු පත් කළ යුතු වන අතර ව්‍යාපෘතිය කාර්යයන් සදහා අවශ්‍ය වන අනිකුත් ශ්‍රම සම්පත වෙනත් තැනකින් ගෙන්වීමත් ඔහුන්ට අවශ්‍ය මුදල් හා පහසුකම් සැලසිය යුතු වේ.සභාගිත්වයේදි කුඹුරු අයිති ගොවින් ස්ව කැමැත්තෙන් සභාගි වුවද අනිකුත් ගැමියන් සභාගිකර ගැනිමට ගමේ ලොකු හමුදුරුවෝ, වැදගත් පුද්ගලයන්ගේ උදවු ගෙන මොවුන් සභාගිකර ගැනිම සිදු කළ හැකිය.


යොදාගන්නා අමුද්‍රව්‍ය හා උපකරණ ව්‍යාපෘතියට අවශ්‍ය අමුද්‍රව්‍ය හා උපකරණයන්ගෙන් ඇතැම් ඒවා ගමෙන්ම සොයාගත හැකි වන අතර මේ නිසා මුදල් වලට ඒවා නොගෙන නොමැති දෙවල් පමණක් මුදලට ගැනිම කළ යුතුය. ව්‍යාපෘතිය සම්බන්ධව පත් කරන ප්‍රධානියාගේ නිවසේ ඒවා තැන්පත් කිරීම බොහෝ විට සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනිමට එය වැදගත් වේ. ව්‍යාපෘතියට අවශ්‍ය ප්‍රධාන අමුද්‍රවය වශයෙන් වැලි,කුඩා ගල්,කම්බි,සිමෙන්ති ආදිය වන අතර මෙවා උපරිම අඩු මිලට ගුණත්වයෙන් ඉහල අමුද්‍රව්‍ය ලබා ගැනිම වැදගත්ය. මුල්‍යමය දායකත්වය මෙහිදි 75% ආණ්ඩුවෙන් ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබා දෙන අතර ඉතිරි 25% ජනතාව සොයාගත යුතුය.ඒහිදි මුදල් ලබා දිමට ධානපතින් ගමේ සිටින්නේද යන්න සොයා බැලිය යුතුවන අතර මෙහි ප්‍රතිඵලයෙන් ධානපතින් කිහිපදෙනකු සොයාගත හැකි වු අතර ඔහුන්ගෙන් දෙදනෙකු පමන යම් මුදලක් ලබා දිමට කැමති විය.ඉතිරි මුදල ප්‍රතිලාභ ලබන ගොවින්ගෙන් අයකර ගැනීමට තීරනය කරයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යාමට අවශ්‍ය උපායමාර්ගයන් සකස් කිරීම මෙම අවස්ථාව ව්‍යාපෘතියක් සදහා ඉතා වැදගත් වන අතර එය අවස්ථාවන් ගණනාවක් යටතේ පෙන්වා දිමට පුලුවන. • ක්‍රියාකාරකම් • කාලය • සම්පත් හා උපකරනයන් • දැරීමට වන පිරීවැය තත්ත්වයන් • පුද්ගල වගකීම් වශයෙන් කොටස් හතරක් යටතේ මෙය පෙන්වා දිමට හැකි අතර එහිදි ව්‍යාපෘතියේ ක්‍රියාකරකම් සිදුවන අතර ඒ සදහා ගතකරන කාලයත්, ජනතාව සම්බන්ධ කරගන්නා ආකාරයත්, සම්පත් හා උපකරණ යොදා ගන්නා ආකාරයත්, පිරිවැය තත්ත්වයන් ආදී සියලු අංශයන් පිළිබදව අවධානය යොමු කිරීම වැදගත් වේ. මෙය ක්‍රමානකූල සැලස්මකට අනුව සිදුවන දෙයක් වන අතර ඒ අනුව පලමුව, ක්‍රියාකාරකම්

ක්‍රියාකාරකම් යනු අප මෙතෙක් තීරණය කළ ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සදහා වන ක්‍රියාවලියයි.මෙම ක්‍රියාවලිය තුල මුල සිට සිදුකරන ක්‍රියාකරකම් ඇතුලත් විම වැදගත් වේ. එය මෘදු ලෙස පහසුවෙන් අවබෝධ කරගැනිමට හැකි ලෙස සකස් කිරීම වැදගත් වේ.

