පරිශීලක:Pasan Liyanage

විකිපීඩියා වෙතින්
  1. ගෙම්බාගේ_ලිංගික_ජීවිතය
බොහෝ දෙනෙක්ට ගෙම්බාගේ #ජීවන චක්‍රය පිළිබඳ ව දැනුමක් තිබුනද , බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් නම් ගෙම්බාගෙ ලිංගික ජීවිතයයි...  ගෙම්බා යනු උභය ජීවියෙකි.. එනම් ඔවුන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කර ගැනීමට නම් ජලය හා ගොඩබිම යන දෙකම අවශ්‍ය වෙයි... ගෙම්බා #බාහිර_සංසේචනය දක්වන සත්වයෙකි (මේ පිළිබඳ අපොස. උ/පෙළ දී හඳුන්වා දෙයි)

එනම් බාහිර සංසේචනයකදී ශුක්‍රාණු සහ ඩිම්බ එක් වන්නෙ බාහිර පෘශ්ඨයකදීය.... පහත ලිපියේ සඳහන් කර ඇත්තේ සරල සිංහල බසින් #ගෙම්බාගේ_ලිංගික_ජීවිතය පිළිබඳවයි

වැස්ස කාලෙට බක බක ගාල ගෙම්බෝ අඬනවා අපිට ඇහිලා තියෙනවා ඕන තරම් ... ඒත් ගෙඹි සද්ද දෙකක් ඇහෙනවා.. එකක් පිරිමි සතාගේ, අනික ගැහැණු සතාගෙ....මුලින්ම ලිංගිකව එක්වීමට (#සංසර්ගය) සූදා නම් වන ගැහැණු සත්වයා මහ හඬින් කෑ ගසයි.. ඒ පිරිමි ගෙම්බාට මේ පිලිබඳ දැන්වීමටය.. එයට ප්‍රතිචාර දක්වන පිරිමි ගෙම්බාද ඉතාමත් වේගයෙන් ගැහැණු ගෙම්බා වෙත යන්නෙ නව පරම්පරාවක් බිහි කිරීමටය... බොහෝ දුරට මුන් මේ සඳහා තෝරා ගන්නෙ සෑදෙන බිත්තර ඍජුවම ජලයට වැටෙන ස්ථානයකය... නමුත් මෙහිදී පිරිමි සත්වයාගේ #ශුක්‍රාණු ගැහැණු සත්වයා තුලට නිකුත් නොකෙරෙයි... තරමක් විශාල ගැහැණු සත්වයාගෙ කර මත නගින පිරිමි ගෙම්බා, තම ඉදිරි ගාත්‍රා දෙකෙන් ගැහැණු ගෙම්බාගෙ නලල තද කරයි... ඔවුන් සංසර්ගයේ යෙදෙන්නේ මෙලෙසිනි... ස්වභාවධර්මයේ අසිරිය නම් , පිරිමි සත්වයාගෙන් ශුක්‍රාණු පිටවන අවස්තාවත්, ගැහැණු සත්වයාගෙ #ඩිම්බ පිටතට ස්‍රාවය වන අවස්තාවත් එකම විටදී සිදු වීමයි.. එනම් ඩිම්බ වලට පොහොර වැටීමක් බාහිරයේදී සිදු වෙයි .. ඩිම්බ සහ ශුක්‍රාණු පිටතදී සංසේචනය වේ.. ඉන් බිත්තර රාශියක් ඔවුන් ජලයට මුදා හරියි.. නැත්නම් පත්‍ර වල රඳවා තබයි...

අනිත් කරුණ නම් පිරිමි ගෙම්බා සැමවිටම සංසර්ගයේ යෙදෙන්නෙ තම වර්ගයේම ගැහැණු සතෙක් හා පමණි... අනෙක් කරුණ නම් ඉහත සඳහන් කල ආකාරයට පිරිමි ගෙම්බා කර මත සිටිනා කාලය ඇතැම් අය පැය ගනන්, දවස් ගනන් හෝ මාස ගනන් සිදු කරයි.. එනම් කිසිම ආහාරයක් නොමැතිව එකට ඇලී මාස ගනන් ගත කරයි... මෙසේ ඇලී සිටිනා විටදී වෙනත් පිරිමි ගෙම්බන් පැමිණ ස්ත්‍රී ගෙම්බා රැගෙන යාමට උත්සාහ දරන වාර අනන්තය

කෙසේ හෝ අවසානයේ පැවසීමට ඇත්තේ ගෙම්බාගෙ ලිංගික ජීවිතය ඉතාමත් දුක්බර එකක් බවයි

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Pasan_Liyanage&oldid=448959" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි