පරිශීලක:KSLwiki24/සතර දළදා වහන්සේලා(දාඨා ධාතූන් වහන්සේලා)
| මෙම ලිපිය සංවර්ධනය කරන සංස්කාරකගේ සංස්කරණ ක්‍රියාවලියේ පහසුවට සහ ප්‍රයෝජනයට සදහා සකසා ඇති දළ සටහනක් සමූහයකි. කිසිදු වෙනස් කමක් නොකරන්න. |
දළදා වහන්සේගේ අනුරූ.... දළදා වහන්සේ පූජනීයත්වයෙන් මෙන්ම ඓතිහාසික වටිනාකමින් අතිශය ඉහළ මට්ටමක පවතින වස්තුවකි. ඒ නිසා දළදා වහන්සේගේ අනුරූ නිර්මාණය වීම පුදුමය දනවන සුළු කටයුත්තක් නොවේ. අතීතයේ නිර්මාණය කර තිබෙන දළදා වහන්සේගේ අනුරූ ආරක්ෂක උපක්‍රමයක් වශයෙන් ද, පූජනීය අර්ථයෙන් මෙන්ම ඇතැම් විට ත්‍යාග වශයෙන් ද භාවිත කළ බව හඳුනාගත හැකිය. මෙම සටහනෙන් අවධානය යොමුවන්නේ එලෙස නිර්මාණය වූ දළදා අනුරූ කිහිපයක් පිළිබඳව ය. දැනට ලැබෙන නිශ්චිත සාධකවලට අනුව රාජ්‍ය මැදිහත්වීමෙන් ප්‍රථම වරට දළදා අනුරුවක් නිර්මාණය වන්නේ පොළොන්නරුවේ මහා විජයබාහු රජ දවස ය. මෙම කාලසීමාවේ ලංකාව සහ බුරුමය අතර ආගමික මෙන්ම ආර්ථික වශයෙන් සමීප සබඳතාව නිසා එවකට බුරුමයේ පාලක අනුරුද්ධ (Anawrahta) රජතුමා විසින් දළදා වහන්සේ තම රටට වැඩම කරවන ලෙස ඉල්ලීමක් කළ බව කියැවේ. ඒ අවස්ථාවේ මහා විජයබාහු රජතුමා (1055-1110) විසින් දළදාවේ අනුරුවක්, මැණික් කරඬුවක බහා යවන ලදැයි වාර්තා වේ. අනුරුද්ධ රජතුමා විසින් එකී දළදා අනුරුව 'ස්වේදගොං' ස්තූපයේ තැන්පත් කර වූ බව කියැවේ. මෙතැන් පටන් කෝට්ටේ යුගය තෙක් දළදා අනුරූ නිර්මාණය වූ බවට දන්නා තරමින් තොරතුරු නොමැත. කෝට්ටේ යුගයේදී නිර්මාණය කළ දළදා අනුරූ කිහිපයක් පිළිබඳ සාධක හමු වේ. ඉන් පැරණිතම සාධකය හමුවන්නේ හයවැනි බුවනෙකබාහු රජ සමයට අදාළව ය. බුරුමයේ හංසවතී රාජධානියේ සිට උපසම්පදාව ලබාගැනීම සඳහා බුරුම භික්ෂූන් කණ්ඩායමක් ලක්දිවට වැඩම කළ පුවතක් එරට කල්‍යාණි ශිලාලේඛනවල සඳහන් වේ. උන්වහන්සේලා උපසම්පදාව ලබා නැවත සියරට බලා පිටත්වීමට පෙර හයවැනි බුවනෙකබාහු රජතුමා (1470-1478) විසින් හංසවතියේ ධම්මචේතිය රජතුමාට වන්දනා කිරීම සඳහා දළදා අනුරුවක් පිරිනැමූ බව එහි වැඩිදුරටත් දැක් වේ. පුෂ්පරාග හා දියමන්තිවලින් සරසා තිබූ එකී දළදා අනුරුවේ විශේෂත්වය නම් එය තම පියරජතුමා වූ පරාක්‍රමබාහු රජතුමා (හයවැනි පරාක්‍රමබාහු) වන්දනාමාන කළ එකක් යැයි හයවැනි බුවනෙකබාහු රජතුමා සඳහන් කර තිබීමයි. මීට අමතරව දළදා වහන්සේගේ ආලේප කළ සඳුන් සුණු කරඬුවක් ද බුරුම භික්ෂූන්ට හිමිව තිබේ. කෝට්ටේ අවසන් කාලසීමාව වන විට දළදා අනුරූ කිහිපයක් පැවති බවට තොරතුරු ඉදිරිපත් වේ. මින් එක් අනුරුවක් කෝට්ටේ සේනාධිපති වීදිය බණ්ඩාර සතුව පැවති බව කියැවේ. වීදිය බණ්ඩාර