1. ගොවි සංගම් රැස්විමක් සංවිධානය කර ගමේ මිනිසුන් එක් තැනකට එකරාශි කිරීම. 2. ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඔවුන් සමග කතා බස් කිරීමෙන් ඔවුන්ගේ අදහස් උදහස්, යෝජනා චෝදනා පිළිබද සකච්ඡාකර විසදුමකට පැමිණිම. 3. ජනතා සභාගිත්වය ලබා ගන්නා ආකාරය පිළිබද සකච්ඡාකිරීම හා පුද්ගල සභාගිත්වයට කාලසටහනක් නීර්මාණය කිරීම. 4. ප්‍රධානියෙකු සියලු දේ කළමනාකරනයට පත් කිරිම. ද්‍රව්‍ය,උපකරන,ශ්‍රමය කළමනාකරනය කරමින් ආණ්ඩුවේ නියෝජිතයන් හා කටයුතු කිරීමට මෙලෙස ප්‍රධානියෙකු පත් කිරීම වැදගත් වේ. 5. ව්‍යාපෘතියට යොදවන සම්පත් උපකරණයන් ආරක්ෂා කිරීමට සුදුසු තැනක් තීරණය කිරීම. 6. ව්‍යාපෘතිය අවසානය දක්වාම සිදුකරන ක්‍රියාවලින් අධ්‍යයන කරමින් ව්‍යාපෘතිය අවසානය දක්වාම ලිඛිත ලේකණයන් පවත්වාගෙන යාම. 7. මෙම අවස්ථාවේදි සමස්ථ ව්‍යාපෘතිය ප්‍රායෝගික ක්ෂෙත්‍රයේ ක්‍රියාත්මක කිරීමේ දී සිදු කරන ක්‍රියාකාරකම් සියල්ලම ඇතුලත් විම වැදගත් වේ. පුද්ගල වගකීම් 1. සභාගිත්ව සංවර්ධනය යටතේ ව්‍යාපෘති කරගෙන යාමේ දී පුද්ගල සභාගිත්වය අනිවාර්ය වන අතර මේ අනුව විශාල වගකිමක් ජනතාව සතු වේ.සමස්ථ ව්‍යාපෘතියේම අවසානය දක්වා ජනතාවට වගකිමක් වන අතරම අවස්ථාවන් ගණනාවක් යටතේම මෙම ව්‍යාපෘතියට එය වැදගත් වී තිබේ. 2. ආණ්ඩුව ව්‍යාපෘතිය සදහා ලබා දෙන මුදල් ප්‍රමානයට අමතරව අවශ්‍යය 25% ධානපතීන්ගෙන් හැකි තරම් මුදලක් ඔවුන් දැනුවත් කර ලබාගැනීමට උත්සහා කිරීම. මෙහි දී වනසිංහ මහතා හා පියදාස මහතා යම් මුදලක් ලබා දීමට කැමති වු අතර ඔවුන්ගෙන් මුදල් ලබා ගැනීම. 3. ව්‍යාපෘතියට අවශ්‍යය අමුද්‍රව්‍ය මිලගට සකස් කරගත යුතු වන අතර ඒ සදහා සහයෝගය ලබා දීම වැදගත් වන අතර ගමෙන් වැලි,ගල් වැනි අමුද්‍රව්‍ය ලබා ගැනිමට හැකි අවස්ථාවන් සොයා බැලිම වැදගත්ය. 4. ගම්වාසින් එක්ව සිදු කරන සාකච්ඡා මගින් ව්‍යාපෘතියේ වැඩට මුර ක්‍රමය යටතේ කම්කරුවන් වශයෙන් ගමේ පස් දෙනකුවත් දිනකට පත්කර ගැනිම වැදගත්ය. 5. වැඩ කරන සේවකයින්ට