පරිශීලක:Isiwara vishwanath alexsander
💕💕🙏හදවත් සොරා ගත් විකටයා (JOKER 2019 Film)🙏💕💕
✍:සුබ දවසක් හැමෝටම.ඔන්න මම අදත් ආවා චිත්‍රපටයක් පිළිබඳව තොරතුරු ටිකක් අරගෙන.හැබැයි මේක නිකම්ම චිත්‍රපටයකුත් නෙවෙයි.ලොවපුරා ප්‍රෙක්ෂක හදවත් සොරා කෑමට ලක් කරපු විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයක්...ඒ වගේම තමා කාඩ් කුට්ටමෙනුත් හලලා දාපු විකටයාට තැනක් හදපු චිත්‍රපටයක්...විකටයා තරුණ හදවත් තුල ජීවමාන වීරයෙක් කල අද්විතීය චිත්‍රපටයක්...ඉතිං මොකක්ද මේ චිත්‍රපටය?.චිත්‍රපටය තමා JOKER(විකටයා)...චිත්‍රපටය ගැන විස්තර පහලට👇
✍කතාව-:ටොඩ් පිලිප්ස්,ස්කොට් සිල්වර්
✍චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ-:ටොඩ් පිලිප්ස්,
✍වර්ගය-:අපරාධ,නාට්‍ය(Crime,Drama)
✍නිෂ්පාදනය-:ටොඩ් පිලිප්ස්,බ්‍රැඩ්ලි කූපර්,එමා ටිලින්ගර් කස්කොෆ්
✍සිනමා තරු-:*ජොකින් පීනිකස්(Joaquin Phoenix),ඔහු මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගනයෙන් එක්විය.ඔහු මීට පෙර "ග්ලැඩියේටර්" ඇතුලු සම්මානනීය චිත්‍රපට කිහිපයකම රංගනයෙන් දායක විය.("ග්ලැඩියේටර්" පිළිබඳව මීට පෙර මා ලිපයක් පල කර ඇත).එයද කියවා බැලීමට අමතක නොකරන්න.තවද ඔහු ඇකඩමි සම්මාන,ගෝල්ඩන් ග්ලොබ්,ආදි ප්‍රධාන සම්මාන උළෙලවල් නියෝජනය හා එම සම්මාන ලබා ගත් නලුවෙකි.ඔහු,රංගන ජීවිතය තුල සම්මාන 47ක් සහා නියෝජනය කිරීම් 120ක් ලැබූ විශිෂ්ඨ රංගධරයෙකි.
*රොබර්ට් ද නීරෝ.ටැක්සි ඩ්‍රයිවර්,හීට් වැනි චිත්‍රපට රාශියක රංගනයෙන් දායක වූ නලුවෙකි.තවද 1974 හොදම සහාය නලු,1980 හොදම නලුවා සඳහා ඇකඩමි සම්මාන ලබාගැනීම හා 1976,1978,1990,1991 හොදම නලුවා සඳහා ඇකඩමි උළෙල හතර වතාවක්ද,2013 හොදම සහාය නලුවා සඳහා එක්වතාවක්ද නියෝජනය කරන ලදි.
සැසී ඔලිවියා බීට්ස්,ෆ්‍රැන්සිස් කොන්රෝයිද යන තරුද මෙයට රංගනයෙන් දායක විය.
✍සිනමාකරණය-:ලෝරන්ස් ෂර්
✍අැගලුම් නිර්මාණකරු-:මාර්ක් බ්‍රිජස්
✍රූ ගත කල ස්ථාන-:නිව්යෝර්ක්,ජර්සි,නෙවාක්,බ්‍රොන්ක්ස්,(USA නගර ආශ්‍රිත දර්ශන)
✍සංස්කරණය-:ජෙෆ් ග්‍රෝත්
✍නිෂ්පාදන සමාගම්-:Warner Bros. pictures,Dc Comics Films,Joint Effort,Bron Creative,Village Roadshow Pictures යන සමාගම්ය.