යාපාපටුනේදී ජීවිතක්ෂයට පත්වීමෙන් පසුව එකී දළදා අනුරුව ආර්යචක්‍රවර්ති සතුවිය. පෘතුගීසින් විසින් යාපාපටුන අල්ලාගැනීමෙන් පසුව පෘතුගීසින් සතු වූ එකී දළදා අනුරුව ඉන්දියාවේ ගෝව නගරයේදී විනාශයට පත් කරන ලදැයි වාර්තා වේ. කෝට්ටේ ධර්මපාල රජ සමයේ (1550-1597) හිරිපිටියේ රාල විසින් කෝට්ටේ දළදා මාලිගාවේ සිට සීතාවකට දළදා වහන්සේ වැඩම කර වූ අවස්ථාවේදී දළදා අනුරුවක් කෝට්ටේ දළදා මාලිගාවේ තැන්පත් කළ බවත්, එකී අනුරුව ඉහතින් සඳහන් කළ ආකාරයට පෘතුගීසින් අතින් විනාශවන්නට ඇතැයි ද අදහසක් ඉදිරිපත් වේ. එහෙත් කොළවෙනිගම ලේඛනයට අනුව කෝට්ටේ ධර්මපාල රජ සමයටත් පෙර, එනම් දෙවැනි ජයවීර පරාක්‍රමබාහු රජතුමාගේ (1467-1469) අභාවයෙන් පසු දළදා වහන්සේ අගනුවරින් කොළවෙනිගමටත්, පසුව සත්මලේ ඇල්ල හා රත්මලේ කන්දටත්, අවසානයේ දෙල්ගමු විහාරයටත් වැඩම කරවන ලද බව පෙනේ. දළදා වහන්සේ කොළවෙනිගම වැඩසිටි කාලසීමාවේ එහි ආරක්ෂාව උදෙසා කටයුතු කළ භික්ෂූන් වහන්සේලාට, කන්ද උඩරට පළමුවැනි විමලධර්මසූරිය රජතුමා විසින් දළදා අනුරුව බැගින් ප්‍රදානය කරන ලදැයි කියැවේ. ඒ අනුව කැබලියාපොල සාමණේර තැනට හිමි වූ දළදා අනුරුව කැබලියපොල පුරාණ විහාරය සතුව පවතින දළදා අනුරුව වශයෙන් පිළිගැනේ. මහනුවර යුගයේ නිර්මාණය කළ තවත් දළදා අනුරුවක් දකුණු පළාතේ කසාගල රජමහ විහාරය සතුව පවතී. එකී මාණික්‍යමය දළදා අනුරුව හා එය තැන්පත් කර තිබෙන කරඬුව කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (1747-1782) විසින් එය පූජා කරන ලදැයි සැලකේ. විහාරස්ථ වාර්ෂික දළදා පෙරහැර පවත්වන්නේ එම දළදා අනුරුව මුල්කොටගෙන ය. වර්ෂ 1817 උඩරට මහකැරැල්ල ආරම්භ වූ කාලය වන විටත් දළදා අනුරුවක් සකසා තිබූ බව කියැවේ. එහෙත් දළදා වහන්සේ සතු කරගැනීමට කැරලිකරුවන් සමත් වූ නිසා දළදා අනුරුව භාවිත කළ බවක් නොපෙනේ. මීට අමතරව ලක්දිව තවත් වෙහෙර විහාර කිහිපයක අතීතයේ නිර්මාණය කරන්නට ඇති දළදා අනුරූ අප්‍රකටව වන්දනාවට පාත්‍ර වන බව නම් නිසැක ය. ඉහතින් සඳහන් දළදා අනුරූවලට අමතරව කීර්ති ශ්‍රී රාජසිංහ දවස දළදා වහන්සේගේ ලාංඡනයක් සඳුන් කල්කයක සටහන් කර ගැනීමේ පුවතක් පිළිබඳ තොරතුරු හමු වේ. මහාවංසය හා පුණ්‍යක්‍රියා සන්දේශයේ සඳහන් වන ආකාරයට සියම් උපසම්පදාව පිහිටුවීම සඳහා මෙරටට වැඩම කළ සියම් දූතයන් අතරින් පිරිසක් සියරට බලා පිටත් වූ අවස්ථාවේ රජතුමා විසින් ඔවුන්ට ලබාදුන් ත්‍යාග අතර දළදා ලාංඡනය සහිත සඳුන් කල්කය බහා ඇති කරඬුවක් ඇතුළත් වී තිබේ. https://www.wikiwand.com/en/articles/Myanmar%E2%80%93Sri_Lanka_relations