අවශ්‍යය ආහාරපාන දිනකට නිවෙස් දෙකක් බැගින් පොරොන්දු ලබාගෙන සිදු කිරිම. 6. යම් පුද්ගලයෙකුට ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාලයේ තමාට අයිති දිනයේ සභාගි වීමට නොහැකිනම් දිනයට අදාල මුදල් ගෙවා වෙනත් අයෙකු සම්බන්ධ කර ගැනිම. 7. හදිසි අවස්ථාවන් වල සේවකයන් වැඩි ගණනක් අවශ්‍ය වු විට එවන් අවස්ථාවල ජනතාව සුදානමෙන් සිටිම. 8. අමුද්‍රව්‍ය,උපකරණයන් සොරුන්ගෙන් ආරක්ෂා කිරීමට කටයුතු යෙදිම. 9. ව්‍යාපෘතිය තමන්ගේම යන හැගීම ඇති කරගෙන කටයුතු කිරීම. ඉහත සදහන් පුද්ගල වගකිම් ඉටුකිමෙන් ඉතා සාර්ථක ව්‍යාපෘතියක් නිරිමාණයට අවස්ථාව උදා වේ.ඒ අනුව දවුල්දෙන ග්‍රාමයේ සියලු ජනතාව ව්‍යාපෘතිය තමන්ගේය යන හැගිම තුලින් කටයුතු කිරිමෙන් වඩාත් සාර්ථක ව්‍යාපෘතියක් නිරිමාණයට හේතු වේ. යොදාගන්නා සම්පත් හා උපකරණයන් ව්‍යාපෘතියක් කිරීමට අත්‍යවශ්‍ය දෙයක් වන මෙය නිසි කලට වේලාවට සපයා ගැනිම වැදගත් වේ.එහිදි පලමුව ව්‍යාපෘතියට අවශ්‍ය සම්පත් මොනවාද යන්න තීරණය කිරීමේ දී • ජනතාවගේ ශ්‍රමය සම්පතක් වේ. • තාක්ෂණික ශීල්පින්ගේ අවශ්‍යයතාවය. • අමුද්‍රව්‍ය වල අවශ්‍යතාවය. • වැලි • සිමෙන්ති • ගල් වර්ග(මැටල්,බොරළු,කළු ගල්) • කම්බි • පේදරේරු උපකරණ • වෙනත් ද්‍රව්‍ය වශයෙන් අවශ්‍ය වන ද්‍රව්‍ය හා උපකරණ ලයිස්තුවක්වක් සැකසිම වැදගත් වන අතර නැත්නම් මේවා හිගවිමේන් හෝ ලබා ගැනීමට අපහසු වීමෙන් ඇති විමට ඉඩ ඇති ව්‍යාපෘතියේ ඇනහිටීම් වලක්වා ගැනිමට පුලුවන.ඒ නිසා කෙටි කාලයකින් ව්‍යාපෘතිය අවසන් කරමින් සාර්ථක ඵල නෙලා ගැනිමට පුළුවන. දැරීමට වන පිරිවැය තත්ත්වයන් ඇස්තමේන්තු කිරීම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට වැදගත්ම කාරණාව වන මෙය ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණය වන්නේ මෙය මත පිහිටාය.ඒ අනුව ව්‍යාපෘතිය සදහා මුදල් ලබා ගන්නා ආකාරයත් ඒවා වියදම් කරන ආකාරයත් විශ්ලේෂණය කරමින් අවසාන නිගමනයකට එළඹිම වැදගත්ය. ව්‍යාපෘතියේ මුදල් ඇස්තමේන්තුව