✍බෙදාහැරීම-:Warner Bros. Pictures විසිනි.
✍ධාවන කාලය-:මිනිත්තු 122
✍එළිදැක්වූ දිනය-:2019-08-31(වැනිසිය),2019-10-24(ඇමරිකාව සමඟ ලොව පුරා)
✍වියදම-:ඇමරිකන් ඩොලර් මිලියන-55-70ත් අතර.
✍ආදායම-:බොක්ස් ඔෆිස් අැමරිකන් ඩොලර් බිලියන 1.074 ක් විය.
✍Imdb අගය-:8.5 ක් පමණ විය.
✍චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නෙ "ආතර් ෆ්ලෙක්" නම් විකට චරිතය අලලාය.චිත්‍රපටයේ කතාව මා ඉදිරිපත් නොකරමි.මන්ද එය නොබැලු අයට කුතුහලයක් ලබාදිය යුතු බැවිනි.එහෙයින් එය නොබැලු ඔබට බැලිය යුතුම චිත්‍රපටයක් ලෙස මා නම් කරමි.තවද මා බැලූ චිත්‍රපට අතර ඉහලින්ම තබන චිත්‍රපට අතර මෙයද තබමි.රංගනය හදාරන ඔබටද චිත්‍රපටයෙ "ආතර්ගෙ" චරිතය තුලින් බොාහා් දෑ ඉගෙන ගත හැක.
✍චිත්‍රපටයේ කතාව වගේම තිරරචනය ද ඉස්තරම් යැයි කිව හැක.චිත්‍රපටයේ සිනමාකරණය,කැමරාකරණය,වගේම අධ්‍යක්ෂණයද විශිෂ්ඨය.දුර්වල තැන් නැතුවාම නොවේ.නමුදු මෙහි ජොකින් පීනික්ස් ගේ රංගනය අති විශිෂ්ඨ මට්ටමක තිබුණි.ඔහුගේ තාත්ත්වික,නිර්ව්‍යාජ රංගනය චිත්‍රපටය මෙතරම්ම ජනප්‍රිය වීමට හේතු වූ බවට කිසිදු සැකයක් නැත.ඔහු රංගනය වෙනුවෙන් අසීමාන්තික කැප කිරීමක් කරන නලුවෙකි.ඔහු මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් මාස තුනක පමණ කාලයක් අහාර අඩුවෙන්ම ලබා ගත් බවට එක්තරා මාධ්‍යයකදි අනාවරණය කරන ලදි.පසුතල සැකසීමද තාත්ත්විකය.සාපේක්ෂව ගත් කල චිත්‍රපටය ඔස්කාර් සම්මානය ලබා ගැනීමට තරම් විශිෂ්ඨය.නමුදු එයට අැකඩමි සම්මාන උළෙල තුළ හොදම චිත්‍රපටය සම්මානය දිනාගැනීමට නොහැකි විය.එයට හේතු මක්නිසාදැයි මා නොදනිමි.එහෙයින් එයට නියෝජනය කිරිමෙන් පමණක් සෑහීමකට ලක්වෙන්න සිදුවිය.
✍️ඉතිං නොබැලු ඔබට චිත්‍රපටය නැරඹීමට මා යෝජනා කරමි.මේ වගේම තවත් චිත්‍රපට,සිනමාව,ආදිය පිළිබඳව මා විසින් ලිපි කිහිපයක් මෙම සමුහයේ පලකරන ලදි.එම ලිපි සඳහ පහත ලින්ක් එක භාවිතා කරන්න.ස්තූතියි!👇👇👇
✍️අන්තර්ජාලය හා චිත්‍රපටය නැරඹීම මඟින් කරුණු එක්රැස් කලෙමි.
✍️රචනය හා සම්පූර්ණ ලේඛන අයිතිය-: Isiwara Vishwanath Alexsander.