අමුද්‍රවය හා උපකරණයන් විස්තරය පිරිවැය ශ්‍රමය ලබා ගැනීමට යන වියදම්

• කම්කරු ශ්‍රමය ව්‍යාපෘතියේ ඇස්තමේන්තු වැඩ කාලය දින 50 ක් වන අතර දිනකට කම්කරු ශ්‍රමකයින් පස් දෙනකු බැගින් දිනක වැටුප රු: 800.00 බැගින් දින 50 ට වැටුප. 800*5(50) රු: 200,000.00 • පෙදරේරුවන් දිනක වැටුප රු: 1500.00 වන අතර දෙදෙනක් දිනකට වැඩ කරයි. 1500*2 (50) රු: 150,000.00 • අධීක්ෂකයීන් ව්‍යාපෘතිය කුඩා බැවින් එක් අධීක්ෂක වරයෙක් ප්‍රමාණවත්ය. ඔහුට වැටුප දිනකට රු: 1800.00

	1200*50

රු: 90,000.00 • රාජ්‍ය නීයෝජීතයින් ප්‍රදේශිය සභා මන්ත්‍රී,ග්‍රාම සේවක,සමෘද්ධි නිළධාරි ආදීන් වන අතර රජයෙන් වැටුප් ලබයි. • වෙනත්ශ්‍රම දායකත්වයන් හදිසි අවස්ථාවල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමේ දී විවිධ සේවක අවශ්‍යතා ඒ වෙනුවෙන්. රු: 25,000.00 ශ්‍රමිකයන් සදහා වන මුලු පිරිවැය රු: 465,000.00 අමුද්‍රව්‍ය සදහා වැය කිරිමට වන පිරිවැය තත්ත්වයන් • වැලි අවශ්‍ය වැලි ප්‍රමානය කියුබ් 20 ක් වේ. එක් කියුබ් එකක මිල රු: 9000.00 9000*20 රු: 180,000.00 • මැටල් අවශ්‍ය මැටල් ප්‍රමාණය කියුබ් 30 ක් වේ. එක් කියුබ් එකක මිල රු: 8000.00 8000*30 රු: 240,000.00 • සිමෙන්ති අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණය කියුබ් 10 ක් වේ. එක් කියුබ් එකක සිමෙන්ති මිටි 75 ඇත. මේ නිසා මිටි 750 අවශ්‍ය වන අතර එකක රු: මිල 850.00 850*750 රු: 637500.00 • කම්බි කම්බි යෙදිමේදි අඩි ½ බැගින් කොටුවක් ආකාරයට යොදන අතර ඇළ ව්‍යාපෘතිය මිටර් 1 පළල ද 1 ක් උසට ද ඇති නිසා වෙළදපොලේ කම්බියක දිග අඩි 20 වන නිසා අවශ්‍ය වන කම්බි ප්‍රමාණය වන්නේ කම්බි 1550 කි.කම්බ්යක මිළ රු: 400.00 ක් වේ. 400*1550 රු: 620000.00

• කුඩා කම්බි අවශ්‍ය කුඩා කම්බි ප්‍රමාණය කිලෝ10 ක් වේ. එක් කිලෝ එකක මිල රු: 300.00 300*10 රු: 3000.00 • සැටලින් ලෑලී අවශ්‍ය ලෑලි සදහා රු: 10000.00 වැඩි වියදමක් යයි. රු: 10,000.00 අමුද්‍රවය සදහා යන මුලු වියදම රු: 1,690,500.00 උපකරණයන් සදහා වන වියදම් • උදලු උදලු තල 5 ක් රු: 5000.00 • අලවංගු අලවංගු 2 ක් රු: 2000.00 • සවල් සවල් 3 ක් රු: 2250.00 • විල්බැරෝ විල්බැරෝ 3 ක් රු: 10500.00 • මික්ස්චර්(ක්‍රොන්ක්‍රිට් කවලම් කරන යන්ත්‍ර) රු: 100,000.00 • පෙදරේරු උපකරණ රු: 25000.00 • වතුර බැරල් වතුර බැරල් 5 ක් රු: 3750.00 • ජලය ඇදිමට අවශ්‍යවන උපකරණ රු: 10000.00 වෙනත් උපකරණයන් රු: 20000.00 උපකරණයන් සදහා වන මුලු වියදම. රු: 178500.00 ඇස්තමේන්තු මුලු වියදම

ශ්‍රමිකයන් සදහා වන මුලු පිරිවැය රු: 465,000.00 අමුද්‍රවය සදහා යන මුලු වියදම රු: 1,690,500.00 උපකරණයන් සදහා වන මුලු වියදම. රු: 178500.00 එකතුව රු:2,334,000.00 මේ අනුව මුළු ව්‍යාපෘතිය සදහා ලක්ෂ 25 මුදලක් ඇස්තමේන්තුව වන අතර ඉන් 75% වන රු: 1,875,000.00 මුදල ප්‍රදේශීය සභාව ලබා දෙන අතර ඉතිරිය වන රු: 625,000.00 මුදල ජනතාව සෙවිය යුතු වේ. මේ සදහා ග්‍රාමයේ ධානපතීන්ගේ ආධාරයෙන් ලක්ෂයකට අධික මුදලක්ද,කුඹුරු අයිති ගොවින්ගෙන් රුපියල් 1000 බැගින් එකතු කර රුපියල් ලක්ෂ 2 මුදලක්ද,කම්කරු ශ්‍රමය නොමිලේ ලබා දීමෙන් ලක්ෂ 2 ඉතිරියක්ද, ගමේ ඔයෙන් වැලි ගොඩ දැමිම මත රුපියල් 120,000.00 ඉතිරියක් ද ලැබෙන අතර මේ අනුව රු: 625,000.00 මුදලක් මෙලස සොයා ගනි. කාල රාමුව කාල රාමුව වශයෙන් අදහස් වන්නේ ව්‍යාපෘතියට අයත් සියලු කර්යයන් කිරීමට ගත වන කාල සැලැස්මයි. මේ ව්‍යාපෘතියට අයත් කාල රාමුව මෙසේ පෙන්වා දිමට පුලුවන. අංකය ක්‍රියාකාරකම කාල සීමාව කාල පරාසය 1 හදුනා ගැනීම සති 1 2014.10.05-2014.10.12 2 අරමුණු තීරනය සති 1 2014.10.13-2014.10.19 3 ගැටළු හදුනා ගැනීම සති 1 2014.10.20-2014.10.2 7 4 සැලසුම් සැකසිම සති 2 2014.10.28-2014.11.11 5 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම දින පනහකි 2014.11.2- 2014.02.30 6 ඇගයිම් හා පසු විපරම් සති 1 2014.12.31-2015.01.06


ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හා මෙහෙවිම. ප්‍රායෝගික ක්ෂෙත්‍රයේදි ව්‍යාපෘතිය සිදු කිරීම මෙම අවස්ථාවේ දී වන අතර මෙහෙවිම යන්නෙන් අදහස් වනුයේ ක්‍රියාත්මක වන අතරතුර ඇතිවන ගැටලු තත්ත්වයන් මග හරවාගෙන ව්‍යාපෘතිය ඉදිරීයට කරගෙන යාමය.මේ සදහා මෙහෙවිමේ චක්‍රයක් වන අතර ඒ ඇසුරෙන් මෙහෙවිම කළ යුතු වේ.

ව්‍යාපෘති ඇගයිම මෙම අවස්තාවේ දී වන්නේ ව්‍යාපෘතිය අගය කිරීමකි.එය ක්‍රම තුනකි 1. පූර්ව ඇගයිම 2. ක්‍රියාත්මක කරන අවස්ථාවේ කරන ඇගයිම 3. පසු ඇගයිම වශයෙන් වන අතර ඇගයිමේ දි ව්‍යාපෘතියේ සාර්ථක අසර්ථක බව සොයා බලයි.ඇතම් ව්‍යාපෘති ටික කාලයකින් අසාර්ථක විමට හේතුව වන්නේ ඇගයිමක් නොකරීමයි. සභාගිත්ව සංවර්ධනය යටතේ මිනිසුන්ම මෙය කරන බැවින් ඉතා සාර්ථකය. මේ අනුව උක්ත ආකාරයට මුලු ව්‍යාපෘතියම සැලසුමකට අනුව සකස් කර ඇති අතර මේ නිසා මෙම ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් වශයෙන් අවසාන කිරීමට පුලුවන.එමගින් ව්‍යාපෘතියේ පරමාර්ථ හා අරමුණු ඉටු වේ.






සමාලෝචනය සිඝ්‍රගාමී ගැමි පිවිසුම නම් ග්‍රාමීය හා ප්‍රදේශීය සංවර්ධනය සදහා වු පැරණි ක්‍රම වේදයයි. එහි වු අසාර්ථකත්වය හේතුවෙන් 1970 ගණන් වල බිහි වන සභාගිත්ව සංවර්ධනය ප්‍රවේශයේ ප්‍රතිඵලයෙන් එම තත්ත්වය මග හැරුනු අතර මෙම ප්‍රවේශය ජනතාව ඍජුවම සභාගිත්වයෙන් සිදු වු සංවර්ධන ප්‍රවේශයක් විය.වර්තමානයේ මුළු ලෝකයම පිළිගන්නා සංවර්ධන ක්‍රම වේදයක් වන මෙය ශ්‍රි ලංකාවේ ද ඉතා සාර්ථක වු ක්‍රමයකි.ඒ අනුව යමින් උක්ත සංවර්ධන ව්‍යාපෘතිය ද සිදු කිරිමට තීරණය වී ඇති අතර මේ මත පිහිටා දවුල්දෙන ග්‍රාමයේ තෝරාගත් ව්‍යාපෘති අතරින් අත්‍යවශ්‍යම වු සංවර්ධන ව්‍යාපෘතිය වු පුරන් වු කුඹුරු අස්වැද්දිමට යෝජනා වු ඇළ මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය පවතින ඇළ මාර්ගය තවත් මිටර් 250 න් දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියක් වන අතර ඒ සදහා ඇස්තමේන්තු මුදල් ප්‍රමාණය වන්නේ රුපියල් ලක්ෂ 25 ක් වේ. මින් 75% වන රුපියල් 1,875,000.00 මුදලක් ප්‍රදේශීය සභාවේන් ලබා දෙන අතර ඉතිරි මුදල වන රු: 625,000.00 ක මුදල ජනතාවගේ දායකත්වයෙන් ලබා දෙන අතර මෙය මුදල් වලින් ද, ශ්‍රම ශක්තියෙන් ද ලබා දේ. සංවර්ධන ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේ දි ලෝකයම පිළිගත් ක්‍රමවේදයට අනුව යමින් එනම් පළමු පියවර යටතේ ව්‍යාපෘතිය හදූනාගැනිම,ගැටලු හදූනාගැනිම, අරමූණු හා පරමාර්ථයන් හදුනා ගැනීම,අරමූණු හා පරමාර්ථයන්,ඉටුකර ගැනිමට පවතින බාධාවන් හදුනා ගැනීම




1. Prof.Y.M Wickramasingha D,

   a.	Economic Analysis of project paper presented at PGDM workshop.
   b.	Research Methods in social science ,paper presented at the workshop.
   c.	Evaluation of the performance of the Environment Pioneer.
   d.	Declining in paddy cultivation in selected areas of Sri Lanka.

2. www.water4-org/water project ,small scale water projects. 3. www.gisdevelopment.net .geospatial application papers.





ව්‍යාපෘති වර්තාව දවුල්දෙන ග්‍රාමයේ

පුරන් වු කුඹුරු අස්වැද්විමට කරන වාරිමාර්ගය දීර්ඝ කිරීම සදහා වන සංවර්ධන ව්‍යාපෘතිය
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Sisira_2&oldid=441841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි